රූපවාහිනිය ලංකාවට පැමිණීමත් එක්ක ලංකාවේ ගීත ක්ෂේත්රයෙත් විශාල වර්ධනයක් සිද්ධ වුණා. ඒ මුල්කාලීන බොහෝ ටෙලිනාට්‍යවල තේමා ගීතයට අමතරව ගීත රාශියක් ඇතුළත් වීම නිසා. අද අපි කතා කරන්න යන්නේ අපි පොඩි කාලේ ටෙලි නාට්‍ය හරහා අහන්න ලැබුණු ගීත කීපයක් ගැන. හැබැයි මේ ලැයිස්තුවට අපි ඇතුළත් කරලා තියෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් .ආටිකල් එක කියවලා බලලා ඔබේ මතකයට එන මේ ලයිස්තුවට ඇතුලත් නොවුණු තවත් ටෙලිනාට්‍ය ගීත ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත අපි මේ ආටිකල් එකෙන් දෙවැනි කොටසකුත් ලියන්න ලෑස්තියි. ඒ වගේම මේ ආටිකල් එක අපි ලියන්නේ ටිකක් වෙනස් විදිහකට.අපි අදාළ ගීතයේ නම සඳහන් කරන්නේ නැතුව ඔබට මුලින් ඒ ගීතය අහන්න ලින්ක් එක ලබා දෙනවා. ඊට පස්සේ තමයි ඒ ගීතය ගැන විස්තර කරන්නේ.
1.
ගීතය අහද්දි මේ ගීතය අඩංගු වෙච්ච ටෙලිනාට්‍ය ගැන මතකය අවදි වුණා කියලා අපි හිතනවා. ඔව්. මේ ගීතය ඇතුළත් වුණේ ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයට. ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ චම්පා ශ්‍රියානි සහ ලක්ෂ්මන් විජේසේකර. මේ ගීතය ගායනා කරන්නේ ලක්ෂ්මන් විජේසේකර සමගින් සමිතා එරන්දතී මුදුන්කොටුව. සමිතාගේ අද කටහඬට වඩා එදා කටහඬේ ඉතාමත් ලාබාල ස්වරූපයක් රැඳී තිබුණා කියලා කිව්වොත් නිවැරදියි කියලා හිතනවා.
2.
ලංකාවේ විකාශනය වුණු පළවෙනි සංගීතමය ටෙලි නාට්‍ය විදිහට රේඛා ටෙලි නාට්‍ය හඳුන්වන්න පුළුවන්. මේ ටෙලි නාට්‍ය සඳහා දේවිකා මිහිරාණි, ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රලේඛා පෙරේරා තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මේ ටෙලි නාට්‍යයට තවත් ජනප්‍රිය ගීත ගණනාවක් ඇතුළත් වුණා. “නීල නුවන් යුග” සහ “දැල් වූ පහන් ” ඒ ගීත අතර තිබූ ජනප්‍රිය ගීත දෙකක්.
3.
සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කරපු ‘ඉටි පහන්’ නවකතාව සෝමරත්න දිසානායක විසින් ඉටිපහන් එක සහ ඉටිපහන් දෙක වශයෙන් ටෙලි නාට්‍ය දෙකකට රූපවාහිනියට ගෙන ආවා. වසන්ති චතුරාණි සහ නිල්මිණි තෙන්නකෝන් එහි ප්‍රධාන චරිතවලට රංගන දායකත්වය ලබා දුන්නා. නන්දා මාලනී විසින් ගායනා කරපු තේමා ගීතය ජනප්‍රිය ධාරාවේ ගීතයක් නොවුනත් බොහෝ දෙනා ඒ ගීතයට ඇලුම් කළා.
4.
දෝන ඉසබෙලා කොරනේලියා එහෙමත් නැතිනම් අපි හැමෝම දන්න ගජමන් නෝනාගේ ජීවිත කතාව රූපවාහිනියෙන් ටෙලි නාට්‍යයක් විදිහට එද්දී ගජමන් නෝනා වෙනුවෙන් කවි ගායනා කළේ නන්දා මාලිනී මහත්මිය. එතුමිය ම ඒ ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් ගායනා කළා.
5.
ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වෙච්ච සංගීත ටෙලි නාට්‍යයක් විදිහට ‘සුසීමා’ ටෙලි නාට්‍යයත් හඳුන්වා දෙන්න පුළුවන්. මැණික් කුරුකුලසූරිය ප්‍රධාන චරිතය රඟපාපු මේ ටෙලි නාට්‍යයේ කතාව ගලාගෙන යන්නේ ඇයගේ අත පතා තරුණයින් දෙදෙනෙක් දරණ උත්සහයක් ගැන. කලින් දක්වපු ගීතය ජැක්සන් ඇන්තනී සහ ක්ලැරන්ස් විජේවර්ධන විසින් ගායනා කරනවා.
6.
ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ඕනෙම නිර්මාණයක්, ඒ කියන්නේ වේදිකා නාට්‍යයක් ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටියක් නිම වෙන්නේ සිංහල ගීත ක්ෂේත්රයට තවත් ලස්සන ගීත ගණනාවක් එකතු කරමින්. මේ ඒකට හොඳම උදාහරණයක්. මාලිනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු මේ ගීතය ඇතුළත් වන්නේ “වෙද හාමිනේ” ටෙලි නාට්‍ය සඳහා.
7.
‘ඇසළ කළුවර’ ටෙලිනාට්‍යයට ඇතුළත් වෙලා තිබ්බ මේ ගීතයට හඬ දායකත්වය ලබා දෙන්නේ සමන්ත පෙරේරා සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල. මේ ගීතයේ රූප රාමු සඳහා දායකත්වය ලබා දුන්නේ ලූෂන් බුලත්සිංහල සබීතා පෙරේරා සහ කමල් අද්දරාරච්චි.
එහෙමනම් අපි ආටිකල් එක පටන් ගනිද්දි කිව්වා වගේම ඔබේ ඔළුවට එන වෙනත් ටෙලි නාට්‍ය ගීත ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. ඉන් ලැබෙන ප්‍රතිචාර මත මේ ආටිකල් එකේ ඊළඟ කොටස ලියන්න අපි සූදානම්.
Leave a Reply