මේක සිංහල සිනමාවේ මුල් අවදිය ගැන කතාවක්. රේඛාව චිත්‍රපටිය රූගත කරන කල් සියලුම චිත්‍රපටි හැදුණේ දකුණු ඉන්දියාවේ චිත්රාගාර තුළදී. ඒ වගේම බොහෝ චිත්‍රපටි ගීත ගායනා කරන්න තෝර ගත්තේ එවකට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවෝ. මේකට එක හේතුවක් වුනේ මේ චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණය කරන්න තෝරා ගෙන තිබුණේ දකුණු ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂකවරුන් වීම. නමුත් පස්සේ කාලෙකදි ඒක සම්ප්රදායක් බවට පත් වුණා. මේ ක්‍රමය වෙනස් කරන්න මැදිහත් වුණු දෙන්නෙක් හිටියා. පළවෙනි කෙනා වුණේ රුක්මණී දේවිය. අනිත් කෙනා වුනේ ලතා වල්පොළ. මේ දෙන්නටම දකුණු ඉන්දීය ගායිකාවන්ගෙන් ඇතැම් අවස්ථාවල විරෝධයකුත් ඇති වෙලා තියෙනවා. සමහර ලැබෙන වාර්තා අනුව ඔවුන්ට ලැබෙන අවස්ථා පැහැර ගන්න මේ දෙන්න උත්සාහ කරනවා කියලා ඔවුන් පැමිණිලි කළා කියලා කියනවා. මේ කොහොම වුණත් සිංහල සිනමා ගීත ගායනය ගැන කතා කරද්දි මේ අයව අපිට අමතක කරන්න බෑ. ඒ ගායනා කරපු ගීත තවමත් අපේ රසිකයන් අතර ජනප්‍රියයි. මේ නිසා අපි අද හිතුවා සිංහල සිනමා ගීත ගායනා කරපු ඉන්දීය ගායිකාවන් කිහිපදෙනෙක් ගැන කතා කරන්න.
1. ජික්කි
ජික්කි කියන නම ඇය භාවිතා කරලා තියෙන්නේ සිනමාව සඳහා පමණයි. ඇගේ ඇත්ත නම වුණේ පී. ජී. ක්රිෂ්ණාවෙනි. ඇය විවාහ වෙන්නේ දකුණු ඉන්දීය සංගීතඥයෙක් වන ඒ. එම් රාජා සමඟ. ඔවුන් දෙදෙනා විවාහ වෙන්න කලින් ඉඳන්ම එකට ගීත ගායනා කරලා තියෙනවා.
මේ ඇය ගායනා කරපු ජනප්‍රිය ගීයක්, මේ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ ‘ජීවිත සටන’ කියන චිත්‍රපටියට. නමුත් මේ යූටියුබ් වීඩියෝව සඳහා භාවිතා කරලා නම් තියෙන්නේ ජීවිත සටන චිත්‍රපටියට මුල් වෙච්ච හින්දි චිත්‍රපටයේ දර්ශන.
ඇය ගායනා කරපු ජනප්‍රියම ගීතය විදිහට මෙන්න මේ ගීතය හඳුන්වන්න පුළුවන්.
2. කේ. රාණී
සිංහල ගීත සඳහා තමන්ගේ හඬ මුසු කරපු පළවෙනි දකුණු ඉන්දීය ගායිකාව වෙන්නේ කේ. රාණි කියලා කියවෙනවා (නමුත් මේ මතයට ප්‍රබල සාක්කි නම් නෑ). ඒ වගේම ඇගේ ජීවිත සටහන් වලට අනුව ඇය උස්බෙකිස්තාන භාෂාවෙනුත් ගීත ගායනා කරලා තියෙනවා. දකුණු ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය ගායිකාවක් වූ ඇය ඩී. එම්. කේ පක්ෂය වෙනුවෙන් නිර්මාණය කරපු ගීත සඳහාත් තමන්ගේ හඬ එකතු කරලා තියනවා.
සුජාතා චිත්‍රපටය වෙනුවෙන් ඇය ධර්මදාස වල්පොළ එක්ක මේ ගීතය ගායනා කරනවා.
මේ ඇය ගායනා කරපු තවත් ජනප්‍රිය ගීතයක්
3. කේ. ජමුනා රාණී
ගොඩක් අය කේ. රාණි සහ කේ. ජමුනා රාණීව පටලවා ගන්නවා. සුජාතා, සැඩසුළං, වන මෝහිනී, සූරසේන වගේ චිත්‍රපටි ගණනාවකට කේ. ජමුනා රාණී මහත්මිය තමන්ගේ හඬ ලබා දෙනවා. ඇයට මුල්කාලීන ගායකයන්ගේ ඉඳන් එච්. ආර් ජෝතිපාල දක්වාම විවිධ ගායකයන් එක්ක යුග ගීත ගායනා කිරීමට අවස්ථාව ලැබෙනවා.
මේ ඇය “වන මෝහිනී” චිත්‍රපටියට එච්. ආර් ජෝතිපාල සමග ගැයූ “කොළ කඩ කඩ බොරුවට දෙනවා” ගීතය.
මේ ගීතය ඇය ගායනා කරන්නේ ඒ. එම් රාජා සමඟ.
4. පී. සුෂීලා
පී.සුෂීලා ගිනස් ලෝක වාර්තාවකටත් හිමිකම් කියන ගායිකාවක්. ඒ වැඩිම ඉන්දීය භාෂා ගණනාවකින් ගීත ගායනා කරපු ගායිකාව විදිහට. සුජාතා අත්තනායක මහත්මිය තමන්ගේ සංගීත ජීවිතයේ මුල් කාලයේ දී පී. සුෂිලාගේ ගායන විලාසය අනුකරණය කරපු බවටත් මතයක් තියනවා.
මේ ඇය ‘මනුෂ්‍යත්වය’ චිත්‍රපටයට ගායනා කරපු ගීතයක්.
මේ ගීතය ඇය ගායනා කරන්නේ ‘දොස්තර’ චිත්‍රපටියට.
5. භාග්‍යරතී
පළවෙනි සිංහල කතානාද චිත්‍රපටය වීමට කඩවුණු පොරොන්දුව සහ අශෝකමාලා චිත්‍රපටය අතර තරගයක් තිබිලා තියෙනවා. “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටිය එහි රඟපෑ නළු නිළි ගායිකාවන්ගේ හඬ යොදාගනිද්දි අශෝකමාලා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් උත්සහ කරලා තියෙන්නේ තමන්ගේ චිත්‍රපටයේ ගීත ගායනා සඳහා එවකට ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වුණු කෝකිලදේවී රණතුංග මහත්මියව සම්බන්ධ කරගන්න. නමුත් කෝකිලදේවී රණතුංග මහත්මිය ඉහළ මුදලක් ඒ වෙනුවෙන් ඉල්ලීම නිසා ඔවුන්ට දකුණු ඉන්දීය ගායිකා භාග්‍යරතී මහත්මියව ගීත ගායනා සඳහා යොදා ගන්න සිද්ධ වෙනවා.
මේ ‘අසෝකමාලා’ චිත්‍රපටයට ඇය ගායනා කරපු ගීත අතරින් එකක්.
6. සුචිත්‍ර මිත්‍ර
සුචිත්‍ර මිත්‍ර සිංහලෙන් ගායනා කරන එකම ගීතය ගායනා කරන්නේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන් එක්ක. පණ්ඩිත් අමරදේවයන් පස්සේ කාලෙක දී මේ ගීතය විවිධ ගායිකාවන් සමග ගායනා කළා. බෙංගාලි ජාතික ගායිකාවක් වුණු ඇය කාලයක් ශාන්ති නිකේතනය අනුබද්ධ විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ ප්‍රධානත්වය ඉසිලුවා. දැන් අපි අමරදේවයන් සමඟ ඇය ගායනා කරන ඡන්ද බිළිඳේ මාර නලිඳේ මා ගීතයේ මුල් පටිගත කිරීමක් අහමු.
7. ලතා මංගේෂ්කාර්
ලතා මංගේෂ්කාර් සිංහල සිනමා ගීතයකට තමන්ගේ හඬ මුසු කරපු එකම අවස්ථාව හමුවෙන්නේ ‘සැඩ සුළං’ චිත්‍රපටයට. මේ චිත්‍රපටියේ සංගීත අධ්යක්ෂණයට සහ ගී පද රචනයට අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන් මහත්මයා තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. සැඩ සුළං චිත්‍රපටය වෙනුවෙන් “ශ්‍රී ලංකා ප්‍රියාදර මා ජය භූමි” ගීතය ගායනා කිරීමෙන් පස්සේ ලතා මංගේෂ්කාර් තමන්ට ලැබුණු මුළු මුදලම ආනන්ද සමරකෝන් මහත්මයාට පරිත්‍යාග කරලා තියෙනවා. ඒ එදා මේ මුදල ලැබෙන්න ඕන තමන්ට සිංහලෙන් ගීත ගායනා කරන්න කියලා දුන්න තමන්ගේ ගුරුවරයා වූ ආනන්ද සමරකෝන් මහත්මයාට කියලා.
මේ සැඩ සුළං වෙනුවෙන් ඇය ගායනා කරපු ගීතය.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන්ම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් ඉතින් අමතක කරන්න එපා.
Leave a Reply