මේ මොහොතෙ රුකියාවක් කරන ඕනෑම කෙනෙකුට ඇති වෙන ප්‍රශ්න දෙකයි තියෙන්නෙ. ඒ තමයි පවුල් ප්‍රශ්න සහ රුකියාවේ ප්‍රශ්න. මේ විදියෙ ඕනෑම ප්‍රශ්නයක් ඇති වුනු විගස අපි ගන්න තීරණය තමයි අපි විසින් ඒවාට විසඳුම් සෙවීම, කාලයාට භාර දීම, හැමෝටම ප්‍රශ්න පැවසීම, ප්රශ්නය ෆේස්බුක් දැමීම විදියට සිද්ධ වෙන්නෙ. කොහොම වුනත් මේ හැසිරීම් වලින් සමහරක් නිසා ප්‍රශ්න ඔඩු දුවන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය අවසානයේ නවතින්නේ ඔබ ගත් තනි තීරණය තවත් නරක අතකට පත් කිරීමෙන් පසුව නිසා ඔබ හැකි ඉක්මනින් ඔබේ ප්රශ්නය විසඳාගත යුතුයි. මේ එය කඩිනම් කරගැනීමට උපදෙස්.
1. වරද කොතැනද?
මෙන්න මේක කදිම විදියක්… කවුද වරද කළේ කියලා හොයනවට වඩා කොතැනද වරද වුනේ කියලා හොයන එක ඉක්මන් විසඳුමක් සොයාගන්නට මගක්. ඒ නිසා ඔබට ඉක්මනින් ඔබේ ප්රශ්නය පැහැදිලි කරවන මගක් පෙන්වනවා. ඒ වගේම පුද්ගල වරදක් සකසනවාට වඩා පහසුවෙන් යම් ක්‍රියාවක හෝ තීරණයක වරදක් කිසිවෙකුට ගැති නොවී විසඳාගන්නට හැකි නිසා වරද කාගේද කියා සොයානවාට වඩා වරද කොතැනද කියා සෙවීම සාර්ථක ක්‍රමවේදයක්. එලෙසින් ඔබේ ප්රශ්නය ඇති වෙන තෙක් සිදුවූ අවස්ථා අනුපිළිවෙලට ආපස්සට යාම සිදු කළ හැකියි.
2. මල්ලෙන් එකක්
මල්ලෙන් එකක් කියල කිවුවට මේ කියන්නෙ විහිළුවක් නෙමෙයි. ඕනෑම ප්‍රශ්නයක් විසඳන්නට බැලූ බැල්මට අපහසු වුවත් තරමක් වේලා ගතවෙද්දී ඔබට එයට විසඳුම් කිහිපයක් පෙනෙන්නට ගන්නවා. සැබවින්ම එසේ නොපෙනුනත් යම් කොන්දේසි කිහිපයක් යටතේ හෝ ඔබට විසඳුම් පෙනෙන්නට ගන්නවා. මෙයින් පහසුම විසඳුම තෝරාගැනීම තරමක අපහසු වුවත් වේගවත් ක්‍රමවේදයක්. ඔබේ ප්‍රශ්නයට තාවකාලික පැලැස්තරයක් නොව ප්රශ්නය ඉක්මනින්ම අවසන් කරවන සාර්ථකම ක්‍රමය සොයාගැනීම අතිශය වැදගත්.
3. ඒ ඒ සපත්තුවට
ඔබේ ප්‍රශ්න බොහෝ වෙලාවට ඔබේ තනි මැදිහත් වීමෙන් සිදුවෙන්නක් යැයි ඔබට හැඟුනත් එයට බොහෝවිට තවත් අයවළුන්ගේ සහභාගීත්වය තිබෙන්නට හැකියි. මේ තත්ත්වය නිසා ඔබේ විනිශ්චය සාධාරණ විය යුතුයි. ඔබ ප්රශ්නය විසඳුවත් ඒ වෙනුවෙන්ම ඔබ අනෙකාගේ සපත්තුවටද බැස බැලිය යුතුමයි. ඒ නම් ඔබ අනෙකාගේ දෘෂ්ඨි කෝණයෙන් ඔබේ ප්රශ්නය දෙස බැලිය යුතුයි. අනෙකාට එය දැනෙන තරම, අනෙකා එයට කියා කරන තරම, එනිසා ඔබට ඇතිවූ වැරදි අවබෝධයන්, අනෙකාගේ සුළු ක්‍රියාවක් විශාල ලෙසින් පිපිරීම වැනි දේ ගැන ඔබට මේ සපත්තුවට බැස බැලීමේදී හොඳින්ම පෙනේවි.
4. ප්‍රොෆෙෂනල් උදවු
අනෙක් හොඳම දේ වෙන්නෙ ප්‍රශ්නවලට ප්‍රොෆෙෂනල් උදවු ලබාගන්න එක. ඒ වෙනුවෙන් නොයෙක් වූ සේවාවන් සහ තනි පුද්ගලයන් සැදී පැහැදී සිටිනවා. ඔබට ඔබ ගැන කනස්සල්ලක් පවතිනවා නම් සුමිත්‍රයෝ වැනි සේවාවක් භාවිතා කළ හැකියි. එසේම ඔබට ඔබ ගැන සැකයක් හෝ ඔබේ මානසික මට්ටමේ බිඳ වැටීමක් දරුණු ලෙසින් දැනෙනවානම් ඔබට ඒ වෙනුවෙන් සුවිශේෂ වූ මනෝවෛද්‍යවරයෙකු මුණගැසෙන්නට හැකියි. ඒ අයුරින්ම ඔබට ඇත්තේ මූල්‍ය අර්බුදයක්නම් ඔබට මූල්‍ය උපදේශකයෙකු මුණගැසෙන්නට හැකියි. එසේම ඔබට ඔබේ විවාහ දිවියේ අර්බුද ඇතිනම් ඒ වෙනුවෙන් විවාහක යුවල වෙනුවෙන්ම වෙන් වී කතා බස් කර විසඳුම් සොයාදෙන ආයතන දිවයින පුරා ඇති බව අමතක නොකළ යුතුයි.
5. කලින් වෙච්ච එකෙකුගෙන් උදවු
අපි මේ කියපු විදියට ඔබට මේ ප්රශ්නය ගොඩ දාගන්නට නොහැකියිනම්, එනම් ඔබට වෘත්තීයමය උපදේශකයෙකු අනවශ්‍යයි හෝ ඔවුන් හමුවේ ඔබේ අර්බුදය පවසන්නට නොහැකි යැයි සිතෙනවානම් ඔබට ඒ ගැන අත්දැකීම් ඇති ඔබේම මිතුරෙකුගෙන් උපදෙස් ගත හැකියි. නමුත් ඔබ එහිදී එක් දෙයක් දැනගත යුතුයි. ඒ නම්, මිතුරා එම උපදෙස ලබාදෙන්නේ ඔහුගේ අත්දැකීම් මත පමණක් බවයි. ඒහැරෙන්නට ඒ සම්බන්ධයෙන් ඔවුන්ට යමක් සිදු කළ නොහැකි බව වටහාගත යුතුයි. මේ හරහා ඔබට අත්හදා බැලිය හැකි ක්‍රමයක් පෙනෙන්නට බොහෝ ඉඩ තිබෙනවා.
6. ඇද දමා හෝ…
ඔබේ ප්රශ්නය ජයගන්නට අන් අයෙක් බිමට ඇද දමා හෝ තීරණයක් ගන්නට ඔබේ සිතට සිතෙන්නට ඉඩ තිබෙනවා. අප සියළු දෙනම පෘතග්ජන මිනිසුන් නිසා ඔබට පහසුවෙන්ම මේ හැඟීම ඇතිවෙන්නට ඉඩ තියෙනවා. නමුත් සෑම විටම ඔබේ ප්රශ්නය විසඳාගෙන යන ගමනේ අන් වරදක් නොකළ මිනිසුන් ඔබට ඔබේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට ඇති උවමනාව මත පහළට ඇද දැමීම සිදු නොකළ යුතුමයි. ඒ ගැන ඔබේ අවධානය විශේෂයෙන් යොමු කළ යුතු වන්නේ අනුන් ඔබේ පවු කර නොගැසිය යුතු නිසායි.
7. අමතක කරමු – කාලෙට තියමු
මෙන්න මේ අමතක කරමු හෝ කාලයට ඉඩ දෙමු කියන්නෙ ඔබට අසන්නට ලැබෙන පසුගාමීම අදහස් දෙකක්. යම් ප්‍රශ්නයක් ඇතිවුනොත්, එය කාලයත් එක්ක විසෙඳ්වි. මුළු ලෝකයම සියල්ල තේරුම් ගෙන මා නිදොස් කොට නිදහස් කරාවි. මේ වරදේ පාර්ශවකරුවන් තම තමන්ගේ වැරදි සාදා ගනීවි වැනි තීරණයකට ඔබ නොආ යුතුමයි. එසේම කාලයට ඉඩ තැබීම වගේම පසුගාමී අදහසක් ලෙසින් ප්රශ්නය අමතක කර දැමීමත් පෙන්විය හැකියි. ප්රශ්නය අමතක කරන්නට මත් වීම හෝ ප්රශ්නය අමතක කර ට්‍රිප් යෑම කිසිසේත්ම ප්‍රශ්නයට විසඳුමක් නොවන වග ට්‍රිප් ගිහින් පැමිණි පසු හෝ වෙරි හිඳුණු පසු ඔබට වැටහේවි.
Leave a Reply