ඉස්සෙල්ලා ම කියන්න ඕනි මේක අපි කිසිම දේශපාලන පක්ෂයකට සුපර්මාර්කට් යන බලාපොරොත්තුවෙන් කරපු වැඩක් නෙවෙයි. අපේ පාඨකයන් සඳහා තියනවා වට්ස්ඇප් සමූහයක්. අන්න ඒකේ කීප දෙනෙක් ම ඉල්ලලා තිබ්බා මේ ගිවිසුමේ අන්තර්ගතය ගැන පැහැදිලි කිරීමක් කරන්න ය කියලා. ඒ නිසයි අපි මේක ලියන්නේ. අමාත්‍ය මණ්ඩලේ දැනගැනීම පිණිස ජාතික ආර්ථික සභාව කරපු මේ නිරීක්ෂණ සහ නිර්දේශ කියවලා ඔබට දැනගන්න පුළුවන් ඒ ගැන.
අපේ වට්ස්ඇප් සමූහයට මෙතනින් එකතු වෙන්න!
1. නෛතික ගැටලු
ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ ගිවිසුම සම්බන්ධ ඕනෑම ගිනිවිජ්ජුම්බරයක් සඳහා ශ්‍රී ලංකාවට යන්න වෙන්නේ මිල අධික සහ ඉතා අසීරු අධිකරණවලටයි. ප්‍රවාහන අංශයට ඉඩම් අංශයට අයත් සමහර ව්‍යවස්ථාදායක වෙනස්කම්වල දී නෛතික පටලැවිල්ලක් වෙන්නත් ඉඩ හොඳටෝම තියනවා.
2. පාර්ලිමේන්තුවේ අවසරය
දැන් මේ අපේ රටට කඩා පාත් වුණ පළමු ප්රදානය MCC එක නෙවෙයි. ඊට වඩා විශාල මුදල් ප්‍රමාණ අපට ලැබුණා. ඒත් මේකට පාර්ලිමේන්තු අවසරේ ඕනි ලු. අවුල් වගේ ම භයානක තත්ත්වයක්. අනාගත පාර්ලිමේන්තුවත් බැඳ දානවා කිව්වම නහරවැල් දියවෙන්න බය වෙන්න ඕනි ප්‍රශ්නයක්.
3. කොන්දේසි විරහිත අවසානය
MCC එකට කිසිම හේතුවක් නැතුව මේක හිටි හැටියේ අවසන් කරන්නත් පුළුවන්. හේතුවක් ඕනෑ නම් ‘අපිට කම්මැලියි’ වගේ ඕනෑ ම උත්තරයක් දෙන්න පුළුවන්. රටක් විදියට වැලේ වැල් නැතුව අසරණ වෙනවා එහෙම වුණොත්. MCC එකට සුදුසුකම් ලබන්න නම් එයාලා ඉදිරිපත් කරලා තියෙන දර්ශකවලින් අවම වශයෙන් එක කාණ්ඩයකින් එකක් බැගින් වෙන්න හරි දර්ශක 20න් 10ක්වත් සපුරලා තියෙන්න ඕනි. දේශපාලන අයිතිවාසිකම් හෝ සිවිල් නිදහස පිළිබඳ දර්ශකය සහ දූෂණය පාලනය කිරීමේ දර්ශකය විශේෂයෙන් ඇතුළත් කරලා තියනවා. ශ්‍රී ලංකාව දර්ශක 13ක් සම්පූර්ණ කරලා නිසා මේකට තේරුණා කියලා කියනවා. මේ 13 ගැන නොනවත්වා අධීක්ෂණයක් MCC පාර්ශ්වය කරනවා. පොඩි ම හරි ගැස්සිල්ලක දී වැඩේ අහෝසි කරලා දාන්න පුළුවන්. මාවි, මලාවි සහ තවත් රටවල් කීපයකට මේ ෂොට් එක වැදිලා තියනවා.
ඒ විදියට ගිවිසුම අවසන් වුණොත් වත්කම් ආපහු ලබා දෙන්නයි වෙළඳපොළ වටිනාකමට සරිලන විදියට විදේශ මුදල්වලින් පිට රට මහත්තුරුන්ගේ සාක්කු පුරවන්නයි පුළුවන්.
4. පොදු ප්‍රවාහන ප්රශ්නය
දැන් මේ බවලත් උදවියට පොදු ප්‍රවාහනයේ දී එක එක අකරතැබ්බ සිදු වෙනවානේ. ඒකට ලංකාවේ බලධාරීන්ට පියවරක් ගන්න ඉඩ නොතබා ම MCC එකෙන් ඒකට අතගහන්න ලෑස්තිය. ඒක අපේ රටේ අභ්‍යන්තර කාරණයක්.
5. ඉඩම් ප්රශ්නය
ඉඩම්වල සින්නක්කර අයිතිය සහිත නිරපේක්ෂ අයිතිය ලැබුණ ගමන් ගොවි මහත්තුරු ඉඩම් විකුණන්න පෙළඹෙනවා. ඊට පස්සේ වෙනත් ජීවනෝපායක් සොයා ගැනීම හා ඊට පස්සේ එන ආර්ථික ගැටලු රැසකට මුහුණ දෙන්න වෙනවා. ඔවුන් සුබසාධනය කරන්න අත ගහන රජය කරවටක් ගිලෙනවා.
6. ගුණාත්මක බව අඩු වීම
මේ ව්‍යාපෘතිවලට රටක් වශයෙන් අපිව කොන්දේසි ගොඩක් එක්ක හිර කෙරුවට ව්‍යාපෘතියෙන් එතරම් සමාජ සේවයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ මෙච්චර මුදල් කන්දරාවක් තිබුණත් එහි බලපෑම ඒ තරම් ගුණාත්මක නෑ. MCC ව්‍යාපෘති ඇත්ත වශයෙන් ම අපට අවශ්‍ය කාරණා කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබුණා.
7. සමාගමක අවශ්‍යතාව
වෙනත් ව්‍යාපෘතිවලට ලංකාව හා එක් වුණ අය කාර්යාල තනාගත්තට සමාගම් අටවා ගත්තේ නෑ. MCC ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් සමාගමක් ඕනි.
මේ රපෝර්තුවේ අවසානයේ නිගමනයකට එළඹිලා කියන්නේ ලංකාව මේ මර උගුලට හේත්තු කරවන්න එපා කියලයි.
Leave a Reply