කෙල්ලන්ගේ අවධානයට ලක්වෙන විදිහේ ප්‍රොෆයිල් පින්තූරයක් දාගන්නේ මෙහෙමයි!

ලස්සන පොටෝ එකක් ගන්න විදිහ ගැන ගොඩක් පාඩම් ඉන්ටනෙට් එකේ තියෙනවා. අපි මේ කියන්නේ ලස්සන පොටෝ එකක් ගන්න විදිහ නම් නෙමෙයි. කොල්ලෙක් විදියට ගොඩ යන සුළු විදිහට, ගෑණු ​ළමයි සෙට් වෙන විදිහට ප්‍රොෆයිල් පින්තූර ටික ගොඩදාගන්නෙ කොහොමද කියලා පොඩි කරුණු ටිකක් කියල දෙන්නයි අපි හදන්නේ.

 

1. කැමති දේවල් පෙන්වන පිංතූර

​සෝශල් මීඩියා එකවුන්ට් එකෙන් රටේ ප්‍රශ්න, අනුන්ගේ ප්‍රශ්​න කතාකරන අයත් ඉන්නවා. ඒත් ආකර්ෂණීය ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පින්තූර වල ඒ ප්‍රොෆයිලය හිමි තැනැත්තා ගැන යම් අදහසක් ති​යෙන්න ඕනි. එයා හො​ඳට නාට්‍ය, සිනමා ආදිය රසවිඳින කෙනෙක්ද? ක්‍රිකට් පිස්සෙක්ද? කඳු නගින, ඔරු පදින ඇඩ්වෙන්චර්වලට කැමති කෙනෙක්ද? භාවනා කරන පන්සල් යන කෙනෙක්ද? ආදී වශයෙන් අපේ කැමැත්ත පින්තූර හරහා අපිට සෝ​ෂල් මීඩියා වලදි පෙන්වන්නට පුළුවන්. නිකම්ම අයි​ඩෙන්ටි පොටෝ එකක් වගේ එකම පොටෝවක් දාගෙන ඉන්නවාට වඩා ජීවිතයේ අපි පසුකරන අපිට ආතල් එකක් විනෝදයක් තියෙන අවස්ථාවලදි ඒවා හැ​ඟවෙන්න ගන්න පිංතූර ඇතු​ළත් කරන්න පුළුවන් නම් ආකර්ෂ​ණය වගේම යම් වැදගත්කමකුත් ඔයාලගේ ප්‍රොෆයිල් වලට එකතු වෙනවා.

 

2. ගෑණු ළමයි කැමති දේවල් එක්ක සම්බන්ධ වීම

පිරිමි ළමයි ආසයි සෝ​ශල් මීඩියා වලින් ගෑණු ළමයි වැඩි වැඩියෙන් ​සෙට් වෙනවා නම්. අඩු වශයෙන් අපි හායි කිව්වම පෙරලා හායි කියන මට්ටමටවත් එනවා කියන්නේ ලොකු දෙයක්. කෙල්ලොත් ආසයි හො​ඳට කන බොන කොල්ලන්ට. ඒ වගේම කාර් එකක්, බයික් එකක් තියේ නම් ඒක ඇ​ඟවෙන්න පිංතුර දාන්න පුළුවන් නම් වටිනවා. බල්ලෝ පූසෝ කියන්නේ ගෑනු ළමයින්ට චොකලට් වගේම කොච්චර දැක්කත් එපාවෙන්​නෙ නැති දේවල්. බල්ලො ගෙදර නැත්නම් ඉන්න තැනකට ගිහින් හරි බල්ලෙක් පූසෙක් අල්ලලා පිංතුර දාන්න පුළූවන් නම් එයාගේ හිත ටිකක් හරි නැමෙන්න ඉඩ තියෙනවා.

 

3. සමූහ ඡයාරූප නොදැමීම

ප්‍රොෆයිල් පිංතූර විදියට සමහර අය හත් අට දෙනා යාළුවෝ එකට ඉන්න පිංතුර දානවා. සමහර ඒවායේ අදා​ළ පුද්ගලයා පේන්නේත් නැහැ හරියට. ඉතින් ඒ වගේ සමූහ පිංතුර වලදි සමූහයටම ඇහැ යනවා මිසක එක් අයෙකු මූලිකව පේන්නේ නැහැ. සමූහයක් අතරින් තමුන්ට ලකුණු ලැබෙන, එතන මූලිකයා වෙච්චි පින්තූරයක් නම් දැම්මට ලොකු ආබා​ධයක් නැහැ.

 

4. නිරුවත් පින්තුර ​නොදැමීම

කොල්ලො විදියට පිංතුර ගනිද්දි ශර්ට් එක නැතුව පින්තුර ගන්න හැකියාව තියෙනවා. ඒත් ප්‍රොෆයිල් එකට උඩුකය නිරුවත් පින්තුරයක් තියෙන කෙනෙක් දිහා ගෑණු ළමයි වගේ​ම සාමාන්‍ය සමාජය බලන්නෙත් හො​ඳ විදිහට නෙමෙයි. මිනිස්සුන්ට නිදහස තියෙනවා නාන කොට වගේම බීච් වලදි, කැලේ යද්දි එහෙම උඩකයට ඇඳුමක් නැතුව යන්න. එත් සමාජ ජාලා වලදි යම් ආකර්ෂ​ණයක් උවමනා කරනවා නම් ඒ ඡායාරූප ප්‍රොෆයිල් පින්තුර විදියට නොදා ඉන්න තරමට හො​ඳයි.

 

5. මත් පැන්, මත්ද්‍රව්‍ය වලින් ඇත්වීම

ඇත්තටම චේ ගුවේරා, කැස්ත්‍රෝ, වින්ස්ටන් චර්චිල් වගේ උ​දවිය නම් සිගරට් එක කටේ ගහන් ඉන්නකොට ලස්සනයි. ඒ වගේම හො​ඳ ජනප්‍රිය පුද්ගලයෙක් බීර වීදුරුවක්, වයින් ග්ලාස් එකක් එක්ක පිංතුරයක් පලකළා කියලා ලොකු ගින්නකුත් නැහැ. ඒත් සාමාන්‍ය පුද්ගලයින් වශ​යෙන් මත් පැන්, මත්ද්‍රව්‍ය එක්ක ගන්න පින්තූර ෆේස්බුක්, ට්විටර්, ටින්ඩර්, ඉන්ස්ටා හරහා ප​ළක​ළොත් ඒ කෙනා දිහා බහුතරයක් වැරදි විදිහට බලනවා. ගෑණු ළමයි තමුන් කැමති කෙනාව යාලුවන්ට පෙන්වන්න හෙම කැමතියි. එහෙම වෙලාවක බොන බව පේන පොටෝවක්, සිගරට් දුමක් එක්ක ඉන්න පොටෝවක් නම් එයා කීයටවත් යාලුවෙක්ට පෙන්වන්න කැමති වෙන්නේ නැහැ.

 

6. යාලුවෙක්ට කියල පොටෝවක් ගමු

අපි පොටෝ ගනිද්දි අපිට ලස්සන සෙල්ෆි ගන්න ලැබෙනවා. ඒත් දිගින් දිගටම සෙල්ෆි විතරක් ප​ළකළාම ඒකෙත් යම් බෝරින් එකක් ප්‍රොෆයිල් එකට එනවා. කොහෙ හරි ඉවෙන්ට් එකකට ට්‍රිප් එකකට සහභාගි වෙනවා නම් යාලුවෙක්ට වදයක් දීලා හරි අපේ ලස්සන පොටෝ එකක් අරගන්න එක හො​ඳයි. සෙල්ෆි පෙටෝවලදි අපි විතරක් ඉද්දි ඒකෙන් නිකන් අනවශ්‍ය තනිවෙච්ච සර්වරූපයක් පෙන්නුම් කරනවා කියලා ටින්ඩර් ප්‍රොෆයිල් පික්චර් ගැන අදහස් දක්වපු කාන්තාවො කියල තියෙනවා.

 

7. කාන්තාවන් එක්ක ගත් පොටෝ

තව කෙ​නෙක් එක්ක ඉන්න පොටෝ සමහර වෙලාවට අපිට වැදගත්. උදාහරණයක් විදියට අපි ආර් ප්‍රේමදාස මහතාට ආස නම් අලුත්කඩේ එතුමාගේ පිළිරුව එක්ක පිංතුරයක් ප්‍රොෆයිල් එකට දාලා ඒක පෙන්වන්න පුළුවන්. ඒ වගේම අම්මාගේ බර්ත් ඩේ එකට අම්මා එක්ක ගත්ත ලස්සන සෙල්ෆියක් දාලා අම්මට තියෙන ආදරේ පෙන්වන්න පුළුවන්. සමහර අය ඉන්නවා ඔය විදියට ප්‍රොෆයිල් පික්චර් බැලුවාම ගෑණු ළමයි එක්ක ඉන්න පිංතුර ගොඩක එයා පෙනී ඉන්නවා. ඉතින් යම් මනමාල අදහසකින් කෙල්ලෙක් ප්‍රොෆයිල් එක බැලුවොත් මේ කවුද මේ? මෙයා ගෑණු ළමයි එක්කමනේ පොටෝ වලට ඉන්නේ කියලා යම් අප්‍රසාදයක් ප​ළ වෙනවා. ඒ නිසා ප්‍රොෆයිල් පොටෝ දානකොට ඇහැට කණට පේන ගෑණු ​ළමයි එක්ක වැඩිපුරම ​පොටෝ නොදා ඉන්න එක ආකර්ෂ​ණය ආරක්ෂා කරගන්න යම්තාක් දුරකට හේතු වෙනවා.

 

සිනාවෙන් හෝ කතාවෙන් මිනිසා මැන්න කාලේ දැන් ටිකක් ඈතට ගිහින්. දැන් ප්‍රොෆයිල් වලින් ඩීපි වලින් මිනිස්සු මනින කාලය ඇවිත්. ඉතින් ප්‍රොෆයිල් පින්තූර දැන් කාලේ අපේ ෆේස්බුක්, ටින්ඩර්, ට්විටර් සමාජය ඇතුලේ අපිට යම් තැනක් හදාගන්නත් උපකාරී වෙනවා. ඒ නිසා නිකම්ම ගහන සෙල්ෆි ටිකක් පෝලිමට අප් කරන්නේ නැතුව ටිකාක් හිතලා මතලා ඩීපි ටික දාගන්න පුළුවන් නම් එයින් අපේ ප්‍රොෆයිල් එකට ලැබෙන ආකර්ෂ​ණයත් වැඩි කරගන්න ඔයාලටත් හැකි වේවි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *