වර්තමාන ක්‍රිකට් ලෝකේ කඩවසම් ම ක්‍රිකටර්ස්ලා

දැන් නළුවෝ රඟපාන්නේ නෑ ක්‍රිකට් ගහනවා. මේ යක්කුන්ගේ හැඩ වැඩ දැක්කම එහෙම හිතෙන එක සාධාරණයි. අපි දැන් කතා කරන්නේ වර්තමාන ලෝකයක් ගැන වුණාට දන්නා කාලෙක ඉඳන් ක්‍රිකටර්ස්ලා කඩවසම්. කොච්චර අව්වෙ සෙල්ලම් කරත් ඒක එහෙමයි. මොන සම්මාන දුන්නත් කඩවසම් ම කෙනාට හිමි සම්මානෙකුත් දෙන්න තියෙන්නේ අයි සී සී එකට. නැද්ද මං අහන්නේ?



1. විරාත් කෝලි


කඩවසම් වෙන්න එපැයි. බැන්දෙත් නිළියක්නේ. විරාත් කෝලිගේ මාර ම තියුණු ෆීචර්ස් තමයි තියෙන්නේ. මූණ, විශේෂයෙන් ම ඒ ඇස්. දෙපාරකට වඩා බලන්න නම් බෑ. මනුස්සයගේ තියෙන රූපය සහ ජනප්‍රියතාව නිසා ම ඉතාම අධික මිල ගණන් යටතේ ඔහු ඇඩ් විශාල ප්‍රමාණයකට පෙනී ඉන්නවා. වයස අවුරුදු 30යි. උස අඩි 5’8″. ඉන්දීය ක්‍රිකට් පිලේ ඉන්න කඩවසම් ම පුද්ගලයා විදියටයි බොහෝ ඉන්දියානුවන් මොහුව දකින්නේ.



2. ශ්‍රීමත් ඇලස්ටෙයාර් කුක්


වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ශ්‍රීමත් තමයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීලා හිටියට මොකෝ තාමත් ක්ලබ් සෙල්ලම් කරන නිසා සීන් එකේ ඉන්නවා. ඒ නැතත් කඩවසම් බව ගැන කතා කරද්දී මේ නැඩයා ව අමතක කරන්න අමාරුයි. ජෝ ලයින් එකක් තියනවා පාන් කපන්න පුළුවන්. දැක්ක ගමන් හිතෙනවා යකෝ මේ මනුස්සයා හොඳ ක්‍රිකට් ගහන්න නෙවේ සුපර්මෑන් චිත්‍රපටයේ කෙන්ට් ට රඟපාන්නයි හොඳ කියලා. උස 6’2″. වයස 34යි. අම්මේ ඉතින්.



3. ඩේල් ස්ටේන්


පිටියේ දඩබ්බර මුහුණක්. දඩබ්බර මුහුණක වුණත් තියෙන්න පුළුවන් කඩවසම් ගතියක්. මේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා ටෙස්ට් ක්‍රීඩාවට සමු දීලයි ඉන්නේ. වයසත් 36ක් නේ. කොහොම නමුත් අන්තිම ලෝක කුසලානෙට සෙල්ලම් කරන්න වුණෙත් නැහැ. පච්ච ගහගෙන ඉන්නෙත්. සෝෂල් මීඩියාවල පවා සෑහෙන ඇක්ටිව්. 5’10″ක උසක් තියනවා කියන්නේ.



4. ෂකීබ් අල් හසන්


පණ්ඩිතයන් ගොඩක් මැද වැඩිය රඟන්නැතුව ඉන්නකොටත් කඩවසම් ගතියක් පේනවද මන්දා. බංග්ලාදේශය නියෝජනය කරන ෂකීබ් අවුරුදු 10ක් එක දිගට ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වෙලා හිටියා. අදටත් මුල් තුන් දෙනා අතර ඉන්නවා. ඒ දක්ෂතා එක්ක ම රූපයත් යා වෙනවා. ඉස්සෙල්ලා ම ඔහු සම්බන්ධයෙන් අවධානය යොමු වෙන්නෙ ඒ හිනාවටයි. වයස 32යි. උස 5’8″යි.



5. ස්ටීවන් ෆින්


එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන ස්ටීවන් වඅතින් අඹපු පිළිමයක් තරමට කඩවසම්. ආයේ ඉතින් ඇස් කන් නාසා ඔක්කොම රූලක් තියලා ගානට ඇඳලා වගෙයි. වයස 30යි. 6’6″ක් වෙනවා උස. යකෝ එහෙම උසක්. සමූහ ඡායාරූපවල දී මාර ම ගතියට ඉන්නවා. පිටියේ ඉන්නකොටයි දකින්න වටින්නේ. එහෙම නැතත් ෆුල් කිට මරන් ඉද්දිත් රියල් ජෙන්ටා. උස්සගෙන දුවන්න හිතෙනවා.



6. භුවනේෂ්වර් කුමාර්


තවමත් වයස අවුරුදු 29ක් වෙන මේ නැඩයට හිත නොයන්න නම් අදාළ පුද්ගලයා ගහක් ගලක් වෙන්න ඕනි. ඉන්දීය ක්‍රිකට් පිලේ ඉන්න තවත් වැඩ්ඩෙක්. 5’8″ක් වෙනවා උස. ඇස් දෙකක් තියනවා අමුතු ම පාටකින් දිලිසෙන. යුවතියක් එක්ක අතිනත ගත්ත දිනේ කන්නේ බොන්නෙත් නැතුව ඉන්දියාවෙ කෙල්ලෝ හිටියා කියලයි ආරංචි.



7. මාර්ටින් ගප්ටිල්


ගප්ටිල් දැක්කම මතක් වෙන්නේ සෝරෝව. කිසිම දේකට නොනැමෙන බැල්මක් ඔහු සතුව තියනවා. පිටියේ නෙවෙයි කොහෙත් එකයි. හිනා වෙනකොට තවත් කඩවසම්. ඉතින් ඒ හිනාවෙන් ම ද මන්දා දැලෙ දාගෙන ඉන්නෙත් ඒ රටේ නිළියක්​ව. පළමු එක්දින තරඟයේ දී ම ලකුණු  100ක් ගහපු මේ කඩවසම් නළුවා 6’2″ක් උසයි. වයස 33ක්.




දැන් ඉතින් මේක කියෝලා දෙස් දෙවොල් තියන්න එපා මේ මොක්කු ද? කෝ කෙවින් පීටර්සන්, ග්‍රැහැම් ස්මිත් වගේ කතන්දර. මොකද මේක අවධානය යොමු කරන්නේ මේ වෙනකොට පිටිය එක්ක ඉන්න අය ගැන විතරක් නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *