මේ අවුරුද්ද ඉවර වෙන්න තව බොහොම ටික දිනයි තියෙන්නේ. ඒ ටික දිනේ ආපහු හැරී බැලුවම මේ අවුරුද්දේ අපේ රටේ වුණේ මොනවද නොවුණේ මොනවද කියලා හිතෙනවා. දහසකුත් දේවල් අතරින් විවිධ අංශවලින් අපිට අමතක නොවන මතකයන් මේ වසර තුළ දී දුන්නු තරුණ තරුණියන් ගැන මතක් කරගන්න ලයිෆි අපිට හිතුණා.
1. නාලක සේනාධීර
ඒ නම කිව්වම එක පාරට හුරු නැති නම් ‘පුරන් කුඹුරු අස්වද්දමු’ කියන තේමා පාඨය ගැන කතා කරද්දී ඔහුව මතකයට එන්න ඕනි. දැදිගම ප්‍රදේශයේ තරුණයෙකු වන නාලක පුරන් කුඹුරු අස්වද්දන ව්‍යාපෘතියකට යොමු වෙන්නේ දැදිගම ඇළ මාර්ගය අක්‍රිය වෙලා දැදිගම මහ වෙල් යාය කන්න දෙකක් පුරන් වුණ එක නිසා. නාලක මැදිහත් වෙලා ඇළ ප්‍රතිසංස්කරණය කරලා ආපහු මහ වෙල් යාය පණ ගහලා එනවා. ඒකත් එක්ක තමයි නාලකට මහා පරිමාණ විදියට මේ වැඩේ කරගෙන යන්න හිතෙන්නේ. කිසිම විදියේ වාසියක් තකා නොකරන මේ වැඩේට ආධාර උපකාර විදේශ රටවල ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙනවා. සමාජ මාධ්‍යවල ලොකු රැල්ලක් ඇති කරපු මේ වැඩේට දැන් දිවයිනේ හැම පැත්තෙන් ම තරුණ තරුණියෝ සහභාගී වෙලා. නාලකගේ 2020 බලාපොරොත්තුව තමයි පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව වෙනකන් සියලුම පුරන් වුණ කුඹුරු අස්වද්දා වැඩිහිටි ගොවියන්ට ඒවා බාර දීලා අවුරුදු සියයකට විතර හරියන්න ධාන්‍ය අපේ රටේ ඉතුරුකරගන්න එක.
2. ශවිනි ප්‍රනාන්දු
ඇයව ප්‍රසිද්ධ වුණේ ලාංකේය වොන්ඩ වුමන් විදියට. ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් මත වෛද්‍යවරයා ශවිනිට කියන්නේ තව ජීවත් වෙන්න වෙන්නේ අවුරුදු දෙකක් පමණක් බව. ඒකට ශවිනිට චුට්ටක් විතර තරහා ගිහින් තියෙනවා. විදෙස්ගත වෙලා වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නා ශවිනි අවුරුදු දෙකකට සීමා කෙරුණු තමන්ගේ ජීවිතයට ජීවය එකතු කරගන්නවා. උපාධියකුත් පශ්චාත් උපාධියකුත් තියාගෙන ලෙඩේට බෙහෙත් ගන්න විතරක් ඇමරිකා යන ශවිනිට මුකුත් නොකර පැත්තකට වෙලා ඉන්න එක හරිම කම්මැලි වැඩක්. ඉතින් ඇය ජෝජ්ටවුන් විශ්වවිද්‍යාලයේ තවත් පශ්චාත් උපාධියකට අත ගහනවා. තමන්ගේ රෝගී තත්ත්වය නිසාම උපකරණයක් නිපදවන මෘදුකාංග ශිල්පිනියක වන ශවිනි මෙම වසරේ එම විශ්වවිද්‍යාලයේ හොඳම පශ්චාත් උපාධි අපේක්ෂකයා බවට පත් වෙනවා. මේ ඔක්කොම කරන්නේ පිටේ ඔක්සිජන් ටැංකියකුත් උස්සාගෙනයි.
3. තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ
නාසා එකේ ලාංකිකයෝ සෑහෙන වැඩ කරනවා. ඒ අතරින් මේ අවුරුද්දේ නමක් තිබ්බ වැඩ්ඩෝ දෙන්නෙක් තමයි මේ. නාසා එකෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට යවන්න මේ දෙන්නා හදපු රොකැට්ටුවක් තමයි යැව්වේ. ඒකේ නමත් හරි අපූරු විදියට වුණේ ‘රාවණා 1’ කියලයි. තරිඳු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක් වෙනවා. දුලානි තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක්. දෙන්නම මේ වෙනකොට ජපානයේ තමන්ගේ පශ්චාත් උපාධිය සිදු කරනවා.
4. අදීශ ගම්මන්පිල, අසේල විජේසිංහ, තෙහානි වන්නිආරච්චි, දෝමිණී ජයසිංහ, ඉෂාරා අමරජීව
ජපුර කැම්පස් එකේ මේ උපන් හපන්නු ලෝකෙම දිනුවා. එහෙම කරේ රටවල් 50ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබා ගත්තාට. International Conference on Social Robotics කියන තරඟයට මේ පස් දෙනා එකතු වෙනවා. ඊට පස්සේ හදනවා පුංචි කාලේ ඉඳන් ම අපි ආසා කරපු ලෝකයක් වන හැරීගේ ලෝකයේ තිබුණ මායාකාර තොප්පිය. මේක අදීශ ප්රමුඛ කට්ටිය හැදුවේ නම් කට්ටියව නිවාසවලට බෙදන්න නෙවෙයි. ඔටිසම් රෝගී දරුවන්ට ක්‍රියාකාරී මෙවලමක් නිර්මාණය කිරීමේ අභිමතාර්ථයෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඒ වැඩෙන් සිය විශ්වවිද්‍යාලයට සහ මව් රටට ඇති ණය ඒ පිරිසට ඩිංගක් හරි ගෙවාගන්න පුළුවන් වුණා.
5. මැතිව් අබේසිංහ
මේ නම් සාමාන්‍ය මනුස්ස දරුවෙක් නෙවෙයි මාළු පැටියෙක්. මේ අවුරුද්දේ සාක් ක්‍රීඩාවල පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් 7ක්ම ගත්ත කොල්ලා තමයි. මැතිව් එහෙම කළේ කලින් තිබුණ තමන්ගෙම වාර්තාවක් කඩලා. මේ පාර සාර්ක් සමුළුව හොඳටම තිබුණා. අනික් රටවල් එක්ක බොහෝ තරඟ ඉසව්වලින් සහභාගී වෙලා තුන්වැනි ස්ථානය ලබා ගන්නවා කියන එක සෙල්ලම් දෙයක් නෙවේනේ. කණ්ඩායම් තරඟ, ජවන හා පිටිය කියන මේ සියලු දිනීම් අතරේ රන් පදක්කම් හතක් පැළඳගත්තු මැතිව් ලොක්කා කැපිලා පේනවා.
6. යොහානි ද සිල්වා
යොහානි යූටියුබර් කෙනෙක් විදියට කවර්ස් කරන වැඩේ පටන් ගත්තේ අවුරුදු කීපෙකට කලින්. නමුත් ඇගේ අනන්‍යතාව, පෞරුෂය සහ දක්ෂතාව අපිට රහවැටෙන්නේ සහ ඒක උරුම කර දෙන්නේ 2019 අවුරුද්දේ. රාමුවකට ඇදලා දාලා තියන සාම්ප්‍රදායික කාන්තා චරිතය ඈ විසින් අතික්‍රමණය කරන විදිය බලාගෙන ඉන්න ආසයි. අන්තිමට කරපු මෑෂප් එකෙන් තමයි ඒක ලස්සනටම පෙනුණේ. කතාවලින් කරන්න බැරි වුණ ආකල්පමය වෙනස ඇගේ ඉදිරිපත්කිරීම්වලින් කරන්න පුළුවන් කියා විශ්වාස කළ හැකියි.
7. කැරොලයින් ජූරි
තිස්පස් වසරකට පස්සේ ලෝක විවාහක රූ රැජිනිය බවට පත් වුණ කැරොලයින් වයස අවුරුදු 27ක තරුණ මවක්. නිරූපණ ශිල්පිණියක් හැටියටවත් කටයුතු කර නොමැති කැරොලයින් තමන් සහභාගී වූ මුල්ම තරඟයෙන්ම තමයි ලෝක විවාහක රූ රැජින හැටියට රටවල් 51ක තරඟකාරිණියන්ව පරද්දල ජයග්‍රහණය කරන්නේ. තමන්ගේ සමීපතමයන් කිහිප දෙනෙක්ගේ පමණක් උදවු ඇතිව ඇය මෙම ජයග්‍රහණය ලබා ගන්නේ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින්, මවක් සහ බිරිඳක් හැටියට තම වගකීම් ඉටුකරමින්. ඒ නිසා ඇගේ මෙම ජයග්‍රහණය තවත් විශේෂිත දෙයක් වෙනවා.
Leave a Reply