රස වෑහෙන පෝක් රෙසිපි 5ක්

පෝක් කිව්වම ඉතින් රස දන්නෝ දනිතිනෙ. නොකන අය නම් මේ ආර්ටිකල් එක නොබැලුවට කමක් නෑ. ඒත් ඉතින් කන අයට අසාධාරණයක් කරන්න බෑනේ. ඔන්න අද අපි වෙනස් රස වලින් පෝක් හදාගන්න හැටි කියලා දෙන්නයි ආවෙ. හදලා බලල කමෙන්ට් එකකින් අපිටත් රස කියන්නකො එහෙනම්. 

 

1. රෝස්ටඩ් හනී ග්ලේස්ඩ් පෝක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

සීසනින් එකට

 

  1. සෝයා සෝස් කෝප්ප 1
  2. සීනි කෝප්ප 1/4
  3. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 3
  4. කටු රහිත ග්‍රෑම් 500ක පෝක් කෑල්ලක්

 

ග්ලේස් එකට

 

  1. දුඹුරු සීනි කෝප්ප 1
  2. මී පැණි කෝප්ප 1/2
  3. සෝයාසෝස් මේස හැඳි 2

 

  • පෝක් කෑල්ල අරන් දික් අතට දෙපැත්තෙන්ම ඉරි කපාගන්න වෙන් වෙන්නෙ නැති වෙන විදියට. සීසනින් එකට අවශ්‍ය සෝයා සෝස් වලට සීනි, චොප්කරගත් සුදුළූණු දාලා කලවම් කරගන්න. දැන් කපාගත් පෝක් කෑල්ලට මේ ටික උඩින් දාලා පැයක් සීසන් වෙන්න තියන්න.  දැන් මේක ෆොයිල් එකක ඔතලා සෙල්සිය 135C°ට පැයක් වගේ බේක් කරන්න.
  • පැයකින් එළියට අරන් ග්ලේස් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික කලවම් කරලා පෝක් කෑල්ල උඩින් දාලා තව පැය කාලක් වගේ බේක් කරගන්න.

 

2. ස්පයිසි පෝක් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලොකුළූණු  ගෙඩි 1
  2. අමු ඉඟුරු කෑල්ලක්
  3. රම්පේ, කරපිංචා 
  4. සුදුළූණු බික් 3-4
  5. කහකුඩු තේ හැඳි 1/2
  6. ලුණු ටිකක්

 

සීසනින් එකට අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෝක් ග්‍රෑම් 500
  2. වියළි මිරිස් කරල් කීපයක්
  3. ගම්මිරිස් ඇට ටිකක්
  4. බැදපු කුරුඳු පොතු ටිකක්
  5. තුනපහ කුඩු

 

  • පෝක් ටික පොඩි කෑලි වලට කපාගන්න. උඩින් කිව්ව සීසනින් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික ග්‍රයින්ඩ් කරලා මස් වලට දාලා පැයක් මැරිනේට් කරගන්න.
  • ඉතිරි ද්‍රව්‍ය ඔක්කොම වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා තික් මිශ්‍රණයක් හදාගන්න. දැන් මැරිනේට් කරගත් මස් ටික අරන් භාජනයකට දාල අඩු ගින්දරේ ලිපේ තියලා රත් වෙනකොට මේ බ්ලෙන්ඩ් කරගත්ත ග්‍රේවි එක දාගන්න. විනාඩි 40ක් වගේ පිසගන්න. ලුණු රස බලලා දාගන්න.

 

3. ගාලික් පෝක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෝක් ග්‍රෑම් 500
  2. ලොකුළූණු ගෙඩි 3
  3. චොප්කරගත් සුදුළූණු බික් 6
  4. ගම්මිරිස් කුඩු මේස හැඳි 2
  5. කෝන්ෆ්ලා මේස හැඳි 1
  6. ෆිශ් සෝස් ටිකක්
  7. පෝක් ස්ටොක් කප් 1 (චිකන් ස්ටොක් හෝ වෙජිටබල් ස්ටොක් උනත් කමක් නෑ)
  8. ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
  9. සෝයා සෝස් මේස හැඳි 1
  10. තක්කාලි ගෙඩි 1
  11. ලුණු ස්වල්පයක්

 

  • මස් කෑලි ටික පොඩියට කපලා ෆිශ් සෝස්, ලුණු, ගම්මිරිස් කුඩු දලා පැයක් මැරිනේට් කරගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ස්වල්පයක් දාලා මස් ටික යාන්තමට බැදගන්න. මස් ටික පෑන් එකෙන් අයින් කරලා ඒකට අවශ්‍ය නම් විතරක් තව තෙල් ටිකක් දාලා රත් වෙනකොට චොප්කරගත් සුදුළූණු ටික එකතු කරන්න.
  • සුදුළූණු ටික පිච්චෙන්න නොදී ටිකකින් මස් ටික එකතු කරන්න. මේකට ස්ටොක් වතුර ටික දාලා ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් දාගන්න. දැන් කෝන්ෆ්ලා ටිකක් වතුරෙ දිය කරලා ඒකත් දාගන්න.
  • ඒ අතරතුර ලොකු ළූණු ටික ටිකක් ලොකු කෑලි වලට කපාගන්න. තක්කාලිත් හතරට කපාගන්න. මස් ටික තැම්බුනාම මේ ටික අන්තිමට දාලා ටිකකින් ලිප ඕෆ් කරන්න.

 

4. මස්ටර්ඩ් පෝක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෝක් ග්‍රෑම් 500
  2. අබ ක්‍රීම් මේස හැඳි 4
  3. තක්කාලි ගෙඩි 3
  4. ලොකු ළූණු ගෙඩි 2
  5. මාළු මිරිස් කරල් 3
  6. සුදුළූණු බික් 3-4
  7. චොප්කරගත් ඉඟුරු 
  8. රම්පේ /කරපිංචා 
  9. කුරුඳු පොතු කෑල්ලක්
  10. විනාකිරි
  11. ලුණු ටිකක්
  12. ගම්මිරිස්කුඩු මේස හැඳි 2
  13. කහ තේ හැඳි 1

 

  • පෝක් ටික පොඩි කෑලි වලට කපාගෙන විනාකිරි ටිකක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු අතගාලා මැරිනේට් වෙන්න පැයක් තියන්න.
  • පෑන් එකක් අරන් තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු හා ඉඟුරු දාලා බැදෙන්න අරින්න.
  • මේකට රම්පේ හා කරපිංචා දාලා මැරිනේට් කරගත්ත පෝක් ටිකත් දාලා ටිකක් ෆ්‍රයි වෙන්න දෙන්න.
  • පෝක් ටික තෙලෙන් තැම්බීගෙන එනකොට කපාගත් ලොකු ළූණු, මාළු මිරිස්, තක්කාලි කපලා  දාගන්න. ගම්මිරිස්කුඩු අවශ්‍ය තරම් දාගෙන අන්තිමට අබ ක්‍රීම් ටික දාගන්න. රස අනුව ලුණු දාගෙන ලිපෙන් බාගන්න.

 

5. ස්ටෆ්ඩ් පෝක් චොප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ක්‍රීම් චීස් කෝප්ප 1
  2. ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  3. ගාලික් පව්ඩර් තේ හැඳි 1
  4. කපාගත් ළූණු කොළ කෝප්ප 1/4
  5. පිසගත් බේකන් කෝප්ප 1/2 (චොප්කරගත් )
  6. කටු රහිත තරමක පෝක් කෑලි කිහිපයක් 
  7. ලුණු 
  8. ගම්මිරිස් කුඩු

 

බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. බිස්කට් කුඩු කෝප්ප 1
  3. ගසාගත් බිත්තර 2

 

  • පෝක්, ලුණු සහ ගම්මිරිස් කුඩු හැර ඉතිරි ඔක්කොම හොඳට කලවම් කරගන්න.
  • පෝක් කෑලි ටික වෙන් නොවෙන විදියට දෙකට පලාගන්න. දැන් ලුණු හා ගම්මිරිස් කුඩු දාලා පැයක් විතර මැරිනේට් කරගන්න. 
  • පැයකට පස්සෙ කලින් හදාගත්තු මිශ්‍රණය දෙකට පලාගත්ත පෝක් කෑල්ල මැදට පුරවගන්න. 
  • දැන් පෝක් කෑලි ටික පාන්පිටි වල තවරලා අරන් බිත්තර සාරු වල දාලා බිස්කට් කුඩු තවරගන්න. දැන් ගැඹුරු තෙලේ අඩු රස්නෙන් බැදලා ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *