චිකන් වලින් හදන්න පුළුවන් සිම්පල් කෑම ටිකක්

සාමාන්‍යයෙන් හැමෝම කන කෑමක්නේ චිකන් කියන්නෙ. හැබැයි බත් එක්ක කන්න ව්‍යෑංජනයක් වගේ හදන රෙසිපි එකට වඩා වෙනස් ඒ වගේම ගොඩක් ලේසියෙන් එක එක විදියට හදාගන්න පුළුවන් චිකන් රෙසිපි එකතුවක් තමයි අද ගෙනාවේ. ලොකු ලොකු දේවල් ඕනෙත් නෑ මේවගේ ඒවා හදන්න.  හැමදාම කනවට වඩා වෙනස් රසයක් දැනෙයි ඔයාලත් හදලා බලන්නකො.

 

1. චිකන් පොප්කෝන්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. චිකන් බ්‍රෙස්ට්ස් ග්‍රෑම් 400
  2. ලුණු තේ හැඳි 1
  3. සුදු ගම්මිරිස් තේ හැඳි 1/2
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. විනාකිරි තේ හැඳි 1

 

චිකන් කෝට් කරගැනීමට

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. පාන්කුඩු කෝප්ප 1
  3. ගම්මිරිස්කුඩු 
  4. මිරිස්කුඩු 
  5. වියලි ඔරිගානො/ බැසිල් 
  6. බිත්තර 2

 

  • චිකන් ටික පොඩි පොඩි කෑලි කපලා ලුණු ඉසගන්න. ඒකට ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු, විනාකිරි දාලා මැරිනේට් වෙන්න පැය 2-3ක් වගේ තියන්න. ඒ අතරතුර චිකන් ටික කෝට් කරගන්න පිටි මිශ්‍රණය හදාගන්න.
  • දැන් කෝට් එකට අවශ්‍ය බිත්තර හැර අනික් ඔක්කොම එකට දාල හොඳට මිශ්‍ර කරගන්න. බිත්තර දෙක බෝල් එකකට කඩල දාගෙන පොඩ්ඩක් ගෑරප්පුවකින් ගසාගන්න. 
  • මැරිනේට් උන චිකන් ටික බිත්තර වල දවටල, පාන්පිටි මිශ්‍රණයේ තවරල, ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න. 

 

2. චිකන් චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 200
  2. කෝන්ෆ්ලා කෝප්ප 1/2
  3. මිරිස්කුඩු තේ හැඳි 1/2
  4. කහකුඩු පින්ච් එකක්
  5. ඉඟුරු, සුදුළූණු පේස්ට් එක
  6. ලුණු
  7. බැදගැනීමට තෙල්

 

  • චිකන් බ්‍රෙස්ට් එක හීනි පෙති කපාගන්න. මේක තුනීයට කපාගන්න එකෙන් තමා චිප්ස් රසට එන්නෙ. දැන් මේ චිකන් ටික පොඩ්ඩක් තලාගන්න.
  • කෝන්ෆ්ලා වලට ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාලා කහකුඩු, මිරිස්කුඩු දාලා හොඳට කලවම් කරගන්න.
  • චිකන් පෙති මේ පිටි මිශ්‍රණයේ දවටා ගෙන ගැඹුරු තෙලේ ක්‍රිස්පි වෙනකම් බැදගන්න. 

 

3. චිකන් පෙපර් රින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් චිකන් ග්‍රෑම් 250
  2. බැදගත් ළූණු ටිකක්
  3. ක්‍රීම් චීස් කෝප්ප 1
  4. චෙඩාර් චීස් කෝප්ප 1
  5. ගම්මිරිස් කුඩු 
  6. මිරිස්කුඩු 
  7. පාන්පිටි 
  8. බිත්තර 1
  9. පාන්කුඩු 
  10. බෙල් පෙපර් කැමති පාට වලින්

 

  • චිකන් වලට ළූණු, ක්‍රීම් චීස්, චෙඩාර් චීස්, ගම්මිරිස්, මිරිස් කුඩු කලවම් කරල හොඳින් මිශ්‍ර කරගන්න. 
  • බෙල් පෙපර් ගෙඩිය රවුම් කපා ගෙන ඇට ඉවත් කරගන්න. දැන් ඒවා ඇතුලට චිකන් මිශ්‍රණය ටික ටික දාලා හැන්දෙන් තද කරගෙන පුරවාගන්න. 
  • දැන් මේ පෙපර් රින්ග්ස් ටික ෆ්‍රීසර් එකේ පැයක් විතර තියලා අරන් පාන්පිටි වල දවටගන්න. 
  • පාන් පිටි තවරාගත් පෙපර් රින්ග්ස් බිත්තර සාරු වලත් ඉන්පසු පාන්කුඩු වලත් දවටගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

 

4. බේක්ඩ් චිකන් බ්‍රෙස්ට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 500
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 3
  4. අබ ක්‍රීම් මේස හැඳි 2
  5. චොප්කරගත් සුදුළූණු 
  6. පාන්කුඩු කෝප්ප 1/2
  7. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කෝප්ප 1/2
  8. ලියාගත් පාස්ලි ටිකක්
  9. මිරිස්කුඩු /ගම්මිරිස්කුඩු රස අනුව
  10. ලුණු කුඩු

 

  • චිකන් බ්‍රෙස්ට් වලට ලුණු හා ගම්මිරිස් දාලා අතගාල මැරිනේට් වෙන්න තියන්න.
  • බෝල් එකක් අරන් ඒකට මෙල්ටඩ් බටර්, අබ ක්‍රීම්, සුදුළූණු දාලා කලවම් කරගන්න.
  • තවත් බෝල් එකක් අරන් ඒකට පාන්කුඩු, චීස් ටික, පාස්ලි, ගම්මිරිස්කුඩු, ලුණු හා මිරිස්කුඩු එකතු කරගෙන හොඳට කලවම් කරගෙන පැත්තකින් තියාගන්න. දැන් චිකන් බ්‍රෙස්ට් ටික අරගෙන අබ බැටර් එකේ දාලා තවරගෙන පාන්කුඩු මිශ්‍රණයේ දවටගන්න.
  • ඔයිල් ස්ප්‍රේ කරගත් තැටියක තබා සෙල්සියස් 160ට විනාඩි 40-50ක් බේක් කරගන්න. නැත්නම් ගැඹුරු තෙලේ බැදගන්නත් පුළුවන්. 

 

5. චිකන් නගට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පෙති 2ක්
  2. කිරි කෝප්ප 1/2
  3. කටු නැති චිකන් ග්‍රෑම් 250
  4. ලුණු පින්ච් එකක්
  5. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1/2
  6. චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1/2
  7. සෝයා සෝස් මේස හැඳි 1
  8. ගම්මිරිස් කුඩු
  9. කෝන්ෆ්ලා මේස හැඳි 2
  10. පාන්පිටි කෝප්ප 1
  11. බිත්තර 1

 

  • පාන් වල වාටි කපාගන්න. දැන් මේක තරමක කොටු කපාගන්න. බෝල් එකකට මේ ටික දාලා කිරි ටික දාගන්න. හැන්දකින් පොඩි කරමින් කලවම් කරගන්න. චිකන් වලට ලුණු දාලා හොඳට අඹරගන්න.
  • අඹරගත්ත චිකන් ටික පාන් මිශ්‍රණයට දාගෙන ඒකටම සුදුළූණු, ඉඟුරු, සෝයා සෝස් හා ගම්මිරිස් කුඩු දාගෙන කලවම් කරන් නැවත අඹරාගන්න.
  • මේ පේස්ට් එක බෝල් එකකට දාලා ඒකට කෝන්ෆ්ලා ටික දාගෙන අතින් හොඳට කලවම් කරගන්න.මේක ෆ්‍රීසර් එකේ පැය භාගයක් තියාගන්න.
  • දැන් අතේ බටර් ටිකක් ගාගෙන මේ මිශ්‍රණයෙන් ටික ටික අරන් අතේ නොඇලෙන විදියට ඔයාලා කැමති හැඩයක් හදාගන්න. දැන් මේක පාන්පිටි වල දවටගෙන බිත්තර සාරු වල දාගන්න. ඉන්පසු පාන්කුඩු වල දවටගෙන ආයෙත් මේ ටික ෆ්‍රීසර් එකේ විනාඩි 30ක් තියලා අරන් ගැඹුරු තෙලේ බැදගන්න. 

 

6. BBQ චිකන් මොසරැල්ලා ස්ටික්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කෝප්ප1
  2. චෙඩාර් චීස් කෝප්ප 1
  3. ක්‍රීම් චීස් කෝප්ප 1/2
  4. තම්බා පොඩි කරගත් චිකන් කෝප්ප 1
  5. BBQ සෝස් කෝප්ප 1/2

 

කෝට් කරගැනීමට

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. පාන්කුඩු කෝප්ප 1
  3. බිත්තර 1

 

  • පාන්පිටි, පාන් කුඩු සහ බිත්තර හැර ඉතිරි සියල්ල හොඳට කලවම් කරලා ට්‍රේ එකකට දාගෙන තද කරගන්න. දැන් මේක පැය දෙකක් වගේ ෆ්‍රීස් කරගන්න.
  • ෆ්‍රීස් කරගත් මිශ්‍රණය ස්ටික්ස් විදියට කෑලි කපාගන්න.
  • මේ ස්ටික්ස් පාන්පිටි වල දවටගෙන බිත්තර සාරු වල දාලා පාන් කුඩු දවටගන්න. දැන් ගැඹුරු තෙලේ බැදගන්න. 

 

7. චීසි චිකන් ෆින්ගර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් කළ චිකන් ග්‍රෑම් 200
  2. මිරිස්කුඩු තේ හැඳි 1
  3. ඔරිගානො මේස හැඳි 1
  4. ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2
  5. ගාලික් පව්ඩර් මේස හැඳි 1/2
  6. ලුණු පින්ච් එකක්
  7. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටිකක්

 

කෝට් කරගන්න

 

  1. බිත්තර 2
  2. පාන්පිටි 
  3. පාන්කුඩු 

 

  • චිකන් ටික අඹරාගන්න. දැන් කෝට් එකට අවශ්‍ය ද්‍රව්‍ය හැර ඉහත සියල්ලම එකතු කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
  • මේ මිශ්‍රණයෙන් ටික ටික අරන් අතින් රෝල් කරලා හදාගන්න.
  • දැන් මේ චිකන් ෆින්ගර්ස් පිටි වල දවටලා බිත්තර සාරු වල දාගෙන පාන් කුඩු තවරගන්න. දැන් මේ ටික ෆ්‍රීසර් එකේ පැයක් දෙකක් තියල ගැඹුරු තෙලේ බැදගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *