චරිතයක් වෙනුවෙන් ශාරීරිකව උපරිම කැපකිරීමක් කරපු බොලිවුඩ් නළු නිළියන්

රඟපාන එක ලස්සන මූණක් තිබුණ පලියට කරන්න පුළුවන් එකක් වුනා නම් මිනිස්සු ෆිල්ම් බලන්නේ නැතුවම ඉන්නත් තිබුණා. චරිතයක් ලැබුණම ඒක ඇඟට අරන්, චරිතෙට අනුව ඇඟ අඹරලා කරලා ප්‍රේක්ෂකයාට අමතක නොවන සිනමා අත්දැකීමක් දෙන මිනිස්සුන්ව දේවත්වයෙන් අදහන්න ඕනි අන්න ඒ නිසයි. අපි එහෙම අය ගැන ගොඩක් දුරට දන්නේ හොලිවුඩ් සිනමාව නිසයි. නමුත් බොලිවුඩයෙත් ඒ වගේ මැජික්කාරයෝ ඉඳලා තියෙනවා.

චරිතයක් වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කල රංගන ශිල්පීන් 8 දෙනෙක් ගැන ලියැවුණු අපේ කලින් ලිපියත් කියවන්න මෙතනින්!



1. ආමීර් ඛාන්


සිනමාව වෙනුවෙන් තමන්ගේ ශරීරය පරීක්ෂණ භාණ්ඩයක් බවට පත් කරගත්තු ආමීර්ගේ කැපකිරීම් දකින්න ලැබෙන්නේ taare zameen par චිත්‍රපටයේ ඉඳන් ghajini දක්වාත්, එතැන ඉඳන් ආයෙත් 3 idiots දක්වාත්, එතැන ඉඳන් PK චිත්‍රපටයත්, එතැන ඉඳන් ආයෙත් Dangal යනාදී වශයෙන්. ඔතනින් Dangal චිත්‍රපටය වෙනුවෙන් තමයි ලොවෙත් නැති විදියට ආමීර් වෙනස් වෙන්නේ. කිලෝ තිහක මස් ගොඩක් ඇඟ අස්සට දාගත්තු ආමීර්ට සපත්තුවක ලේස් එකක් ගැටගහන්නවත් බැරි වෙලා තියෙනවා ඒ ඇඟත් එක්ක. Dangal එකේ ඔහු රඟපෑවේ හිටපු මල්ලවපොර ශුරයෙක් විදියටයි. හැබැයි ඒ වැඩේ ඉවර වෙලා මාස පහෙන් ඔහු ආයෙත් බර අඩු කරගන්නවා. ඒ කිලෝ 97ක ඉඳන් 68ක් දක්වා.



2. භූමි පෙද්නෙකර්


භූමි නිරූපණ ශිල්පිනියක්. එහෙම කෙනෙක්ට තමන්ගේ සිරුරේ හැඩය පාලනය කිරීම මොන තරම් නම් වටිනා දෙයක් ද? හැබැයි තමන්ගේ පළවෙනි චිත්‍රපටය වෙනුවෙන් ඒ පාලනය තමන්ගේ අතින් ගිලිහෙන්න දුන්නු අති සුන්දර සහ දක්ෂ නිළියක් තමයි භූමි. Dum Laga Ke Haisha චිත්‍රපටයට ඇයට ලැබුණ චරිතය තමයි තමන්ගේ ස්වාමියාගේ ආදරය දිනාගන්න උත්සාහ කරන අධි බරැති භාර්‍යාවකගේ චරිතය. ආමීර් වගේම භූමිත් කිලෝ තිහක් විතර බර වැඩි කරගන්නවා. ඈ වැඩිය ප්‍රසිද්ධ නැති නිසා ගොඩක් අය හිතාන හිටියේ මේ ස්වාභාවිකවම බරින් යුත් කාන්තාවක් කියලා. හැබැයි චිත්‍රපටයෙන් පස්සේ කිලෝ 89ක ඉඳන් 52ක් දක්වා කෙල්ල බර අඩු කරන් තිබුණා.



3. රන්දීප් හූඩා


සරාගී දක්ෂ නළුවෙක් විදියට ප්‍රසිද්ධ රන්දීප් Sarbjit චිත්‍රපටය වෙනුවෙන් තමන්ව කණපිට පෙරලා ගන්නවා. හිර මැදිරියක අනේක වධ විඳින චරිතයක් සඳහා රන්දීප් සති 4කින් කිලෝ 20කට ආසන්න ප්‍රමාණයක් අඩු කරගන්නවා. ඒ කිලෝ 94ක ඉඳන් 66ක් දක්වා. මේක කරගන්න ලොවෙත් නැති කට්ටක් රන්දීප් කාලා තියනවා. එහෙම කරාට පස්සේ චිත්‍රපටය රූගත කරන තැන කවුරුත් ඔහුව ගණන් අරගෙන නෑ මේ වෙන මනුස්සයෙක් වෙන්න ඇති කියලා.



4. රාජ්කුමාර් රාඕ


Traapped චිත්‍රපටයේ කතාව යන්නේ කෑමක් බීමක් නැතුව හිර වුණ හාදයෙක් ගැන. ඉතින් ඒ වෙනුවෙන් බර අඩු කරගන්න වෙනවාමයි. රාජ්කුමාර් බර කිලෝ 10ක් අඩු කරගන්නවා මසෙකින්. ඔහු ඒ දේ කරන්නේ මාසයක් විතර එක දිගට ආහාර වශයෙන් කැරට් සහ කෝපි විතරක් අරගෙන. එතනින් පස්සේ ආයෙත් සාමාන්‍ය ශරීර මට්ටමකට ඇවිත් රාජ්කුමාර්ට සැපේ ඉන්න ලැබෙන්නේ නෑ. Bose කියන වෙබ් සීරිස් එකට රා බඩක් ඕනෑ කරනවා. ඒ සඳහා කිලෝ දහයක විතර මස් කුට්ටියක් රාජ්කුමාර් බස්සගන්නවා.


5. විද්‍යා බාලන්


The Dirty Picture චිත්‍රපටය වෙනුවෙන් විද්‍යා බාලන් කිලෝ 12කින් ඇඟපත විශාල කරගන්නවා. උතුරු ඉන්දීය නිළියකගේ චරිතයකට පණ පොවන නිසා ඒ වගේ පේන්න අවශ්‍ය නිසා තමයි මේ පෙරළිය ඇය විසින් සිදු කරන්නේ. හැබැයි මේ චරිතය ඇයට සුවිශේෂ වුණා. ඒ කිලෝ 12 ඇයට හොඳටම හොඳයි කියලා හිතිලා. ආපහු අර ඉඟ සුඟ ගත හැකි මිටින මට්ටමට යනවට වඩා මේ සිරුර ඇයට හොඳ වෙලා. නිළියක් වෙන්න ඉරටු කෑල්ලක් වගේ ශරීරයක් අවශ්‍යය කියන හැම වෙලේම විද්‍යා බාලන්ට දෙන්න උත්තරයක් තියනවා.

6. රිතික් රෝෂන්


රිතික් කියන්නේ බොලිවුඩයේ ග්‍රීක දෙවියා. සරාගීම නළුවා. ඓශ්වර්‍යා එක්ක රඟපාපු Guzaarish චිත්‍රපටය වෙනුවෙන් රිතික් බැරල් බඩක් හදාගන්නවා. හැබැයි වැඩේ කියන්නේ මේ චිත්‍රපටය සාර්ථක වෙන්නෙ නෑ. මේ කාලය රිතික්ට අමාරු කාලයක් වෙලා තිබුණා. වාත්තු කළාක් වගේ තිබ්බ ශරීරය කැත කරගත්තට අන්තිමේ මුකුත් වුණේ නෑ වගේ හැඟීමක් ඔහුට ඇවිත් තිබුණා. නමුත් ඒ දේවලට තමන්ව සම්පූර්ණයෙන් ම නතු කරගන්න ඉඩ නොදී ඉතාම කෙටි කාලයකින් සික්ස් පැක් එහෙම හදාගෙන කොල්ලා Krrish චිත්‍රපටයේ රඟපාන්න ගියා.



7. ෆර්හාන් අක්තාර්


Bhaag Milkha Bhaag චිත්‍රපටය ජවන හා පිටිය ක්‍රීඩකයෙකුගේ ජීවන කතාවක්. එහෙම චරිතයක් කරන්න ෆුල් ෆිට් කොල්ලෙක් එපැයි. ඉතින් ෆර්හාන් අක්තාර් මාස 13ක් එක දිගට උදේ රැයින් නැගිටලා ඒ ෆිට් ඇඟ හදාගන්න මහන්සි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *