දැක්කොත් රැවටෙන රූපයෙන් සමාන සෙලිබ්‍රෙටිලා

එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කියනවනේ. ඇත්තටම එහෙම ඉන්නවා. පාර තොටක දැක්කත් පුල් කොන්ෆියුස්ඩ් වෙනවා. ඒ විතරක් නෙවේ අපරාධවලට අහිංසකයෝ අහු වෙන්නත් පුළුවන්. කොහොමහරි ඒ වගේ වැඩ ෆිල්ම්වලින් දැකලා ඇති. හැබැයි ඒ ඉන්ඩස්ට්‍රිවලත් එහෙම එක සමාන රූපය බෙදහදාගන්න අය ඉන්නවා. මේ ඒ වගේ ජෝඩු 7ක්.



1. හීත් ලෙජර් සහ ජෝසප් ගෝර්ඩන්


අකාලයේ මැරුණ ගොඩක් අය ආදරය කරපු චරිතයක් තමයි හීත්. ගොඩක් අය කියන්නේ ජීවිතේට දැකපු හොඳම ජෝකර් කියලනේ. එතකොට ජෝසප් තමයි 500 Days of Summer එකේ ටොම්. මේ දෙන්නව එකම පසුතලයක දැක්කේ 10 Things I Hate About You කියන චිත්‍රපටයෙන්. එතන දී තමයි කට්ටියට මීටර් වෙන්නෙ අම්මටසිරි මුන් නම් දෙන්නෙක් නෙවේ එක්කෙනෙක් කියලා. සමහරු හිතුවේ සහෝදරයෝ කියලා. ඒ තරම් සමානයි.

 

2. එඩ් ශීරන් සහ රූපර්ට් ග්‍රින්ට්


රොන් වීස්ලි හෙවත් රූපර්ට් ග්‍රින්ට් අපි පුංචි කාලේ අපිත් එක්ක ම හැදුණ වැඩුණ කෙනෙක් වගේ. ඒ තරමට සමීපයි. ඒ හැරී පොටර් කතා මාලාව නිසා. ඊට පස්සේ ඉන්නවා එඩ් ශීරන්. කොර වෙන්න සිංදු කියන අපේ කාලයේ ආදරණීය ගායකයෙක්. මේ ඩබලත් එක වගේ. දෙන්නට සැරට මීම් එහෙම අන්තර්ජාල ප්‍රජාව හදලා තියනවා මේ සමානකම නිසා. සමහරවිට ඒ නිසාම වෙන්න ඇති දෙන්නා හොඳ මිතුරන් වෙන්නේ. රූපර්ට් ශීරන්ගේ මියුසික් වීඩියො එකකත් හිටියා. 



3. අනුෂ්කා ෂර්මා සහ ජූලියා මයිකල්ස්


අපි අනුෂ්කාව හොඳාකාරවම දන්නවා. අල්ලපු රටේ නිළියක්. විරාත් කෝලිගේ නෝනා. එතකොට දැනගන්න තියෙන්නේ ජූලියා මයිකල්ස් ගැන විතරයි. එයා ඇමරිකාවේ ගායිකාවක්. ජූලියා හරි අපූරු වැඩක් කරනවා. අනුෂ්කගෙයි තමන්ගෙයි පොටෝ දෙකක කොලාජ් එකක් දාලා ට්විටර් එකේ ප​ළ කරනවා. ඒකට අනුෂ්කත් පුදුමයෙන් ප්‍රතිචාර දක්වනවා. 

 


4. රිතික් රෝෂන් සහ බ්‍රැඩ්ලි කූපර්


ලෝකයේ ඉන්න සරාගී ම පුද්ගලයන් දෙන්නෙක්. රිතික් රෝෂන්ව ලෝකයා හඳුන්වන්නේ ඉන්දියාවේ ඉන්න ග්‍රීක දෙවියන් කියලා. ඒ තරමට කඩවසම්. එතකොට බ්‍රැඩ්ලි කූපර් ව අතින් අඹලා වගේ මාර ම ගති. මේ දෙන්නා එක වගේ හැම අතින් ම. ඇස්, නහය, ජෝලයින් එක, හෙයාර්ස්ටයිල් එක හිනාව වගේ මූණේ තියන ෆීචර්ස් ගොඩක් සමානයි.



5. බෝයි ජෝජ් සහ සොෆී ටර්නර්


බෝයි ජෝජ් 80 දශකයේ කලඑළි බැහැපු ගායකයෙක්. ඔහුගේ ඉතා ප්‍රසිද්ධ ගීතයක් තමයි ‘Karma Chameleon’. ඉස්සර අපේ ශ්‍රී හැදූ ගීතෙකුත් තිබ්බද කොහෙද ඔය තනුවට. කොහොමහරි මේක නම් අරුම පුදුම සමානකමක් තමයි. මොකද අපි මේ කියන්න යන අනෙක් කෙනා සොෆී ටර්නර්. ඇය කාන්තාවක්. බෝයි ජෝර්ජ්ගේ බයෝග්‍රැපිය ගැන ෆිලුමක් කරන්නත් යෝජනා වෙලා තියෙන්නේ සොෆී. ඒ ගැන ඔහුගේ අප්‍රසාදයක් නෑ මොකද ඔහු තමන්ගේ ලිංගික අනන්‍යතාව තමන් ම  තීරණය කරගත්තු කෙනෙක් නිසා.

 

6. ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සහ එලයිජා වුඩ්


මේ දෙන්නම අපේ ළමා කාලය හැඩ කරපු දෙන්නෙක්. ඒ නිසා ම ඒ දෙන්නා අපිට සුවිශේෂි වෙනවා. ඒ දෙන්නත් එක වගෙ වුණා ම ඒක නම් හරි ම ආසා හිතෙන වැඩක්. ඩැනියෙල් ආයෙ මොන ෆිලුමක රඟපෑවත් එයා අපිට හැරී පොටර් ම තමයි. එතකොට එලයිජා කියන්නේ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් කතා මාලාවේ ෆ්‍රෝඩෝ බැගින්ස්. ෆ්‍රෝඩෝගෙයි හැරීගෙයි තියන සමානකම නම් පිස්සු හැදෙනවා. 



7. කේටි පෙරී සහ සෝයි ඩෙෂනෙල්


කේටි පෙරී ගැන නම කිව්ව ගමන් දන්නවා ඒත් කවුද බොලේ සෝයි? ඔයාලට මතක ද කාලයක් රූපවාහිනියේ ගියා Tin Man කියලා මිනි සීරිස් එකක්? අන්න ඒකේ ප්‍රධාන චරිතය DGට හිටියේ සෝයි. ඊට අමතරව 500 Days of Summer එකේ ගෑල්ලමයා. මේ දෙන්නටත් තියෙන්නේ අරුම පුදුම සමානකමක් තමයි. සෝයිගේ නම හරියට උච්චාරණය කරන්න තියෙන යූටියුබ් වීඩියෝවක කොමෙන්ට් අස්සේ තිබුණ දෙයක් තමයි ඔයිට වඩා ලේසි කේටි පෙරී කියන එක කියලා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *