වෙඩින් එකක් කියන්නෙ ජීවිතේට එකපාරක් විතරක් ලැබෙන අත්දැකීමක්නෙ. හැමෝම කැමතියි තමන්ගෙ දවස ලස්සනට ප්ලෑන් කරන්න. අපි අද ඔයාලට කියන්නෙ ලක්ෂ 10ක බජට් එකක් ඇතුලෙ වෙඩින් එකක් කොහොමද ලස්සනට ප්ලෑන් කරගන්නෙ කියලායි. මේක කොස්ට් කටින් වෙඩින් එකක් උනත් හැමදෙයක්ම ඇතුව ලස්සනට කරගන්න හැටි තමයි අපි අද කියන්නෙ.
1. මනාල යුවළ/ බියුටීශියන්/ කෲ එක
වෙඩිං එක දවසට ප්‍රධාන තැනක් දෙන්න ඕනෙ මේ මනාල යුවලටනෙ. එතැනිනුත් මනමාලිට. ඒ නිසා මනමාලිව ඩ්‍රෙස් කරන වැඩේ දන්න කියන, වැඩ හොඳයි කියලා පිළිගන්න කෙනෙක්ට කියලා අඩුවට කරගන්න පුළුවන්. හරියටම කිව්වොත් 80,000 – 100,00 වගේ ඇතුලත මනමාලි හා එයාගෙ කෲ එකේ මේකප්, ඩ්‍රෙස් මේකින්, ෆ්ලවර් බොකේස් මේ සියල්ලම කරගන්න පුළුවන්. ඒ වගේම තමුන්ට අතින් කරගන්න පුළුවන් සියලුම වැඩ කරගන්න බලන්න. උදාහරණයක් විදියට ඔය මල් බොකේස් ටික හදන්න පිටකොටුවෙන් තීම් කලර් එකට මැච් වෙන්න මල් ගෙනල්ලා අපිට ගෙදරදිම හදාගන්න පුළුවන්. ඒ වගේම බ්‍රයිඩ් ෆ්‍රොක් එකක් අඳිනවනම් රු 15,000/= ඉඳලා රෙන්ට් එකට ගන්න තියනවා. සාරි එකක් නම් අස්ලාම් මාකට් එකට ගියාම පිස්සු හැදෙන්න සාරි තියනවා. ඒවයින් ලස්සන චාම් එකක් රු.20,000/=කට වගේ අරන් අතින් ස්ටෝන් වර්ක් එකක් වගේ දාගෙන ලස්සන කරගන්න අපිට පුළුවන්. ඒ වගේම බ්‍රයිඩ්ස්මේඩ්, ෆ්ලවර්ගර්ල් ඇඳුම් හදන වැඩේ උනත්. ලස්සන චාම් ඩිසයින් එකක් බලලා මැටීරියල් ගන්නවනම් ඉතින් කෝකටත් තෛලෙට වගේ පිටකොටුවෙන් වගේම, මල්වාන, එයාපෝට් එක හරියෙ කෝවින්නේ අඩුවට ලස්සන රෙදි වර්ග ගන්න පුළුවන්. එහෙම අරන් ඔයාලා දන්න හොඳට මහන කෙනෙක්ට දීලා මහගන්න. වර්ක් එකක් වගේ ඉතින් ඔයාලට කරගන්න පුළුවන් නෙ. ඒ දේවල් කරගත්තොත් බියුටීශියන්ගෙන් අපිට අඩුවට අන්දන වැඩේ කරගන්න පුළුවන්. මොකද බ්‍රයිඩ්ල් පැකේජස් තියෙන්නෙ ඔය උඩින් කිව්ව ඔක්කොම ඇතුළත් කරලා නිසා නිකන්ම ගණන් වැඩි වෙනවා. මනමාලයගෙ සූට් එක නම් මනමාලිට ගැලපෙන කලර් එකකින් මහගන්න හරි රෙන්ට් එකට ගන්න හරි පුළුවන්. රු.12,000 ඉඳලා බ්ලේසර් මහන තැන් තියනවා. ඒ වගේම බෙස්ට්මන්ලට බ්ලේසර්ස් හරි මුල් ඇඳුම් වගේ අඳිනවනම් රෙන්ට් කරවගන්නත් පුළුවන්.
2. රිසෙප්ශන් සූදානම් කරගන්නෙ කොහොමද?
ඊලඟට ලොකුම දේ මේක.වෙඩින් එකක් කරනකොට මුලින්ම කරන්න ඕනේ දේවල් ගැන අපි කලින් ආටිකල් එකක කතා කළානේ. පහත ලින්ක් එක ක්ලික් කරලා ඒ ආටිකල් එක කියවන්න පුළුවන්.
වෙඩින් එකක් ප්ලෑන් කරද්දි හිතන්නම ඕනෙ දේවල් 7ක්
එතකොට අපි ගෙස්ට් ලිස්ට් එක මුලින්ම හදාගෙන ඉන්නවනෙ. දැන් අපි සිලෙක්ට් කරන හෝල් එකේ අනික් දේවල් ඇතුළුව මෙනු එකක ගාණ තමයි අපිට වැදගත් වෙන්නෙ. අපේ බජට් එක ලක්ෂ 10 නම් අපි අවම වශයෙන් රු.2200/= ක වගේ ප්ලේට් එකක් තමයි සිලෙක්ට් කරගන්න වෙන්නෙ. ඒ ගාණට හොඳ මෙනු එකක් හොයාගන්න අමාරු නෑ. ගෙස්ට්ස්ලා 200කට ඉන්වයිට් කළා කියලා හිතමු. එතකොට හෝල් එකට මුළු වියදම රු.440,000ක් වගේ වෙද්දි ඉවර කරගන්න පුළුවන්. සෙටිබැක්, පෝරුව, හෝල් ඩෙකෝස් ලැබෙන ඒවා, ඔයිල් ලෑම්ප්, එන්ට්‍රන්ස් ඩෙකෝ, අශ්ටක වගේම DJ එකත් මේ ගාණට එන පැකේජ් එකටම ඇතුළත් කරන හොටෙල්ස් තියනවා. එහෙම පහසුකම් ගොඩක් දෙන හොටෙල් එකක් බලලා ගන්න එක පොකට් එකට වාසියි.
3. නැතුවම බැරි ෆොටෝග්‍රැෆි
ජීවිතේට එකපාරක් වෙන දෙයක මතක සටහන ලස්සනට තියෙන්න ඕනේ. දැන් මාකට් එක යන විදියට නම් ෆොටෝග්‍රැෆි වලට රු.185,000 – රු.200,000 වගේ යනවා. ඒත් අපේ බජට් එකේ හැටියට අපිට ඒ වගේ ගාණකට යන්න අමාරුයි. හැබැයි ප්‍රසිද්ධ නැති වුනත් ලස්සනට සුපිරියටම වැඩේ කරන අය ඕන තරම් ඉන්නවා. කැමති නම් වීඩියොග්‍රැෆි, ප්‍රීශූට් වගේ අමතර වියදම් කපලා දාලා ෆොටෝස් ඇල්බම්ස් විතරක් ගන්න රු.100,000කට වැඩේ කතා කරගන්න පුළුවන් තැන් තියනවා.
4. අහා මේකත් ඕනේ… ලිකර් සහ බයිට්ස්
වැඩිම තැනක් දෙන්න ඕනෙත් නෑ හැබැයි, ඒත් ඉතින් නැතුවත් බෑ වගේ සීන් එකක් නේද තියෙන්නෙ? වැඩියෙන්ම පිරිමි පාර්ශවයට වැදගත් දෙයක්නෙ. වෙඩින් හෝල් එකෙන් නම් ලැබෙන්නෙ සර්විස් එක විතරයි. අපි ලිකර් තෝරනකොට අපේ බජට් එකට ගැලපෙන විදියට අවශ්‍ය ප්‍රමාණය ගන්න ඕනේ. බයිට්ස් උනත් සමහර හොටෙල්ස් වලින් කිලෝ ගණන් ගන්න පුළුවන්. චිකන්/පෝක් ඩෙවල් කිලෝ එකක් රු.1,300 වගේ ඉඳලා තියනවා. ඉස්සො/මාළු කිලෝ එක රු 2200/= ඉඳන් උඩට තියනවා. ඒවා බලලා මෙතනින් ගන්න පුළුවන්. නැතිනම් දෙන බයිට්ස් වර්ග ඔක්කොම කුක් කෙනෙක් දම්මලා වෙනම හදවනවා නම් ඒකත් පහසුයි. හැමදේම ලක්ෂ 10 ඇතුලෙ රැඳෙන්න ඕනේ කියන දේ ඔලුවෙ තියන් වැඩ කළානම් හරි.
5. කේක් / ස්ට්‍රක්චර් / වෙඩින් කාර්ඩ්ස්
වෙඩින් කාඩ්ස් නෙ මුලින්ම කරන්න ඕනේ. ඕකට කෙලින්ම යන්න කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් එකට. සිම්පල් ඩිසයින් එකක් සිලෙක්ට් කරලා, තීම් එකට මැච් කරලා කේක් බොක්සස් ටිකත් එතනින්ම කරගන්න පුළුවන්. ඩිසයින් එක සිලෙක්ට් කළාම අපිට ඕන ප්‍රින්ට් එකත් එයාලම කරලා දෙනවා රීසනබල් ප්‍රයිස් එකකට. එහෙම ගෙනල්ලා, දාන ඩෙකරේශන් එකක් ගෙදරදි දාගන්න පුළුවන්.
කේක් ගත්තොත් එහෙම කේක් හදන්න දන්නැති කෙනෙක්නම් ඒ වැඩේට අත ගහන්න එපා. දන්න අඳුරන කෙනෙක්ට වැඩේ බාර දෙන්න. සාමාන්‍යයෙන් දැන් වෙඩින් කේක් කෑල්ලක ප්‍රයිස් පටන් ගන්නෙ රු.100 ඉඳන්. ඔයාට පොඩි හරි අයිඩියා එකක් තියනවනම් ගෙදර කට්ටිය එකතු කරන් ගෙදරම හැදුවත් ලාබයි. පිටකොටුවෙම තියන කේක් බඩු කඩවල් වලින් අඩුවට බඩු ටික ගන්න පුළුවන්.
ස්ට්‍රක්චර් එක ගත්තොත් දැන් යන්නෙ හරිම සිම්පල් ඩිසයින්. නෙට් එකේ හරි පින්ට්රෙස්ට් එකේ හරි ලස්සන ඩිසයින් එකක් බලලා හදාගන්න පුළුවන්. ස්ට්‍රක්චර් එක කේක් වලින්ම කරනවනම් නේකඩ් කේක් එකක් හදලා ෆ්‍රෙශ් ෆ්ලවර්ස් ටිකක් ගැහුවත් ලස්සනයි. ආන් ඒ වගේ වැඩි වැඩ නැති ඩිසයින් එකක් තෝරගන්න.
6. මල් සැරසිලි හා අනිකුත් සියලුම සැරසිලි
චර්ච් වෙඩින් එකක් වගේ නම් චර්ච් එකේ ඩෙකෝස් ගැනත් බලන්න ඕනෙ. ඒ වගේම රෙසෙප්ශන් එකේ ටිකත් බලන්න වෙනවා. ෆ්‍රෙශ් ෆ්ලවර්ස් වලින් කරන්න ගියොත් මල් ටික විතරක් ගහන් ඉන්න වෙයි එදාට. ඒ නිසා ආටිෆිශල් ෆ්ලවර්ස් වලින් ලස්සනට ඩෙකෝ කරන තැන් කීපයක් බලලා සිලෙක්ට් කරගන්න. එන්ට්‍රන්ස් එකට අපිට පැලට් වලින් ලස්සනට ගෙදරම ඩෙකෝස් හදාගන්න පුළුවන්. බොට්ල්ස්, ට්වයින් නූල්, නෙට් වර්ග, ඉටිපන්දම්, කලර්ඩ් වෝටර් වගේ දේවල් වලින් අපිට ගෙදරදිම ලස්සනට හෝල් ඩෙකෝස් හදාගන්න පුළුවන්. යූටියුබ් එක තියෙන්නෙ ඔය වගේ දේවල් සර්ච් කරලා බලන්න තමයි.
7. රන් ආභරණ
වැඩි වියදමක් මේකටත් යනවනෙ ඉතින්. හැබැයි මේක ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ දෙයක්නේ. තමුන්ට හදාගන්න දේ ලස්සනට කරගන්න ඕනේ. දැන් ජ්වෙලරි ශොප්ස් වල බ්‍රයිඩ්ල් පැකේජස් තියනවා. රු.145,000 ඉඳලා. ඒවා ගන්නකොට හොඳට බලලා විශ්වාසවන්ත තැනකින් ගන්නත් අමතක කරන්න එපා හොඳේ.
මේ ටික කියෙව්වම කට්ටියට හිතෙනවද දන්නෑ “හම්බෝ ගෙදරදි කරගන්න තියන වැඩ ගොඩ” කියලා. ඒකෙ කිසි අවුලක් නෑ ටයිම් තියලා වැඩ පටන් ගත්තොත් වෙඩින් එක ලං වෙද්දි හිමින් හිමින් එක එක ඉවර කරගන්න පුළුවන්.
Leave a Reply