අපි නම් ඉතින් ඔය ඉරියව් බල බලා ඉන්නේ නෑ ඇඳට වැටුණ ගමන් නිදි ආය යකා ගැහුවත් ඇහැරෙන්නේ නෑ කියන ජෝඩුවක් වුණත් නිදාගන්නේ මොකක් ම හරි පදනමක් ඇති ඉරියව්වකින් තමයි. නිදාගන්න විදියෙන් පවා ආදරේ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන එක කපල්වලට සහ වෙන්ඩ කපල් සියල්ලන්ට හොඳ දෙයක්.
1. පිටට පිට
ඒ කිව්වේ දෙන්නට දෙන්නා අනික් පැත්ත හැරිලා ඉන්න ඉරියව්ව. නමුත් මෙතැනදී පිටෙන් නැත්තන් පසුපස කොහෙන් හරි සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. මේක තරහා වෙලා ඉන්න ඉරියව්වක් නෙවෙයි. ඇත්තම කිව්වොත් මේ හොඳම එක. එහෙම වෙන්නේ දෙන්නට දෙන්නා තමන්ට පහසු විදියට නමුත් ආදරෙත් තියාගෙන ඉන්න නිසා. අතපය කැක්කුම් එන්නෙත් නෑ තමන්ට පහසු විදියට අතපය එහෙ මෙහෙ කරන්න පුළුවන්කමක් තියන නිසා.
2. පපුව මත හිස
ගොඩක් වෙලාවට පිරිමි ළමයගේ පපුව උඩ ගැහැණු ළමයා ඔළුව තියාගන්නා මේ ඉරියව්ව හරිම ආදරණීය ආරක්ෂාව පෙන්වන විදියේ ඉරියව්වක්. නමුත් ඇත්ත කතා කරෝතින් මේ විදියට නිදාගන්න එක හරි අමාරු වැඩක්. ටික වෙලාවක් ගියාට පස්සේ අතපය එහෙන් මෙහෙන් රිදෙන්න ගන්නවා හිරිවැටිලා. ඔළුවේ අයිතිකාරයට නම් ගුලි ගැහිලා ඉන්න තියෙන්නේ සැපේ. නමුත් අනික් කෙනාට නම් ටික වෙලාවක් එක දිගට මේ විදියට නිදාගන්න අමාරුයි.
3. හැන්දේ ඉරියව්ව (Spooning)
හැඳි දෙකක් එකට තිබ්බම හැදෙන රූපේ හිතේ තියාගන්නකෝ. කපල් එකටත් ඒ විදියටයි ඉන්න තියෙන්නේ. පිරිමි ළමයා තමයි පසුපස ඉන්න ලොකු හැන්ද (Big Spoon). ඔහුගේ ආරක්ෂාව යටතේ ඉන්නේ ගෑණු ළමයා. හැබැයි මේක ශරීර තත්ත්වයන් මත වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි දෙන්නම හැරිලා ඉන්නේ එකම දිශාවකට. මේක ආරක්ෂාව දනවන ඉරියව්වක්. සනීපයි. නින්දෙදි ගොරොද්දේ දාන ලෙඩේ තියනවා නම් ඒකටත් හරියනවා.
4. බැඳිලි දැවටිලි
අලුත බැඳපු ජෝඩු නිදාගන්නේ මෙහෙම ගොඩක් වෙලාවට. එහෙම නැතුවත් මෙහෙම නිදාගන්නවා කියන්නේ දෙන්නට දෙන්නා ළං වෙන්නේ නැතුව ඉන්නම බැරි නම් තමයි. දෙන්නට දෙන්නා මූණ බලාගෙනයි ඉන්නේ. අත් කකුල් ඔක්කොම එකිනෙකට පටලාගෙන. හැබැයි ඉතින් මෙහෙම ඉන්න එක කොච්චර ආදරණීය වුණත් හුස්මක් කටක් ගන්න ලැබෙන්නේ නෑ. නිදාගන්න ඉරියව්වක් වශයෙන් හරි අමාරුයි. අනෙකාගෙ ප්රශ්වාස වාතය කෙලින් ම තමන්ගේ මූණේ. ඕක කරන්න අමාරු වැඩක්. හැබැයි ඉතින් බැරි කමකුත් නෑ.
5. ස්ටාර්ෆිෂ්
ස්ටාර්ෆිෂ් දන්නවනේ? ස්පොන්ජ්බොබ් එකේ පැට්රික් කැරැක්ටර් එක මතක තියාගන්නකෝ ඒ දන්නේ නැත්තම්. ඒ මුහුදු ජීවියා හරියට හොඳට ඇඟිලි විහිදුණු අපේ අතක් වගේ. රෑට නිදාගන්නකොට එක්කෙනෙක් ස්ටාර්ෆිෂ් කෙනෙක් වගේ නිදාගන්නවා. එතකොට අනික් කෙනාට උරුම වෙන්නේ ඇඳේ හීනි තීරුවක් විතරයි. ගොඩක් වෙලාවට මේකේ උරුමක්කාරයො තමයි පිරිමි ළමයා. එයාට ඇඟේ පතේ අමාරු වැඩියි. මෙහෙම නිදාගන්නවා නම් අද ඉඳන්වත් එයා ගැන හිතලා ඉරියව්ව මාරු කරන්න.
6. නිදහසේ ආදරේ
නිදාගන්නවා නම් නිදාගන්න පුළුවන් හොඳම ඉරියව්වක් මේක. එකිනෙකාට අපහසු වෙන විදියේ ඉරියව්වකින් තොරව තමාටත් පහසු විදියකට ඉන්නවා. නමුත් තමන්ගේ ආදරේ පෙන්වන එක අතපසු කරන්නේ නෑ. උදාහරණයක් විදියට ගෑනු ළමයා එක් පැත්තකට ඇල වෙලා ඉන්නවා. පිරිමි ළමයා මුනින් අතට ඉන්නවා. නමුත් ඔහුගේ අතක් ඇගෙ සිරුරේ රැඳෙනවා. තමන් කැමති විදියට ඉන්නවා නමුත් ඉන්න බව ඇඟවෙනවා.
7. දෙන්නම මුනින් අතට
ඔය දෙන්නත් මෙහෙම නිදාගන්නවා නම් දැන්ම ඉරියව්ව වෙනස් කරන්න. මොකද මෙහෙම නිදාගන්නවා නම් නොදැනුවත්වම ඔය දෙන්නා අතර දුරස් බවක් ඇති වෙලයි තියෙන්නේ. ඊටත් වඩා මෙහෙම බඩ යටට එන්න නිදාගන්න එක කොන්දට එහෙමත් හොඳ නෑ.
Leave a Reply