යන එන ගමන් ටේක් අවේ පාරක් දාන්න නම් ඕනෑ තරම් තැන් ලංකාවේ හන්දියක් හන්දියක් ගාණේ තියනවා තමයි. හැබැයි අපි කියන්න යන්නේ රස අතින් ගත්තහම ගන්න මුදලට පාඩු නැති කෑම වර්ග තියන කොළඹ අවට හොඳ ටේක් අවේ ප්ලේසස් ටිකක් ගැනයි.
1. Millenium Food Center
කොළඹ බෝඩරේට පොඩ්ඩක් මෙහායින් කැලණි කැම්පස් එක හරියේ තියෙන මිලේනියම් එක කිරිබත්ගොඩ, කඩවත සහ පෑලියගොඩ සෑහෙන ජනප්‍රියයි. තරුණ කොල්ලෝ ටිකක් තමයි මෙතන වැඩේ කරගෙන යන්නේ. ගාණට සෙට් වෙන්න තියන මෙයාලාගේ කෑමවල රහ බලන්න ම වටිනවා. ගොඩක් ම නැගලා යන්නේ මික්ස් රයිස් එක. ඊට අමතරව ෆ්‍රයිඩ් රයිස් සහ නාසි ගොරෙන්ග් තියනවා. රසම රස උකු ග්‍රේවි එකක ගිල්ලලා තියෙන හොඳට මස් තියන පත චිකන් කෑල්ලක් කන්න නම් එන්න වටිනවා ලංකාවේ කොහේ හිටියත්. සෙට් මෙනූ එකකුත් තියනවා ෆ්‍රයිඩ් රයිස්වල. ඊට අමතරව මෙතන මෂ්රූම් එකත් මරු.
2. Kushmi Foods
ඔපීසි ජනතාව අතර සෑහෙන ජනප්‍රිය මෙයාලා ගැන නොදන්න කෙනෙක් නෑ. හැව්ලොක් ටවුම, කෝට්ටේ, දෙහිවල වගේ සෑහෙන මිනිස්සු ගැවසෙන තැන්වලයි මෙයාලගේ කඩේ තියෙන්නේ. නිකන් ම බත් කනවට වඩා රහ චොප්සුයි බත් එකක් තියනවා. ඊට අමතරව රොටී වර්ග තියනවා. ඉන්න තැනක නිදාගෙන කතහැකි.
3. City Food Take Away
නුගේගොඩ පාලම යට සිටි ෆුඩ් එක කාටවත් මග ඇරෙන්නේ නම් නෑ. කඩේට ඇතුල් වෙන්නත් කලියෙන් පේන්නේ මහ විසාල මෙනූ එක. පොඩි ෂෝට්ඊට් පාරක් දාන්න පුටු දෙක තුනකුත් මෙතන දාලා තියනවා. කෑම නම් ඉතින් මාර රහයි. දෙන ගාණ වගේ දෙගුණෙක පෝෂන් එකක් ලැබෙනවා. පාලම යට මහජන බැංකුවේ ඒටීඑම් එකත් එක්ක ම තියෙන කහ ඉර පැන්නම ඒක කෙලින් ම ඉවර වෙන්නෙ සිටිෆුඩ් එකෙන්.
4. Red Balloon
පිටතට පේන්නේ නම් නිකන් ම නිකන් ටේක් අවේ ප්ලේස් එකක් කියලා. ඒත් ඇතුළට වෙන්න දැන් නම් කීප දෙනෙක්ට ඉඳගෙන කාරිය කන්න පුළුවන් විදියට වැඩේ ලේස්ති කරලා තියෙනවා. අවුරුදු ගාණක් ලංකාවේ චයිනීස් කෑම උන්නතිය වෙනුවෙන් පෙනී හිටපු රෙස්ටෝරන්ට් චේන් එකක් තමයි මේ. රයිස් ඇන්ඩ් කරි එහෙමත් ගන්න පුළුවන්. ඩිලිවරිත් තියනවා. මහරගම, පන්නිපිටිය, පිළියන්දල, හෝමාගම, කොට්ටාව සහ ගල්කිස්ස කියන ප්‍රදේශවල තමයි මෙයාලාගේ වාසස්ථාන පිහිටලා තියෙන්නේ.
5. Praneetha

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ ප්‍රණීත එක කට්ටිය හොයාගෙන එන්නේ. ඔපිස් දවස්වලට නම් ආයේ කට කපලා. මෙතන පෙනුමට තියෙන්නේ නම් ටේක් අවේ විතරයි වෙන්නේ වගේ. හැබැයි උඩ තට්ටුවේ දහ දෙනෙක්ට විතර ඉඳගන්න පුළුවන් විදියට හදලා තියනවා. ප්‍රණීත එකේ තියනවා අපිට කොළඹ වෙන තැනක දී කන්න නොලැබෙන මස් වර්ග. ඒ වගේම වෙනත් එළවළු ජාති 25ක් විතර තියෙනවා. මෙතන හරිම කසිලිබිසිලි ඉතින්. හැබැයි ඒ රහට ඔක්කොම පරාදයි. ඕනි ඔට්ටුවක්.
6. Pizza Napolitana
පිට්සා කොහොමත් ටේක් අවේ තමයි ඒත් මෙතන ප්‍රසිද්ධ ම ඩයින් ඉන් අත්දැකීමකට වඩා ටේක් අවේ තැනක් විදියට. දැන් දැන් මිනිස්සු ප්‍රසිද්ධ ෆ්‍රැන්චයිස්වලට යන්නේ නැතුව යන්නේ ලෝකලි දර ලිපේ හදන පිට්සා කන්න. මොකද පිටි ගුලි ගිලින්නැතුව ඒ වගේ තැනකින් තින් ක්‍රස්ට් පිට්සා කන්න පුළුවන් නිසා. මේ කියන තැනත් එහෙමයි. බොරලැස්ගමුවේ පැපිලියාන පාරේ තමයි තියෙන්නේ. ඉඳගන්න ඉඩ තියෙනවා 4කට 5කට.
7. Home Cooking Fast Food
නුගේගොඩ හෝම් කුකින් එකත් කාලයක් තිස්සේ ටේක්අවේ වැඩේ කරගෙන හිටපු රජ වැඩ කාරයෙක්. වැඩ කාරයෙක් කිව්වේ ඉතින් කෑමවලට සෑහෙන ෆෑන්බේස් එකක් හදාගෙන තියෙන්නේ. හවස වෙනකොට ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. පෝලිමක ඉන්න වෙනවා සෑහෙන වෙලාවක්. හැබැයි ඉතින් ඒ ඉවසීමට පාඩු නෑ. රයිස් ඇන්ඩ් කරි නම් එහෙමයි. ෆ්‍රයිඩ් රයිස් නම් එහෙමයි. ඕනි එකක්.
Leave a Reply