අපි අද කතා කථා කරන්න යන්නේ ආන්දෝලනාත්මක මාතෘකාවක් ගැන. ආන්දෝලනාත්මක කිව්වම ඉතිං ගොඩක් අයට මතක් වෙන දෙයක්නෙ ලිංගිකත්වය කියන්නේ. ඉතිං අපි අද කතා කථා කරන්න යන්නේ අපේ සිනමාව ඇතුළේ ලිංගික ජවනිකා රඟපෑම නිසා ආන්දෝලනයට ලක් වුණු නිළියන් කිහිපදෙනෙක් ගැන. හැබැයි මේ ලැයිස්තුව සීමා සහිත එකක්. ඔබට පුළුවන් අපිට මගහැරුණු නිළියන් ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න.
1. කෞෂල්‍යා ප්‍රනාන්දු
කෞෂල්‍යා ප්‍රනාන්දු මේ ආන්දෝලනාත්මක ලිංගික ජවනිකාව නිරූපණය කරන්නේ දුමින්ද සිල්වා එක්ක. දුමින්ද සිල්වා කිව්වම ඔයාගේ ඔලුවට එක එක නම් මතක් වෙන්න ඇති. නමුත් දුමින්ද සිල්වා කියන්නේ බොරදිය පොකුණ චිත්‍රපටියේ විපුල නම් චරිතය රඟපෑ නළුවා. විපුල කියන්නේ හමුදා සෙබළෙකුගේ චරිතයක්. නමුත් බොරදිය පොකුණ චිත්‍රපටය ලංකාවේ තහනම් වීම නිසා එය තිරගත වීමට වසර ගණනාවක් ගත වුණා. මේ නිසා දුමින්ද සිල්වාට සිනමාව තුළ දිගු ගමනක් යෑමට අවස්ථාව ලැබුණේ නැහැ.
කෞශල්‍යා ප්‍රනාන්දු ඇඟළුම් කම්හලක සේවය කරන මැදි වියට ආසන්න තැනැත්තියකගේ චරිතයක් නිරූපණය කළ අතර ඇය විසින් දුමින්දව ලිංගික ඇසුරකට පොළඹවා ගැනීමක් එම දර්ශනය තුළ අඩංගු වුණා. මීට අමතරව එම චිත්‍රපටය තුළ කෙටි ලිංගික දර්ශන දෙකක් පමණක් අඩංගු වුණා.
2. ගීතා කුමාරසිංහ
ගීතා කුමාරසිංහ ජනප්‍රිය සිනමාවේ මෙන්ම සම්භාව්‍ය සිනමාවෙත් එකසේ හපන්කම් දක්වපු තැනැත්තියක්. ඇය වතාවක් ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේ සංකීර්ණ මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් කිසිඳු පැකිළීමකින් තොරව භාර ගත්තා. ඇය එම චරිතය භාර ගත්ත බව කී විට විජය කුමාරතුංග පවා පුදුමයට පත්වුණා කියලා කියවෙනවා. ඊට අමතරව ‘පාලම’ යට චිත්‍රපටයේ ඩොටී ලෙස ඇගේ පියයුරු ප්‍රේක්ෂකයන්ට නිරාවරණය වෙනවා. ජනප්‍රිය සිනමාවේ නිර්මාණයක් වුණු ‘පෙම්බර මධූ’ චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ඇතැම් දර්ශන රැඟුම් පාලක මණ්ඩලයේ කතුරට අසුවී ඉවත්ව ගොස් තිබුණා.
3. චන්දි රසිකා
ලිංගික දර්ශන අඩංගු චිත්‍රපටිවල රඟපෑම නිසා මෙන්ම එම චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට දායක වීම නිසා අමාරුවේ වැටුණු නිළියක් විදිහට චන්දි රසිකාව හඳුන්වන්න පුළුවන්. ඒ වන විට ඇය ‘අරුණට පෙර’ වැනි චිත්‍රපටවල රඟ පා ක්ෂේත්‍රය තුළ ඇගේ දක්ෂතාව හේතුවෙන් නමක් දිනාගෙන සිටියා. නමුත් ‘ඇගේ වෛරය’ චිත්‍රපටි මාලාව නිෂ්පාදනය කිරීමට දායක වීම නිසා සිනමාහල් පිරි ඉතිරී ගියත්, බොහෝ දෙනාගේ දෝෂාරෝපණයට ලක් වීමට ඇයට සිදු වුණා. නමුත් ඇය නම් කියන්නේ ඇයගේ සම නිෂ්පාදකවරයා විසින් ඇයව රැවටීමට ලක් කොට අසාධාරණයක් සිදු කළ බවක්.
4. ශ්‍යාමලී වරුසවිතාන
ශ්‍යාමලී වරුසවිතාන ‘පාදඩයා’ චිත්‍රපටයේ සිදු කළ රඟපෑම හේතුවෙන් ආන්දෝලනයට ලක් වුණා. විශේෂයෙන් ඇය වැවක නහමින් සිටින අවස්ථාවේදී දිය රෙද්ද ඇඟට ඇලී ඇගේ පියයුරු ඉස්මතු වෙන ආකාරයට රූගත කර තිබූ දර්ශනය බොහෝ ප්‍රේක්ෂකයන් තුළ ආස්වාදයක් මෙන්ම කතාබහක් ඇති කිරීමට සමත් වුණා. සම්භාව්‍ය ගණයේ ලා සැලකිය හැකි සිනමා නිර්මාණයක් වුණු පාදඩයා සඳහා සුවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති කිරීමට ශ්‍යාමලී වරුසවිතාන හේතුවක් වූ බව බොහෝ දෙනකුගේ අදහසයි.
5. නිලුපුලි ජයවර්ධන
නිලුපුලි ජයවර්ධන මෙතෙක් සම්බන්ධ වී ඇත්තේ සිනමා නිර්මාණ දෙකකට පමණයි. එකක් තනි තටුවෙන් පියාඹන්න, අනෙක වන්නේ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටයයි. එම චිත්‍රපටය තුළ ඇය නිරුවත් දර්ශනයකට සහ ලිංගික ජවනිකාවකට පෙනී සිටියා. මෑතක දී අනෝමා ජනාදරී විසින් නිලුපුලි ජයවර්ධනවත් අධ්‍යක්ෂකවරුන් විසින් සූරා කෑවා යැයි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එයට පිළිතුරු ලබාදුන් නිලුපුලි ජයවර්ධන තමන්ට කිසිදු අධ්‍යක්ෂකවරයෙකු එසේ කළේයැයි තමා විශ්වාස නොකරන බවත්, තමන්ගේ රංගනයට නිසි මුදල තමන් විසින් ලබා ගත්ත බවත් ප්‍රකාශ කළා.
6. ගයේෂා පෙරේරා
‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත්‍රපටියේ ආන්දෝලනාත්මක චරිතයක් රඟපාන විට ඇය ඇගේ රංගන ජීවිතය ආරම්භ කළා පමණයි. එනමුත් එම අභියෝගාත්මක චරිතය ඇය විසින් භාර ගත්තා පමණක් නොව එයට සාධාරණයක් ද ඉෂ්ඨ කළ බව ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද අදහසයි. නමුත් පසු කලෙක ඇය හෙළි කළ පරිදි එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විසින් ඇයව මූල්‍යමය සූරා කෑමකට ලක්කර තිබුණා. ඇයට එම චිත්‍රපටය සඳහා ගෙවා තිබුණේ රුපියල් තිස්දාහක මුදලක් පමණයි. කෙසේ වෙතත් එම චිත්‍රපටයේ රඟපෑම පිළිබඳව තමන් තවදුරටත් කණගාටු නොවන බවත්, අවශ්‍ය නම් ඉදිරියේ වුවත් එවැනි ආන්දෝලනාත්මක චරිතයක් රඟපෑමට තමන් සූදානම් බවත් ඇය ප්‍රකාශ කොට තිබුණා.
7. අනෝමා ජනාදරී
අනෝමා ජනාදරී ප්‍රථම වතාවට ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කළේ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය තුලදීයි. එහිදී ඇය පිරිමි වෙස් ගත් සමලිංගික ස්ත්‍රියකගේ චරිතයක් නිරූපණය කළා. අවසානයේදී ඇය ප්‍රේක්ෂකාගාරය ඉදිරිපිටට නිරුවතින් පැමිණීමේ දර්ශනයකුත් මෙම චිත්‍රපටය සඳහා ඇතුළත්ව තිබුණා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ එවකට ඇගේ සැමියා වූ අශෝක හඳගම විසින්. පසු කලෙක අනෝමා ජනාදරී තමන්ව ප්‍රේක්ෂකයන් ඉදිරියේ නිරුවත් කිරීම ගැන අශෝක හඳගමට චෝදනා කළා පමණක් නොව ඔහු විසින් තමන්ම මූල්‍යමය වශයෙන් සහ ලිංගිකවද සූරා කෑම සිදුකළ බවට චෝදනා කළා.
ඉන්පසුව මෑතකදී ඇය ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටියේ ආන්දෝලනාත්මක රඟපෑමක් ඉදිරිපත් කළා පමණක් නොව අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානය ද ලබා ගත්තා. නමුත් ඇය එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාටත් තමන්ව මූල්‍යමය වශයෙන් සූරාකෑමකට ලක් කළ බවට චෝදනා කළා. එසේම තමන්ගේ ඇතැම් රඟපෑම් ඉවත් කොට චිත්‍රපටය ප්‍රදර්ශනය කළ බවටත් දිගින් දිගටම ඔහුට එරෙහිව හඬ නැගුවා.
Leave a Reply