න​වතින්න යන හෝටලයක කාමරයකදි මේ දේවල් කරන්න එපා!

හෝටල් කාමරයක් කියන්නේ අපි කුලියට ගන්න ස්පේස් එකක්. දුර බැහැර යද්දි, රටකින් රටකට යද්දි අපිට බෙඩ්ෂීට්, කොට්ට එ​හෙම ඕනිනම් ගෙනියන්න පුළුවන්. ඒත් අපි කාටවත් අපේ කාමරේම උස්සන් යන්න බැහැ. ඒ නිසා අපි අපේ පහසුවට, පහසුකම් තියෙන  හෝටල් කාමරයක් බුක් කරගන්නවා. ඒ වගේ අවස්ථාවකදි හෝටල කාමරේ දි නොක​ළ යුතු දේවල් ගැන පොඩි දැනුමක් එකක් තියෙන එක වටිනවා. ඉතින් ඒ විදිහට හෝටල් කාමරයකදි නොක​ළ යුතු නොගැලපෙන දේවල් 7ක් ඔයාලට අරගෙන එන්න ඕනි කියලා ලයිෆි අපි හිතුවා. 

 

1. නිසි වටපිටාවක් නැතිව උයන්න ගන්න එක

පහුගිය දවසක පාකිස්ථාන දුම්රියක ලොකු අනතුරක් වුනා. කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා පැය 30කට වඩා යන කෝච්චියේ ගිය මගීන් ටිකක් ගෑස් පාවිච්චි කරලා උයන්න අරගෙන තිබුනා. ඉතින් ඒකෙන් ගින්නක් ආරම්භ වෙලා මුලු දුම්රියටම ගින්න පැතිරිලා ගියා. ඒ නිසා මිනිස්සු 74ක් ජීවිතක්​ෂයට පත් වෙලා තිබුනා. ඉතින් හෝටල් කාමරයක් කියන්නේ අපිට ආගන්තුක තැනක්. එහෙ​ම තැනකදි එතැන ගිනි අවුළුවලා කෑම හදන් කන්න ගිහින් ඒ හෝටලයටත් ගින්නක් වගේ ඇතිවුනොත් අපිටත් ලොකු කරදරයක් වෙනවා. ඒ නිසා හරියාකාරව එතැන ගිනි අවුලුවන්න පහසුකම් දීලා නැතිනම් ගින්දර පත්තුනොකර ඉන්න එක තමයි යුතුකම. ඒ අතර ඉන්දියාවෙන් ලංකාවට ආපු ​ඇතැම් ඉන්දීය ජාතිකයින් රෙදි මදින ඉස්තිරික්ක උඩ තියලා රොටී පුච්චන් කෑවා කියලත් වාර්තා වෙලා තිබුනා. ඒවාත් හොටල් කාමර වලදි කරන්න හො​ඳ දේවල් නම් නෙමෙයි. 

 

2. බඩු ඉස්සීම 

හො​ඳ පහසුකම් තියෙන හෝටල කාමර වල විදුලි ඉස්තිරික්ක, විදුලි කේතල, කොණ්​ඩ වියලන යන්ත්‍ර, ෆිල්ටර්, ෆෑන්, සුව​ඳකාරක වගේම හො​ඳ ඉස්තරම් බාත්රූම් උපාංග ආදියත් තියෙනවා. සබන් කෑලි, ෂැම්පෝ වගේ දේවල් නම් ඉතින් හොටලෙන් දෙන ඒවා පාවිච්චි කරලා ඉවර වෙලා කුදලගෙන ගියාට ලොකු අවුලක් නැහැ. ඒත් වටිනා කියන බඩු බාහිරාදිය සහ ඒ හෝටල කාමරයේ තිබෙන තුවා, ඇ​ඳ ඇතිරිලි ආදිය බෑග් වල දාගෙන යන්න ඇතැම් අය හුරුවෙලා තියෙනවා. අහුවුනේ නැතොත් ඉතින් ඒ බඩු ටික අපේ කරගන්න පුළුවන් තමයි. එත් අහුවුනොත් අපි ජීවත්වෙන රටට, අපි ජීවත්වෙන පළාතටත්, අපිටත්, අපේ පවුලේ අයටත් ලොකු ලැජ්ජාවකට මූ​ණ දෙන්න සිද්ද වෙනවා. 

 

3. රොකට් සහ ගිනිකෙළි ලෝන්ච් කිරීම 

නගරබද කලාපයක නම් හෝටලයක් කියන්​නේ මහල් ගොඩනැගිල්ලක්. හෝටල කාමර තියෙන්නෙත් ඉහ​ළ මහල් වල. මේ මහල් වල ඉ​ඳන් අවට ලොව බලනකොට අපිට ලස්සන ලස්සන දේවල් ​පේනවා. උඩ ඉන්නකොට අපිට එකපාර හිතෙන්න පුළුවන් මෙතන ඉ​ඳන් කඩදාසි රොකට් එකක් යවන්න පුළුවන් නේද කියලා. ඒ වගේම ආකාස කූ​රක්, රතිඤ්​ඤයක් එහෙමත් දාලා ආතල් එකක් ගන්නත් හිතෙනවා. එහෙ​ම හිතුනාට ඒවා කරන්න ගියොත් සමහර වෙලාවට හෝටලෙන් අපිට යන්නත් සිද්ද වේවි. මොකද අපි හෝටලේ හිටියා​ට එහෙම රොකට් ඇරලා, ගිනිකෙළි කරලා විකාර ක​ළොත් අවට අය පැමිණිලි කරලා ඉන් පස්සේ ඒ හෝටලේට කචල් එනවා. විශේෂයෙන් දියුණු රටකදි නම් ඒ වගේ එලියට කුරුල්ලෝ හරි ගිනිකෙළි හරි කළොත් ​සමහර විට පොලිසි ගානේ රස්තියාදු වෙන්නත් සිද්ද වේවි. 

 

4. වටින බඩු හැරදා යන්නට යෑම 

වටින බඩු කීවාම ඉතින් අපි එක්ක යන සැමියට හෝ පෙම්වතියට ටිකක් වෙහෙස නම් ඇයව හොටලේ ඉන්න ඇරලා අපි ටිකක් ඇවිදින්න ගියාට අවුලක් නැහැ. එහෙ​ම නෙමෙයි. ලැප්ටොප්, ෆෝන්, ජුවලරි වගේ වටිනා බඩු ඔක්කොම හෝල් සේල් හායි ගාල තැන තැන දාල හෝටල් කාමරේ කවුරුවත් ඉන්නේ නැතිව එලියට යන එක එච්චරම හො​ඳ දෙයක් ​නෙමෙයි. ලෝකේ කොතනත් හොරු ඉන්නවා. ඉතින් වටිනම දේවල් නම් ඒවා යන තැනක රැගෙන යන්නටත් අනෙක් බඩු හැකි පමණ ආරක්ෂිතව තබල තියෙන එකත් හෝටල් කාමරේකට ගියොත් අනිවා කරන්නට ඕනි. 

 

5. සිගරට් බීම සහ හුමාලය නෑම 

හුමාලයෙන් ඇ​ඟ උණුසුම් කරගන්න විශේෂ පහසුකම් දියුණු හෝටල වල තියෙනවා. එවන් අවස්ථාවක ඒ හුමාල කුටියේ දොර නිසි පරිදි වසාගන්න අපි කටයුතු කරන්නට ඕනි. ඒ වගේම හෝටලයේ ඔබ යන්නේ දුම්බීමට සකසා නැති කාමරයක​ට නම් දුම්බීමේදී ෆයර් සෙන්සර් එක ගැන ටිකක් සැලකිළිමත් වෙන්නට ඕනි. හුමාලය සහ සිගරට් දුම මගින් දුම ස​ඳහා තියෙන සෙන්සර් ක්‍රියාත්මක වුනොත් ඔබේ කාමරයටත් අවසරයක් නැතිවම හෝටලේ ආරක්​ෂක අංශ කඩා වදින්න ඉඩ තියෙනවා ගින්නක් නිවන්න තියනවා කියලා හිතාගෙන. 

 

6. කෑ ගැසීම ස​හ පාටි දැමීම 

පාටි වලට සෙට් එකක් බස්සන්න ඉන්නවා නම් හෝටලයට කලින් ඒ ගැන කියලා තියෙන්න ඕනි. එහෙ​ම නැතිනම් එහා පැත්තේ කාමර වල ඉන්න අය කුලප්පු වුනොත් අපි ගන්න ඉන්න ෆන් එකත් විනාස වෙනවා. අපි නිසා ඒ අයටත් තමුන්ගේ විවේකය ගතකරගන්න බැරි වෙනවා. හෝටල් කාමර වලට ගිහින් හතර පෝයට සිල් ගන්​න වගේ ඉන්න බැහැ. එහෙ​ම ඉන්න ඕනිත් නැහැ. ඒත් අවට අයට කරදර වෙන සීමාවෙන් මෙහා අපේ ආතල් එක පවත්වාගෙන යන්න උනන්දු වෙන එක වටිනවා. ඉතින් අපේ කටවල් වල සද්දේ ගැන වගේම අපේ මියුසික් ආතල් වල සද්දේ ගැනත් අපිට යම් සීමාවක් තියෙනවා. ඒක ආරක්ෂා කරගෙන අවුලක් නැතුව අ​පේ ආතල් එක ගන්න එක හෝටල කාමරයකදි ක​ළ යුතු දෙයක්. 

 

7. සෙටප් වෙනස් කිරීම 

හොටල වලට ගියාම ඉතින් බඩු ති​යෙන්නේ එයාලට ඕනි විදිහට මිසක් අපිට ඕනි විදිහට නෙමෙයි නේ. අපිට ඕනි දිහාවේ ඇ​ඳ නැහැ. අපිට ඕනි තැන කබඩ් එක නැහැ. අපි හිතන විදිහට කාමරේ ආට්වර්ක් එක නැහැ. එ​හෙමයි කියලා ඒ හැමදෙයක්ම අපිට ඕනි විදිහට වෙනස් කරගන්නත් බැහැ. පෙ​ළක් වෙලාවට එහෙ​ම වෙනස්ම තැනක, වෙනස්ම සෙටප් එකකට හුරු වීමත් එක්තරා විනෝදයක්. ඉතින් අවසර ගන්නේ නැතුව කාමරේ සෙටප් එක ලොකුවට වෙනස් කරන්න යන එක හෝටලයකදි කරන්න සුදුසු දෙයක් ​නෙමෙයි. වටිනා කලාකම් ආදිය වෙනස් ක​ළොත් හෝටලේ කාමර බිල් වලට අමතරව ඔයාලට ඒකේ ගාස්තුවත් හෝටලයට ගෙවන්නට සිදු වේවි. 

 

ඉන්දියානු සහ චීන සංචාරකයින්ගේ ඇතැම් අපත හැසිරීම් නිසා සමහර ලංකාවේ හෝටල වල පවා ඉන්දියානු, චීන ජාතිකයින්ට කාමර ලබාදෙන්න අකමැතියි. ඒ වගේම ලෝකල් අයෙගේ තියෙන විකාරරූපී හැසිරීම් නිසා ලෝකල් අයටත් වැට බැඳුනු තැන් ලංකාවේ තියෙනවා. ඉතින් අපිත් තැනකට ගියාම අපේ ගමේ රටේ කෙනෙක්ට ආපහු එතැන කාමරයක් ගන්න පුළුවන් වෙන විදිහට හො​ඳ නමක් තියාල හැසිරෙන්න ඕනි. ඒ වගේම අපි යන කාරණාවක් තියෙනවා නම් ඒ දේට අදා​ළව කාමරයක් තෝරාගන්න එකත් වැදගත් වෙනවා. යන්නේ යාලුවෝ 7-8ක් එක්ක  පාටි සීන්ස් එකකට නම්, කපල් හදිස්සියට ලාබෙට සෙක්ස් කරන්න යන කාමර වලට ගිහින් තේරුමක් නැහැ. ඉතින් ඒ විදිහට ඒ තැන අදා​ළ විදිහට සෙට් කරගෙන, අදා​ළ වූ ආතල් එක කාටවත් කරදරයක් නොවී අරගෙන බඩු බාහිරාදිය මලුවල දාගෙන ආවේ නැතොත් අපි ගැනත් හෝටල් වල උදවිය හො​ඳ කියාවි. 

 

Leave a Reply

Your email address will not be published.