ඇත්ත ජීවිතේ අමු අපතයෝ වෙන සෙලිබ්‍රෙටිලා 7ක්

කලාකාරයෙක් නැත්නම් සෙලිබ්‍රෙටි කෙනෙක් සුන්දර මනුස්සයෙක් වෙන්නේ ඒ මනුස්සයගේ නිර්මාණවල තියන ලස්සන පොරගේ හිතෙත් තියෙනව නම් විතරයි. නැත්නම් ලෝකෙට පේන්න විතරක් නිර්මාණවල විතරක් අමුතු ලස්සනක් තියෙන මිනිස්සුන්ට කියන්නේ අපතයෝ කියලයි. මේ ඒ වගේ අපතයෝ කියා නොහිතෙන අපතයෝ.

1. ජස්ටින් බීබර්


ජනප්‍රියත්වයත් එක්ක අමු හීනමානයකින් ඔළුව උදුම්මවාගත්තු ගායකයෙක් තමයි ජස්ටින් බීබර්. හිතන්න තමන්ගේ ෆෑන්ස්ලට කෙල ගහලා ඒකෙන් අමුතු ආතල් එකක් ගන්න මන්දමානසික ගායකයෙක් ගැන. එතකොට තව පැපරාසි පොටෝග්‍රැපර්ලටයි ෆෑන්ස්ලටයි පොඩ්ඩ ඇත්තන් නෙලන එකෙක් ගැන? බිම මොප් කරන්න තියෙන බාල්දියකට මුත්‍රා කරන්න තරම් කොලිටි බැස්ස ඩයල් එකක් ගැන? ඔව් මේ හැම එකක් ම බීබර්ගේ වැඩ. අර කෙල ගහන සීන් එක නම් අන්තිම අසික්කිතයි. විශේෂයෙන් ම ඒ වැඩේ කරලා අන්තිමේ ෆෑන් රියැක්ෂන් බලන්න පොටෝත් අරගෙන තිබ්බ එක.

 


2. කරීනා කපූර්


අපි සෑහෙන්න ආදරේ කරන මේ නිළිය තමන්ගේ අපත ගති වැඩි වශයෙන් ම පෙන්වන්නේ තමන්ගේ සහෝදර නිළියන්ට. ඒක ෆෑන් කෙනෙක්ට කරන නින්දාවකටත් වඩා අන්තයිනේ. අයිෂ්වර්‍යා රායි, ප්‍රීති සින්ටා, අමීෂා පටෙල්, ප්‍රියංකා චොප්රා කියන ක්ෂේත්‍රයේ අනෙක් නිළියන්ට ඇගෙන් ගැරහුම් බොහොමයි. සමහරු ගැලපෙන්නේ හවුස්වයිෆ් පට්ටමටයි කියලා කියන්න තරමට ම අපතයි. ප්‍රියංකාගේ උච්චාරණයත් කරීනාට අනුව සෑහෙන ව්‍යාජයි ලු. එහෙම දැනුණත් ප්‍රසිද්ධියේ ඔහොම කියනවද මං අහන්නේ.



3. ෂෝන් පෙන්


මේ දක්ෂ නළුවත් ෆෑන්ස්ලට කිසිම ගරුත්වයක් ආදරයක් නැති කෙනෙක්. ඔහුගේ ඡායාරූපයක් ගත්තු ෆෑන් කෙනෙක්ට ෂෝන් බැනලා තිබ්බේ අපි සත්තු නෙවෙයි කියලා. ඊට අමතරව එයාගේ ෆෝන් එකත් කඩලා. තව චෝදනාවක් තියෙනවා තමන්ගේ පෙර බිරිඳ වන මැඩෝනාව අපයෝජනයට ලක් කරා කියලත්.



4. සල්මාන් ඛාන්

Being Human කියලා තමන් ව බ්‍රෑන්ඩ් කරගත්තට සල්මාන් ඛානුත් අපතයෙක් කිසිම මානුෂීය ගතියක් නැති. තමන්ගේ ජීවිතේ හිටපු හැම පෙම්වතියකට ම ඔහු තඩිබාලා තියනවා. ගෑනුන්ට මෙයා එක්ක ඉන්නත් බැරි ඒ නිසා වෙන්න ඇති. ඒ වගේ ම ඉන්ඩස්ට්‍රි එකට අලුතින් එන ගෑල්ලමයින්ටත් සල්මාන්ගෙන් ගැලවිල්ලක් නෑ. සෙට් එකකට බීලා යනවා. බීලා අහිංස​කයන් ව හප්පනවා. කොටින් ම කියනවා නම් සල්මාන් රඟපාන චරිතවලට වඩා ඇත්ත ජීවිතේ සෑහෙන වෙනස්.


5. කැමරන් ඩයස්


නාහෙට අහන්නේ නැති තමන් කැමති ඕන ම දෙයක් කරන ටයිප් එකේ නිළියක් තමයි කැමරන්. තමන් කැමති දේවල් කරාට කමක් නෑ අනවශ්‍ය විදියට මිනිස්සුන්ගේ හිත් රිද්දන්න යන්නේ නැතිව. ෆෑන්ස්ලා ඔටෝග්‍රාෆ් එකක් බලාපොරොත්තුවෙන් එනකොට ඈ දෙන උත්තරයක් තමයි ලු එක්කෙනෙක්ට අත්සන් කරොත් මේක කවදාවත් නතර නොවෙයි කියන එක. ඉතින් එහෙම වුණත් මොකෝ නේද? ප්‍රේක්ෂක ආකර්ෂණය තරම් ලස්සන දෙයක් තවත් තියනවා ද නිළියකට?

 

6. විවේක් ඔබරෝයි


විවේක් කරපු තුප්පහි වැඩක් නිසා මෑතකාලීනව සෝෂල් මීඩියාවල විවේක් රට බයිටක් වුණා. බොහෝ දෙනා දන්නවා විවේක් අයිෂ්වර්‍යා එක්ක යාළු වෙලා හිටි වග. මොකක් හරි නොගැලපීම් මත දෙන්නා වෙන් වුණා. ඉතින් මේ ළඟදී ඒ අතීතය ගොඩ දාලා අයිෂ්වර්‍යාගේ විවාහ ජීවිතයත් ටැලි කරලා හදාපු කැත මීම් එකක් විවේක් ෂෙයාර් කරලා තිවුණා. මේක ඔහු අයින් කරගෙන තිබුණෙත් සෝෂල් මීඩියාවලින් ඔහුව ඒ තැනට පත් කරපු නිසා මිසක් වෙන එකක් නිසා නෙවේ.



7.  රියානා


රියානාට සෑහෙන ෆෑන්බේස් එකක් තියෙනවා. ඒ අතරින් පොඩි කෙල්ලෙක් තමන්ගේ කොලේජ් එකේ ප්‍රොම් එකට රියානාගේ ඇඳුමක් වගේ එකක් ඇඳන් ගිහින් තිබුණා. මේක රියානා ඉතාම කැත විදියට විහිළුවට අරගෙන තිබුණේ ඇගේ රූපයක් ද අරගෙන සංසන්දනය කරමින්. ඒක හෙන කැත වැඩක්. සයිබර් අවකාශයේ කරපු බුලී වැඩක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *