ඩ්‍රොප්ෂිපින් (Dropshipping) කරන ඔබට වැදගත් වෙන ටූල්ස් කීපයක්

අලුත් ලෝකයේ බිස්නස් අයිඩියා ඔක්කොම වගේ අන්තර්ජා​ලය එක්ක තමයි පැටලිලා තියෙන්නේ. එහෙම බොහෝ දෙනෙක් දැන් පුරුදු වෙලා තියනවා ඩ්‍රොප්ෂිපින් කරන්න. එතැන දී වෙන්නේ සරලව ම කිව්වොතින් තමන්ගේ නොවන භාණ්ඩ ලාභයක් තියාගෙන විකිණීම. ඔව් ඒක අමු කුණුහරුපයක් වගෙ තමයි. හැබැයි වැඩේ වෙන්නේ එහෙමයි. ඩ්‍රොප්ෂිපින් එහෙම අයන්නේ ඉඳන් ලියලා උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තනිව උගත යුතුයි. ඒ ඉගැනිල්ලේ දී අත්‍යවශ්‍ය වෙන දේවල් තමයි මේ. වඩාත් සාර්ථක බිස්නස් එකකට මේ ටික ඇති.

 

ඩ්‍රොප්ෂිපිං ගැන මූලික දැනුමක් ගන්න පුළුවන් වීඩියෝස් ​යූටියුබ් එකෙන් ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. මේ ඒ එක වීඩියෝවක්.

 


1. Aiveera


Aiveera කියන්නේ Chrome extension එකක්. මේකෙ දී ඇත්තටම වෙන්නේ අපි Aiveera එකට පෙන්වන අයිටම් එකට සමාන අයිටම් එකක් අපිට Ali Express කියන සයිට් එකෙන් පෙන්වා දීම. Extension එක දාගත්තට පස්සේ ඕනෑම පින්තූරයක් වෙබ් පිටුවක එනකොට ඊට උඩින් කොළ පාට ලකුණක් දිස් වෙන්න ගන්නවා. ඒක එබුවා ම අදාළ අයිටම් එකට සමාන අයිටම් අපිට පෙන්වනවා. මේකෙන් වැඩේ ලේසි වෙනවා. ඒ කියන්නේ අපිම අමාරුවෙන් අයිටම් සර්ච් කරන්න දඟලන්න ඕනි නෑ.

2. eBay Popularity Sort


ලංකාවේ ගොඩක් අය ඩ්‍රොප්ෂිපින් කරන්නේ eBayවලින් නිසා මේක ගොඩක් වැදගත් වෙයි. ඩ්‍රොප්ෂිපින් කරද්දී වෙන ලොකු ම ප්‍රශ්නේ තමයි සේල්ස් වැඩි ප්‍රොඩක්ට් එකක් හොයාගන්න එක. ඒකට තමයි මේ ගැජට් එක තියෙන්නේ. ඒකත් extension එකක්. අපි මොකක් හරි අයිටමයක් සර්ච් කරාම ඒකට ලැබෙන උත්තර ලැබෙන්නේ වැඩිම ජනප්‍රියත්වයක් තියන එකේ ඉඳන් පහළට වෙන්න. ඒක නිකන් ම සර්ච් කරාට වෙන දෙයක් නෙවේ. මේ extension එක භාවිත කරොත් විතරයි ඒ වාසිය.

3. Seller Hub


eBay එකේ ම තියන දෙයක් වුණාට ඒ ගැන වැඩිය කවුරුත් දන්නේ නෑ. eBay සයිට් එකට ගිහින් Seller Hub එනේබල් කරා කියන්නේ සෑහෙන ගොඩ. මුළු බිස්නස් එක ගැන ම සම්පූර්ණ විස්තර සහිත ඩේටාබේස් එකක් මෙතනින් ලැබෙනවා. ඒ විතරක් නෙවේ  Seller Hub එකේ තියන Product Research හරහා මාකට් එකක් තියන ප්‍රොඩක්ට්ස් අඳුරගන්න ලේසියි.



4. Zik Analytics


කලින් සඳහන් කරපු තුන ම නොමිලයේ ලබා ගන්න පුළුවන් සේවා. ඒත් මේකට මාසිකව ගෙවීමක් කරන්න ඕනි. ඒත් ඉතින් වටිනවා හරියට කරගෙන ගියොත්. මේක පාවිච්චි කරන්නෙත් හොඳට ම සේල්ස් තියන ප්‍රොඩක්ට්ස් හොයන්න. ​ඒ වගේම එහෙම සේල්ස් තියන අයගේ ෂොප් විස්තර සම්පූර්ණයෙන් ම ඔබට පෙන්වා දෙන එක මේකෙන් සිදු කෙරෙනවා. මාසයකට ඩොලර් 29.99 ඉඳන් මේකේ ගණන් හිලව් පටන් ගන්නේ.



5. Amazon Best Sellers


ඩ්‍රොප්ෂිපින් කරද්දී මොන ඊ කොමස් සයිට් එක තෝරාගත්තත් දෙයියනේ කියලා ඒ හැමෝටම සෙත සලසනවා Amazon. එතැන දී එයාලා තමන්ගේ සයිට් එකේ ජනප්‍රිය අයිටම් මේ විදියට ලිස්ට් කරාට ඕවා ම තමයි අනෙක් ඒවයෙත් ජනප්‍රිය. වැඩේ කියන්නේ අනෙක් කට්ටිය ඒක පෙන්වන්නේ නැතිකම.



6. Shopmaster

මේකෙන් පුළුවන් වෙනවා තමන්ගේ බිස්නස් එකක් කාර්‍යක්ෂ​ම විදියට කරගෙන යන්න. Ali Express වගේම තවත් ඒ වගේ සයිට් කීපයක ම තියන අයිටම් ලිස්ට් කරන එක ඉම්පෝට් කරලා ඔටෝ කරලා දෙනවා. නොමිලයේ සේවාවක් තියනවා හැබැයි ඒකේ විශේෂ වරප්‍රසාද අඩුයි. යන්තන් ගේමක් ගහන්න පුළුවන්. ඊට පස්සේ එක එක ගණන්වලට පැකේජ් තියනවා.


7. Google Trends


මේක ඉතින් ගූගල් දෙයියා නිකන් දෙන තවත් එකක්. අපි ඩ්‍රොප්ෂිපින් කරද්දී වැඩියෙන් අවධානය දෙන්නේ ඇමරිකාවේ ප්‍රජාවට. අපිට ලංකාවේ මිනිස්සු අන්තර්ජාලයේ මොනවා හොයනවද කියන්නවත් දැනුමක් නැති කොට පිටරටක මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් බලන්නේ කොහොමද? ඒ Google Trends මගින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *