චට්නි කිව්වමත් කට මොකද්ද වෙලා යනවා වගේනේ. කඩෙන් ගෙනල්ලා කනවට වඩා ගෙදරම හදලා කන්න තියනවනම් අපි කවුරුත් ආසයිනෙ. මෙන්න මේ රෙසිපි ටිකෙන් ඔයාලට රසම රස චට්නි වර්ග 7ක්ම හදාගන්න පුළුවන්. එහෙනම් වැඩේ පටාන් ගමු.
1. අඹ චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් පැහුණු අඹ ගෙඩි 3ක්
- විනාකිරි බෝතලයක් (පොඩි)
- සීනි ග්‍රෑම් 500
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදුළූණු ග්‍රෑම් 20
- මිරිස්කුඩු මේස හැඳි 2
- කරදමුංගු ග්‍රෑම් 2
- කරාබු නැටි 4-5
- කුරුඳු පොතු කෑල්ලක්
- ලුණු තේ හැඳි 1
- වියළි මිදි ග්‍රෑම් 25
- මුලින්ම විනාකිරි කෝප්ප භාගයක් එක්ක කුළුබඩු ටික බ්ලෙන්ඩ් කරගන්න. තව විනාකිරි කෝප්ප භාගයක් එක්ක සීනි ටික දාලා ලිපේ තියන්න.
- අඹ කෑලි ටික විනාකිරි, සීනි මිශ්‍රණයට දාගෙන හොඳට හැඳි ගාන්න. සාමාන්‍ය ගින්දරේ උකු ද්‍රාවණයක් වෙනකල් හැඳි ගාන්න.
- දැන් මේකට මුද්දරස්පලම් හා බ්ලෙන්ඩ් කරගත් කුළුබඩු ටික දාගෙන තෙත ගතිය හිඳෙනකල් හැඳි ගාන්න.
- වැඩි කාලයක් තියාගන්න නම් ජීවාණුහරණය කරපු බෝතල් වලට උණුවෙන්ම දාගෙන සීල් කරගන්න.
2. අන්නාසි චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු අන්නාසි ගෙඩි 1
- සීනි කෝප්ප 3/4
- විනාකිරි කෝප්ප 1/2
- අබ තේ හැන්දක්
- පොල් තෙල් ටිකක්
- වියලි මිරිස් කරල් 2-3
- කුරුඳු පොතු කෑල්ලක්
- ලුණු
- කෑලි මිරිස් තේ හැඳි 2
- එනසාල් 4-5
- කරාබු නැටි 3-4
- භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ටිකකින් එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු හා වියලි මිරිස් කරල් තරමක කෑලි කඩලා දාගන්න.
- ගින්දර අඩු මට්ටමේ තියාගන්න. ටිකකින් කෑලි මිරිස් ටික දාගන්න. කලවම් කරන ගමන් වතුර කෝප්ප 1ක් වගේ දාගෙන ඒකටම විනාකිරි හා සීනි දාගන්න.
- සීනි හොඳට දියවෙලා උතුරගෙන එනකොට පොඩියට කපාගත් අන්නාසි කෑලි එකතු කරන්න. අන්නාසි බෙරි වෙලා තෙත හිඳුනු උකු මිශ්‍රණයක් එනකම් පිසගන්න. ගින්දර නම් වැඩි කරගන්න එපා ඉක්මණින් කර වෙන්න බලනව.
3. පොල් චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් කෝප්ප 1
- අමුමිරිස් කරල් කිහිපයක්
- රතුළූණු ගෙඩි 5-6
- කරපිංචා
- ලුණු
තෙම්පරාදුව සඳහා
- ලියාගත් ළූණු ගෙඩි 1/2
- සුදුළූණු බික් 3-4
- අබ මේස හැඳි 1/2
- තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හැර ඉහත සියල්ලම පොල් සමඟ දාලා වතුර කෝප්ප භාගයක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරගෙන එනකොට ටිකකින් ළූණු හා සුදුළූණු දාලා රන්වන් පාටට වෙනකල් තෙම්පරාදු කරගන්න.
- මේක බ්ලෙන්ඩ් කරගත් පොල් චට්නි එකට එකතු කරගන්න. අවසානයට දෙහි ඇඹුල් ටිකක් රස අනුව දාගන්න. තෝසෙ කන පොල් චට්නිය රසට හදන්නෙ එහෙමයි.
4. පීනට් චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය
- රටකජු කෝප්ප 3/4
- තෙල් ස්වල්පයක්
- උඳු ඇට මේස හැඳි 1
- කඩල පරිප්පු මේස හැඳි 1
- අමුමිරිස් කරල් 2-3
- සුදුළූණු බික් 2-3
- කහකුඩු තේ හැඳි 1/2
- අබ තේ හැඳි 1
- කරපිංචා
- වියළි මිරිස් කරල් 3
- රට කජු ටික පෑන් එකක බැදගෙන පොතු අයින් කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට උඳු ඇට ටික දාගන්න.
- දැන් කඩල පරිප්පු ටිකත් දාලා බැදෙන්න දෙන්න. අමුමිරිස් ටික ලියාගෙන එකතු කරන්න. දැන් චොප්කරගත් සුදුළූණු ටික දාගන්න. මේකටම පොතු අයින් කරගත් රටකජු ටික දාගන්න.
- කහකුඩු ටිකක්, ලුණු රස අනුව දාගන්න. වතුර කෝප්ප 1/2ක් වගේ දාගන්න. දැන් මේක බ්ලෙන්ඩ් අරගෙන උකු බැටර් එකක් හදාගන්න.
- වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ තේ හැඳි 1ක් දාගන්න. දැන් මේකට වියලි මිරිස් කරල් 3ක් විතර කඩලා දාගන්න. හොඳින් තෙම්පරාදු උනාම මේක රටකජු මිශ්‍රණයට එකතු කරන්න.
5. ඇඹරැල්ලා චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇඹරැල්ලා කිලෝ 1
- සීනි ග්‍රෑම් 600
- ඉඟුරු ග්‍රෑම් 20
- විනාකිරි කෝප්ප 1
- සුදුළූණු බික් 5-6
- එනසාල් හා කරාබු නැටි කිහිපයක්
- මිරිස්කුඩු තේ හැඳි 5
- ලුණු රස අනුව
- කුරුඳු පොතු කෑල්ලක්
- ඉඟුරු, සුදුළූණු, එනසාල්, කරාබු නැටි හා කුරුඳු පොතු ඔක්කොම දාලා විනාකිරි කෝප්ප 1/2ක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් භාජනයක් ලිපේ තියලා මේ බ්ලෙන්ඩ් කරගත් ටික දාලා ඉතුරු විනාකිරි ටිකත් දාලා සීනි එක්ක ලිපේ තියන්න. ලුණු ටිකකුත් දාගන්න.
- සීනි දියවෙලා උතුරනකොට කපාගත් ඇඹරැල්ලා ටික එකතු කරන්න.මද ගින්දරේ හොඳට හැඳි ගාගන්න. ඉස්ම හිඳී නොයන සේ යන්තම් තෙත ගතිය හිටින්න හැඳිගාගෙන ලිපෙන් බාගන්න.
6. අමුමිරිස් චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය
- අමුමිරිස් කරල් 10-12
- කොත්තමල්ලි කොළ ටිකක්
- සූදුරු තේ හැඳි 1/2
- සුදුළූණු බික් 4-5
- තෙල් මේස හැඳි 1
- ගාගත් පොල් මේස හැඳි 1
- ලුණු
- දෙහි යුෂ
- පෑන් එකකට තෙල් දාලා රත් වෙනකොට සූදුරු, ලියාගත් සුදුළූණු දාලා හැඳිගාන්න. සුදුළූණු රන්වන් පාටට ආවට පස්සෙ අමුමිරිස් ටික එකතු කරන්න.
- අමුමිරිස් ටික තෙලෙන් යාන්තමට බැදීගෙන එනකොට කොත්තමල්ලි කොළ ටික දාගෙන ලිප ඕෆ් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න.මේ සියල්ලම ග්‍රයින්ඩ් කරලා දෙහි ඇඹුල් එකතු කරලා කෑමට ගන්න. මේක කෑමට ගන්න කිට්ටුවම හදාගන්න. උළුඳු වඩේ, තෝසෙ කන්න රසම චට්නියක් මේ.
Leave a Reply