ජනේරුවට ශොපින් යන්න කලින් හිතන්න ඕන දේවල්

මොකක්ද මේ ජනේරුව කියල බැලුවද? ජනවාරි මාසෙ අනේ… ලඟ එන ජනවාරි මාසෙට ශොපින් යන්න කලින් හිතල බලන්න ඕන කාරණා ටිකක් තමයි මේ කතා කරන්න යන්නෙ. ජනවාරි ආරම්භය විශේෂයෙන් අවුරුද්දක් කියල සමරන්නෙ නත්තල් එක්කම කිතුණු බැතිමතුන් උණාට කැලැන්ඩරේ අළුත් වෙන අලුත් මාසෙ නිසා ජනේරුව අපි කොයි කාටත් විශේෂයි. හැමෝම අලුතෙන්ම ලෑස්තිවෙන මාසයක්. ලංකාව පුරාම කොයි කාටත් සීසන් එකක් විදිහට තමයි මේ දෙසැම්බර් මාසෙම ඉතින් හඳුන්වන්න පුළුවන්. රට පුරා ඇඳුම් පැළදුම්, ගෘහ භාණ්ඩ වගේ හුඟක් දේවල් වලට ගැනුම්කාරයො පෝලිම් හැදෙනව වගේම ඩිස්කවුන්ට් එහෙමත් මදියි නොකියන්න ලැබෙන කාලයක්. හැබැයි ඔය කොයි දේත් හරියට නොහිතා ගන්න ගියොත්නම් අමාරුවෙ වැටෙන්න බැරි නෑ

 

 

1. බජට් එක

 

ඔය ශොපින් යනව කියන ටොපික් එක කතා කරන ඕනම තැනක ඉහළින්ම සලකල බලන්න ඕන වැදගත්ම කාරණාව තමයි මේ බජට් එක. ජනවාරි මාසෙට ශොපින් යන්න ඉතින් රැකියාවල් කරන හුඟ දෙනෙකුටනම් ආයතන වලින් බෝනස් ලැබෙනවනේ. ඒ නැති අය උණත් මාස දෙක තුනක් තිස්සේ සල්ලි එකතු කරල හරි ජනවාරි ලබන්න කලින් ටිකක් ඇවිදල කරල පවුලටම ඇඳුම්, ගෙදරට බඩුවක් දෙකක් එහෙම ගන්න ට්‍රයි එකක් දෙනවම තමයි. ඉතින් ඔය කොයි දේ කරන්නත් කලින් ප්ලෑන් කරගන ඕන අපි මේ ජනවාරි ශොපින් වලට වියදම් කරන්න හිතන් ඉන්න මුදල කොච්චරයිද කියන එක. ශොපින් යන දවස් කිට්ටු වෙනකන්ම නොඉ​ඳ ටිකක් කලින් තමන්ගෙ ආදායම් වියදම් එහෙම සලකල බලල , ශොපින් වලට වෙන් කරන මුදල තීරණය කරල, ඒක වෙන් කරල තියාගන්න. ඒ හිතපු මුදල විතරක්ම ශොපින් කරද්දි වියදම් කරන්නත් පරිස්සම් වෙන්න. එහෙම නැතුව ඔහේ ගිහිල්ල කාඩ් එකෙන් හෝ පර්ස් එකෙන් හිතූ හැටියට බිල් ගෙවන්න ගියිත් අන්තිමේ මාසෙ වියදමට තියෙන සල්ලිත් නොදැනීම ශොපින් වලටම දියවෙලා තියෙයි

 

 

2. අවශ්‍යම දේවල්

ඔන්න ඊළඟ කාරණේ. මේකත් අනිවාර්‍යෙන්ම කලින් ප්ලෑන් කරන්නම ඕන. එහෙම නැතුව හිතූ හැටියට ගියොත්නම් දැකල ආස හිතෙන හැමදේම අරගෙන ආයෙමත් බජට් එකේ ඉඳල ඔක්කොම අවුල් යන එක තමයි වෙන්නෙ. ගෙදරට අවශ්‍ය බඩු මූට්ටු නම් හොඳට හිතල බලන්න අතේ තියෙන මුදල අනුව ගන්න පුළුවන් දේවල් මොනවද කියල. එහෙම නැතුව ඩිස්කවුන්ට් තිබ්බ පලියට දකින දකින දේ ගන්න යන්නනම් එපා. ඇඳුම් පැළඳුම් නම් ඉතින් ඔය කියන තරම්ම කලින් ප්ලෑන් කරල ගන්න බෑ. ඒත් මුලින්ම හිතාගෙන යන්න තමන්ට අත්‍යාවශ්‍යම දේවල් මොනවද කියල. නැත්තම් ලස්සන ලස්සන ඇඳුම් තෝරල ගත්තට පස්සේ ඕනම කරන යට ඇඳුම්, සපත්තු එහෙම ගන්න සල්ලි නැතිවෙන්න පුළුවන්. ඒ නිසා අත්‍යාවශ්‍යම ලිස්ට් එක කලින්ම අරන් ඉන්න එක තමයි නුවණට හුරු.

 

 

3. තෑගි බෝග

මේක තමා ඉතින් දුකම හිතෙන සීන් එක. අළුත් අවුරුද්දක් එනකොට තෑගි බෝග දෙන එක ඉතින් අපේ සිරිතක්නේ. කමක් නෑ. දෙන තරමටනේ ඉතින් අපිටත් ලැබෙන්නෙ. දුන්දේ සුවඳයි කියනවනේ. කොහොමින් හරි අපි කාටත් ඉන්නව​නෙ මදියි නොකියන්න තෑග්ගක් හම්බවෙනකන්ම බලන් ඉන්න නෑදෑයො සනුහරයක්ම. ඒ හැමෝටම ගන්න යන දේවල්, ඒවට වෙන් කරන බජට් එක, ඕනම අය කව්ද කියන දේත් කලින් ඔළුවට දාගෙන යන්න. නැත්තම් ඕකත් කෙලවර වෙන්නෙ ඛේදවාචකයකින් තමයි. පවුලෙ දෙතුන් දෙනෙක් හිත රිද්දගෙන තරහ වෙන සයිස් එකට වැඩක් කරනොගෙන මතක ඇතුව හැමෝවම ලිස්ට් එකට දාගන්න ඕන හොඳේ

 

 

4. කලින්ම ශොපින් යන්න

හරියට ශොපින් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට මේකත් බොහෝම වැදගත් කාරණාවක්. ශොපින් කරන්න තියා කෝකටත් බෝනස් ලැබෙන්නනම් දෙසැම්බර් මාසෙ මැදවත් පහුවෙන්න ඕනනම් තමයි. හැබැයි ඉතින් ඒ වෙද්දි පෙරැහැරෙන් තුන් කාලක්ම ගිහිල්ල ඉවරයි පුතෝ. මහ පාරෙ එපා කරපු ට්‍රැෆික් එක, කඩවල් වල අධික සෙනඟ විතරක්නම් බැරියැ. හොඳම බඩුත් විකිණිලා තේරිච්ච සෙට් එකක් තමයි ඉතින් ඉතුරු හුඟක්ම තැන්වල. ඒක නිසා අර මුලින් කියපු බජට් එක ටිකක් කලින්ම හදාගෙන ශොපින් වලට ටික ටික හරි සල්ලි අයින් කරල අඩුම තරමේ නොවැම්බර් මාසෙ මැද වෙද්දි වත් ශොපින් කරන්න පටන් ගන්න ඕන. දැන්නම් ඉතින් කල් මදි. හැබැයි ඊළඟ ජනේරු සීසන් එකට වගේම අප්‍රේල් අවුරුද්දටත් මේ කාරණේ ඔළුවට දාල තියාගන්න පුළුවන්නේ.  

 

 

5. ඩිස්කවුන්ට්

මේ කාලෙට ඉතින් මදියි නොකියන්න ඩිස්කවුන්ට් දෙනවනේ හුඟක් ශොප්ස් වලින්. අපිට ආදරේටද? නෑ නෑ… එක්කො පරණ බඩු ටික ඇඟේ ගහල දාන්න. නැත්තම් බිස්නස් ටිකක් වැඩි කරගන්න. කෝක උණත් ඉතින් සාමාන්‍ය මිලට වඩා අඩුවෙන් බඩුවක් ලැබෙනව කියන්නෙ අපිටත් වාසියක් නැත්තෙම නෑනෙ. එහෙම බැලුවම ඒක win win situation එකක්. ඉතින් ඔන්න ඔය ඩිස්කවුන්ට් ගැන එහෙම ටිකක් හොයල බලන්න ඕන ශොපින් සවාරිය පටන් ගන්න කලින්. හුඟක් ඇඳුම් ශොප්ස් වලින්නම් දැන් sms එහෙමත් එනවා එයාලගෙ ඩිස්කවුන්ට්ස්, ප්‍රමෝශන්ස් ගැන එහෙම කියලා. ඒ නැතත් ටිකක් වටින් ගොඩින් හොයල බැලුවම දැනගන්න පුළුවන් අහවල් කඩේ අහවල් කාඩ් එකට අද ඩිස්කවුන්ට් මෙච්චරක් ලැබෙනවය කියල. අන්න ඒව හොයල බලල ගන්න පුළුවන් උපරිම benefit එක අරගන්න

 

 

6. ශොපින් ප්ලෑන් එකක්

මේක උඩින් කියපු කාරණේ එක්කත් ටික සම්බන්ධයි. ඩිස්කවුන්ට් එහෙමත් හොයල බලල, අපි යන්න ඉන්න ශොප්ස් ටික තීරණය කළාට පස්සෙ හොඳ ප්ලෑන් එකක් හදාගන්න ශොපින් කරන අනුපිලිවෙල ගැන එහෙම. කඩවල් තියෙන ලොකේශන් එක එහෙමත් මේ කාරණේදී සලකල බලන්න. කඩවල් තියෙන අනුපිලිවෙල අනුව යන්න ප්ලෑන් කරගන්න. නැත්තම් එකම ටවුන් එකේ වට 10ක් විතර ගහල තමා වැඩේ කරගන්න වෙන්නෙ

 

 

7. අතරමඟ කඩචෝරු

ඔන්න ශොපින් තරම්ම ආස හිතෙන මාතෘකාවක්. හැබැයි එහෙමයි කියල ශොපින් කරන අතරේ කෑමටම වියදම් ගියිත් ශොපින් කරන කාලෙයි සල්ලියි දෙකම අපරාදෙනෙ. ඒ නිසා මුලින්ම හිතට ගන්න ඕන කෑමට නෙමෙයි ශොපින් කරන වැඩේට priority දෙනව කියල. ඒ වගේම ​ශොපින් කරන අතරේ මහන්සියට ගොඩවෙන්න හොඳ ෆෘට්ජූස් බාර් එකක්, ලන්ච් එකට හොඳ කෑම කඩයක් එහෙම ඔලුවෙ තියාගන්න. ඔක්කෝටම කලින් ඒවගෙ පිරිසිඳු බව එහෙමත් හොයල බලන්න. සීසන් එකට සෙනඟ වැඩිවෙන නිසා බිස්නස් එකම බලල පිරිසිඳුකම අතපසුවෙන කඩවල් තියෙන්න පුළුවන්. එහෙම උණෝතින් අළුත් අවුරුද්දම පටන් ගන්න වෙන්නෙ ලෙඩ ගොඩක් එක්කනෙ. අනිත් කාරණේ තමයි මතක ඇතුව බෑග් එකට ලොකු වතුර බෝතලයක් දාගන්න. අවුවට කරවෙලා විජලනය වෙන එක නවත්තගන්න, වතුර බෝතල් සල්ලි වලට ගන්න ගිහින් නිකම් ලැබෙන වතුරට සල්ලි ගෙවන්න වෙන එක නවත්තගන්න වගේම පරිසරයට අනවශ්‍ය ප්ලාස්ටික් බෝතල් එකතුවෙන එකත් සීමා කරන්න පුළුවන්... 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *