දකින අය වසඟ වෙන පරිණත මනුස්සයෙක් විදියට වයසට යන්නෙ මෙහෙමයි!

සාමාන්‍යයෙන් මනුස්සයෙක් වයසට යනකොට ජීවිතයේ අත්දැකීම් වලින් සහ පැසුණු බුද්ධියෙන් වැඩි වෙන්න ඕන. හැබැයි කණගාටුවට කාරණාව තමයි හැමෝටම එහෙම වයසට යන්න බැරි වීම. ඒ ඇරෙන්න වයසට යනකොට ශරීරයේ යම් යම් වෙනස්කම් ඇති වෙනවා, අබල දුබල කම් ඇති වෙනවා. ඕවා ස්වභාවික දේවල් තමයි.

හැබැයි දැකලා තියනවද වයස්ගත වුණත් පුදුමාකාර විදියට ආකර්ෂණයක් තියෙන හොට් ඇන්ඩ් සෙක්සි ග්‍රෑන්පා ටයිප් එකේ මිනිස්සු? ඒ මිනිස්සු පරිණතයි, වයසයි කියලා හිතන්න පුළුවන් එකම දේ ගොඩක් වෙලාවට ඔය ඉදුණු කෙස් ගස් එහෙම විතරයි. ඒ මිනිස්සු තරුණයන්ටත් වඩා හොඳට ඇඟ එහෙම හදාගෙන, රැවුල් කොණ්​ඩ ගා​ණට ලස්සනට ග්රූම් කරලා තමයි ඉන්නේ. මේ විදියේ හොට් සීයා කෙනෙක්ගේ සෙක්සිනස් එක තියෙන්නෙ බාහිර පෙනුමේ විතරක් නෙවෙයි . කතාබහ, වැඩ කරන විදිය වුණත් මාරම සිරාතත්ත්වයෙන් ගත්තත් එහෙමයි. ඉතින් මෙන්න මෙහෙම හරි විදියට වයසට යන්නේ කොහොමද? අන්න ඒ ගැන තමයි අපි කතා කරන්න හදන්නේ .

 

1. නියම විදිහෙ ජීවන පුරුදු

සාමාන්‍යයෙන් කීමට කියන්නේ දැන් කාලේ කන්න බොන්න තියෙන්නෙම වස විස කියලා තමයි. ඒ කතාව ඇත්ත උනත් බොරු උනත් අපි අද කාලේ කන කෑම බොහෝමයක් කෘත්‍රිම ද්‍රව්‍ය වලින් පිරුණු , පෝෂ්‍ය ගුණයට වඩා රසට මුල් තැන දීල හදපු කෑම බීම කියන එක බොරු නෙවෙයි. ඉතින් අන්න ඒ නිසා තමයි අඩුම ගා​ණේ අවුරුදු තිහ තිස්පහ වෙනකොටවත් නියමාකාර විදිහට පෝෂ්‍ය ගුණයෙන් අනූන ආහාර ගන්න, සෞඛ්‍ය සම්පන්න විදියට ආහාර ගන්න හිතන්න ඕන. ඉ​ඳලා හිටලා  ජන්ක් ෆුඩ් පාරක් දැම්මට, ආස කරන කෑමක් කෑවට කිසිම ගැටළුවක් නෑ. හැබැයි ජීවන රටාවේ තියෙන ඕන සෞඛ්‍ය සම්පන්න විදියට කෑම කන පුරුද්දක් සහ පාලනයක්. එතකොට මත් පැන්, දුම් එහෙමත් කරනවා නම් කරන්න ඕනේ පමණට තමයි. අන්න එතකොට වයස් ගත වෙද්දීත් සාපේක්ෂව නිරෝගී ශරීරයක් පවත්වා ගන්න පුළුවන්.

 

2. ශරීර සුවතා

මේක දැන් කාලේ සමහර කොල්ලෝ නැහීගෙන කරන, ඒත් අනිත් කොල්ලෝ කරන්න  බොහොම කම්මැලි දෙයක්. මේ කියන්නේ gym යන එක, දුවන එක, බයිසිකල් පදින එක , පීනන එක වගේ මොකක් හරි ශරීර සුවතා වැඩසටහනක්. අඩු තරමින් වයස තිහෙන් පස්සේ වත් එක දිගට දින පතා ශරීර සුවතාවය වෙනුවෙන් මොනවා හරි ව්‍යායාම කටයුතු කරන්න පුළුවන් නම්, වයස්ගත වුණත් බොහොම ෆිට්, හැඩ ඇඟක් හදාගන්න පුළුවන්හොට් ඇන්ඩ් සෙක්සි හැත්තෑවේ කොල්ලෙක් වෙන්න මෙන්න මේක අත්‍යවශ්‍ය දෙයක්.

 

3. ගෲමින්ග්

මොකක්ද ඇත්තටම මේ Grooming කියන්නේ? හරි උදාහරණයක් බලමු. දැන් කාලේ තියෙන විලාසිතාවක් තමයි රැවුල දිගට වවන එක . හැබැයි දැන් කාලේ රැවුල වවන කොල්ලෝ උනත් නිකංම රැවුල වැවෙන්න දීලා හිටියට ඒකට කිසිම සාත්තුවක් කරන්නේ , ඒක නිසි විදියට පවත්වා ගන්නේ නෑ. ඒත් ඔය අපි කියන විදියේ හොට් ඇන්ඩ් සෙක්සි ග්‍රෑන්ඩ් පා කෙනෙක් තමන්ගේ දිගට වැවුණු රැවුල් කොන්ඩ සුදු වුණත් ඒව ගා​ණට කපල පීරලා නඩත්තු කරනවා. ඒ නිසාම මාරම ක්ලාස් ලුක් එකකුත් එනවා. හැබැයි කොණ්ඩ රැවුල් විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයේ ස්වස්ථතාවය පවත්වා ගැනීමක් මේකට ඇතුලත්. නාලා කරලා සුවඳ ගගහ ඉන්න එකත් මේකට ඇතු​ළත්.

 

4. ඩොක්ටර් විසිට්ස්

සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ, ලොකුම ලෙඩක් හැදුනොත් මිසක් මළාට ඩොක්ටර් කෙනෙක් ගාවට නොයන, ඩොක්ටර් කෙනෙක් ගාවට යන එක මදිකමක් කියලා හිතන වයසක අය. හැබැයි නිරෝගී ජීවිතයක් පවත්වා ගන්න නම් වෛද්‍යවරයෙක්ව කාලයකට සැරයක් හෝ මුණ ගැහෙන එක හොඳ දෙයක්. කාලයකට සැරයක් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගැනීමත් හොඳ දෙයක්. අපි වයස්ගත වෙනකොට කොයිතරම් හොඳින් ශරීරය පවත්වා ගත්තා වුනත් යම් යම් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට කරන වෛද්‍ය පරීක්ෂණ හින්දා, මොකක්හරි රෝගයක් ඔඩු දුවන්න කලින්ම අඳුන ගන්න පුළුවන්. ඒක ඇඟටත් හොඳයි, හිතටත් හොඳයි.

 

5. ඉන්ටෙලිජන්ට් ග්‍රෑන්ඩ් පා

හොට් ඇන්ඩ් සෙක්සි ඕල්ඩ් මෑන් කෙනෙක් වෙන්න ශරීරය ලස්සනට හැඩට හදාගෙන තියෙන එකම මදි. පැසුණු පරිණත බුද්ධියක් සහ දැනුමකුත් තියෙන එක වටිනවා. විශේෂයෙන්ම තමන් ඉන්න යම්කිසි ක්​ෂේත්‍රයක් ගැන ප්‍රවීණයෙක් වෙන්න වෙන්න පුළුවන් නම්, හොඳ ඇසූ පිරූ තැන් ඇති බව ළඟා කරගන්න පුළුවන් නම්, ලෝකය දැකලා පළපුරුදුකම් තියෙනවා නම්, ආන්න විදියේ ග්‍රෑන්ඩ් පා කෙනෙක් මාරම සෙක්සි. ඇත්තටම මේ විදියේ තත්ත්වයක් ලබාගන්න වැඩ කරන්න පටන් ගන්න ඕන තරුණ කාලෙදිම තමයි. පොතපත කියවලා ෆිල්ම් එකක් දෙකක් බලලා, හොඳ මියුසික් අහලා හොඳ රසඥතාවයක් දියුණු කර ගැනීමත් මේකට ඇතු​ළත්. නිකමට හිතලා බලන්න, ඕනම දෙයක් ගැන ගැඹුරු සංවාදයක් කරන්න පුළුවන් මනුස්සයෙක් කොයි තරම් ආකර්ෂණීය ද කියලා.

 

6. ස්ථාවර භාවයක්

අපිට ජීවත් වෙන්න මුදල් සහ සම්පත් අවශ්‍යයි. මුදල් සහ සම්පත් අත්පත් කර ගන්න වැඩ කරන්න අවශ්‍යයි. හැබැයි වැඩ කරන එකෙන් ලැබෙන ප්‍රතිලාභය සල්ලි විතරක් ම නෙවෙයි. තමන් ආස කරන තමන්ට හොඳින් ම කරන්න පුළුවන් යම්කිසි දෙයක වෘත්තිම ප්‍රවීණයෙක් වෙන්නත් තරුණ කාලේ ඉඳන් නියමිත ඉලක්කයක් ඇතිව වැඩ කරන එක හේතු වෙනවා. ඇත්තටම මනුස්සයෙක්ට යම් කිසි දෙයක ප්‍රවීණත්වයක් තියෙන එක, හොඳ වෘත්තීමය ස්ථාවරයක් තියෙන එක ආකර්ෂණීය කාරණයක්. ඒ නිසා වයසට යන කොට සාක්ෂාත් කරගන්න ඕන කාරණයක් විදියට අපි ඒකත් මේ ලිස්ට් එකට ගන්නවා.

 

7. කුරුල්ලෙක් වගේ නිදහස්

අපි කියපු විදියේ හොට් ඇන්ඩ් සෙක්සි පරිණත මනුස්සයෙක්ගේ ආකර්ෂණීයභාවය සම්පූර්ණ වෙන තැනක් තමයි ඒ මනුස්සයා කුරුල්ලෙක් වගේ නිදහස් වීම. හැබැයි පටලවා ගන්න එපා, මේ කියන්නේ එයා පවුලක් පන්සලක් නොවී තනියෙන් ජීවත් වීම කියන එක නෙවෙයි. තමන්ට කියලා කොයිතරම් ලොකු පවුලක් තිබුණා තිබුණත් තමන් නිදහස් මනුස්සයෙක් වෙන එක. තමන්ගේ ජීවිතය තමන්ගේම විදියට විඳින එක. අන්න එහෙම මනුස්සයෙක්ව දැක්කහම අනිත් අයට ඉරිසියා හිතෙන තරම්. ඒ ඇරෙන්න මේ විදියට නිදහස්කාමී ව ජීවත් වෙන මනුස්සයෙක්ට හිතේ සාමයත් නොඅඩුව තියෙනවා. හොට් ඇන්ඩ් සෙක්සි පරිණත මනුස්සයෙක් වෙන්න අන්න ඒකත් අවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *