මේ වෙනකොට ස්මාට්ෆෝන් එකක් කියන්නේ තවදුරටත් කීප දෙනෙක් අතේ විතරක් තියෙන ලක්ෂරි භාණ්ඩයක් නෙවෙයි. ලක්ෂ කීපයක් වෙන ස්මාට්ෆෝන් අතරේම රුපියල් දහ දොළොස් දාහටත් අරගන්න පුළුවන් ස්මාට්ෆෝන් තියෙනවා. ඉතින් මේ ස්මාට්ෆෝන් යුගය බිහිවීමත් එක්කම අපේ හැම වැඩක්ම පාහේ පහසු කරගන්න පුළුවන් ස්මාට්ෆෝන් ඇප්ස් එහෙමත් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔන්ලයින් බඩු ගන්න එක තවදුරටත් අරුම පුදුම දෙයක් නොවෙන ශ්‍රී ලංකාවක, වෙබ් සයිට් වලට නොගිහින් කෙලින්ම ස්මාට්ෆෝන් ඇප් එක හරහා ගිහින් වඩාත් පහසුවෙන් බඩුමුට්ටු ගන්නත් හැකියාව මේ විදියට ලැබිලා තියෙනවා. ඉතින් අපි හඳුන්වලා දෙන්න යන්නේ අන්න ඒ විදියට අපේ ඔන්ලයින් බඩු ගන්න වැඩකටයුතු පහසු කරන්න නිර්මාණය කරලා තියෙන ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක්.
1. Daraz Online Shopping App
Daraz කියන්නේ චීනයට අයිති, දකුණු ආසියාවේ විශාලතම ඊ-මාකට් එකක්. ඒ කියන්නේ ඔන්ලයින් බඩු විකුණන ප්ලැට්ෆෝම් එකක්. මේ Daraz සමාගම ලංකාවේ ඉස්සර තිබුණු Kaymu.lk එකත් එක්ක එකතු වෙලා දැන් Daraz.lk බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කට්ටියගේ ස්මාට්ෆෝන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ යන්න පුළුවන් මේ අය විකුණන බඩු මොනවද බලන්න. අපරාදේ කියන්න බෑ, කොණ්ඩ කටු වල ඉඳලා ටීවී, වොෂින් මැෂින් වෙනකල්ම එක එක විදියේ බඩුභාණ්ඩ මේ අය ගාව ගන්න තියෙනවා. ගෙදරටම ඩිලිවර් කරලාත් දෙනවා.
2. Uber Eats
ඌබර් ඊට්ස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් ඌබර් ටැක්සි ඇප් එක නැති කොළඹ යන එන කෙනෙක්ගේ ෆෝන් එකක වුනත් අනිවා තියෙන්න පුළුවන් ඇප් එකක් තමයි ඌබර් ඊට්ස්. මේකෙන් ලැබෙන සේවාව සරලයි. අපි ඇප් එකට ගිහිල්ලා ඒකේ තියෙන කඩේකින් අපිට ඕන කෑම බීම ඕඩර් කරනවා. සල්ලි ඕන නම් කාඩ් එකකින් ගෙවන්නත් පුළුවන්, කෑම එක අතට ආවහම දෙන්නත් පුළුවන්. ඉතින් යම් වෙලාවකට පස්සේ ඌබර් ඊට්ස් රයිඩර් කෙනෙක් අපි ඉන්න තැනටම අපි ඕඩර් කරපු කෑම එක ගෙනැල්ලා දෙනවා. කොයි තරම් ලේසිද? ඩිලිවරි කියලා මහලොකු ගාණක් යන්නෙත් නෑ.
ඌබර් ඊට්ස් (Uber Eats) වලින් කෑම ඕඩර් කරනකොට වැදගත් වෙන ටිප්ස් කීපයක්!
3. ikman – Sell, Buy & Find Jobs
ඉක්මන් ඩොට් එල්කේ කියන්නේ හැමෝම වගේ දන්න වෙබ් සයිට් එකක්. රෙන්ට් එකට ගෙයක් හොයාගන්න එකේ ඉඳලා, අඩු ගාණට කාර් එකක් ගන්න හොයාගන්න එකේ ඉඳලා සෙකන්ඩ් හෑන්ඩ් බඩු භාණ්ඩ හොයාගන්න එක දක්වා ගොඩක් දේවලට ගොඩක් දෙනෙක් යන්නේ ඉක්මන් එකට. උඩින් කියපු දේවල් විකුණගන්න වුනත් යන්නේ ඉක්මන් එකට. ආන්න ඒ ඉක්මන් එක වඩාත් ඉක්මනින් සේවාව ලබාදෙන්න තමයි මේ ස්මාට්ෆෝන් ඇප් එක හදලා තියෙන්නේ. ඇත්තටම වෙබ් සයිට් එකෙන් බඩු ගන්නවට වඩා ඉක්මන් ඇප් එක ලේසියි කියලා කෙනෙක් කිව්වත් අපි පුදුම වෙන්නෙ නෑ!
4. SINGER SL
ලංකාවේ මනුස්සයෙක් සිංගර් එක ගැන නොදැන ඉන්න විදියක් නැහැනේ. සිංගර් කියන්නේ ලංකාවේ මුළුතැන්ගෙයි බඩු වල ඉඳලා වොෂින් මැෂින්, ෆ්‍රිජ්, ටීවී, කම්පියුටර් දක්වා විවිධ බඩුමුට්ටු ගන්න පුළුවන්, ලංකාව පුරා විහිදුණු ශාඛා ජාලයකින් යුක්ත සමාගමක්. සිංගර් එකට මෙච්චර කල් ගොඩවැදිලා ඕන බඩු ගත්ත එකේ, දැන් සිංගර් ශ්‍රී ලංකා ඇප් කට ගොඩවැදිලා, ඒකේ තියෙන බඩු තෝරලා බලලා අරගෙන, ගෙදරටම ඩිලිවර් කරගන්න පුළුවන්. මේ අයගේ තියෙන ස්පෙෂල් ඔෆර්ස් එහෙමත් ඇප් එකේ පෙන්නන නිසා කිසිම දෙයක් මිස් වෙන්නේ නෑ!
5. MirrorMirror.lk
අපි කියමු කොල්ලෙක්ට ලස්සන බෙල්ට් එකක් හරි සන්ග්ලාස් දෙකක් හරි ගන්න ඕන වුනා කියලා. එහෙම නැතිනම් කෙල්ලෙක්ට ලස්සන හෑන්ඩ්බෑග් එකක් හරි බ්‍රේස්ලට් එකක් හරි ගන්න ඕන වුනා කියලා. එහෙම නැතිනම් පොඩි කෙනෙක්ට ඕන ස්කූල් බෑග් එකක් ගන්න ඕන වුනා කියලා. ඔය ඕන එකක් ඔන්ලයින් කරගෙන, ගෙදරටම ඩිලිවර් කරගන්න වුවමනා නම් කරන්න පුළුවන් දෙයක් තමයි ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන, ඒකේ තියෙන කැටගරීස් ඔස්සේ ගිහින් තමන්ට හිතට අල්ලන බඩුභාණ්ඩ තෝරගන්න එක. ඇත්තටම මේකේ ගොඩක්ම තියෙන්නේ ගැහැණු සහ පිරිමි විලාසිතා වලට අදාළ දේවල්.
6. Wine World
දැන් ඔය හොඳ වර්ගේ වයින් බෝතලයක්, විස්කි බෝතලයක් වගේ සුමිහිරි පානයක් ඕන වුණු අවස්ථාවක, කොහෙන්ද ගන්නේ? කොළඹ අවටම ඉන්න කෙනෙක් නම් ඔය හොඳ වයින්, විස්කි, බ්‍රැන්ඩි වර්ග විකුණන තැන් ඕන තරම් හොයාගන්න තියෙනවා. හැබැයි දුරබැහැරට යනකොට එහෙම තැන් නැති තරම්. එහෙම අවස්ථාවකට මුහුණ දුන්නු කෙනෙක්ට දෙයියනේ කියලා Wine World ඇප් එකට ගිහින් තමන් කැමති කැටගරි එකකින් රට බීම එකක් වයින් එකක් සිලෙක්ට් කරලා ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ කොහේ වුනත් ගෙදරටම ගෙනැල්ලත් දෙයි. ගණනුත් සාධාරණයි. තෝරගන්න නිෂ්පාදන 400 කට වැඩියෙනුත් තියෙනවා.
7. ZipSip
ඔය ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් වලින් එන ආහාර පාන වර්ග, මස් වර්ග එහෙම තියෙනවනේ. ඒවා ගන්න කොළඹ වුනත් ගොඩක් තැන් නෑ. හැබැයි පාක් ස්ට්‍රීට් ගෝමේ කියන්නේ කොළඹ සහ මීගමුවේ ශාඛා තියෙන, එහෙම එව්වා ගන්න පුළුවන් තැන් දෙකක්. මේ අයගේ ස්මාට්ෆෝන් ඇප් එක තමයි ZipSip කියන්නේ. ඉතින් ඕන කෙනෙක්ට මේ ඇප් එකට ගිහින්, මේ අය ගාව තියෙන සුපිරි මට්ටමේ වයින් වර්ග වලින්, පාස්තා වර්ග වලින්, නියම ඉම්පෝර්ටඩ් බැටළු මස්, ඌරු මස් වලින්, ඇට වර්ග, පළතුරු වර්ග වලින් ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන්. මෙතන තියෙන හැම දෙයක්ම ඇත්තටම ඔය ෆයින් ඩයිනින් වලට ගැලපෙන දේවල්. හැබැයි මිල ගණන් වුනත් හිතන තරම් වැඩියක් නෑ කියලත් කියන්න වුවමනායි.
Leave a Reply