කටට රහට ඌරු මස් කෑල්ලක් කන්න කොළඹ අවට යන්න තියෙන තැන්!

මාංශ භක්ෂකයෝ වුනත් ඉතින් හැම මසක්ම කන්නෙ නෑනේ. ඒ වගේ තමයි සමහරු පෝක් වලට කැමති නෑ. හැබැයි පෝක් වලට කැමති එවුන්ට ඌරු මස් කියන්නේ ආගමක් තරමයි. ඇත්තටම කටට රසට හදලා තියෙන ඌරු මස් කෑල්ලක් කාලා බැලුවහම හිතෙනවා ඒකේ වැරැද්දකුත් නැහැයි කියලා. ඒ නිසාම තමයි ඔය සුවහසක් පෝක් ලෝලීන් එකතු වෙලා ලංකා ඌරු මස් සංසදය කියලා ෆේස්බුක් ගෘප් එකක් පවා හදාගෙන ඉන්නේ. හදිසියකට ලන්ච් එකට හරි ඩිනර් එකට හරි පෝක් කෑල්ලක් ඕන වුනොත්, සංසදේට මෙසේජ් එකක් දාලාත් අහල පහල ඌරා ඉන්න පොට් එකක් හොයාගන්න පුළුවන්.

කොහොම වුනත් ගොඩක් වෙලාවට ඌරු මස් වලට නැතිනම් පෝක් වලට ආස අයට තියෙන ප්‍රශ්නයක් තමයි හැම තැනකම, හැම කඩේකම පෝක් ගන්න නැති වීම. ආන්න ඒ නිසා අපි හිතුවා කටට රහට පෝක් කෑල්ලක් කන්න පුළුවන් තැන් ලිස්ට් එකක් හදන්න. ඊලඟ වතාවේ පෝක් කරියක්, රෝස්ට් පෝක් කෑල්ලක්, පෝක් බාබක්‍යු කෑල්ලක් කන්න හිතුනොත් එතකොට තමන්ගේ ලඟපාත තැනක් මේ ලිස්ට් එකේ තියෙනවද කියලා බලන්න පුළුවන්!

තව දෙයක්. අපි මීට කලින් කරපු කෙබාබ්, බාබක්‍යු මස් තියෙන තැන් වල ආටිකල් එකේත් සෑහෙන්න පෝක් බාබක්‍යු තියෙන තැන් කවර් කළා. ඒ නිසා අපි එතන තියෙන තැන් මේකට ඇතුළත් කරන්නේ නෑ!

 

1. Grill Kitchen

තලවතුගොඩ පැත්තෙන් යනවා නං පෝක් කෑල්ලක් කන්න පුළුවන් සොලිඩ් තැනක් තමයි ග්‍රිල් කිචන් කියන්නේ. මෙතන මෙනු එකේ සෑහෙන්න මස් කෑම වර්ග තියෙනවා. චිකන් කන අයට චිකන්, ලෑම්බ් කන අයට ලෑම්බ්, එතකොට පෝක් කන අයට පෝක්! මෙතන තියෙන පෝක් බිරියානි එක දැක්කහම ලොකු දෙයක් පේන්නෙ නෑ. කහ පාටට තියෙන බිරියානි එකයි, තඩි පෝක් කෑල්ලයි තමයි පේන්නේ. හැබැයි කාලා බලන්න ඕන ග්‍රිල් කරපු පෝක් කෑල්ලයි බිරියානි එකයි කොයි තරම් මැච් වෙනවද බලන්න. පට්ට රසයි!

2. The Porky-Nator

මේ තියෙන්නේ අපි ෆේස්බුක් එකෙන් අහම්බෙන් හොයාගත්තු, නුගේගොඩ පැත්තේ තියෙන පෝක් ජොයින්ට් එකක්. මේක හරියට පෝක් ලෝලීන්ගේ කඩේ වගේ තමයි. ඇයි මෙතන පෝක් විතරනේ විකුණන්නේ. හැබැයි මේක ලන්ච් එකට පෝක් කෑල්ලක් කන්න යන්න පුළුවන් තැනක් නෙවෙයි. මේ අය ඩිලිවරි විතරයි කරන්නේ. අනික කෙලින්ම කිලෝ ගාණෙන් තමයි ගන්න වෙන්නේ. ආන්න ඒ නිසා ඔය සෙට් වීමක් එහෙම තියෙනවා නං, මේ පෝකිනේටර් පිංවතුන්ට දවසකට විතර කලින් කෝල් එකක් එහෙම දීලා තිබ්බට කාරි නෑ. මෙතනින් අපේ ෆේවරිට් එක තමයි කිලෝ එකේ පෙරි පෙරි බේකන් රිබ්ස්. කිලෝ එකම රුපියල් 2500. ආයෙ තුන් හතර දෙනෙක්ට වුනත් ඇති. ඊට අමතරව හනි ග්ලේස්ඩ් රිබ්ස් කිලෝ එකත් ආයෙ මදි වුනොත් මිසක් ඇති වෙන්නෙ නෑ!

3. Cafe 47

තලවතුගොඩ පැත්තෙන් යනකොටම හම්බෙන Cafe 47 එකත් පටන් අරගෙන සෑහෙන කාලයක් නෑ. හැබැයි රෝස්ට් පාන් එක්ක පෝක් කන්න ආස කෙනෙක් ඉන්නවා නං, මෙන්න ගිහින් එන්න තැන. නිකමට හිතලා බලන්න, උණු උණුවේ මේසෙට එන රෝස්ට් පාන් සහ තෙම්පරාදුවට හදපු ඒත් සැර නැති පරිප්පුව සහ ෆ්‍රෙෂ් පිට හදපු පොල් සම්බෝල එක්ක සැර ඌරු මස් කරියක් එනකොට කොහොමද සැප කියලා. හොඳට තෙල් පෑදෙන්න හදලා තියෙන ඌරු මස් කරියේ කඳුළු ගලන ලෙවල් එකේ දැවිල්ලක් නැති වුනාට, රෝස් පාන් සහ පරිප්පු එක්ක ගාණට බැලන්ස් වෙන සැරක් තියෙන්නේ. අනිවාර්‍යයෙන්ම ඌරු මස් කරිය ඉතුරු වෙනවා, පාන් මදි වෙලා තව ගන්නත් වෙනවා. පට්ට රසයි!

4. The Dutch Pub

ඔය ගොඩක් පබ් වල එක එක විදියේ බයිට් ගන්න තිබුණට, පෝක් කෑල්ලක් ගන්න තැනක් හොයාගන්න සමහර වෙලාවට හෙනම ගේමක් දෙන්න වෙනවා. හැබැයි ඩච් හොස්පිට්ල් එක පැත්තේ යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිතනවා නම්, බියර් එකක් ගහලා පෝක් බයිට් එකක් ගන්න මේක හොඳ තැනක්. මෙතන තියෙන්නේ අර නියම ශ්‍රී ලාංකික විදියට යහමින් තුන පහ දාලා ඩෙවිල් කරලා ගත්තු පෝක් ඩිෂ් එකක්. හැබැයි වෙන තැන්වල ඩෙවිල් ඩිෂ් එකේ එන විදියට ලූණු, ලීක්ස් අනං මනං ඩිෂ් එකකට පෝක් කෑලි දෙකක් දාලා නෙවෙයි. දෙයියනේ කියලා හිතේ හැටියට ඩිෂ් එකේ යහමින් පෝක් තියෙනවා. ටිකක් සැරයි. ඒත් පට්ට රසයි!

5. Big Bad Wolf

බිග් බෑඩ් වුල්ෆ් කියපු ගමන් අපිට මතක් වෙන්නේ පොත් ප්‍රදර්ශනේ තමයි. හැබැයි මේ බිග් බෑඩ් වුල්ෆ් කියන්නේ පෝක් ලෝලීන් වෙනුවෙන්ම දාලා තියෙන රෙස්ටුරන්ට් එකක්. මේ අයගේ මෙනු එකේ තියෙන්නෙම පෝක්. විශේෂයෙන්ම ඔය පෝක් බර්ගර් එකක් එහෙම කන්න ආස කෙනෙක්ට මෙතන මරු. මේ අයගේ පෝක් බර්ගර් එකයි, බේකන් බර්ගර් එකයි දෙකම අපිට අල්ලලා ගියා. විශේෂයෙන්ම හැම තැනම තියෙන බොරු බේකන් එක්ක, නියම ඌරු මස් බේකන් දාපු බර්ගර් එකක් කන්න ලැබෙන එකත් මරු. හැබැයි මේ අයගේ අනික් ඌරු මස් කළුපොල් මාලුව, පෝක් රැප් එක එහෙම කොහොමද කියන්න දන්නෙ නෑ.

6. Kaala Balan – Maha Gedara

පෝක් ලෝලියෙක්ට කටට රසට උයපු ඌරු මස් කරියක් එක්ක, ගැලපෙන එළවළු මුහු කරපු බත් එකක් බඩගිනි දවාලකට හම්බුවෙනවා තරම් සැපයක් තියෙනවද තවත්? ආන්න එහෙම අවස්ථාවකදී ඌරු මස් කෑම එකක් ගන්න හැම තැනම නෑ. ඌරු මස් කෑම තියෙන සමහර තැන් වලත් රස එහෙමට මාරයි කියන්න බෑ. හැබැයි මාර තැනුත් තියෙනවා. මේ කියන්න යන්නේත් එහෙම තැනක් ගැන. රත්මලානේ තියෙන මේ පොට් එකට ඇවිත් පෙළට හිටං ඉඳලා, ඌරු මස් බත් එකක් ගන්නයි තියෙන්නේ. ගාණත් අතිශයින්ම සාධාරණයි. මෙතන ඌරු මස් කෑම එකට එන වෑංජන වර්ග දවස් අනුව වෙනස් වෙනව ඇති. හැබැයි අපි කාපු දවසේ තිබුණු වෑංජන ටික නම් ඌරු මස් හොද්දත් එක්ක මරුවට මැච් වුනා. වැඩි සැරකුත් නෑ. නියම ගමේ විදියට සුවඳත්, රසත් තියෙනව. පට්ට රසයි!

7. Platters by Richie

මේක නම් තියෙන්නේ කොළඹින් කිලෝමීටර් පොඩි ගාණක් ඈතට වෙන්න මහර, කඩවත කිට්ටුව. හැබැයි ඉතින් අපේ ප්‍රියතම තැනක් නිසා මෙතනත් අපි ලිස්ට් එකට එකතු කරනවා. සරලවම කියනවා නම් මෙතන බාබක්‍යු ජොයින්ට් එකක්. හැබැයි මෙතන බාබක්‍යු දාන්නේ චිකන් සහ පෝක් විතරයි. ඒ ඇරෙන්න සොසේජස් තියෙනවා. මෙතන තියෙන පෝක් බාබක්‍යු ගැන කතා කරනවා නං, පොඩි ග්‍රිල් එකක බාබක්‍යු කරන පෝක් පෙති වල විනාඩියෙන් විනාඩියට සෝස් තවරමින් බොහොම ඉවසීමෙන් නියම කොලිටියට එනකල් ග්‍රිල් කරන වැඩේ බලාගෙන ඉන්නත් ආසයි. ඊට පස්සේ ඕන නම් ගාලික් පරාටා දෙකක් එක්ක, චොප් කරපු බාබක්‍යු පෝක් පෙති, සෝස් එක්ක ගන්න පුළුවන්. පට්ට රසයි!

ඇත්තටම අපි මේ එකතු කරලා තියෙන්නේ පෝක් තියෙන තැන් කීපයයි. තව සෑහෙන්න පෝක් තියෙන තැන් කොළඹ සහ අවට තියෙනවා. අන්න ඒ නිසා පෝක් ලෝලී ඔයාලා දන්න, මේ ලිස්ට් එකේ නැති තැන් ගැන කමෙන්ට් එකක් දාගෙන හැමෝම දැනුවත් කරගෙන යන්නයි තියෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *