තවමත් සිනමාශාලාවල නොම්බර එකේ චිත්‍රපටය විදියට වාර්තා බිඳගෙන, ගෞරව බුහුමන් ලබාගෙන, හෝල් එකෙන් පිටට එන හැමෝටම අම්මටහුඩු කියවෙන 2019 වසරේ චිත්‍රපටය තමයි The Joker. මේ චිත්‍රපටය සුපිරියක් වෙන්නේ ඒකේ සංකල්පය, අධ්‍යක්ෂණය, කැමරාකරණය, වර්ණ භාවිතය, සංගීතය වගේම වචනයෙන් කිව නොහෙන තරම් අපූරු රංගනය නිසා. ඔබ නොදත් මේ කරුණු ඒ සුපිරිය තවත් වැඩි කරාවි.
1. රාත්තල් 50ක් බර අඩු කර ගැනීම
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය චරිතාංග නළුවෙකු වෙන යොකීන් ෆීනික්ස් අතිනුයි සිද්ධ වුණේ. යොකීන් කියන්නේ සාමාන්‍යයෙන් හැඩිදැඩි සහ පුෂ්ටිමත් මනුස්සයෙක්. වැඩිය ඕනි නෑ ෆිලුම ඉවර වෙලා මේ දැන් ඔහු සහභාගී වන මොකක් හරි ටීවී ෂෝ එකක් බලන්නකෝ. ඒ ශක්තිවන්තයා එතන ඉන්නවා. The Joker චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ආතර් අතිශය දුර්වල මනුස්සයෙක්. සිය ජීවිතය පුරාම විඳපු දුක පෙන්වන එක දෙයක් තමයි ඔහුගේ කෙසඟ සිරුර. ඉතින් අර වගේ පුෂ්ටිමත් කෙනෙක් කොහොමද කෙසඟ සිරුරකට හිමිකම් කිව්වේ? රාත්තල් 50ක් නැත්නම් කිලෝ 20ක පමණ ප්‍රමාණයක් අඩු කර ගැනීමෙන්. ඒ චිත්‍රපටයට තිබුණ කැපවීම එය සාර්ථක වෙන්න බලපාලා තියනවා.
2. ගූගල් මැප්වල ජෝකර් පඩිපෙළ
ජෝකර් චිත්‍රපටයේ සුවිශේෂ ස්ථානයක් වන පියගැටපෙළක් තියනවා. ස්පොයිලර් නැතුව කියනවා නම් ට්‍රේලර්වල වුණත් ජෝකර් ෆුල් කිට මරන් නටාගෙන පහළට බහිනවා පෙන්වන්නේ මේ තරප්පු පෙළේ. ඒක නිව්යෝක්වල බ්‍රොන්ස් හි දකින්න තියන තරප්පු පෙළක්. කොහොමහරි දැන් ගූගල් පැත්තේ ගියා ම මේ ස්ථානය The Joker Stairway කියලා දකින්න පුළුවන්. ඒ වගේ ම මේ ස්ථානය අයිති කැටගරි එකට දාලා තියෙන්නේ ආගමික ස්ථානයක් විදියටයි.
3. වර්ෂ 1981 කතාවක්
ජෝකර් කියන්නේ DC සිනමා විශ්වයට අයත් චරිතයක්. ජෝකර් චිත්‍රපටය පසුබිම් කරගන්නේ 1981 වර්ෂය. ඒකට හේතුව විදියට සිනමාපටයේ අධ්‍යක්ෂ කියන්නේ DC සිනමා විශ්වයේ අනෙක් එක එක පැටලිලි සහගත කතන්දර එක්ක මේක පටලගන්න ඕනි නැති විත්තියයි. කොටින් ම කියනවා නම් මෙතන ඉන්න ආතර් කියන චරිතය සුවිශේෂ කරන්නයි. ඇත්තට ම ඒක මෙතන දී සිදු වුණා කියන්නත් පුළුවන්. හීත් ලෙජර් ජෝකර් විදියට හිටපු ප්‍රතාපවත් ගතිය පවා අලුත් ජෝකර්ට නෑ. ඒ රඟපෑමේවත් චරිතයේවත් ගොන්කමක් නෙවේ. ඒක තමයි පිටපත.
4. පිටපතෙන් පිට
මේක නම් ටිකක් විතර ස්පොයිලර් කේස් එකක්. ජෝකර් තමන්ගේ ජීවිතය ම වෙනස් කරගන්නේ තමන් අති වුණ විශාල වැරැද්දකින්. ඒ වරද කරලා කෙලින් ම ඔහු දුවලා එන්නේ පොදු වැසිකිළියකට. එතැන දී ඔහු අතිශය භාවය දනවන නර්ථනයක් ඉදිරිපත් කරනවා. ඒක පිටපතෙන් පිට ව ඒ මොහොතේ යොකීන් කළ දෙයක්.
5. සිනහව අධ්‍යයනය
ජෝකර් හිනාව ලෝකයේ ඇහෙන්න පුළුවන් භයානක ම හිනාවක්. ඒ හිනාව හරි විදියට ඇඟට ගත්තම තමයි චරිතය කරන්න ලේසි. ජෝකර් චිත්‍රපටයේ ආතර්ට හිනාව සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තියනවා. ඒක ස්නායු රෝගයක්. ඉතින් හිනාව ඇඟට ගන්න යොකීන් කරලා තියෙන්නේ Pathological Laughter කියන ස්නායු ආබාධය ඇති පුද්ගලයන් අධ්‍යයනය කිරීමයි.
6. ළමා බෲස් වේන්
බෲස් වේන් නැත්නම් බැට්මෑන්ගේ ළමා කාලයේ තැන් කීපයක් The Joker චිත්‍රපටයේ තියනවා. එහෙම තියන එක නෙවේ වැඩේ. ඒ චරිතයට පණ දෙන ළමා නළුවා සහ යොකීන් ෆීනික්ස් අතර කතාවකුයි මේ. ඒ ළමා නළුවා ම තමයි You Were Never Really Here කියන යොකීන්ගේ චිත්‍රපටයේ ඔහුගේ ළමා කාලය නිරූපණය කරන්නේ.
7. අනෙක් නිර්මාණවලින් පෝෂණය වීම
Batman: The Killing Joke චිත්‍ර කතාවේ තියෙන කතා හරයට The Joker හැම අතින් ම සමානයි. ඒ වගේ ම තමයි කතාවේ සංකල්පය සහ චරිතය ගොඩනැංවීම සඳහා Taxi Driver, King of Comedy වගේ චිත්‍රපට භාවිත කිරීම. වැඩේ කියන්නේ ඒ දෙකේ ප්‍රධාන චරිතය කරන්නේ මේ ෆිල්ම් එකෙත් තනිකර පිස්සු පීකුදු කතා නායකයෙක් වන රොබර්ට් ඩි නීරෝ අතින් වීමයි.
Leave a Reply