අපිව අඬවපු හින්දි චිත්‍රපටි – 2 කොටස

මතක ඇතිනේ අපි මේ ළඟදි ලිව්වා අපිව අඬවපු හින්දි චිත්‍රපට 7ක් ගැන? කියෙවුවේ නැත්නම් පහත ලින්ක් එක ක්ලික් කරලා කියවන්න.

අපිව අඬවපු හින්දි චිත්‍රපටි

ඒක ලියලා ඉවර වුණාට පස්සේ තමයි අපිට තේරුණේ ඒ වගේ එකක් 7කට සීමා කරන එක කරන්න බැරි වැඩක් කියලා. ඉතින් අපි හිතුවා මේකට තව ෆිලුම් එකතු කරලා සාගරයත් මදි හැඬුවා තත්ත්වයට ඔයාලාව පත් කරන්න. මේ අපේ දෙවන ලැයිස්තුව.



1. Kabhi Khushi Kabhi Gham

කරන් ජොහාර්ගේ ජීවිතේ හොඳම නිර්මාණය කියලා වුණත් මේකට කියන්න පුළුවන්කමක් ලැබුණේ ඔය කියන සංවේදිබව නිසා තමයි. හැබැයි මේ පටන් ගත්ත වෙලේ ඉඳන් අඬන්න තියෙන එකක් නෙවෙයි. ඉතාම සතුටු හිතෙන විහිළු තහළු තියනවා. ඒ නිසාමයි අර දුක හිතෙන තැන් මහා බරකට දැනෙන්නේ. දෙමාපිය දූදරු සම්බන්ධය මීට වඩා ලස්සනට පෙන්නපු ඉන්දීය සිනමා නිර්මාණයක් ගැන අපි නම් දන්නේ නැහැ. ෂාරුක් ඛාන්ගේ භාව ප්‍රකාශ ගැන නම් ආයෙ අහන්න දෙයක් නෑනේ. ඔතෙනට රිතික්, කරීනා, කාජල් වගේ ම අමිතාබ් සහ ජයා එක් වුණාම අන්න සර්ව සම්පූර්ණයි. තාත්තා පුතා වෙන්වීම සහ යළි එක් වීම, අයියගෙන් ඈත් වෙලා ඉඳලා මල්ලිව හමුවීම, අම්මගේ ආදරේ මේ දේවල් මහා බරට හිතට දැනෙනවා.

 

 



2. Hamari Adhuri Kahaani



ඉම්රාන් හෂ්මිව ඒ කාලේ නම් දැනන් උන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා මායිම් වුණ නළුවෙක් විදියටයි. නමුත් එතැනින් අයින් වුණාම ඒ මනුස්සයට කරන්න පුළුවන් දේවල සීමාවක් නෑ. එතකොට විද්‍යා බාලන් කියන්නෙත් නිළි රත්නයක්. ඉඟ සුඟ ගත හැකි මිටින නම් නෑ ඒත් ඔළුගෙඩි හෙල්ලෙන ඇක්ටින් පාරක් තියනවා. මේ චිත්‍රපටයේ නමේ තේරුම ‘අපේ අසම්පූර්ණ ආදර කතාව’ කියන එක. ඒකෙන්ම තේරෙනවා එන පොට හොඳ නෑ කියලා. නිත්‍යානුකූල සැමියා අන්තරස්දාන වෙලා ආදරයක් නොලබා ඉන්න ඇයට ඔහු ලැබෙනකොටම අර මරගාතේ මොන ලෝකෙන් ද පහත් වෙලා. මේකේ අන්තිම සීන් එක නම් අම්මෝ මල් වත්තක් පළාතේ යන්න හිතෙන් නෑ ඒක බැලුවයින් පස්සේ. වේදනාවක් විතරක් ම ඉතිරි කරලා ගිය සලරුවක්.

 



3. Lootera



මේක වැඩිය ජනප්‍රිය වුණේ නෑ. කොලිටි වුණාම එහෙම තමයි. හැබැයි දන්නෝ දන්නවා මේ මොන තරම් විශිෂ්ට නිර්මාණයක් ද කියලා. එක පාරක් බැලුවට පස්සේ ආය බලන්න හිත දෙන්නේ නැති තරම් රිද්දන චිත්‍රපට කාණ්ඩයටයි මේක අයිති වෙන්නේ. අමුම අමු හොරෙක් ආදරේ ඉස්සරහ අසරණ වෙනවා. ආදරේ ජීවිත කාලෙම නොලබපු නිසා හොරෙක් වුණ ඔහු ඒ ආදරේ රවට්ටනවා. ඒ මොකද වෙන විසඳුමක් නැති නිසා. නමුත් අන්තිමේ තමන්ට එහෙම වීම පිළිබඳ ඇයවත් තුරුල් කරගෙන ඔහු දුක් වෙනවා. එහෙම ඉන්න පුළුවන් වෙන්නේ එකම එක වතාවයි. මේ හොරා රන්වීර් සින්ග්. හොරාට ආදරය හඳුන්වා දුන්නේ සෝනක්ෂි සින්හා.

 



4. Sanam Teri Kasam


මෑතකාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් මේ ආදර කතාවත් මහා ලොකු බරකින් හිත පුරවන චිත්‍රපටයක්. ප්‍රධාන නළුවා සහ නිළිය යන දෙන්නාම සිනමාවට අලුත්. එහෙම තියෙද්දී මේ සා වැඩක් කරගත්තේ කොහොමද කියන ප්‍රශ්නය එනවා. A Walk to Remember එකේ ඔහු ඇයත් එක්ක තියන ආදරය සුළඟ වගේ කියනවා. සනම් තේරී කසම් එකේ ඇයගේ ආදරය අන්තිමේ ඉතිරි වන්නේ ගසක. එතනට වෙනකන් සහ ඉන්පසු මේ චිත්‍රපටය පුරා දුවන හැඟීම් ගනුදෙනුව දරාගන්න අමාරුයි. ආදරය සහ විවාහය කියන දේවල් අමුතුවෙන් ම සමාජය විසින් අමාරු කරවලා. ඒ තත්ත්වය මේ වගේ චිත්‍රපට බලලා හරි නැවතෙනවා නම්.

 



5. My Name is Khan



මුස්ලිම් අන්තවාදීන් කරන වැඩ නිසා දුක් විඳින්න වෙන්නේ පොදු මුසල්මානුවාට. ඒක පෙන්නපු හොඳම කලා නිර්මාණයක් තමයි මේ. ඒක කෙලින් ම කියන්නේ නැතුව චිත්‍රපටිය කරපු එක තමයි මැජික් එක. තමන්ගේ නාමය මුස්ලිම්වරයෙකුගේ වුණාට තමන් ත්‍රස්තවාදියෙක් නොවන බව ඇමරිකාවේ ජනාධිපතිට කියන්න අතිශය සාමාන්‍ය මිනිහෙක් යන ලොකු ගමනක්. එතනට එනකන් වෙන හැම සිද්ධියක් ම වුණත් අතිශය සංවේදියි. මේ වැඩේ දෙන්න පුළුවන් හොඳම ජෝඩුවට තමයි දීලා තිබ්බේ. ෂාරුක් සහ කාජල්.



6. Ae Dil Hai Mushkil



ඒකපාර්ශ්වීය ආදරය එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. සමහරු ඒක උපරිමයට විඳිනවා. සමහරු විඳවනවා. මේ වෙනස්කම බෙදෙන රේඛාව හරියටම අල්ලලා කරන් ජොහාර් මෑතක දී කළ සිනමා නිර්මාණය ඔබව අඬවන්නේ නොහිතන විදියේ අවසානයක් උරුම කරලා. චිත්‍රපටයේ තියන සංවාද පවා මාරම පොහොසත්. මේකේ එක් විශේෂ කොටසකට ෂාරුක් ඛාන්ව දාලා මුළු චිත්‍රපටයේ ම හරය ඔහු විසින් කියවෙන තැනක් එනවා. ආය නිකන් කියවිල්ලක් නෙවේ. බොක්කටම වදින එකක්.



7. Ta Ra Rum Pum



සල්ලිම නෙවෙයි ජීවිතේ කියලා අපි කියනවා. හැබැයි එහෙමයි කියලා ඒක සම්පූර්ණයෙන් ම අයින් කරන්න බෑ. සතුටින් ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් මුදල් තියෙන්න ඕනි. දන්න දවසේ ඉඳන් තිබුණ මුදල් සහ කීර්තිය අහිමි වෙලා දරු පැටව් දෙන්නා එක්ක පාරට වැටෙනවා. පොඩියට කුලියක් මලියක් කරලා අම්මයි තාත්තයි ජීවිතේ ගැටගහගන්න හැටි දැකලා පුතා කෑම නොකා ඉන්නවා. කුණු කූඩයෙන් කනවා. ලෙඩ වෙනවා. මේක හරිම හෝල්සම් කතාවක්. ඉතා ප්‍රසිද්ධ ගීත කීපයක් ම තිබුණ චිත්‍රපටයේ රංගනය සායිෆ් සහ රාණිගෙන්.

 

 



 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *