අපි කලින් දවසක කතා කළා වාහනයක් ගනිද්දී හොයල බලන්න ඕන දේවල් කියල සබ්ජෙක්ට් එකක්. අන්න ඒකෙදි අපි කිව්වා වාහනයක් ගන්න කලින් අදාළ වාහනයට පාර්ට්ස් එහෙම හොයාගන්න පුළුවන්ද කියල හොයල බලන්න කියලත්. ඒ වගේම අලුතින් ගන්න අය විතරක් නෙමෙයි දැනටමත් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා, ඔයාටත් වැදගත් දෙයක් තමයි මේ පාර්ට්ස් හොයාගැනීම කියන්නේ. ලංකාවේ ටොයෝටා වාහන වලට නම් ලංකාවේ ඕන තරම් පාර්ට්ස් තියෙනවා. ඒ නිසා ගොඩක් අය උත්සාහ කරනවා ටොයෝටා වාහනයක් ගන්න. කොයිහැටි උනත් මේ ආර්ටිකල් එක කියෙව්වට පස්සේ ටොයෝටා ම ගන්න බැරි අයත්, දැනටමත් වෙන මාදිලියක වාහනයක් පාවිච්චි කරන අයත් සහ ටොයෝටා වාහන වලට කැමති නැති අයටත් පුළුවන් තමන් ලඟ තියෙන, එහෙම නැත්නම් තමන් ගන්න යන වාහන මාදිලියට අදාළ පාර්ට්ස් කට්ටක් නොකා, ජීවිතේ එපා කරගන්නේ නැතුව හොයාගන්න.
1. KIA, Hyundai, SsangYong අමතර කොටස්
සමහරුන්ට මේ වාහන වල නම් කියනකොටත් කේන්ති යනවා. ඒ තරම් කට්ටක් කන්න වෙනවා අනතුරකදී හරි වෙනත් හේතුවක් නිසා හරි මේ මොඩල්ස් වල වාහන වලට පාර්ට්ස් හොයන්න ගියොත්. අන්න ඒ පාර්ට්ස් හොයාගැනීමේ අපහසුතාවයත් මේ වාහන වල මාර්කට් එකේ ඉල්ලුම අඩු වීමට වගේම මිල අඩු වීමටත් කෙලින්ම බලපාලා තියෙනවා. අන්න ඒ නිසාම ඉස් ඉස්සෙල්ලම මේ වර්ග වල වාහන වලට පාර්ට්ස් හොයාගන්න පුළුවන් තැන් ගැන කතා කරන්න ඕනෙ කියල අපි හිතුවා.
- Korian Lanka Auto Land –
මෙතන ඔය උඩින් අපි කියපු මොඩල්ස් තුනේම වාහන වල පාර්ට්ස් ඇතිතරම් තියෙනවා. මේ ආයතනය තියෙන්නේ නම් පංචිකාවත්තේ. හරියටම ලිපිනය කිව්වොත් නො.188/7, ශ්‍රී සංඝරාජ මාවත, පංචිකාවත්ත, කොළඹ 10 . ඊට අමතරව මෙයාලගේ සේවා මධ්‍යස්ථානය තියෙන්නේ කඩවත කිරිල්ලවල.
- Ajantha Motors
අජන්තා මෝටර්ස් කියන්නෙත් කොරියන් වාහන වලටම විශේෂ වෙච්ච ආයතනයක්. ඒ වගේම ගොඩක් පරණ ආයතනයක්. මේකෙත් ප්‍රධාන ශාඛාව නො. 191 පංචිකාවත්ත පාර කොළඹ 10 කියන ස්ථානයේ තියෙනවා වගේම දෙල්කඳ, රත්මලාන කියන තැන් වලත් මේගොල්ලොන්ගේ ශාඛා තියෙනවා.
- Aruna Motor Supply
කොරියන් වාහන වල පාර්ට්ස් මේ ආයතනයෙනුත් ලේසියෙන් හොයාගන්න පුළුවන්. නො. 135\11 පංචිකාවත්ත පාර, කොළඹ 10 කියන ස්ථානයේ තමයි පිහිටලා තියෙන්නේ.
2. Maruti, Suzuki අමතරකොටස්
මරුටි සහ සුසූකි අමතරකොටස් නම් එච්චර හොයාගන්න අමාරුවක් නෑ. ඒ වගේම ලොකු මිලකුත් වෙන්නෙ නෑ. ඒත් ජෙනුයින් අමතරකොටස් ගන්න තියෙනවනම් ලොකු දෙයක්නේ. නේද?
Udawatta Motors – උඩවත්ත මෝටර්ස් කියන්නේ මරුටි සුසූකි වාහන වලටම විශේෂ වෙච්ච සහ ඒ වාහන අමතරකොටස් සහ රෙපෙයාර් වලට නමක් දිනාගත්තු ආයතනයක්. මෙයාලගේ ශාඛා පහක් ලංකාව වටේම තියෙනවා. පංචිකාවත්ත, කඩවත, නාවින්න, කුරුණෑගල, මීගමුව කියන නගරවල තමයි ඒ. ඒවායිනුත් නාවින්නේ තමයි මෙයාලගේ Work Shop එක තියෙන්නේ.
3. Nissan අමතරකොටස්
ඔයාට තියෙන්නේ නිසාන් වාහනයක් නම් හරි ඔයා නිසාන් වාහනයක් ගන්න යනවනම් හරි මෙන්න මේ තැන් මතක තියාගන්න එක වටිනවා. මොකද හදිසියට හොයන්න ගියාම ලොකු කට්ටක් කන්න වෙනවා.
- Federal Motors
මෙයාල නිසාන් වාහන අමතරකොටස් වලටම විශේෂීකරණය වෙච්ච ආයතනයක්. අලුත් පරණ ඕනෑම නිසාන් වාහනයකට අවශ්‍ය අමතරකොටස් මෙතනින් රස්තියාදු නොවී අරගන්න පුළුවන්. තැන හරියටම කිව්වොත් නො. 155 පංචිකාවත්ත පාර, කොළඹ 10.
- Pioneer Motors
නිසාන් අමතරකොටස් නම් ඉතින් Pioneer Motors තමයි කියල කියන්න පුළුවන් තරමට ලොකු පරාසයක පාර්ට්ස් මෙතන තියෙනවා. අලුත් මොඩල් වලටද පරණ මොඩල් වලටද කියල නෑ ඕන කෑල්ලක් මෙතනින් හොයාගන්න පුළුවන්. මේක තියෙන්නේ නො. 226 පංචිකාවත්ත පාර, කොළඹ 10 කියන තැන.
4. Perodua අමතරකොටස්
ඩයිහට්සු වාහන කියන්නෙත් පාර්ට්ස් හොයාගන්න ටිකක් කට්ටක් කන්න ඕන වාහන වර්ගයක්. විශේෂයෙන් පරණ මොඩල්ස් වල. ඩයිහට්සු තරම් හොයාගන්න අමාරු නොවුනත් හැමතැනම බඩු නෑ. ඉතින් ඔයාගේ වාහනෙත් පෙරඩුවා එකක් නම් හරි ඩයිහට්සු එකක් නම් හරි මේන්න මෙතනින් ඔයාගේ අමතරකොටස් අවශ්‍යතාවය සපුරගන්න පුළුවන්.
Janatha Motors – එලයිට්, කෙලීසා, කෙනාරි, ඇක්සියා, බෙසා වගේ ඕනෑම පෙරඩුවා මොඩල් එකකට ඕන පාර්ට් එකක් මෙතන තියෙනවා. පෙරඩුවා විතරක් නෙමෙයි ප්‍රොටෝන් වාහන වල කොටස් උනත් මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. තැන හරියටම කිව්වොත් නො. 153-1/4, පංචිකාවත්ත පාර, කොළඹ 10. ඒ කියන්නේ ෆෙඩරල් මෝටර්ස් බිල්ඩින් එකේ පළවෙනි තට්ටුවේ.
5. Fiat අමතරකොටස්
ෆියට් කියන්නෙත් පාර්ට්ස් හොයාගන්න පුදුම දුකක් විඳින්න ඕන වාහන වර්ගයක්. ගොඩක්ම පරණ මොඩල්ස් වලට පාර්ට්ස් හොයන්න ගියාම් තමයි ඔළුව කැක්කුම ඩබල් වෙන්නෙ. අන්න ඒ වෙලාවට මෙතන මතක තියාගන්න.
Nelum Motors – නො. 153, 1/8 පළමු මහල, පංචිකාවත්ත පාර, කොළඹ 10 කියන ස්ථානයේ තමයි මේ ආයතනය තියෙන්නේ. විශේෂම දේ තමයි මේගොල්ලෝ ඔයාට ඕන පාර්ට් එක ගෙදරටම ගෙනල්ල දෙනවා. ඒ නිසා ගිහින් කාලේ නාස්ති කරන්න ඕන වෙන්නෙ නෑ.
උඩින් අපි කියපු ජනතා මෝටර්ස් එකෙත් ෆියට් බඩු තියෙනවා. ඒ නිසා මෙතන නැත්නම් ජනතා මෝටර්ස් එකෙනුත් බලන්න.
6. Mazda, Ford අමතරකොටස්
- Asiri Motor Stores
ෆෝර්ඩ් සහ මැස්ඩා වර්ග දෙකේම පාර්ට්ස් හොයාගන්න පුළුවන් මෙතනට ගියානම්. පරණ මොඩල් අලුත් මොඩල් කියල නෑ. ඕන පාර්ට් එකක් මෙතන තියෙනවා. තියෙන්නේ නො. 79 1\1 පංචිකාවත්ත පාර, කොළඹ 10 කියන ස්ථානයේ.
-
Mazna Motors
මේගොල්ලෝ මැස්ඩා විතරයි කරන්නේ. ඕනෑම පාර්ට් එකක් මෙතනින් ගන්න පුළුවන් වගේම පංචිකාවත්තේ යන්න ඕනෙ නෑ. නො. 249 අත්තිඩිය කියන ස්ථානයට ගියොත් බඩු අරන්ම එන්න පුළුවන්. බඩු නැත්නම් හොයල හරි දෙයි.
7. Peugeot, Audi, Volkswagen අමතරකොටස්
Abirami Motor Stores – නො. 187\2\2, පංචිකාවත්ත පාර, කොළඹ 10 කියන ස්ථානයේ තියෙන අභිරාමි මෝටර් ස්ටෝර්ස් වලින් ෆොක්ස්වැගන් ,අවුඩි, පෝජොට්, කියන ඕනෑම වර්ගයක ඕනෑම පාර්ට් එකක් සාධාරණ මුදලකට මිලදී ගන්න පුළුවන්.
Leave a Reply