කොච්චර ට්‍රයි කරත් කෙනෙක්ගෙ කෙනෙක් ගේ ක්ලාස් එක පල්ලෙහා කියලා පේන කාරණා මේවා තමයි

ඔයා  ක්ලාස් එක කියන එකට මිනිසුන්ගේ විවිධ අර්ථකථන තියෙනවා. හැබැයි මේ සල්ලි බාගෙ, දැනඋගත්කම, තත්ත්වය, සමාජ පන්තිය වගේ මොන මොන දේවල් වලින් ඉහළින් හිටියත්, සමහරු කරන පොඩි පොඩි දේවල් පොඩි පොඩි පුරුදුත් එක්ක සමාජය ඉස්සරහ ඒ අයගේ ක්ලාස් එක බිංදුවටම වැටෙනවා. අන්න ඒව ගැන තමයි අපි කියන්න යන්නේ. මේ අපි කියන කරුණු කාරණා, පුරුදු සමහර වෙලාවට ආරෙන් එන්නෙ. තවත් සමහර ඒ​වා සමාජ පසුබිමෙන්. තවත් සමහර ඒවා තමන්ගේ ම පුද්ගලික අඩුපාඩු. හැබැයි වැදගත් ම දේ මේකයි. මේ කියන්න යන හැම අඩුපාඩුවක්ම පුරුද්දක්ම හදා ගන්න පුළුවන් ඒවා. ඉතින් මේ ආටිකල් එක කියවලා කරන්න ඕන දේ තමයි තමන් ගාවත් මේ නරක පුරුදු, නරක ඇබ්බැහිකම්, අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න එක.

 

1. නරක වචන භාවිතය

දැන් මේ නරක වචන කියන එක සාපේක්ෂ දෙයක්. සාමාන්‍යයෙන් අපි යාලුවෙක්ට කතා කරන උඹ, මචං වගේ වචනයකුත් පොඩි ළමයෙක් නරක වචනයක් විදියට සලකන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ ඒ වගේ වචන ගැන නෙවෙයි. දැන් ඔය සමහරු ඉන්නවා තැනක් නොතැනක් නෑ, කවුරු හිටියත් කට ඇරපු ගමන් අත දිගෑරලා කුණුහරුපයකින් තමයි පටන් ගන්නේ. සමහරු හරි ආසයි ගෑණු ළමයි ඉන්න තැන ඩබල් මීනින්ග් කතා කියන්න. මේවා අතිශය කිට්ටු යාලුවෙක් එක්ක කතා කරාට වරදක් කියන්න බැහැ තමයි.  හැබැයි ඔෆිස් එකේදි, පොදු සමාජෙකදී, සාමාන්‍යයෙන් දැන අඳුරන අය අතරෙදි නම් කුණුහරප, ඩබල් මීනින් කතන්දර, පොදුවේ අශිෂ්ට යි කියලා කියන්න පුළුවන් වචන භාවිතය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් පේන්නේ තමන් හරිම චීප් කියල විතරයි .

 

තව දෙයක්. ඔය ෆේස්බුක් එකේ එහෙමත් තැනක් නොතැනක් නැතුව කුණුහරුප වපුරන හාදයෝ හාදියෝ ඉන්නවනේ. අන්න ඒ අයත් පරිස්සම් වෙන්න ඕන තමන් එහෙම වචන පාවිච්චි කරන්නේ කොයි වගේ අය ඉන්න තැනකදී ද කියලා.

 

2. සතියේ දවසට ස්ලිපර්ස්

සාමාන්‍යයෙන් ඔෆිස් එකක වැඩ කරනවා නම් පිරිමියෙක්ට අඳින්න සම්මත ඇඳුමක් තියෙනවා. මේ කියන්නේ යුනිෆෝම් ගැන නෙවෙයි. හැබැයි ඔය office kit කියලා කියන කලිසමට ෂර්ට් එක යට කරලා, සපත්තු දාලා තියෙන ලුක් එක තමයි ඔෆිස් එහෙකට ඩීසන්ට් කියලා සැලකෙන්නේ. සමහර  ඔෆිස් වල වටපිටාව අනුව ෂර්ට් එක වෙනුවට ටී ෂර්ට් එකක් අඳින්න, ෂර්ට් එක උඩින් දාන්න වගේ දේවලට ගැටලුවක් නෑ . හැබැයි සපත්තු දාන එක නම් සතියේ දවස් පහේ ඔෆිස් ලුක් එකට ගොඩක් වෙලාවට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔෆිස් දවසක, ඒ කියන්නේ සතියේ දවසක සපත්තු වෙනුවට සැන්ඩ්ල්ස් දාගෙන ඔෆිස් එන එකෙන් පොඩි චීප් ලුක් එකක් එන්න පුළුවන්. casual saturday සෙනසුරාදා ට නම් මේක ගා​ණක් නෑ. 

 

3. පොලිෂ් නොකරපු සපත්තු

අපි දැන් සපත්තු ගැන උඩින් කිව්වනේ. හැබැයි සපත්තු දාන්නම් වාලේ සතියේ දවස් පහම පාවිච්චි කරපු සපත්තු දෙක, ඊළඟ සඳුදාටත් දාගෙන ගිහිල්ලා හරි යන්නේ නෑ. සපත්තු දෙක පිරිසිදු කරන්ඩ ඕන. හොඳට පොලිෂ් කරන්න ඕන. දැන් ගොඩක් අය දාන හම් සපත්තු වුණත්, ස්වෙඩ් ෂූස් වුණත් පිරිසිදු කරන්න ඕන හරි විදිහට. එහෙම නැතුව පැල්ලම් ගැහුණු, පරණ පාට වුණු වුණු, පොලිෂ් නොකරපු සපත්තු දාගෙන යනකොට හරි චීප් පෙනුමක් තමයි එන්නේ. 

 

ඇත්තටම සපත්තු දෙක කොයිතරම් පරණ උනත්, හරියට පොලිෂ් කරලා, පිරිසුදු කරලා පවත්වා ගන්නවා නම් සපත්තු දෙකේ පරණ පාට පේන්නෙත් නැති තරම්.

 

4. හම්පඩ ලුක්

ගොඩක් අය හිතනවා බොහොම කලඑළියට පෙනුමට ඉන්න නම් සෑහෙන සල්ලි වියදම් වෙනවා කියලා. ඒක මිත්‍යා විශ්වාසයක්. මූලිකවම මනුස්සයෙක් එලියට පහලියට බහිනකොට රැවුල කොණ්​ඩේ පිළිවෙලකට කපලා, පීරලා, දත් නිය සුද්ද පවිත්‍රකරගෙන, කොටින්ම කිව්වොත් අර grooming කියන කොටස හරියට කරගෙන එලියට බහිනවා නම් ඒ කෙනාට බොහොම වැදගත් පෙනුමක් තමයි එන්නේ. 

 

රැවුල සහ කොණ්ඩ​ය විලාසිතාවට වැව්වත් කමක් නෑ. හැබැයි ඒවා පවත්වා ගන්න තමන්ගේ දවසේ කාලය පොඩි වෙලාවක් හරි වෙන්කරන්න වෙනවා. එතකොට නාලා කරලා, තමන්ගේ පෞද්ගලික ස්වස්තතාවය හරියට පවත්වා ගන්නත් වෙනවා. එහෙම නැතුව හම්පඩ ලුක් එකෙන් පාරට බහිනවා කියන්නේ, තමන්ගේ තත්ත්වය දන්නෙම නැතුව චීප් වෙනවා කියන එක.

 

5. වචනෙ නම් වචනේ

කෙනෙක්ගේ තත්ත්වය ඉහළ දාන මූලිකම කාරණයක් තමයි ඒ කෙනා තනි වචනේ මනුස්සයෙක් හෝ ගැහැණියක් කියලා පේන එක. ඒ කියන්නේ බැරි දේවල් පොරොන්දු වෙන්නේ නෑ. දෙයක් පොරොන්දු වුනොත් ඒ පොරොන්දුව පැහැර හරින්නේ නෑ. වචනයක් දුන්නොත් ඒක වෙනස් කරන්නෙත් නෑ.

 

මෙතැනදී හැබැයි තව දෙයක් තියෙනවා. අපේ කාර්යබහුල ජීවිතත් එක්ක අපිට සමහර වෙලාවට දෙන වචනයක් වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවක කරන්න ඕන නිවැරදි දේ තමයි, අදා​ළ කෙනාට හෝ අදා​ළ පාර්ශවයන්ට තමන්ට පොරොන්දු වෙච්ච දේ ඒ මොහොතේ ඉටු කරන්න බැහැයි කියලා කලින් දැනුම් දෙන එක. 

 

6. හැම තැනම කෙළ

අපි දැකලා තියනවා සමහර වෙලාවට ෆුල් ඒසී එකේ කාර් එකෙන් ඇවිල්ල බහින මහත්තුරුත්, තමන් ඉන්න තැන පාර අයිනෙම ඔහේ කෙ​ළ ගහනවා. අන්න ඒ වගේ තමන්ගේ තත්ත්වය බින්දුවටම බස්සන තව කාරණයක් නැති තරම්. ඕක බුලත් විටක් කාලා කෙ​ළ ගැහුවත්, චුවින්ගම් එකක් කාලා කෙ​ළ ගැහුවත්, නිකම් කටේ තියෙන කෙළ ටික ගිලින්න බැරි හින්දා කෙ​ළ ගැහුවත් එකයි. තමන්ටත් චාටර්. දකින මිනිහටත් අප්පිරියයි. 

 

7. ඇඹල ගති

සාමාන්‍යයෙන් තමන්ගේ තමන් ‘ගේ’ හරි ‘ලෙස්බියන්’ හරි නෙමෙයි නම්, පිරිමි ආකර්ෂණය වෙන්නේ ගැහැණුන්ට. ගැහැණු ආකර්ෂණය වෙන්නෙ පිරිමින්ට. ඕකේ අමුත්තක් නෑ. හැබැයි සමහරු ඉන්නවා ගෑණියෙක් දැක්කොත් නලියනවා. ඒ අයට ඒ ගෑණු කෙනා ගාවට ගිහිල්ලා අමුතු විහිළු කරන්න හිතෙනවා. එහෙන් මෙහෙන් අල්ලලා කතා කරන්න හිතෙනවා. සීමාව ඉක්මවලා උකුළු මුකුළු කරන්න හිතෙනවා. අන්න ඒක චීප්. ඩීසන්ට් විදියට කෙල්ලෙක් එක්ක ෆ්ලර්ට්  කරන එකේ කිසිම ගැටළුවක් නෑ. ඒකෙන් තමන්ගෙ තත්වෙ පල්ලෙහාට වැටෙන්නෙත් නෑ. හැබැයි ඇඹල ගති පෙන්නන එක නම් හරිම චීප්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *