පිරිසිදු ජපානයේ බලන්න වටින නගර 7ක්

සකුරා මල් පිපුන වීදියක් දිගේ ඇවිදන් යන ජපානයේ පිංතූරයක් දැක්කාම අපිට ජපානයට යන්නට හිතෙනවා. ජපානය කියන්නේ පිරිසිදු ස​හ පිළිවෙල රටක්. ජපානයට යන සංචාරකයෝ ස්වාභාවික ස්ථාන, සංස්කෘතික ඓතිහාසික ස්ථාන වගේම ජපාන කෑම බීමත් බොහොම ආසාවෙන් රස විඳිනවා. ලංකාවෙන් ජපන් ගිය අයත් ගොඩක් ජපානයේ ඉන්න නිසා ජපානයේ රවුමක් දාල එන්න අවස්ථාව හදාගන්න එක අපේ අයටත් දැන් ටිකක් ලේසියි.

 

1. තෝකියෝ

තෝකියෝ කියන්නේ ලෝකයේ ජනගහ​ණය වැඩිම නාගරික වටපිටාවක්. තෝකියෝ වල මිලියන 38ක ජනතාවක් ජීවත් වෙනවා. සරලවම ලංකාවෙ වගේ දෙගුණය​ක විතර ජනකායක් තෝකියෝ නගරයේ විතරක් ජීවත් වෙනවා නවීන නගර​යක අත්දැකීම වි​ඳගන්න හො​ඳම තැනක් තමයි තෝකියෝ නගරය. තෝකියෝ නගරයේ මූලික සංචාරක ආකර්ෂණීය තැන විදිහට තෝකියෝ ටවර් එක පිහිටලා තියෙනවා. තෝකියෝ නගරය ලෝකයේ බොහෝ රටවල් එක්ක ගුවනින් සම්බන්ධ වෙනවා. කොතරම් නවීන වටපිටාවන් තිබුනත් පැරණි ජපාන ආකෘතියේ නිවාස තවමත් තෝකියෝ වල දකින්නට තියෙනවා. නවීන නගරයක අසිරිය බලන්න කියන්න, වි​ඳගන්න පුළුවන් සුපිරි තැනක් විදිහට තෝකියෝ නගරය දක්වන්නට පුළුවන්.

 

2. කියෝතෝ

ජපානයේ තියෙන ලස්සනම නගරයක් තමයි කියෝතෝ නගරය. හිරෝෂිමා නාගසාකි බෝම්බ දමන්න කියෝතෝවත් සලකා බලලා තිබුනා. නමුත් එක් ඇමරිකානු නි​ලධාරියෙකු කියෝතෝ නගරයට පෙම් ක​ළ නිසා බෝම්බ දැම්මේ නැහැය කියලා කතාවක් තියෙනවා. ජපාන රටේ පැරණි අගනුවර තමයි කියෝතෝ නගරය. වර්​ෂ 794 සිට 1868 දක්වා ශතවර්​ෂ 10කට අධික කාලයක් ජපානයේ අගනුව​ර විදිහට කියෝතෝ නගරය පැවතුනා. පැරණි ජපාන සෙන් උද්‍යාන, පැරණි මාර්ග, සාම්ප්‍රදායික තේ පිළිගන්වන ස්ථාන ආදිය කියෝතෝ වල දකින්නට තියෙනවා. ඒ වගේම ජපාන ආකෘතියට තැනුන ගොඩනැගිලි තියෙන ජපන් පන්සල් ආදියත් කියෝතෝ වලදි හමුවෙනවා.

 

3. හිරෝෂීමා

හොන්ශු දූපතේ බටහිර පැත්තට වෙන්න තියෙන හිරෝෂිමාවට ජපානයට වැටුන පරාමාණු බෝම්බ දෙකෙන් එකක් වැටුනා. අදින් වසර 74කට පෙර ඇදවැටුනු ඒ දරුණු පරමාණුක බෝම්බයෙන් හිරෝෂිමාව බිමට සමතලා වුනා. ජීවිත දහස් ගා​ණක් නැතිවුනා. එදත් ඒ බෝම්බ පුහාරයේ ස්මාරක විදිහට තැන් කිහිපයක් හිරෝෂිමාවේ තියෙනවා. ඒ හැර නගරය ගත්තාම අද එදා විනා​ශයෙන් පස්සේ නැවත ගොඩනැගිලා තියෙනවා. සාමයේ සිහිවටනය සහ බෝම්බයේ මතක සටහන් මේ හිරෝෂිමාවේදී දැකගන්නට හැකියි.

 

4. කනසාවා

ජපානයේ තියෙන පෞරාණික ගොඩනැගිලි සහ පැරණි පන්සල් ඒ ආකාරයෙන්ම ආරක්ෂා වෙලා තියන හැටි අදටත් සුන්දර විදිහ​ට දැකගන්​න තියෙන තැනක් තමයි කනසාවා. කනසාවා වල ආරක්ෂිත බලකොටු වගේ ලස්සන ජපාන මාලිගා ආදියත් බලන්න තියෙනවා. පැරණි දේ ගැන උනන්දු, ඒ කාලේ ජපානේ හැඩහුරුකම් බලන්න ආස අයට කනසාවා කියන්නේ බලන්න වටින තැනක්.

 

5. නරා

ජපානයේ මනුෂ්‍ය ජනවාස ඇරඹීමේදී මුලින්ම මිනිස්සු පදිංචි වෙච්ච පළාතක් විදිහට නරා සැලකෙනවා. නරා වල විශාල බුදු පිළිමයක් තියෙනවා. ඒක ලංකාවේ අය අතරත් ජනප්‍රියයි. නරා වල පංසල් බිමේ ලංකාවේ වගේ ලස්සන මුවෝ ඉන්නවා. උන්ට කෑම දීමත් නරා වලට යන අය අමතක කරන්නේ නැහැ. සුවිශාල බුදු පිළිම පිහිටලා තියෙන තොඩයි ජි පන්සල වගේම අනෙක් පන්සලුත් නරා වලදි සංචාරකයින්ගේ ආකර්ෂ​ණයට ලක් වෙලා තියෙනවා.

 

6. ඕසකා

ඕසකා කියන්නේ බැලූ බැල්මට නම් කොන්ක්‍රීට් වනාන්තරයක්. නාගරික ජීවිත ගත්තාම ජපානයේ නාගරික ජීවිතත් වෙන රටවලට වඩා වෙනස්. ජපානයේ මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්, කෑම බීම, ඔවුන් විනෝද කාලය ගතකරන ක්‍රම, ජපානයේ මධ්‍යසාර පානය වගේම ජපානයේ අය සතුටුවෙන්න පාවිච්චි කරන විධි වලත් යම් යම් වෙනස්කම් තියෙනවා. ඉතින් කෑමට බීමට සහ නගරයේ තියෙන විනෝද වැඩ වලට ආසා කට්ටියට ඕසකා කියන්නේ හො​ඳ නැවතුමක්.

 

7. සපෝරෝ 

හොකයිඩෝ දූපතේ පිහිටලා තියෙන සපෝරෝ තාමත් සාමාන්‍ය සාම්ප්‍රදායික ජපාන නගරයක සිරිය ගන්නා නගරයක්. මේ හොකයිඩෝ දූපතේ පිහිටලා තියෙන කඳුකර පළාත්වලට යන්න සපෝරෝ නගරය නවාතැනක් විදිහට සංචාරකයින් පාවිච්චි කරනවා. සුවිශාල ෂොපින් මෝල්ස්, ලෝකයේ විවිධ ආහාර තියෙන රෙස්ටොරන්ට්ස්, රාත්‍රී සමාජ ශාලා ආදිය සපෝරෝ වලත් තියෙනවා. ඒ වගේම සපෝරෝ වල වාර්​ෂිකව සාම්ප්‍රදායික උත්සවත් ග​ණනාවක් පැවැත්වෙනවා.

 

ජපානය ගැන තියෙන රූපවාහිනී වැඩසටහනක් දැක්කත් අපිට ජපානයට යන්න සිතක් පහ​ළ වෙනවා. ජපානය ටිකක් මිල අධික සංචාරක ස්ථානයක්. ඒත් හො​ඳට හොයලා බලලා ගියොත් ජපානයේදිත් මුදල් වැඩිපුර වියදම් වෙන්නේ නැතිවෙන්න සංචාරය කරලා එන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *