ඔබ ගැබ් ගෙන ඇතිදැයි බැලීමට නිවසේදීම කළ හැකි යැයි කිය​න දේවල්

ලිංගික එකතුවීමකින් පස්සේ ඔබ ඇත්තටම ගැබ් අරගෙන ද නැති ද කියන සැකය ඔබට එන්න ඕනි මෙතුවක් කල් නිසි ලෙස සිදු වුණ මාසික ඔසප් වීමේ දිනය වෙනස් වුණා නම්. සමහර අයට නම් මේ ඔසප් වීම නිසි ලෙස දින ගණනකට අනුව සිද්ධ වෙන්නේ නැති නමුත් සති  තුනක් හතරක් ඔසප් වීම වුණේ නැත්නම් වැඩේ හරි. මේ බව තහවුරු කරගන්න බටහිර රටවල බොහෝ කාන්තාවන් ප්‍රෙග්නන්සි ස්ට්‍රිප්ස් පාවිච්චි කරත් ෆාමසියට ගිහිල්ලා ඕවා ඉල්ලන්න අපේ උදවිය ලැජ්ජයි. ඒ නිසා ඒ වෙනුවට යම් යම් දේවල් කරන්න පුරුදු වෙලා තියනවා. අන්න එහෙම ක්‍රම කීපයක් ගැන තමයි අපි මේ කියන්නේ.

 

මේවා 100%ක් ම සාර්ථකයි කියන්න බෑ. ඒ නිසා යම් සැකයක් තියනවානම් ස්ට්‍රිප්ස් භාවිත කිරීම හෝ වෛද්‍යවරයෙකු හමු වීම වඩා යෝග්‍ය වෙනවා.



1. සීනී ආශ්‍රිත පරීක්ෂණය


ලේසියට පහසුවට ඉස්සෙල්ලාම කරන්න පෙළෙඹෙන්නේ මේකයි. ගෙදරක සීනි හොයාගන්න අපහසුවක් නැහැනේ. සීනී මේස හැඳි 3ක් පිරිසිදු විනිවිද පෙනෙන බඳුනකට දාගන්නවා. ඊට පස්සේ කෝප්පයක් පමණ පිරෙන ප්‍රමාණයක මුත්‍රා සාම්පලයක් අරගෙන අර සීනීවලට එකතු කරනවා. විනාඩි 10ක් පමණ තියෙන්න ඇරියාට පස්සේ පෙණ වගේ ද්‍රාවණයක් දකින්න තියනවා නම් ඔබ ගැබ් අරගෙන. මුල් ස්වරූපයෙන් ම තියනවා නම් එහෙම දෙයක් නෑ. මේ සඳහා වඩාත් සුදුසු කාලය උදෑසන අවදි වූ ගමන් කියලයි කියන්නේ.



2. දත් බෙහෙත් පරික්ෂාව


කලින් වගේම මේකට ඩප්පි දෙකක් ඕනෑ කරනවා. එකකට සුදු පාට දත් බෙහෙත් අවශ්‍ය පමණට දාගන්නවා. අනෙක තමයි මුත්‍රා සාම්පලය. හිමින් හිමින් දත්බෙහෙත්වලට මුත්‍රා එකතු කරනවා. ගැබ් ගෙන ඇති නම් සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් නිසා දත්බෙහෙත්වල පාටෙහි වෙනසක් නැත්නම් පෙණ නගින ගතියක් දකින්න පුළුවන් ලු.



3. ෂැම්පු පරික්ෂාව


භාජන දෙකක් අවශ්‍ය වෙනවා. එකකට මුත්‍ර සාම්පලයක් එක් කරනවා. අනෙකට වතුර ටිකක් එකතු කරලා අන්තිමේ ෂැම්පු බින්දු කීපයක් එකතු කරනවා. මේකට අර කලින් භාජනයේ තිබුණ මුත්‍රා එකතු කරලා මදක් නිරීක්ෂණය කරනවා. පෙණ ඇති වෙනවා නම් ගැබ් ගෙන ඇති බවකුත්, මුකුත් ම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැත්නම් ගැබ් ගැනිමක් සිද්ධ වෙලා නැති බවකුත් තමයි කියවෙන්​නේ.



4. ලුණු පරික්ෂාව


විනිවිද පෙනෙන බඳුනකට උදෑසන පළමු මුත්‍රා දැමීමෙන් සාම්පලයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට ලුණු ඇබින්දක් එකතු කරනවා. මහා ගොඩක් දාන්න යන්නත් එපා. ඊට පස්සේ නිරීක්ෂණය තමයි ඉතින්. භාජනයේ දියරය ක්ෂීරමය ස්වාභාවයක් ගන්නවා නම් ගැබ් ගැනීමක් සිද්ධ වෙලා තියනවා. එහෙම මුකුත් නැත්නම් එවැනි ගැබ්ගැනීමක් සිද්ධ වෙලා නැහැ.



5. සබන් පරික්ෂාව


මේකට ඉතින් නිකරුණේ සම්පූර්ණ සබන් කැටයක් ම නාස්ති කරන්න ඕනි නැහැ. සබන් කෑල්ලකින් පොඩි පෙත්තක් නැත්නම් ඉවර වෙන්න ළඟ සබන් කෑල්ලක් ගන්න. ඊට පස්සේ ඒක විනිවිද පෙනෙන බඳුනක දාලා උදෑසන පළමු මුත්‍රා සාම්පලයෙන් පොඩ්ඩක් සබන් පෙත්ත වැසෙන තරමට වක් කරන්න. පෙණ ගතියක් එක්ක සබන් කැටේ සමඟ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා වගේ පේනවා නම් ගැබ් ගැනිමකට ඇති හැකියාව වැඩියි.



6. බේකින් සෝඩා පරික්ෂාව


කෑමට කොහොම වුණත් ගොඩක් ගෙදර වෙන පරික්ෂාවලට බේකින් සෝඩා අවශ්‍ය වෙනවා. දැන් බලන්න මෙතැන්ටත් ඕනි වෙලානේ. ප්ලාස්ටික් කෝප්පයකට ලුණු මේස හැඳි දෙකක් දානවා. ඒකට මුත්‍රා ස්වල්පයක් එක් කරනවා. එතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා පෙණ හැදෙන ගතියක් දකින්න පුළුවන් වුණා නම් ගැබ් ගෙන කියා හිතන්න පුළුවන්.



7. රෙදි සෝදන කුඩු පරික්ෂාව


රෙදි සෝදන්න ගන්න ඕනෑම බ්‍රෑන්ඩ් එකක කුඩු වර්ගයක් වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. පිරිසිදු බඳුනකට අපි ඉස්සෙල්ලා ම මුත්‍රා සාම්පලයක් ගන්න ඕනි. ඊට පස්සේ මේ කුඩු ඒකට එක් කරලා කැටි නොගැසෙන්න හොඳින් කලවම් කරනවා. වෙනදට ජලය සමඟ මිශ්‍ර කරාම දකිනවට වඩා වෙනස් විදියේ ප්‍රතික්‍රියාවක් සහ පෙණ දකින්න ලැබෙනවා නම් ප්‍රතිඵලය පොසිටිව් සීන් එකක් තියෙන්නේ.

 

අවසාන වශයෙනුත් අපි කියන්න කැමතියි මේ කියන පරික්ෂාවන් විද්‍යාත්මකව 100%ක් නිවැරදි ඒවා වගට ඔප්පු කිරීමක් කළ ඒවා නොවන බවට. ඒ නිසා ස්ට්‍රිප්ස් භාවිතාව සහ වෛද්‍ය පරික්ෂාවක් සිදුකර ගැනීම වගේ නිරවද්‍යතාවය අතින් ඉහළ පියවරක් භාවිතා කරන්න කියලා තමයි අපිනම් රෙකමදාරු කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *