මේක සාමාන්‍යයෙන් ඕනම කොල්ලෙක් මූණ දෙන උභතෝකෝටික තත්ත්වයක් කිව්වොත් නිවැරදියි. මොකද සාමාන්‍යයෙන් කොල්ලෙක්ගේ රූම් එකක තත්ත්වය ගැන හිතුවහම, තමන්ගේම ගෑණු ළමයව වුනත් ඒ රූම් එකට එක්කගෙන යන්න කැමති කරගන්න එක සෑහෙන අමාරු වැඩක්. හැබැයි ඉතින් අපි මේ කියන්නේ කොල්ලගේ රූම් එකට යන්න කෙල්ලව කැමති කරගන්න එක ගැන නෙවෙයි. යාලු වෙලා ඉන්න ගෑණු ළමයත් එක්ක පොඩ්ඩක් ආදරේ විඳින්න කියලා රූම් එකකට – ඒ කියන්නේ හොටෙල් රූම් එකකට යන එක ගැන තමයි මේ කියන්නේ. ඒක ඉතින් ආගන්තුක දෙයක් නෙවෙයි. මේ රටේ ලෝකේ සිද්ධ වෙන දෙයක්නේ.
හැබැයි මතක තියාගන්න. සංස්කෘතිය, සදාචාරය මේ දේවල් නිසා කුඩුපට්ටම් වෙනවා කියලා කෑගහන කට්ටිය සම්පූර්ණ ආටිකල් එක කියවලා එන එක හොඳයි!
1. වයස හරිද බලන්ඩ මල්ලි!
ගෑණු ළමයව රූම් එකකට එක්කරගෙන යන්න කැමති කරගන්න පළවෙනි පියවර තියන්න නම්, වයස හරිද බලන්න ඕන. ගෑණු ළමයගේ විතරක් නෙවෙයි මල්ලි, තමුන්ගේත් වයස හරිද බලන්න ඕන. ආන්න ඒ නිසා කරුණාකරලා තමන් නීතියෙන් වැඩිහිටියන් නෙවෙයි නම්, ඒ කියන්නේ වයස අවුරුදු 18 ට අඩු නම් රූම් යන්න හිතන්න එපා. ඔව්, නීතියේ විදියට අවුරුදු 16 ට වැඩි නම් බාලාපරාධ වලට අහු නොවී සෙක්ස් කරන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් අපි අවුරුදු 18 සීමාව තියාගන්න කියලා තමයි කියන්නේ. ඉතින් වයස හරි නම්, ගෑණු ළමයගෙන් ලොකු විරුද්ධත්වයක් එන්න තියෙන ඉඩ අඩුයි.
2. සුපර් ප්ලේස් එක!
ගෑණු ළමයව රූම් එකට එක්කරගෙන යන්න කැමති කරවා ගන්න නම්, ඔය අනං මනං කසඩ ප්ලේස් වලට එක්කගෙන ගිහිල්ලා බෑ. හොඳ රෙස්පා ප්ලේස් එකක්, කචල් නැති, හොරෙන් සෙක්ස් කරන එව්වා රෙකෝඩ් කරන කැමරා නැති, හොරෙන් එබිලා බලන ඇස්කොට්ලා නැති ප්ලේස් එකක් වෙන්න ඕන. හොඳම දේ තමයි “මම දන්න තැනකට යන්නෙ, යංකෝ” කියලා සර්ප්‍රයිස් දෙන්න කෙල්ලව එක්කගෙන නොයා, තැන කොතනද කියන එක කලින්ම කියලා තියෙන එක. ඔය booking.com වගේ තැනකින් බුක් කරනවා නම් තැන මේකයි කියලා කලින්ම කියන්න පුළුවන්. ඉතින් ලියාපදිංචි වෙලා තියෙන, පිරිසිදු, හොඳ ප්ලේස් එකකට ගෑණු ළමයව එක්කරගෙන යනවා නම්, එයාත් ලොකුවට අකමැති වෙන්නේ නෑ!
3. අපි යන්නේ සෙක්ස් කරන්න තමයි, ඇයි අවුල්ද?
එහෙම කියලා පොල්ලෙන් ගැහුවා වගේ කිවුවොත් නං කෙල්ල මලාට යන්න කැමති වෙන එකක් නෑ. හැබැයි “සුදූ අපි කොහේ හරි ලඟ තැනකට ගිහින් පොඩ්ඩක් නිදහසේ කථා කර කර ඉමුද?” කියලා ගියත්, අනිවාර්‍යයෙන්ම සෙක්ස් කරන්න කෙල්ලව හෙමින් සැරේ පොළඹවා ගන්න එක ඔප්ෂන් එකක් නෙවෙයි. අඩු තරමින් ඊට කලින් කථාබහකදී හරි දෙන්නා අතර සන්නිවේදනය වෙලා තියෙන්න ඕන, සෙක්ස් කිරීම සම්බන්ධයෙන් ගෑණු ළමයා පොසිටිව් කියන එක සහ, දෙන්නා සෙක්ස් කරනකොට යන්න පුළුවන් සීමාව මේකයි කියන එක. එහෙම යනවා නම් උපත් පාලනය, ආරක්ෂිත ලිංගික හැසිරීම් වගේ දේවල් ගැනත් කලින් හිතලා තියන්න ඕන. එහෙම නැතුව එන විදියකට මූණ දෙන්න නම් සෙක්ස් කරන්න රූම් යන්න එපා!
4. සුදූ මම ඔයාව බඳිනවාමනේ!
මේක ගෑණු ළමයව රූම් එක්කරගෙන යන්න ලේසි වෙන්න ගොඩක් කොල්ලෝ කියන කථාවක්. හැබැයි අපි කියන්නේ මේක නියම කොල්ලෙක් නං අනිවාර්‍යයෙන්ම නොකිව යුතු කථාවක් කියලා තමයි. ඇයි එහෙම කියන්නේ? ආදරේ කරනවා කියන්නේ එක දෙයක්. හැබැයි කසාද බඳිනවා කියන්නේ ඒකට හාත්පසින්ම වෙනස් දෙයක්. කසාදය කියන එකට යන්න කලින් සම්බන්ධතාවය කැඩෙන්න පුළුවන්, ආදරේ වෙනස් වෙන්න පුළුවන්, බාහිර ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ නිසා කසාදේ දිව්‍යමය වචනය වගේ ඉස්සරහට දාලා කෙල්ලෙක්ව සෙක්ස් කරන්න කැමති කරගන්න එක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.
5. හරි වයසට ඇවිල්ලත් ජීවිතේ විඳින්නේ නැතිනම් මේ ජීවිතේ මක්කටෙයි?
ආන්න ගෑණු ළමයව කැමති කරගන්න කියන්න පුළුවන් හොඳ පොයින්ට් එකක්. ඇත්ත, සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක සෙක්ස් කරන්නේ කසාද බැන්දහම විතරයි. ඒකටත් අවුරුදු විසි ගණන් වල අග, සමහර වෙලාවට අවුරුදු තිහ පනින කල් ඉන්න වෙනවා. හැබැයි ඊට කලින් තමන් ආදරේ කරන මනුස්සයෙක් එක්ක ජීවිතේ රස විඳින එක තහනම්ද? අපි කියන්නේ නෑ කියලා. ඕන නම් තමන්ගේ සීමාවන් දැනගෙන ඉන්න පුළුවන්. සෙක්ස් කරනවා කියන්නේ තනිකරම ලිංගේන්ද්‍රියන් අතර සිද්ධ වෙන ගනුදෙනුවක් විතරයි කියලා හිතන අය සෙක්ස් සම්බන්ධයෙන් වැඩි දුරටත් ඉගෙන ගන්න ඕන. ආන්න එතකොට ජීවිතේ විඳින්න පුළුවන් කාටවත් කරදරයක් නොවී.
6. ඔයාත් මමත් කැමති පිච් එකේ මැච් එක ගහමු!
සාමාන්‍යයෙන් සෙක්ස් කියන සබ්ජෙක්ට් එකට ගියහම ඕන කෙනෙක්ගේ ලිමිට් පනිනවා. කොන්ට්‍රෝල් එක නැති වෙනවා. ඒක තමයි සාමාන්‍ය විදිය. ඒකනේ ඔය කථා කර කර ඉන්න කියලා රූම් ගිහිල්ලා, ඉන් පස්සේ “නංගි මට මොනව වුනාද මන්දා” කියලා කොල්ලා කියනකොට, “අනේ මට කිසි දෙයක් හිතාගන්න බෑ” කියලා කෙල්ල අඬන්නේ. හැබැයි එහෙම කොන්ට්‍රෝල් නැති අය රූම් ගිහින්, සෙක්ස් කරන එකම අපරාධයක්. ආන්න ඒ නිසා රූම් යන්න කලින්, කෙල්ලගේත් තමන්ගේත් එකඟත්වයක් තියෙන්න ඕන තමන් ලිංගිකව හැසිරෙන සීමාව මොකද්ද කියන එක. කෙල්ල කියනවා නම් යෝනි මාර්ගික ලිංගික සංසර්ගයට යන්න ඕන කියලා, කොල්ලත් ඒකට කැමති නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ තරම් දුර යන්න අකමැති නම්, රූම් එකකට ගිහින් ආදරේ විඳිනකොට නොදැනුවත්වම එතනට නොයන්න කන්ට්‍රෝල් එකක් එක්කෙනෙක්ට හරි දෙන්නටම හරි තියෙන්න ඕන. ආන්න ඒ කන්ට්‍රෝල් එක තමන්ට තියෙනවා කියලා කෙල්ලට සහතික කරන්න කොල්ලෙක්ට පුළුවන් නම්, කෙල්ල ඒ කොල්ලත් එක්ක රූම් එකකට යන්න පැකිළෙන එකක් නෑ!
7. මම ඔබ සමගයි!
මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. කෙල්ලෙක්ව රූම් එකකට එක්කරගෙන යන්න ඕන කොල්ලෙක්ට පුළුවන්. හැබැයි ඒ කෙල්ලගේත්, තමන්ගේත් වගකීම වැඩිහිටියෙක් විදියට ගන්න පුළුවන් සිරාම සිරා කොල්ලෙක්ට විතරයි. ඒ කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න විතරක් දහසක් බොරු කියලා කෙල්ලව රූම් එකට එක්කරගෙන නොයා, තමන් එක්ක යන කෙල්ලව මොන තත්ත්වයක් යටතේ වුනත් ආරක්ෂා කරන එක, කෙල්ලගේ පරිස්සම ගැන බලන එක, මොන කයිකතන්දර ආවත් කෙල්ලව අත ඇරලා පැනලා දුවන්නේ නැතුව ලඟින් ඉන්න එක කරන්න පුළුවන් එල කොල්ලෙක් නම්, එහෙම කොල්ලෙක් එක්ක කෙල්ලෙක් රූම් එකකට ගිහින් ආදරේ විඳින්න පැකිළෙන්නේ නෑ. තමන් එහෙම කොල්ලෙක් වෙන එකත්, ඒ බව කෙල්ලට ඒත්තු ගන්වන එකත් තමන්ගේ වැඩක්.
Leave a Reply