වීරයෝ වෙන හැටි ගැන එක එක සුන්දර කතා තියෙනවා. වීරයෙක් වෙන්න කරන්න ඕනි දේවල් ගැන ලිපි තියෙනවා. ඒත් ඒ මොක කළත් අපි හැමෝටම වීරයො වෙන්න බැහැ. ඇක්ෂන් ෆිල්ම් එකක් බලනකොට ඒකේ සිද්දවෙන වීර වැඩ, ෆයිට් සීන් වලදි ඒ වීරයා වෙන්න අපිට හැකි නම් කියලා වෙලාවකට හිතෙනවා. ඒ වගේම ඒ මොරාල් සීන්ස් එකේ, ෆයිට් සීන්ස් එකේ අපිත් එතන ජීවත් වෙනවා කියලා මොහොතකට හරි හිතෙනවා. ඇක්ෂන් ෆිල්ම් කියන්නේ ලෝකේ වැඩිපුරම කට්ටිය බලන ෆිල්ම් කැටගරි එකක්. ජීවිතේ එදිනෙදා සිද්ධි වලින් හෙම්බත් වෙලා ෆිල්ම් එකක් බලන්න සෙට් වුනාම හතර අතට නෙලන, ලොවෙත් ඇක්ෂන් වලින් වීරක්‍රියා කරන, වෙඩි තියන ෆිල්ම් එකක් බැලුවාම මනසටත් පොඩි චේන්ජ් එකක් ලැබෙනවා. ඇක්ෂන් කිවුවම අපිට අංක එකට මතක් වෙන්නේ හොලිවුඩය තමයි. අපි බලමු ඒ කාලෙත්, මේ කාලෙත් අපි අතර ජනප්‍රිය වුණු ඇක්ෂන් නළුවන් ගැන විස්තර ටිකක්.
1. ඩ්වේන් ද රොක් ජොන්සන්
මෑතකදී රොක් ජොන්සන් මියගියා කියලා රාවයක් අන්තර්ජාලයේ බොරු පුවතක් ලෙස ප්‍රසිද්ධ වුනා. ඒත් රොක් ජොන්සන් තාමත් ජීවත් වෙනවා. ෆාස්ට් ඇන් ෆියුරියස්, ස්කෝපියන් කින්ග් වගේ ෆිල්ම් රොක් ජොන්සන්ගේ සුවිශාල දේහදාරී ශරීරයෙන් හැඩ වෙලා තියෙනවා. ඔහු මෑත කාලේ වැඩිම මුදල් ප්‍රමාණයක් අය කරන ඇක්ෂන් නලුවා බවටත් පත් වෙලා තිබුනා. ඔහු මුල් කාලේ රෙස්ලින් තාරකාවක් ලෙස ෆිල්ම් වලට ආවත් දැන් නම් සුපිරිම ඇක්ෂන් තාරකා අතර දිදුලන තරුවක් වෙලා ඉවරයි.
2. වෑන් ඩෑම්
90 දශකයේ ඇක්ෂන් ෆිල්ම් නැරඹූ අයට වෑන් ඩෑම් යනු අමතක නොවන චරිතයක්. ප්රතාපවත් පෙනුමක් ඇති වෑන් ඩෑම්, සටන් කිරීමේ දි ඇත්තටම පොරක් වුනා. ඇක්ෂන් ෆිල්ම් වල වෙපන් ෆයිට් වලටත් වඩා වැන් ඩෑම්ගේ අතින් පයින් ගහගන්න සීන් ගොඩක්ම ආකර්ෂණීය වුනා. ‘බල්ඩ්ස්පෝර්ට්’, ‘කික්බොක්සර්’ වෑන්ඩෑම්ගේ ෆිල්ම් වලින් ගොඩක්ම සාර්ථක ඒවා වුනා. ඒ වගේම ‘යුනිවර්සල් සෝල්ජර්’, ‘හාඩ් ටාගට්’ වගේ ෆිල්ම් වලත් වෑන් ඩෑම්ගේ වැඩ කිඩ ලෙසටම තියෙනවා.
3. ටොම් කෲස්
ධාවනය වන ප්ලේන් වල සිදුකරන වික්‍රමාන්විත ක්‍රියා, කාර් රිය, බයික් වලින් කරන අසාමාන්‍ය වැඩ කිඩ වලින් ටොම් කෲස් ගේ ඇක්ෂන් ෆිල්ම් ජීවිතය වර්ණවත් වෙනවා. බෲස් විල්ස් සහ හැරිසන් ෆෝඩ් ගේ ඇඳුමින් ඒ ආර ඉදිරියට ගෙනියන්න ටොම් කෲස් සමත් වුනා. ‘ටොප් ගන්’ සහ ‘මිෂන් ඉම්පොසිබල්’ වල ඇත්තටම ටොම් කෲස්ගේ ඉම්පොසිබල් ඇක්ෂන් ගොඩක් බලාගන්න හැකියි. එත් ඔහුගේ ‘ලාස්ට් සමුරායි’ ඊට වඩා ටිකක් වෙනස් ෆිල්ම් එකක් වුනා.
4. ජැකී චෑන්
බෲස් ලී ගෙන් පස්සේ චීන සටන් වැඩ ලෝකෙට පෙන්නපු ජැකී චෑන් ගේ ෆිල්ම් වල සහ රගපෑමේ වෙනමම ආට් එක්ක තියෙනවා. නිතරම වෛරය පතුරුවන මාදිලියට වඩා වඩාත් ෆනී ආකාරයකින් ඇක්ෂන් ෆිල්ම් වල ජැකී චෑන් රඟපානවා. ඔහුගේ ෆිල්ම් වල තියෙන ෆයිට් සීන්ස් වලදි ජැකීගේ සහ අනික් අයගේ ‘උහ් ඔහ්’ ආදී සද්දවලත් අමුතුම ආට් එකක් තියෙනවා.ජැකී චෑන් දැන් නම් ටිකක් වයසයි. ඒත් ඔහුගේ ඇක්ෂන් ෆිල්ම් තාමත් අපි අතර ජනප්‍රියයි.
5. බෲස් ලී
බෲස් ලී කියන්නේ අත්පා සටන් ෆිල්ම් වලින් මකන්න බැරි චරිතයක්. චීන ජපන් ආදී අතින් පයින් කරන සටන් කලාව ලෝකෙට ෆිල්ම් මගින් ඉදිරිපත් කරන්න බෘස් ලී සමත් වුනා. බෲස් ලී මගින් සටන් කලාව කොච්චර ලෝකේ ප්‍රචලිත වුනාද කියනවා නම් 1990-2000 කාලේ ලංකාවේ සටන් කලා පංති වල දැන්වීම් වලත් බෲස් ලීගේ පිංතූර යොදාගත්තා. බෲස් ලී වෙපන් වලින් කරන උන්ඩ ෆයිට් වලට වඩා අත පය පාවිච්චි කරලා ශරීර ශක්තියෙන් කරන වේගවත් සටන් චිත්‍රපට වලට ගෙනාවා. බෲස් ලී ගේ ‘එන්ටර් ද ඩ්‍රැගන්’ ඔහුගේ සටන් කෞෂල්‍යය විදහා පාන හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක්.
6. සිල්වැස්ටර් ස්ටැලෝන්
වීඩියෝ කැසට් වලින් ෆිල්ම් බලපු නවසිය අසූ, අනූ කාලේ ස්ටැලෝන්ගේ ‘රම්බෝ’ කියන්නේ ලංකාවේ වීඩියෝ පොට් වල හොඳට සේල් වුන ෆිල්ම් එකක්. ෆිල්ම් ස්ක්‍රීන් එකේදි විසාල වෙපන් සෙල්ලම් බඩු වගේ හසුරුවන සිල්වැස්ටර් ස්ටැලෝන්ට ඒ වෙපන්, බෝම්බ හසුරුවන්න පුළුවන් තරමේ විශාල දේහදාරී සිරුරකුත් තිබුනා. ඔහු නූතන සොල්දාදුවකු ලෙස නිරූපණය කළ ඇක්ෂන් ෆිල්ම් එකල බොහෝ ජනප්‍රිය වුනා.
7. ආනෝල්ඩ් ස්වාසනේගර්
ආනෝල්ඩ් ස්වාසනේගර් යුග ගණනාවකදි විවිධ ආකාරයෙන් ඇක්ෂන් ෆිල්ම් වල රඟදැක්වූවා. ‘ටර්මිනේටර්’, ‘ප්‍රෙඩේටර්’ වගේම ‘කමාන්ඩෝ’ ෆිල්ම් ආනෝල්ඩ් ගේ ජවසම්පන්න රංගනය නිසා ජනප්‍රිය වුනා. දැන් නම් ආනෝල්ඩ් වයසයි. ඒත් අනූ ගණන් වල, අසූ ගණන් වල ආනෝල්ඩ් කියන්නේ පුෂ්ඨිමත් ආකර්ෂණීය සිනමා තාරකාවක් වුනා. ඔහු මහපොලව මතදී, ගුවනේදී, අභ්‍යාවකාශයේදී වගේම අනාගතයේදීත් ෆිල්ම් වල චරිත නිරූපණය කරලා තියෙනවා.
ඇක්ෂන් ෆිල්ම් බලලා දරුවෝ නරක් වෙනවාය, මනස නරක් වෙනවාය කියලා ජනකාන්ත මතයක් තියෙනවා. ඒත් ඇක්ෂන් ෆිල්ම් කියන්නේ ෆිල්ම් වර්ගයක්ය, ඒ සිද්ධ වෙන්නේ රඟපෑමක්ය කියලා දැන් කාලේ නම් පොඩ්ඩොත් දන්නවා. ඇක්ෂන් ෆිල්ම් තාරකා හින්දි සිනමාවෙත් ලංකාවේ සිංහල සිනමාවෙත් ඉන්නවා. ඉතින් ඒ අය ගැනත් ඉදිරියේදි අපි ලයිෆි වලින් විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා.
Leave a Reply