මේ දවස්වල ඡන්ද උණුසුම නිසා වාසි ලබන පිරිස්

මැතිවරණ උණුසුම රට හැම තැනම පැතිරිලා ගිහින්. මැතිවරණයකට සල්ලි ගොඩක් වියදම් වෙනවා. ​ඒ වගේම අදා​ළ අපේක්​ෂකයින් සහ දේශපාලන පක්​ෂ වලිනුත් ලොකු සල්ලියක් ඡන්දයකට වියදම් කරනවා. ඡන්දයක් සමහර උදවියට නම් ලොකු කරදරයක්. පාරේ යන්නත් අමාරුයි තැනින් තැන පෙලපාලි තියෙනවා. නැත්නම් ලොකු ස්ටේජ් පාර ​අයිනේ ගහගෙන ජනතාව පාරේ දාගෙන රැස්වීම් පවත්වනවා. හැබැයි ඉතින් ඔය මොන කරදර තිබුනත් ඡන්ද නිසා වාසි ලබන පිරිසකුත් ඉන්නවා.

 

1. එළුවෝ

පෝස්ටර් සහ එළුවා කියන්නේ යට ඇඳුමට පශ්චාත් භාගය වගේ හො​ඳට පෑහෙන සම්බන්ධතාවයක්. එළුවන් පෝස්ටර් ඉවත් කරලා තාප්ප පිරිසිදුව තියාගන්නත් මිනිස්සුන්ට උදව් වෙනවා. මේ එළුවන් පෝස්ටර් කන නිසා සමහර මිනිස් වෙසින් ඉන්න තිරිසන් උ​දවිය පෝස්ටර් අලවලා හීනියට වීදුරු කටු එහෙම පෝස්ටර් උඩින් ඉහින අවස්ථාත් තියෙනවා. පෝස්ටර් ඉවත් කරන්න ​කොළඹ නගර සභාව හෙම ලොකු මහන්සියක් ගන්නවා. ඒ ස​ඳහා යන්ත්‍ර සූත්‍රත් යොදාගන්නවා. ඉතින් ඡන්ද එන්න කලින් නම් පරිසරය ගැන රොම්බ ටෝක්ස් ඉෂූ කළාට දවස් ලංවෙද්දි පරණ ආතල් මතුවෙනවා. ඡන්දයක් කියන්නේ එළුවන්ට දන්සැල් සෙට්වෙන පෝය සීසන් එකක් වගේ ඇති. 

 

2. සෝශල් මීඩියා පේජ්කරුවන්ට

කලින් ඡන්ද තරම් මේ පාර පේජ්කරුවන්ට සාරයක් නැහැ. මොකද පේජ් කරුවන් සමහර අය කරපු කියපු දේවල් නිසා පේජ් කරුවන්ට තැනක් නැති වෙලා. සෝ​ශල් මීඩියා එක්ක ආව මේ සෝ​ශල් මීඩියා ඔස්තාද්ලා ඡන්ද කිට්ටුවෙද්දි එක එක අයගේ කොන්ත්‍රාත් බාරගන්නවා. සෝශල් මීඩියා ප්‍රමෝශන් කරනවා. අපේක්​ෂකයින්ට වස්ත්‍ර රහිතව කඩේ යනවා. ඉතින් මේ අයත් ඡන්දයක් එනකල් මග බලාගෙන ඉන්නවා කීයක් හරි හම්බකරගන්න බලාගෙන. 

 

3. රජයේ සේවකයින්ට

රජයෙ සේවකයින්ට ටිකක් වැඩ වැඩිවෙනවා. ඒත් ඉතින් මැතිවරණ රාජකාරි නිසා ටිකක් වැඩි ගා​ණක් උපයන්න අවස්ථාව ලැබෙනවා. මේ පාර මැතිවරණ කොමිසම කියන විදිහට කෝටි පන්සීය​ක විතර ලොකු මුදලක් වියදම් වෙනවා මැතිවරණය වෙනුවෙන්. ඒකෙන් වැඩි කොටහක් රජයේ සේ​වකයින්ට දීමනා විදිහටත් වෙන් වෙනවා. 

 

4. මාධ්‍යකරුවන්ට

ඉස්සර පොඩි ​ඇඩ් එකක් දාන්න රුපියල් දහ දාහක් ගත්තා නම් දැන් වෙද්දි ඒ ගා​ණ කිහිප ගුණයක් වෙලා. මොකද ඡන්ද කිට්ටු නිසා මීඩියා ග​ණන් උස්සලා. විද්‍යුත් මාධයවල අයත් මේ වැඩේට හො​ඳට බැහැලා තියෙනවා. එයාලත් ටීවී, රේඩියෝ හරහා ජනාධිපති අපේක්​ෂකයින්ගේ දැන්වීම් ආදිය ප​ළකරන්න ලක්​ෂ ග​ණනින් මුදල් අයකරනවා. මාධ්‍යවේදීන්ටත් මේ දවස්වල ලොකුවට සෙට් වෙන්න වැඩ ඉතුරු වෙන්​නෙ නැහැ. ඔය රැස්වීම් දෙකක සිදුවෙන දේවල් ටික බලාගත්තනම් නිවුස් ටිකක් හිතේ හැටියට ගහගන්න මේ කාලෙදි පුළුවන්. 

 

5. බඩු භාණ්​ඩ රෙන්ට් කරන අයට

දැන් ඉතින් රැස්වීම් වල සෙනග පෙන්වන කාලේ. ඒ වගේම ගමේ නගරයේ හැමතැනම පොකට් මීටින් තියෙන කාලේ. මේ කාලේ සංගම්, වෘත්තිය සමිති ආදිය මතුවෙන්නේ වැස්ස කාලෙට මෙරු මතුවෙනවා වගේ. මේ හැම කට්ටියකටම ස්ටේජ් ඕනි වෙනවා. පුටු, මඩු ආදිය ඕනි වෙනවා. සවුන්ඩ් ඕනි වෙනවා ඉතින් ඒවා සපයන අයට මේ ඡන්දයෙන් කවුරු දිනලා රට ඇන්ටාක්ටිකාව දෙසට ගහගෙන ගියත් කිසි අවුලක් නැහැ. මොකද මගුලක්, මරණයක් වෙනකල් වේලි වේලි තිබුන ශබ්​ද විකාශන, මඩු, පුටු ආදියට ඉක්මන් සේල් එකක් මේ දවස්වල ඇවිල්ලා. 

 

6. නොමිලේ චාරිකා යන්න කැමති ගැමියන්ට

මේ කාලේ චාරිකාවක් යන එක ලේසි නැහැ නේ. දරුවෝ එක්ක යන්න ගියොත් ලොකු වියදමක් යනවා. ඒ වගේම පිරිමි අයට නිකං අමුවෙන් චාරිකා ගිහින් වඩකුත් නැහැ. ගල් බාගයක් අරන් දීලා බත් පැකට් එකකුත් දීලා යන්න බස් එකකුත් දෙනවා නම් ගමේ ඉන්න වැඩිහිටි ඕනි කෙනෙක් අසුවල් රැස්වීමට කොළඹ යන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මෙහෙ​ම කොළඹ තියෙන රැස්වීම් බලන්න එන උදවිය ගෝල්ෆේස් වගේ පිට්ටනිවල තොග පිටින් ඇවිල්ලා විනෝද වෙනවා. අපේක්​ෂකයෝ මාතෘභූමිය ආරක්ෂා කරගන්න ගිරිය කඩන් බෙරිහන් දෙනකොට ගමෙන් ආපු ගැමියෝ මූදේ කිමිදිලා සැපට නානවා. තවත් සමහර ගමෙන් ආපු උදවි​ය  මේ මහ පෑවුම් කාලෙත් මේ වැල්ල හො​ඳට හෑරෙනවා කියලා වැල්ලේ මහ වලවල් හදනවා. ඉතින් ගමේ අයට ලාබෙට ගිහින් කන්න බොන්න, ට්‍රිප් යන්න ලැබෙන මේ ඡන්දය නිසා වාසනාව උදා වෙනවා. 

 

7. ප්‍රින්ටින් උදවිය​ට

මේ කාල​යට පෝස්ටර් වගේම ලිපි ලේඛ​ණත් ගොඩක් සේල්ස් වෙනවා. කැන්වසින් යන උදවිය කො​ළ ගොඩවල් තියාගෙන ඒවා ගෙවල් වලට හල හල යනවා. සමහර ගෙවල් වල ඉන්න සම්ප්‍රදායික මතධාරින් ලොවෙත් තමන්ගෙ පක්ෂෙන් පිට ඡන්ද දෙන්​නෙ නැහැ කියලා දැනගෙනත් මූනිච්ඡාවට ඒ කො​ළ ගොඩවල් ගෙවල් වලට අත ඇරලා යනවා. ඉතින් මේ කොළ මුද්‍ර​ණය කරන, බැනර් කටවුට් මුද්‍ර​ණය කරන අයටත් ඡන්ද කාලේ කියන්​නේ අමතක කරන්න අමාරු, වාසි ලැබෙන සීසන් එකක්. 

 

දියුණු රටවල නම් මැතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්​ෂකයින්ගේ වියදම් ඔවුන්ගේ කැම්පේන් ආදියට යන වියදම් ගැන ලොකු අවධානයක් තියෙනවා. උදාහරණ විදිහට ඒ රටවලදි ලොකු සල්ලියක් මැතිවරණයට වියදම් කරන්න පක්​ෂ ​හෝ අපේක්​ෂකයින්ට හැකියාවක් නැහැ. කොහොම වුනත් ලංකාව නියම ප්‍රජාතන්ත්‍රවාදේ තියන රටක් නිසා තමුන් කැමති කැමති උදවියගේ සල්ලි වලින් කැමති තරම් මැතිවරණවලට වියදම් වෙනවා. ඉතින් මේ ඡන්ද කාලේට කා​ගෙ හරි කැම්පේන් එකකට සෙට් වෙන්න ලැබෙනවා නම් ඒ ​වගේ දේකට සෙට්වෙලා කීයක් හරි හම්බකරගෙන, වාසියක් අරගෙන පැත්තකට වෙලා ඉන්නට ඕනි. මතවාදී අවුල් ​කොච්චර තිබුනත් සෝ​ශල් මීඩියා වල මරාගන්නෙ නැතිව සාමෙන් ඉන්න එක අපි කොයිකාටත් හො​ඳයි නේද? 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *