පොල් කියන්නෙ අපිට නැතුවම බැරි දෙයක්නෙ. කරි එකක් හැදුවත්, පැණි රස කෑමකට, කැවිලි වගේ මේ ඕනම කෑමක් හදන්න අපිට ඕන වෙන දෙයක් තමා පොල්. ගාගත් පොල් හා පොල්කිරි වලින් අපිට කියලා නිමකරන්න තරම් බැරි ප්‍රයෝජන තියනවා. ඒ වගේම ඉවතලන පොල් කුඩු ටික පවා ප්‍රයෝජනවත්. පොල් හා පොල්කිරි වලින් හදන්න පුළුවන්, ඒත් අපි නිතරම නොහදන දේවල් ටිකක් ගැන කියලා දෙන්නයි අද අපි ආවේ.
1. කොකනට් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩු කරගත් සීනි කෝප්ප 1/2
- මෙල්ටඩ් ගී ඔයිල් කෝප්ප 1/2
- පාන්පිටි කෝප්ප 1
- ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1/2
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- කිරි තේ හැඳි 2
- කුඩුකරගත් සීනි හා ගී ඔයිල් එකට විස්ක් කරගන්න. ඒකට පාන්පිටි හා ඩෙසිකේටඩ් කොකනට් ටික දාගන්න.
- බේකින් පව්ඩර් ටිකත් දාගෙන හොඳට අනාගන්න. කිරි ටික දාගන්න. දැන් මේ ඩෝ එකෙන් පොඩි ගුලියක් අරගෙන ඒක කුකී හැඩයට තුනී කරලා ඩෙසිකේටඩ් කොකනට් වල තවරගන්න.
- දැන් මේක ඔයිල් බ්‍රශ් කරපු ට්‍රේ එකක දාලා සෙල්සියස් 175ට විනාඩි 8-10ක් බේක් කරගන්න.
2. පොල් කිරිටොෆි
අවශ්‍ය ද්‍රව්‍ය
- උකු පොල්කිරි (ගෙඩි 1 1/2ක විතර)
- සීනි ග්‍රෑම් 250
- පාන්පිටි ග්‍රෑම් 250
- වැනිලා තේ හැඳි 1
- කජු ටිකක්
- භාජනයක් ලිපේ තියලා සීනි ටික දාලා පොල්කිරිත් දාල හැඳිගාන්න.
- උකු වෙලා එනකොට හැඳිගාන්න අමාරු ගතියක් දැනෙයි. එතකොට පාන්පිටි ටික හා වැනිලා දාලා කලවම් කරගෙන මිශ්‍රණය තද ගතියක් වේගෙන එනකොටම කෑලි කරගත්ත කජු දාලා කලවම් කරගන්න.
- බටර් ගා ගත් තැටියක තුනී කරලා කෑලි කපාගන්න.
3. ඩෙසිකේටඩ් කොකනට්
අවශ්‍ය ද්‍රව්‍ය
- අවශ්‍ය තරම් පොල් කෑලි (කලටි නැති වියළි පොල් ගෙඩියකින් ගන්න)
- පොල් ගෙඩියක පොල් කෑලි අරන් දුඹුරුපාට කුරුට්ට කොටස අයින් කරගන්න. දැන් මේ පොල් කෑලි ටික වතුර නොදා ග්‍රයින්ඩ් කරගන්න.
- පොඩි කෑලි වලට ග්‍රයින්ඩ් උන මේ පොල් ටික ඊලඟට පෑන් එකක තියලා රත් කරන්න. තෙත ගතිය වියළිලා රන්වන් පාටට බැදෙන්න කලින් විනාඩි 6-7ක් රත් වෙනකල් හැඳි ගාලා ලිප නිවල පෑන් එකෙන් වෙන තැටියකට දාගන්න.
- සති තුනක් හතරක් ෆ්‍රිජ් එකේ දාල කල් තියාගන්න පුළුවන්.
4. කොකනට් බර්ෆි
අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් කෝප්ප 3ක්
- සීනි කෝප්ප 2
- කිරි කෝප්ප 1/2
- ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 2 (කැමතිනම්)
- එනසාල් කුඩු ටිකක්
- ගාගත් පොල් හා සීනි මද ගින්නෙ හැඳිගාන්න. ඒකට කිරි එකතු කරන්න. සීනි දියවෙලා මිශ්‍රණය තික් වෙලා එයි. හැඳිගාන එක නවත්තන්න එපා. මේකට ෆ්‍රෙශ් ක්‍රීම් හා එනසාල් කුඩු දාගන්න.
- භාජනයේ ඇලෙන්නෙ නැතිවෙන්න හැඳිගාගන්න. හැමවිටම මද ගින්දරේ හැඳිගාන්න. දැන් ඩෝ එක වගේ හැදිලා ආවම ට්‍රේ එකකට දාලා තුනී කරලා කෑලි කපාගන්න.
5. පොල් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක්මේඩ් ටින් 1
- බිත්තර 3
- පොල්කිරි කෝප්ප 1
- වැනිලා තේ හැඳි 1
- සිහින්ව ගාගත් පොල් කෝප්ප 1
- ලුණු පින්ච් එකක්
- සීනි මේස හැඳි 2
- සීනි උණු කරලා කැරමල් එක හදලා ට්‍රේ එකට දාගන්න. භාජනයකට මිල්ක්මේඩ් එක දාලා බිත්තර එකතු කරලා බීට් කරන්න.
- ඒකට පොල් කිරි, ලුණු, වැනිලා එකතු කරන්න.
- ගාගත් පොල් ටික ටික එකතු කරගන්න.
- දැන් මේ මිශ්‍රණය ට්‍රේ එකට දාලා අවන් එකේ 180°C ට විනාඩි 30ක් බේක් කරන්න. නැතිනම් ස්ටීම් කරන්නත් පුළුවන්.
6. පොල්කිරි චොක්ලට් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- සීනි කෝප්ප 1
- පොල්ක්‍රීම් කෝප්ප 1
- බේකින් පව්ඩර් මේස හැඳි 1
- පොල්තෙල් මේස හැඳි 2
- විනාකිරි මේස හැඳි 1
- චොක්ලට් පව්ඩර් මේස හැඳි 2
- වැනිලා තේ හැඳි 2
- ලුණු පින්ච් එකක්
- පිටි, සීනි, බේකින් පව්ඩර්, චොකලට් පවුඩර් සහ ලුණු එකට මිශ්‍ර කරගන්න.
- වෙනම බෝල් එකක පොල්තෙල්, පොල්ක්‍රීම්, විනාකිරි සහ වැනිලා මිශ්‍ර කරගන්න. ඒකට පිටි මිශ්‍රණය එකතු කරගෙන විස්ක් එකකින් කලවම් කරගන්න.
- දැන් ඔයිල් බ්‍රශ් කරපු තැටියකට දාලා 180°C ට විනාඩි 25ක් බේක් කරගන්න.
- පොල්ක්‍රීම් ගෙදරම හදාගන්න නම් උකුවට මිරිකගත්ත පොල් කිරි ෆ්‍රිජ් එකේ දාල රැයක් තියන්න. උදේට පොල්කිරි වල වතුර ගතිය යටට බැහැල උඩ පොල් ක්‍රීම් එක මිදිල තියෙනව.
7. පොල්කිරි විප් ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- කුරුට්ට නැති පොල් කෑලි (පොල් ගෙඩියක පමණ)
- පොල් කෑලි වල කුරුට්ට නැති වෙන්න කපල අයින් කරලා මේ ටික වතුර කෝප්ප 1ක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්න.
- වතුර වැඩි කරගන්න එපා. දැන් මේකෙන් පොල් කිරි මිරිකලා පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා ගත්තු මිටිකිරි ටික ෆ්‍රිජ් එකේ පැය 12ක් තියන්න.
- දැන් පොල් උඩට මිදිලා වගේ පෙනෙයි. මේ ටික උඩින් හිමීට අයින් කරලා අරන් ඒ ටික නැවත ෆ්‍රිජ් එකට දාගන්න.
- දැන් අපි සාමාන්‍යයෙන් දන්න විදියට විප් ක්‍රීම් බීට් කරන්න කලින් බීටර් එකේ කූරු දෙක හා වතුර නැති වියළි භාජනයක් ෆ්‍රිජ් එකේ දාලා හොඳට කූල් කරල අරගන්න.
- දැන් පොල්කිරි ටික භාජනයට දාලා හොඳට බීට් කරගන්න විනාඩි 2ක් විතර.
- ටික ටික කැටි ගතියට එනවා පෙනෙයි. ගොඩක්ම බීට් කරන්න එපා ආයෙ කිරි බවට පත් වෙන්න පුළුවන්.
- ක්‍රීම් එක හැදුවට පස්සෙ ෆ්‍රිජ් එකේ දාලා පාවිච්චියට ගන්න පුළුවන්. ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තියෙන අයට, සත්ත්ව කිරි වලට ආසාත්මිකතා තියෙන හෝ අකමැති අයට විපින් ක්‍රීම් වෙනුවට මේ පොල්කිරි විප් ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්.
Leave a Reply