රුසියානු සාහිත්‍යයේ නම් දැරූ චරිත 7ක්

රුසියානු සාහිත්‍යය ලංකාවේ ජනප්‍රිය වීමට හේතු කිහිපයක් තිබේ. එක් කාලයකදී රුසියානු සාහිත්‍යය සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් ලංකාවේ නොමිලේම බෙදා හැරු​ණේය. පසුකලෙක ඉතා ලාබෙට රුසියානු කෘති අපේ ජනයාට කියවන්නටද ලැබුණි. ඒ නිසා රුසියානු පොත පත සාහිත්‍ය ලෝලීන් අතර සුල​භ විය. සාහිත්‍ය අතර රුසියානු සාහිත්‍යය ලෝකයේ ඉහ​ළම තැනක ඇති සාහිත්‍ය කලාවකි. එහි එන කෙටිකතා, නවකතා සහ නාටක ආදිය වෙනමම ආරක් ගනී. රුසියානු සාහිත්‍ය​යේ එක් ගත්කරුවෙකු ගතහොත් ඔහු ලියා ඇති පොත පත සහ විස්තර කියන්නට මෙවැනි එක් ලිපියකින් වුව ක​ළ නොහැකිය. එහෙත් රුසියානු සාහිත්‍යයට කැමති, එය හඳුනාගන්නට කැමති අයට රුසියානු සාහිත්‍යධරයන් අතරින් 7 දෙනෙකු ගැන විස්තර ඉදිරිපත් කරන්නට ලයිෆි අපි තීරණය ක​ළෙමු.

 

1. ලියෝ තෝල්ස්තෝයි

ලියෝ තෝල්ස්තෝයි යනු රුසියානු සාහිත්‍ය​යේ පතාක යෝ​ධයෙකි. තෝල්ස්තෝයි ඉඩම් හිමියෙකි. ධනවතෙකි. එවකට සමාජයේ ඉහ​ළ පෙ​ළේ සිටිය අයෙකි. එහෙත් ඔහුගේ සාහිත්‍ය කෘතීන් සෑම තරාතිරමක පුද්ගලයෙකුගේම සිතුම් පැතුම් පිළිබ​ඳ වූ චිත්‍ර වැනිව නිර්මාණය කර තිබේ. “ඇනා කැරනිනා” තෝල්ස්තෝයි ගේ ජනප්‍රිය කෘතියකි. ඇනා කැරනිනා යෞවන වයසේ සිට මහලු විය දක්වා වූ විශාල පරාසයක පාඨකයින්ගේ සිත් ගත් කදිම ප්‍රේමණීය වෘත්තාන්තයකි. 1860 ඉපදුන තොල්ස්තෝයි 1880 සිට 1890 දක්වා සාර්ථක කෘති රචනා කර තිබේ. දීර්ඝ නවකතාවක් වන “යුද්ධය හා සාමය” ද තෝල්ස්තෝයි ගේ කියවා බැලීමට වටිනා කෘතියකි. කෙටිකතා ස​හ නවකතා විශාල ප්‍රමාණයක් රචනා ක​ළ තෝල්ස්තෝයි, රුසියාව තුළ මෙන්ම ලෝකය තු​ළද ජනප්‍රිය ලේඛකයෙකි.

 

2. පියදෝර් දොස්​තො​යෙවුස්කි

පියදෝර් දොස්​තොයෙවුස්කි සාර්ථක කෙටිකතා රචකයෙකි. එතෙක් කෙටිකතා තු​ළ දුර්ලභ වූ මිනිස් ස්වභාවයන් වඩාත් මනෝ විද්‍යාත්මක ලෙස ඉදිරිපත් කරන්නට දොස්​තො​යෙවුස්කි සමත් විය. 20 වන සියවසේ කෙටිකතා සාහිත්‍යයට දොස්​තො​යෙවුස්කිගේ මැදිහත්වීම නොමදව ලැබුණි. රුසියානු විප්ලවයට දොස්​තො​යෙවුස්කි වැනි අයගේ නවකතා සහ කෙටිකතා තුළින් දායකත්වයක් ලැබුනේ යැයි සැලකේ. ​එහෙත් 1821-1881 අතර ගෙවු​ණ දොස්​තො​යෙවුස්කිගේ ජීවිත කාලය තු​ළ ඔහුට රුසියානු විප්ලවය අත්දැකීමට නොහැකි විය. “අපරා​ධය සහ දඬුවම” යනු පියදොර් දොස්තො​යෙවුස්කිගේ  සුපිරිම කෘතිය ලෙස බොහෝ සාහිත්‍යධරයෝ පිළිගනිති.

 

3. ඇලෙක්සැන්දර් පුෂ්කින්

පුෂ්කින් 1799 දී මොස්කව් නුවරදී ඉපිද, 1837 දී පීටර්ස්බර්ග් නුවර දී මියපරලොව ගියේය. ඔහු කවියෙකි, නවකතාකරුවෙකි, නාට්‍යකරුවෙකි ඊට අමතරව සාර්ථක කෙටිකතාකරුවෙකි. වඩාත් මුල්කාලීන සාහිත්‍ය​ධරයෙකු වූ පුෂ්කින්, රුසියානු සාහිත්‍ය​යේ ස්වභාවයට බලපෑමක් ක​ළ අයෙකි. මේ කාලයේ රුසියාවේ සාර් පාලනය පුෂ්කින් ගේ ඇතැම් කෘති තහනම් ක​ළේය. “කපිතාන් ගේ දියණියෝ” ලංකාවේද ජනප්‍රිය වූ පුෂ්කින්ගේ කෘතියකි

 

4. ඇන්තන් චෙකොෆ්

ඇන්තන් චෙකොෆ් යනු රුසියානු කෙටිකතා සාහිත්‍ය​යේ මූලිකයෙකි. චෙකොෆ් ජීවත් වූයේ 1860 සිට 1904 දක්වා අවුරුදු 44කි. යුක්රේන සම්භවයක් සහිත චෙකොෆ් දොස්තර කෙනෙක් වශයෙන්ද සේවය ක​ළේය. දොස්තර කෙනෙක් ලෙස ඔහුට හමුවූ විවිධාකාර චරිත චෙකොෆ්ගේ කෙටිකතා වලට ජීවය ලබාදෙන්නට ඇත. නූතන කෙටිකතා කලාවට චෙකොෆ්ගේ ආභාෂය නොම​ඳව ලැබී තිබේ. “බල්ලා කැටුව යන කාන්තාව” ඇන්තන් චෙකොෆ්ගේ සුපිරි කෙටිකතාවකි. චෙකොෆ් කෙටිකතාවට යොමුවූයේ ආර්ථික අපහසුතා නැතිකර ගැනීමටය. එහෙත් චෙකොෆ් නිසා කෙටිකතාවට ලැබුන ආලෝකය මිල ක​ළ ​නොහැකි අගයකි.

 

5. ඉවාන් තුර්ගිනිව්

ඉවාන් තුර්ගිනිව් රුසියානු සාහිත්‍යය බටහිරට ගෙනයෑමට දායක වූ චරිතයකි. ඔහු නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම සාර්ථක පරිවර්තකයෙකු ද විය. “පියවරු සහ පුත්තු” ඉවාන් තුර්ගිනිව් ගේ ලංකාවේද ජනප්‍රිය වූ කෘතියකි. 1818 -1883 දක්වා රුසියාවේ ජීවත් වූ ඉවාන් තුර්ගිනිව් රියලිසම් හෙවත් යථාර්​ථවාදී ලේඛකයෙක් ලෙස ප්‍රකට වූවෙකි.

 

6. මක්සිම් ගොර්කි

රුසියානු සෝවියට් ලේඛකයකු වූ මක්සිම් ගෝරිකි සමාජවාදී, යථාර්ථවාදී ලේඛකයෙකි. ඔහුගේ “අම්මා” කෘතිය ලංකාවේද පිටපත් තොග ග​ණන් විකුණුනු කෘතියකි. කැපකිරීම් සහ සමාජවාදී වටිනාකම් මක්සිම් ගෝර්කිගේ කෘති තුලින් වඩාත් උත්කර්​ෂයට ලක් කර තිබේ. ගෝර්කි අවස්ථා පහක දී නොබෙල් සාහිත්‍ය සම්මානය ස​ඳහා ද නිර්දේශ වී තිබේ. 1868-1936 කාලයේ ජීවත් වූ ගෝර්කිට මුල් කාලයේදි චෙකොෆ් සහ තෝල්ස්තෝයිගේ ආභාෂය ලැබුන බව ඔහුම කියා තිබේ. සාර් පාලනයට එරෙහිව සමාජවාදී අදහස් දැරූ මක්සිම් ගෝර්කිගේ ඇතැම් කෘති සෝවියට් දේශය විසින් වෙනත් රටවලට නොමිලේම වාගේ ප්‍රචාරය කරනු ලැබීය.

 

7. නිකොලායි ගොගොල්

1809 සිට 1952 දක්වා ජීවත් වූ ගොගොල්, වර්​තමාන යුක්රේන​යේ ජීවත් වූ සාර්ථක ලේඛකයෙකි. ගොගොල්ගේ කෙටිකතා සහ නවකතා ලංකාවේද තරමක් ජනප්‍රිය කෘතිය. ගොගොල්ගේ “හිම කබාය” ලොව පුරා පීඩිත සේවකයින්ගේ ජීවිත කතාව නිරූපණය කරන අග්‍රගණ්‍ය කෘතියකි. අමරසේකරගේ “බයිසිකලය” කෙටිකතාව හිම කබායේ ආභාශය ගත් කෙටිකතාවකි. “පිස්සාගේ දිනපොත” නැමැති කෘතියද ගොගොල්ගේ ජනප්‍රිය කෘතියකි.

 

සාහිත්‍යකරුවන්ගේ ජීවිතයද ඔවුන්ගේ කතාන්දර වලට දැඩි ලෙ​ස බලපා තිබේ. බොහෝ ලෝ පතල කෙටිකතාකරුවෝ මානසික ව්‍යාකූලතාවලින් පෙලුන අය වෙති. සාහිත්‍ය යනු මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වරූපයට වඩා ජීවිතයේ ගැඹුර ගැන අදහසක් ලබාගන්නට දිරිගන්වන ස්කෑනින් ක්‍රමයක් බඳු දෙයකි. කුඩා කල සිට දරුවන් සාහිත්‍යයට යොමු කරන්නේ නම් ඔවුන් පසුකලෙක වඩාත් සංවේදී ජීවින් වේ යැයි ද ප්‍රකට මතයක් ලොව පවතී. ඉතින් රුසියානු සාහිත්‍යය ගැන මෙවැනි කුඩා ඉඩකින් විස්තර කරන්නට නොහැකි වුවත්, රුසියානු සාහිත්‍යකරුවන් 7ක් ගැන ඔබ යම් ඉඟියක් මේ හරහා ලැබෙන්න​ට ඇති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *