යකාටවත් බය නැහැයි කියන සමහරු ගහක තියෙන පුංචි සිදුරු ගොඩකට බය වෙන අවස්ථා තියනවා. ඒ වගේ බියවල් වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ ෆෝබියාස් (Phobia) කියලයි. අද අපි කියන්න යන්නේ මේ විදිහෙ අමුතු අමුතු දේවල්වලට බයෙන් ඉන්න ජනප්‍රිය පුද්ගලයන් කීප දෙනෙක් ගැන.
1. ජොනී ඩෙප් – මුහුණු පාට කරගත් විකටයින්ට
විකටයො කියල අපි හඳුන්වන්නේ අර Clowns කියලා ඉංග්‍රීසියෙන් කියන මූණු පාට කරගෙන, පාට පාට කොණ්ඩා දාගෙන ඉන්න විහිළුකාරයින්ට. මේ විදිහෙ විකටයො මිනී මරණ ‘IT’ වගේ චිත්‍රපටිත් හොලිවුඩයේ සෑහෙන ජනප්‍රිය වුණානෙ. කොහොමින් කොහොම හරි හොලිවුඩ් ජනප්‍රිය නළු ජොනී ඩෙප් කියන්නෙ විකටයින්ට සෑහෙන බය පුද්ගලයෙක්. මූණු පාට කරගෙන අමුතුම විදිහේ හිනාවල් දාන විකටයින් තමන්ගෙ හිතේ ලොකු බයක් ඇති කරනවයි කියලයි ජොනී කියන්නෙ. ජොනී ඩෙපුත් තමන්ගේ ස්වරූපය වෙනස් කරගෙන, මුහුණු පාට කරගෙන චරිත ගොඩක් රඟපාපු එකේ මේ වගේ බියක් තියන එක තරමක් පුදුම සහගතයි.
2. ෂාරුක් ඛාන් – අශ්වයින් පිටේ යෑම
බොලිවුඩ් කිංග් ෂාරුක් ඛාන් තමන්ගේ චිත්‍රපටි රංගන ජීවිතේ ඇතුළේ නොකරපු දෙයක් නැති තරම්. ඒත් ෂාරුක් කවදාවත් රඟපාන්න එකඟ නොවෙන එක ජවනිකාවක් තියනවලු. ඒ තමයි අස්සයො පිටේ යන එක. මේ ගැන ෂාරුක් ඉන්නේ ලොකුම ලොකු බයකින් කියලයි කියන්නේ. ඒ නිසා චිත්‍රපටයක් භාර ගනිද්දි විශේෂයෙන්ම සලකල බලනවලු ඒක ඇතුළෙ අස්සයො පිටේ යන සීන් එහෙම තියනවද කියල.
3. මැඩෝනා – අකුණු
ඇමරිකානු සංගීත ක්ෂේත්රයේ සරාගී අකුණක් වෙච්ච මැඩෝනා ඇත්ත ජීවිතේදි අහසේ සිදුවෙන අකුණු සහ ගිගුරුම්වලට බය තැනැත්තියක්. මේ බිය හඳුන්වන්නෙ Brontophobia නමින්. මේ වගේ තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් අකුණු ගහන වැහි දවසක ඉන්නේ ශරීරය අප්‍රාණික වෙන තරම් බියකින් යුතුවලු. මැඩෝනාත් තමන්ගේ මේ ෆෝබියාව නිසා සංගීත සංදර්ශන වලට යන්න කලින් කාලගුණ වාර්තාව ගැන හොයල බලලා යනව කියල කතාවකුත් තියනවා.
4. බ්‍රිට්නි ස්පියර්ස් – උරඟයින්ට
Herpetophobia නමින් තමයි මේ ෆෝබියාව හඳුන්වන්නේ. බ්‍රිට්නි ස්පියර්ස්ට මේ බිය ඇතිවෙන්න හේතු වෙන්නෙ කුඩා කාලෙදි මුහුණ දීපු එක් සිදුවීමක්. බ්‍රිට්නි කුඩා අවධියෙදි දවසක් එයාගෙ කකුලේ කටුස්සෙක් පැටළිලා තියනවා. මේ සිද්ධියෙන් බියට පත්වෙලා උදවු ඉල්ලලා කෑ ගැහුවත් කටහඬ පිට නොවෙන තරම් බියකින් තමයි ඇය පසුවෙලා තියෙන්නේ. එදා ඉඳන් අද වෙනකන් බ්‍රිට්නි ස්පියර්ස් කටුස්සන්ට සහ තලගොයි කබරගොයි වගේ උරග විශේෂ වලට දැඩි බියක් දක්වනවලු.
5. රිහානා – මාළුන්ට
ජනප්‍රිය ගායිකා රිහානා හැදී වැඩෙන්නෙ කැරීබියානු දූපත් වල. ඒත් දූපත් පරිසරයක හැදී වැඩෙන කෙනෙක්ට නොතිබිය යුතු විශ්වාස කරන්න බැරි බියකින් ඇය පෙළෙනවා. ඒ තමයි මාළුන්ට තියෙන බය. ඉතාම කුඩා මාළුවෙක්ට වුණත් රිහානා බයයිලු. එක වතාවක් ජලයේ බැහැල ඉන්න වෙලාවක මාළු රෑනක් තමන් දිහාවට පිහිනාගෙන එනව දැකලා තමන් සිහිසුන් වෙන්න ගිය බවත්, තව කෙනෙක්ට තමන්ව බේරගෙන ගොඩට ගෙනියන්න සිද්ධ වුණු බවත් රිහානා කියල තියනව.
6. උමා තර්මන් – වැසුණු, තදබද ස්ථාන වලට
කිල් බිල් චිත්‍රපටියේ රඟපාපු උමා තර්මන්ගේ බියට්‍රිස් චරිතය ඒ චිත්‍රපටියේ එක් තැනකදි පණ පිටින් වැළලෙනව. මිනී වලෙන් ගොඩ එන්න උත්සාහ දරණ ජවනිකාව බොහොම නොඉවසිල්ලෙන් බලන් හිටපු ඇගේ රසිකයො නොදත් දෙයක් තමයි උමා තර්මන් ඇත්ත ජීවිතේදි ඒ විදිහේ මිනී පෙට්ටි, කාමර වගේ වැසුණු ස්ථාන ඇතුළේ හිරවෙන එකට අතිශයින් බියයි කියන එක. මේ බිය හඳුන්වන්නෙ claustrophobia නමින්. කොහොම වුණත් තමන්ගේ බියත් එක්ක වුණත් කිල් බිල් ජවනිකාව ඉහළින් රඟදක්වන්න ඇය සමත් වෙනව.
7. සෝනම් කපූර් – විදුලි සෝපාන වලට
දැන් කාලේ ඕනෑම බිල්ඩිමක විදුලි සෝපාන තියන නිසා කවුද කැමති හති දාගෙන පඩි නගින්න? හැබැයි බොලිවුඩ් නිළි සෝනම් කපූර්නම් පඩි නගින්න ඒ හැටි අකමැත්තක් නැහැලු. මොකද එයා ලිෆ්ට් වලට සෑහෙන බයයිලු. තට්ටු කීපයක් ඒවයෙ ගමන් කරද්දි තමන්ට කලන්තෙ දාන්න එනව වගේ කියලයි ඇය කියන්නෙ. සෝපාන වල ගමන් කරන චිත්‍රපට ජවනිකාවක් එක වතාවක් සෝනම් පැය පහක් තිස්සේ රූගත කළා කියලත් කතාවක් තියනවා. කොහොම වෙතත් මේ වෙද්දි ඇය ටික ටික ඒ ෆෝබියාවෙන් මිදෙන්න උත්සාහ කරමින් ඉන්න බවක් තමයි වාර්තා වෙන්නෙ.
Leave a Reply