රසවත්, හරවත් සිංහල ගීත ලියූ අපේ භික්ෂුන් ​වහන්සේලා

අපේ රටේ සම්භාව්‍ය සාහිත්‍යයට වැඩිම දායකත්වයක් ලබා දීලා තියෙන්නෙ භික්ෂූන් වහන්සේලා. අතරින් පතර තමයි ගිහියන් සාහිත්‍යකරණයට දායක වෙච්ච අවස්ථා අපට දකින්නට ලැබෙන්නෙ. නමුත් යටත් විජිත යුගයෙන් පස්සෙ තත්ත්වය වෙනස් වෙනවා. සාහිත්‍යකරණය සම්පූර්ණයෙන්ම ගිහියන්ගේ ආධිපත්‍යයට යටත් වෙද්දි භික්ෂූන් වහන්සේ අතරින් පතර තමයි සාහිත්‍යකරණයට දායක වුණේ. සම්භාව්‍ය යුගයේදී කවිය කියන දේ සම්පූර්ණයෙන්ම භික්ෂූන් වහන්සේලා ඇසුරේ තිබුණු දෙයක් වුණත් වර්තමාන කාලයේ ගීතයට එද්දී ඒ සඳහා භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය අල්පයක් වෙලා තියෙනවා. අද අපි මේ ආටිකල් එකෙන් කතා කරන්න යන්නේ ඒ වගේ අපේ ගීත ක්ෂේත්‍රය සුන්දර කරන්න දායක වුණු භික්ෂූන්වහන්සේලා කීප නමක් පිළිබඳව.

 

1. රඹුකන සිද්ධාර්ථ හිමි

 

වික්ටර් රත්නායක මහත්තයා ගායනා කරන මේ ගීතය අපේ රටේ බොහෝ දෙනා අතර ජනප්‍රිය ගීතයක්. නමුත් ඔබ දැනන් හිටියා ද මේ ගීතය රචනා කරලා තියෙන්නේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියලා? ඇතැම් අය රඹුක්කන සිද්ධාර්ථ කියලා වැරදියට උන්වහන්සේගේ නම ව්‍යවහාර කරනවා. නමුත් උන්වහන්සේ ඉපදිලා තියෙන්නෙ දකුණු පළාතේ රඹුකන කියන ගමේ. කොළඹ ගංගාරාමය නිත්‍ය වාසය කරගෙන ඉන්න උන්වහන්සේගේ සාහිත්‍ය දිවියට බොහෝ උදව් උපකාර කරන්නේ ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ. මේ වෙනකොට රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නිර්මාණ රාශියක් ගීත ක්ෂේත්‍රයට දායාද කරලා තියනවා. මේ ඒ වගේ තවත් ගීතයක්.

 

 

2. පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ

කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන මේ ගීතය ගැන බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ පෙම් සම්බන්ධතාවයක් බිඳ වැටීම නිසා කියන ශෝක ගීතයක් කියලා. හැබැයි ඔබ සාවධානව මේ ගීතයට ඇහුම්කන් දුන්නොත් ​මේ ගීතයේ නියම අර්ථය වටහා ගන්න පුළුවන් වෙයි. බුද්ධාගමේ ප්‍රමුඛතම ඉගැන්වීමක් වන අනිත්‍යතාවය පිළිබඳව මේ ගීතය කතා  කරනවා. මේ ගීතය රචනා කරන්නෙ රුවන්වැලි සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ. 

ප්‍රේමසිරි කේමදාස මහතා සංගීතවත් කරලා, එච්. ආර් ජෝතිපාල විසින් ගායනා කරන මේ ගීතය රචනා කරල තියෙන්නෙත් උන්වහන්සේ විසින්.

 

3. පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ 

 

ලංකාවේ ජනප්‍රිය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ ගී පද රචකයෙක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ. උන්වහන්සේගේ සෑම ගීතයකින් ම පාහේ බුදු දහමේ හරයන් රසිකයන් වෙත සමීප කරවීම සිද්ධ වෙනවා. උන්වහන්සේ විසින් යූටියුබ් තුළ යූටියුබ් චැනල් එකක් පවත්වාගෙන යනවා. ඒ චැනලය මගින් ඔබට උන්වහන්සේගේ ගීත වගේම ධර්ම දේශනාවලට සවන් දෙන්න පුළුවන්. ඒ චැනල් එකේ නම තමයි 

“උදපාදි නිවීම පිණිස”

මේ ඒ චැනල් එකට ඇතුළත් කරලා තියෙන ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන තවත් උන්වහන්සේගේම ගීතයක් 

 

4. කැටවල බුද්ධසිරි ස්වාමීන් වහන්සේ

උපේකා රුක්ෂාන් කිය​න ළමා ගායකයා සටන් බිමේදී ආබාධයට පත් වන රණවිරුවන් ගැන ගායනා කරන මේ ගීතය රචනා කරල තියෙන්නෙ කැටවල බුද්ධසිරි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කෙටිකතා රචකයෙක් විදිහටත් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙලා තිබෙනවා. ඒ වගේම උන් වහන්සේ ගී පද පද මාලා කෘති ගණනාවක් මේ වෙනකොට ප්‍රකාශනයෙන් පළකරලා තිබෙනවා. නමුත් උන්වහන්සේගේ කෙටිකතාවලට සාපේක්ෂව ගී පදමාලා ගැන යම් කතාබහක් ඇතිවෙලා තියනවද කියන එක නම් ප්‍රශ්නයක්.

5. වත්තේවැවේ ධම්මානන්ද හිමි 

වත්තේවැවේ හාමුදුරුවෝ ගීත ගණනාවක් රචනා කරලා තිබ්බත් අවාසනාවකට වගේ එම කිසිම ගීතයක් යූ ටියුබ් හරහා හොයාගන්න අපහසු වෙලා තියෙනවා. මේ ලිපිය කියව​න ඔබගෙන් අපි ඉල්ලීමක් කරන්න කැමතියි, යම් විදියකින් ඔබට වත්තේවැව හාමුදුරුවන්ගේ ගීතයක් ලැබුණොත් ඒක අනිත් අයටත් රසවිඳින්න යූටියුබ් වලට එකතු කරන්න කියලා. නීලා වික්‍රමසිංහ සහ මොහාන් රාජ් මුත්තුසාමි ගායනා කරන ‘වසන්ත සමය’ ගීතය තුළ උන්වහන්සේ සිරිපාදේ වන්දනාවෙ යන පෙම්වතුන් යුවලක් ගැන ලස්සන චිත්‍රයක් අපේ හිතේ මවනවා. ඒ වගේමයි ඉමාන් පෙරේරා ගායනා කරන ‘සලෙල පහසින් කිළිටි වූ දා’ ගීතයත් උන්වහන්සේගේම නිර්මාණයක්.

6. කවිකීර්ති හාමුදුරුවෝ

 චාමර වීරසිංහ ගායනා කරන මේ ගීතය රචනා කරන්නෙ කවිකීර්ති හාමුදුරුවෝ. මේ වගේ ගීත රචනා කිරීම නිසා ඇතැම් අයගේ විවේචනයටත් උන්වහන්සේ ලක් වෙනවා. නමුත් උන්වහන්සේ ඒ පිළිබඳව ප්‍රශ්න කරපු සෑම අවස්ථාවකදීම ඒ ගැන සෘජු පිළිතුරු ලබා දීලා තිබ්බා. ඇතැම් අවස්ථාවල උන්වහන්සේගේ නම පවා පසුව දා ගත් නමක් ලෙස ඇතැම් පාර්ශ්වවලින් චෝදනා එල්ල වුණා. ඒ අවස්ථාවේ දී උන් වහන්සේ කීවේ තමන් වහන්සේව මහණ කරපු දිඹුලාගල හාමුදුරුවෝ මහණ වීමේ දී තමන්ට ලබාදුන් නම මේ දක්වා භාවිතා කරන බවක්. මේ උන්වහන්සේ රචනා කරපු තවත් ගීතයක්.

 

 

7. ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ

වර්තමාන බෞද්ධ ප්‍රබෝධය යම් තැනක තියෙනවා නම්, ඒ ප්‍රබෝධයේ නිර්මාතෘවරයා විදිහට සැලකෙන්නේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මෑත කාලය තුළ කිසිම ධර්ම දේශකයෙක් ලබාගන්න බැරි තරමේ ජනප්‍රියත්වයක් වගේම සමාජය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට සමත් වුණා. උන්වහන්සේ විටින්විට ගීත රචනා කළා. අපේ මුලින් දක්වපු ජගත් වික්‍රමසිංහ මහත්මයා ගායනා කරන ගීත​ය උන්වහන්සේගේ නිර්මාණයක්. උන්වහන්සේගේ තවත් කල්‍යාණ මිත්‍රයෙකු වුණු හැරිස් විජේසිංහ මහතාට ගායනා කිරීමට උන්වහන්සේ තවත් ගීතයක් රචනා කරා, මේ ඒ ගීතයයි…

 

එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *