අලුත් දශකයකට මුල පුරන්න යන වෙලාවේ පහුගිය දශකයේ අපට රටක් වශයෙන් හිමි වුණ දේවල් ගැන හිතද්දී සංගීත ලෝකය අමතක කරන්න බැහැ. මේ දශකය ඒකාකාරී සංගීතයක් රටේ නිර්මාණය කරත් ඒ අතරෙත් හිතාගන්න බැරි තරමේ දක්ෂයන් බිහි වුණා. මේ ඒ ගැන පසු විපරමක්.
1. සනුක වික්‍රමසිංහ
සනුක ගායනයට මුලින්ම එනකොට ඔහුගේ සින්දු මිනිස්සු අහන්නේ මේ අහවලාගේ පුතා කියන මානසිකත්වයෙන් නෙවෙයි. ඒ සින්දු අහන්න පෙළඹෙන්නේ දෙයියෝ දුන්නු කටහඬක් එතැන තියන නිසයි. ඒ විතරක් නෙවෙයි කොල්ලගේ සංගීතයත් කොලිටිම තමයි. සනුකව ජනප්‍රියත්වයේ ඉහළටම අරගෙන ගියපු ගීතය තමයි ‘සරාගයේ’ කියන්නේ. මේ වෙනකොට ප්‍රසංග වේදිකාව පවා සෑහෙන වෙනසකින් යුතුව අතික්‍රමණය කරන්න ඔහු සමත් වෙලා. හැම දේකටම වඩා ඉහළින් අගයන්න ඕනෑ කාරණේ නම් මල් සින්දු නැති එකයි.
2. රවීන් කණිෂ්ක
දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයත් එක්ක නළුවෙක් විදියට දැක්කට රවීන් නළුකමට වඩා දිස්නේ දෙන්නේ සින්දු කියනකොට. ඒක රවීන් පවා පිළිගන්න සත්‍යයක්. ගොඩක් රියැලිටි ෂෝවල මතුවන තරු ඉක්මනට නිවිලා යනවා. හැබැයි එහෙම නිවෙන්න නොදෙන කටහඬක් තියෙනකොට ක්ෂේත්රයේ රැඳිලා ඉන්න වාසනාවක් හිමි වෙනවා. රවීන් මේ මෑත කාලයේ අලුත් ම ගීත කිහිපයක් නිකුත් කළා. ‘මටත් උන්නා කෙනෙක් ඉස්සර’ භාවාත්මක බව අතරින් විශිෂ්ට ගීතයක්.
3. රුවන් හෙට්ටිආරච්චි
රුවන්ගේ හඬ ඉස්සෙල්ලාම ඇහුණේ අපිට සිංහාවලෝකනය චිත්‍රපටයේ ‘මතකද හැන්දෑවෙ’ ගීතයෙන්. හැබැයි මේ දැන් ඒ ගැන කියන මොහොත දක්වා ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. ඉතින් රුවන් හෙට්ටිආරච්චි කියන ගායකයා කවුද කින්ද මන්ද කියන අඬහැරය එක්ක ම අපි ඉස්සෙල්ලා අහන්නේ ‘නොදැක ඉන්න බෑ’ ගීතය. ඒ වෙනකන් අද දක්වා සංගීතයේ එක එක මායිම් ඔහු විසින් තමන්ගේ කරගෙන තියනවා බොහොම අපූරුවට.
4. ෂෙහාන් කෞශල්‍ය
ෂෙහාන්ගේ සින්දුවක් මේ ඊයේ පෙරේදා සෑහෙන හොඳට හිට් වෙලා ආවා. ඒ තමයි ‘සේපාලිකාවෝ’. නමුත් පොඩි අතීතකාමී පිරිසක් ඉන්නවා නම් ඔවුන්ට මතක ‘ලීෂා’ සහ ‘මගේ හිතේ’ කියන ගීත. ඒවා මල් සින්දු නෙවෙයි. ෂෙහාන් සංගීතයේ නවමු තැන් අත්හදා බලන්නෙක්. ගීත කියන්න ආසා කරන තවත් අයට ඒ කලාව උගන්වන්නෙක්. එහෙම අය තමයි හොඳම.
5. රිද්ම වීරවර්ධන
කුවේණියෙක් එක්ක ඇවිත් ඒ සින්දුවෙන් ගැලවෙන්න බැරි තැනකට අපිව ඇදලා දාපු ගායකයා තමයි මේ. රිද්මට හරි ලස්සන කටහඬක් එක්ක ම ලස්සන මනුස්සකමකුත් දීලා තියනවා. කලාකාරයෙක්ට තියෙන්න ඕනෑ නිහතමානීබව ඕනෑවටත් වඩා රිද්ම ළඟ තියනවා. චරිත අතලගේගේ සොයාගැනීම්වල ඉහළම සහ හොඳම හඬ රිද්ම කියලා කීමේ වුණත් වරදක් නෑ.
6. හර්ෂ විතානගේ
හර්ෂ රියැලිටි තරඟයකට සහභාගී වෙනවා. නමුත් ඔහුව අපි හඳුනාගන්නෙ Api Machan ගායන සමූහයත් එක්ක. එතනිනුත් වෙන් කරලා වෙනම අනන්‍යතාවක් ඇති අයෙකු විදියට අපි ඔහුව දැන හඳුනාගන්නවා. ඒ හර්ෂ විසින් තේරුමක් බේරුමක් ඇතුව කරපු සින්දු නිසා. ‘සඳනාරි’, ‘අවතැන් හදේ’ වගේ ගීත ඒ අතරින් විශේෂයි.
7. ධනිත් ශ්‍රී
ඉතාම මෑත අවධියකදී වුණත් කාගේ කාගෙත් පිනකට සංගීතය එක්ක සෙල්ලම් කරන, ඒක තමන්ගේ දෙයක් කරගත්ත, ඒක හසුරවන තරුණ ගායකයෙක්ව හමු වෙනවා. ධනිත් ‘පන්දම’ ගැන කිව්වේ එක සින්දුවයි. ඒ සින්දුවෙම් මුළු රටම ගිනියම් වෙලාම ගියා. මේ ඊළඟ දශක කීපයේ දී අපිව රසවතුන් විදියට තියාගන්න උපරිම හැකියාවැති ගායකයෙක් බවට සැක නෑ.
Leave a Reply