ලංකාවේ ආහාර වල වර්තමාන බියජන​ක තත්ත්වය

බොහෝ කතාබහට ලක්වෙන, ඒත් ලංකාවට අත්වෙලා තියන ඛේදනීය ඉරණමක් ගැන කතා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. අපි කාටත් අදාළ වෙන මේ වෙනකොට කතා කළ යුතුම මාතෘකාවක් තමයි මේක. හැමදෙනාම අවධානෙන් කියවන්න කියලා ආරාධනා කරනවා.

 

1. සාමාන්‍යයෙන් අපේ කෑම රටාව

අපේ ජීවන රටාවන් එකිනෙකට වෙනස්නේ. සමහරු ජොබ් කරන බිසී අය. සමහරු ගෙදර ඉඳන් ​බබාලා බලන් ඉන්න අය. තවත් අය ස්වයං රැකියාවක් කරන් ජීවත් වෙන අය. ඒ කොයි කවුරු උනත් තුන්වේල කාලා ඉන්න අය. ඒත් කෑම රටාවේ වෙනස්කම් වෙන්න පුළුවන්. දවාලට ගෙදරක ඉන්න කෙනෙක් උණුවෙන් බත් ටිකක් උයන් කනවා වගේ නෙමෙයිනේ රස්සාවට යන කෙනෙක් උදේම නැගිටගෙන උයාගෙන ගෙනත් කන ඒක. ඒ වගේමයි ව්‍යාපාරයක් කරන කෙනෙක් ඉන්න තැනක ඉ​ඳලා කඩේකින් කාලා බීලා දවස ගෙවන්නෙ. ඒ වගේම නගරාසන්නයේ ජීවත්වෙන අය ටක් ගාලා කඩෙන් මොනාහරි ගෙනත් කන්න, ඕඩර් කරන්න පුරුදු වෙලා ඇතිනේ. එහෙම එක එක්කෙනා ජීවත් වෙන ර​ට අනුව, ගෙවන ජීවන රටාව අනුව කෑම වර්ග වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිනම් අද කතා කරන්නෙ ලංකාවේ දැන් තියන කෑම වල තත්ත්වෙ ගැනයි.

 

2. පළතුරු ගෙඩියක් හොයාගන්න තියන අමාරුවක්

පළතුරු ගෙඩියක් හැමදාම කෑමකට එක්කරගන්න එක හො​ඳයි කියලා කිව්වට දැන් ඉතින් වස විස නැති පළතුරක් හොයාගන්න ගොඩක් අමාරුයිනේ. ඒකනේ දැන් ගමේ ඉදවපු පළතුරු කියලා වෙනම තැන් බිහිවෙලා තියෙන්නෙ පළතුරු ගන්න. කෙසෙල් ගෙඩියක් ගත්තත්, ගස්ලබු ගෙඩියක් ගත්තත් පිටින් ලස්සන කහ පාටට තිබ්බට ඇතුලෙ ඇටවත් පීදීලා නැති ගස්ලබු අපිට හම්බෙලා ඇති. ඒ වෙන මොනවත් නෙමෙයි  පළතුර ඉදුණු බව පෙන්වන්න කාබයිට් අතේ ගාගෙන ඇඟිලි වලින් ගෙඩියෙ ඉරි 5 හිටින්න අඳිනවා .ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට ගහේ ඉදුණා වගේනේ පේන්නේ. ඒ වගේම පළතුරුවලට පණුවො එන එක ව​ළක්වන්න ගහේදිම තෙල් බේත් ඉහින්න දැන් වගාකරුවො පෙළඹිලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ මෙච්චර පළතුරු තියෙද්දි රටවලින් පළතුරු ගෙන්නන එක දැන් ජනප්‍රි​ය වෙ​ළඳාමක් වෙලා.

ඒ විතරක්ද? ගෙදර කොස් ගහක් නැති කෙනෙක් මාකට් එකෙන් මදුළු ගලවපු කොස් මල්ලක් ගන්න? සමහර වෙලාව​ට වෙළෙඳාම් වැඩි කරගන්න හාපික් දාපු වතුරෙ කොස් මදුළු දාලා තියනවා කහට පිපෙන එක වළක්වගන්න. රටින් ගේන පළතුරු උනත් මාස ගාණක් පෙට්ටිවල පල් වෙලා මෙහෙ ගෙනාවම තව කල්තියාගන්න දේවල් ඇඩ් කරලා වෙළෙඳපොළට ආවම ඒවා කන අපි ගැන කවර කතාද? ඉතින් මේවා දන්න මිනිස්සු වැඩි මුදලක් දීලා හරි ගමේ ඉදවපු ප​ළතුරු හොයන් යන එක අරුමයක් නෙමෙයි.

 

3. එළවළු හා කුළුබඩු  වලට දැන් වෙලා තියන දේ

එළවලු ගොවීන්ගෙ කතාව නම් තරමක් දුරට දුක්බර උනත් ලංකාව වගේ රටක එළවලු වගාව මීට වඩා වෙනස් විය යුතුමයි. බලන්න එළවලු ගොවියෙක් හම්බවෙලා එයාලා කියයි මේවට ඇඩ් කරන කෙමිකල් කොච්චරද කියලා. දැනට ලංකාවේ වැඩිපුරම කෙමිකල් භාවිතා කරන එළවළුව වෙන්නෙ බෝංචි කියලයි සඳහන් වෙන්නෙ. ඒ වගේම  මල්ගෝවා, ගෝවා, කැරට්, ලීක්ස් වලට දාන කෙමිකල් ගොඩ දැක්කම අපි කන්නෙ මොන වසද කියලා හිතෙයි.

ගම්මිරිස් ඇට වලට ගස්ලබු ඇට වේලලා දාන එ​ක, මිරිස් කුඩු වලට පාන්පිටි එක්ක ඩයි කලවම් කරන එක, කහකුඩු වලට මෙතැනිල් කහ දාන එක ලංකාවේ කුළුබඩු ව්‍යාපාරිකයන්ට අලුත් දේවල් නෙමෙයි. හැමදෙයකම බලන් ගියාම වස විස විතරමයි.

 

4. මස්, මාළු නැවුම්ව කන්න පුළුවන්ද?

ලංකාවෙ ආහාර නම් එන්න එන්නම පිරිහිලා යන නිසා මේ කාණ්ඩේ ආහාර නැවුම්ව කන්න පුළුවන් කියලා හිතන්න බෑ. වාර්තා වෙන විදියට මාළු මාකට් එකේ විකුණන මාළුන්ට මැස්සො ලං නොවෙන්නෙ ෆෝමලීන් කියන ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය මාළුන්ට ගාලා තියන නිසාලු. ඒ වගේම පරණ මාළුන්ට අලුත් මාළුන්ගෙ ලේ දාලා නැවුම් බව ගන්න හදනවා. ඒ වගේම මදුරු නා​ෂක වි​ෂ ඉහිනවා. කොහොමද ඉතින් මෙටොෆ්ලූත්‍රින් වගේ රසායනික ද්‍රව්‍ය​යක් ශරීරගත උනාම.

දැන් අපි චිකන් වලට එමු. මේ වෙනකොට බ්‍රොයිලර් පැටව් ෆාම් වල හදන එක ලොකු බිස්නස් එකක්නේ. දවස් 21න් 30න් එලියට අරන් මසට විකුණන්න කුකුලන්ව තරබාරු කරගන්න දවස් 1න් පටන් අරන් දවස් 12, 14, 19 හා 25න් වගේ වැක්සින් කරනවා. ඒ ඔක්කොම හෝමෝන්ස්, බෙහෙත් වර්ග තමා. ගෙනාපු දවසෙ ඉ​ඳලා වෙනම ඩ්‍රග් කෝස් එකක් යනවා ඇන්ටිබයොටික් එක්කම. මාසෙ මැද වගේ සෙමට තව එකක් පටන් ගන්නවා. ඒ අතරට රස්නෙට බෙහෙත් දෙනවා. ඒ අතරෙ ලෙඩ උනොත් තවත් බෙහෙත් දෙනවා. බලන්න දවස් 30න් එළියට එන කුකු​ළට දෙන බෙහෙත් ගොඩ. මේවා වෙළෙ​ඳපොළට ආවම අපිම නේද කන්නෙ? කොච්චර විසක් අපේ ශරීරයට යනවද කියලා නිකමට හිතලා බලන්න. ඒ වගේද රැනිකට්, ගම්බෝරෝ වගේ ලෙඩ හැදිලා මැරෙන සත්තුන්ව අඩු මිලට කඩවල් වලින් මිලට අරන් රයිස්, කොත්තු වලට දානවා.

අපි රස කර කර කන කරවල වලට බැටරි ඇසිඩ් දාලා ඒවා කර වෙන්න වේලන්න නොකරන දෙයක් නෑ. මොකෝ දැන් හැම එක්කෙනාම අව්වෙ වේලනවද? හැමදේම බිස්නස් එකක් වෙලා, සෞඛ්‍ය ගැන එක්කෙනෙක්වත් නොහිතන තැනට අද රට පත්වෙලා.

 

5. සුපර්මාකට් මාෆියාව

මේක නම් අද වසංගතයක් වගේ පැතිරීගෙන යන දෙයක්. සුපර්මාකට් කියන කන්සෙප්ට් එක ගැන නෙමෙයි එහෙම කිව්වෙ. සුපර්මාකට් නම මුවා​වෙන් ආහාර පත්වෙලා තියන තත්ත්වෙ ගැන. එළවළු ,පළතුරු, මස් මාළු විතරක් නෙමෙයි, පැකට් කළ ආහාරත් දැන් විකුණන්නෙ සම්පුර්ණයෙන්ම බොරු කරලා. එක්ස්පයර් ඩේට් වෙනස් කරලා අළුතෙන් ලේබල් ගැසීම, එක්ස්පයර් වෙන්න ලං උන බඩු අඩු මුදලට ලබා දීම. උදාහරණ විදියට ගත්තොත් එක්ස්පයර් උන කේක් පෙට්ටියෙන් ගලවලා කෑලි කපලා වෙනම ට්‍රේ එකක කෙසෙල් ගෙඩියක් එක්ක දාලා කවුන්ටර් එක ලඟ තියලා තියනවා. ඒ වගේම නරක් වෙන්න කිට්ටු මාළු, මස් බැදලා පොඩි පොඩි ඩිශ් හදලා ඒ වගේම ප්‍රයිස් කරලා දාලා තියනවා. නරක් උන පළතුරු, පැත්තක් නරක් උන පළතුරු කපලා ජූස් හදලා, ෆෘට් සැලඩ් එක හදලා තියෙන්නෙ අපේ ලේසියට, අපිට තියන ආදරේට නම් නෙමෙයි. ඇයි පැකට් කරලා ෆ්‍රීසර් වලා දාලා තියන කට්ලට්, රෝල්ස් උනත් බැදලා ලස්සනට දිලිසි දිලිසි තියෙන්නෙ එක්ස්පයර් ඩේට් පහු උන ඒවා කියලා නොතේරෙන අයත් නැතුවම නෙමෙයි.

 

6. දැඩි ආහාර ප්‍රතිපත්තියක අවශ්‍යතාවය

මේ තත්ත්වෙ ගොඩක් ​ඔඩු දුවලා තියෙන්නෙ අපේ රටේ ලිහිල් ආහා​ර ප්‍රතිපත්ති නිසාමයි. ආහාර වලට සෘජුව බලපාන ප්‍රතිපත්ති තිබුණත් ඒවා ක්‍රියාත්ම​ක මට්ටමේ නොපැවතීම, නිසි නියාමනයක් සිදු නොවීම වැනි කරුණු රාශියක් මේකට බලපාලා තියනවා. ඒ වගේම දැන් මුදලට සියල්ලම යට වෙලා තියෙන්නෙ. සල්ලි ටිකක් දුන්න ගමන් රේගුවෙන් බඩු ටික පාස් කරගන්න එක සිම්පල්. ඒවයින් ලාබ ලැබුවට සමස්ථ මහජනයාම මේ යන්නෙ විනාශ මුඛයට නේද කියලා පාලකයින් කවදා තේරුම් ගනීවිද?

 

7. ආහාර හා මහජනයාගෙ වගකීම

මේකට අපේ පැත්​තෙනුත් වගකීමක් තියනවා. ඒ කියන්නෙ බුද්ධිමත් පාරිභෝගිකයන් හැටියට අපි බඩුවක් මිලට ගන්න​කොට මිල විත​රක් ස​ළකලා බලන්නෙ නැතුව විශේෂයෙන්ම ගුණාත්මකභාවය ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. ආහාර ද්‍රව්‍ය​යක එක්ස්පයර් ඩේට් සඳහන් වේනම් ඒක බලලා ගන්න පුරුදු වෙන්න ඕනේ. පොඩි ​ළමයින්ට කෑම දෙනකොට ගොඩක් සැළකිලිමත් වෙන්න. වෙළෙඳ, ව්‍යාපාරික මේ කවුරු උනත් රටේ මනුස්සයො විදිහට ජාතිය ගැන සිතා බලා කටයුතු කිරීම අපේ වගකීමක්. ඔව් ඒක වගකීමක්. අපි හිතට අරන් වැඩ කරමු.