ඔබ හිතන විදිහට ලංකාවේ ජාතීන් අතර ගැටලුවක් තිබෙනවාද? ඇත්තටම නෑ. හැබැයි ලංකාවේ දේශපාලනය විසින් එහෙම ප්‍රශ්නයක් අපිට නිර්මාණය කර දී තිබෙනවා. ඔවුන් එහෙම නිර්මාණය කරලා ඔවුන්ම අපිට විසඳුම් දෙන්නත් සැදී පැහැදී ඉන්නවා. සියුම්ව, වඩා හොඳින් බුද්ධිමත්ව බැලුවොත් 1948න් පසුව මේ ගෙවුණු අවුරුදු 71ක කාල සීමාව තුළ සිද්ධ වෙච්ච ජාතීන් අතර සෑම ගැටලුවකටම හේතුකාරකය වුණේ සෑම ජාතියක්ම නියෝජනය කරමින් දේශපාලනය කරපු පක්ෂ සහ දේශපාලකයින්. ඔවුන්ම ජාතිවාදය වපුරලා ඊට පස්සේ ඔවුන්ම විසඳුම් යෝජනා කළා. ඔවුන්ම අන්තවාදීන් බිහි කරවලා අන්තවාදය තුරන් කරන්න ඕනේ කියලා මිනිස්සුන්ට කිව්වා. ඔවුන්ම යුද්ධ ඇති කරවලා ඔවුන්ම සාමය ගෙනත් දෙන්නම් කිව්වා. මේ දේශපාලන සෙල්ලම් ගැන කිසිම දෙයක් නොදන්න අසරණ මිනිස්සු තමන්ගේ ජාතිය ආගම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දේශපාලකයන්ටම හුරේ දාලා ඊලඟ පාර ඡන්දයේදී උදෙන්ම ඇහැරිලා ගිහින් කතිරයත් ගහලා ආවා. ඔබ සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් ක්‍රිස්තියානි වුණත් ඔබේ ජාතිය ආගම ආරක්ෂා කර ගත යුත්තේ අන්‍ය සහෝදර ජාතිකයන්ගෙන් නෙමෙයි, අවුරුදු 71ක් තිස්සේ ඔබව අනෙක් සහෝදර ජාතිකයන්ගෙන් වෙන් කර තබපු ලේ පිපාසිත දේශපාලකයන්ගෙනුයි. ඒ කොහොමද කියලා අපි ඔබට කියන්නම්.
අසමත් රාජ්‍ය ක්‍රමයක දැක ගන්න පුළුවන් මූලිකම ලක්ෂණයක් තමයි මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් හරි ආකාරයෙන් වටහා නොගැනීම සහ එම අයිතීන් මිනිස්සුන්ට ආරක්ෂා කර දීමට නොහැකි වීමයි. එවැනි රාජ්‍යයක තම තමන්ගේ දේශපාලනය සඳහා ජාතිය හා ආගම කියන මිනිස්සුන්ගේ චිත්ත සන්තාන වල තිබෙන සංවේදීම හැඟීමභාවිතා කිරීම, ඇවිස්සීම සෑම ජාතියකම දේශපාලකයන්ට ඉතාම පහසු ක්‍රියාවලියක්. කොහොමත්ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ආණ්ඩුවක් බිහි වෙන්නේම එරට ජීවත් වෙන මහ ජාතියේ බහුතර ඡන්දය මතයි. එය අවිවාදිත කරුණක්. ලංකාවෙත් හැම ආන්ඩුවක්ම පත් වුණේ රටේ ජීවත් වන බහුතරය වන සිංහල බෞද්ධ ජනතාවගේ අභිමතය හා කැමැත්ත මතයි. ඉතින් ඕනෙම අර්බුදකාරී අවස්ථාවකදී හෝ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවකදී සුළු ජාතික දේශපාලකයන්ට ගිහින් තමන්ගේ ජනතාවට කියන්න පුලුවන් වුණා “උඹලා දෙමළ නිසයි මහ ජාතියෙන් අයිතිවාසිකම් දෙන්නේ නැත්තේ, උඹලා මුස්ලිම් නිසයි මහ ජාතිය කොන් කරන්නේ” කියලා.
එතකොට ඒ මිනිස්සුන්ගේ රිදෙන්න ඕනේ ප්‍රබලම තැනට ඒ වචන දැනිලා ඉවරයි. වේළුපිල්ලේ ප්‍රභාකරන් පවා කළේ ඒ දේයි. එහෙම කියන්න තරම් මේ රටේ පරිසරය හැදුණේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් මෙතෙක් පත් වුණු කිසිම ආණ්ඩුවකින් එක හා සමානව නොලැබීම නිසයි. ඒ කියන්නේ රටේ නීතිය, අධ්‍යාපනය, සෞඛ්‍යය, තාක්ෂණය, යටි තල පහසුකම් වල එක හා සමාන පහසුකම් නොලැබීමක් සහ සමූහයක් වශයෙන් ඉදිරියට යා යුත්තේ කොහොමද කියලා නිවැරදි දැක්මක් මිනිස්සුන්ට නොමැති වීමයි. මිනිස්සු මානසික වශයෙන් එලෙස අයාලේ ගිහින් ඉන්නකොට තමයි ඒ ඒ ජාතීන්ගේ දේශපාලකයන්ට පුළුවන් වුණේ “උඹලා සුළුතරය නිසයි මහ ජාතියෙන් මෙහෙම කරන්නේ” කියලා කියන්න. එලෙස ජාතීන් වෙන් කර කතාකිරීමෙන්ම ඔවුන්ගේ දේශපාලනය විසින් ද මෙතෙක් කල් පවත්වාගෙන ගියේ සුළුතර අන්තවාදයක්. ඊළඟට ඔවුන් තීරණය කළේ තමන්ගේ ජාතියට පමණක් අනන්‍ය වූ දේශපාලන පක්ෂ වලට බෙදෙන්නයි. දෙමළ ජාතියට වෙනම දේශපාලන පක්ෂයක් හා නායකයින්, මුස්ලිම් ජාතියට වෙනම පක්ෂ හා නායකයින් අද ලංකාවේ දේශපාලන ක්‍රමයඇතුළේ බිහි වෙලා තිබෙන්නේම ඔන්න ඔය සන්දර්භය මතයි. මුල් කාලීනව අසංවිධානාත්මක බිහි වූ මෙම පක්ෂ හා සංවිධාන කාලයත් සමඟ සිංහල මහ ජාතියට ප්‍රබල පීඩනයක් එල්ල කළ හැකි මට්ටමටම ඔවුන් විශාල කරගන්නවා. මේ සියලුම සංවිධාන කටයුතු භාරව කටයුතු කරන්නේ ඒ ඒ ජාතීන් නියෝජනය කරන විමුක්තිකාමී ලේබලය ගසා ගත් දේශපාලකයන් විසිනුයි. දෙමළ හා මුස්ලිම් සමාජ දෙකම මේ විදිහට වෙන් වෙන් වෙලා සංවිධානගත වුණාම ඒ බෙදීමේ ප්‍රබලම වාසිය ලබා ගත්තේ සිංහල මහ ජාතිය නියෝජනය කරන දේශපාලකයන් විසිනුයි. ඔවුන් එහිදී එකතු කරගන්න උත්සහ කරන්නේ ඒ ඒ ජන කොට්ඨාශ වල සහයෝගය නෙමෙයි. ඒ ඒ සුළු ජාතික දේශපාලකයන්ගේ සහය පමණයි. එකම හැඟීම් දැනීම් තිබෙන, එකම පාටින් රුධිරය ගලන , එකම ඉරෙන් හඳෙන් එළිය ලබන, එකම ජලයෙන් පිපාසය සංසිඳවාගන්න, එකම වාතාශ්‍යයෙන් හුස්ම ගන්න අපේම ශ්‍රී ලාංකික මිනිස්සු ජාතීන්ට බෙදමින් ඔවුන් කළේ තම තමන්ගේ පැවැත්ම හා පවුල් වල සුඛ විහරණය වෙනුවෙන් මිනිස්සු බෙදා වෙන් කරමින් පාලනය කිරීමයි. ඊළඟ ඡන්දය වෙනුවෙන් කොහොමහරි සුළු ජාතික ඡන්ද කුට්ටියක් කඩා ගැනීමේ අරමුණ පමණයි ඒ තුළ තිබුණේ. ඒ බෙදා වෙන් කර තබා ගැනීම ඇතුළේ දේශපාලකයන්ට අවශ්‍ය වුණාම සුළු ජාතිකයින්ව අන්ත්වාදීන් විදිහට චිත්‍රණය කරන්නත් පුළුවන් වුණා නැත්නම් ඔවුන්ව නිර්දෝශී කරන්නත් පුළුවන් වුණා.
හොඳම උදාහරණය පසු ගිය අප්‍රේල් 21 සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයයි. 300කට අධික අපේම අසරණ මිනිසුන්, දරුවන් සහ මෙරටට ආදරය කරපු විදේශිකයින්ගේ ලේ වලින් ලියවුණු ඒ තිරශ්චීන බෝම්බ ප්‍රහාරය තුළ ප්‍රබල වශයෙන්ම ඇඟිල්ල දික් වුණේ සහ පීඩනය යොමු වුණේ මෙරට මුස්ලිම් ජනතාවටයි. ප්‍රහාරයට මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වගකිවයුත්තන් වුණා තමයි. නමුත් එමම දඩමීමා කරගනිමින් ප්‍රහාරයේ උණුසුම පැවැති ආරම්භක කාලයේ සියලුම මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් විදිහට හංවඩු ගැසීමට ප්‍රබල රැල්ලක් අපේ සමාජය තුළ ඇති වුණා. නමුත් ඔබ හොඳින් විමසලා බැලුවොත් පෙනෙයි වර්තමානය වෙනකොට එම රැල්ලේ සැර බාල වෙලා ඉතාම සීමිත මුස්ලිම් ජනතාවක් පමණක් අන්තවාදීන් වෙලා දැන් කිසිම මුස්ලිම් අන්තවාදයක් ගැන කතා නොකරන මට්ටමට ම පත් වෙලා අවසානයි. ඔබට තේරෙනවාද ඊට හේතුව? ඔව්… අපි තීරණාත්මක ජනාධිපතිවරණයක් අබියසයි ඉන්නේ. සුළුජාතීන්ගේ ඡන්ද කුට්ටි වල අගය ඉහළ මට්ටමකට ඇවිල්ලයි තිබෙන්නේ. ඉතින් දැන් ජාතික තලයේ ඉන්න දේශපාලකයන්ට ඕනේ එයාලම හදපු එම අන්තවාදී රැල්ල පොඩ්ඩක් පැත්තකින් තියලා තවරපු සංහිඳියාවක් යටතේ ජනාධිපතිවරණෙයේදී තමන් සුදු හුණු ගාන අපේක්ෂකයා දිනවීමටයි.
ඊළඟට සිංහල සමාජයෙන් සිද්ධ වෙන ප්‍රධානම වැරැද්දක් තමයි සුළු ජාතීන්ව සහ ඔවුන්ගේ පක්ෂ රටේ ජාතික දේශපාලනයට එක්කාසු කර නොගැනීම. අපි ඉන්නේම අපේ සිංහල ජාතික දේශපාල සන්ධාන වලට දෙමළ ජාතික පක්ෂ හෝ මුස්ලිම් ජාතික පක්ෂ එකතු කර ගන්නවා නම් ඒ පක්ෂයට ඡන්දය දෙන්නෙම නෑ කියන අධි මානසිකත්වයෙයි. එතනින් පටන් ගන්න ඒ බෙදා වෙන් කිරීමෙන් සිද්ධ වෙන්නේම අපි මේ රටේ සුළුතර දෙමළ සමාජය හා මුස්ලිම් සමාජය ප්‍රතික්ෂේප කරනවා කියන අයහපත් මතවාදය දෙමළ හා මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලු වලට ඔවුන්ගේ දේශපාලකයන් විසින් සම්ප්‍රේෂණය කිරීමයි. සිංහලයෝ විදිහට අපි හිතන්නේ ඒකෙනුත් අපි දෙමළුන්ව , මරක්කලයන්ව පැරැද්දුවා කියලයි. නෑ. අපි වැරදියි… බුද්ධිමත් සිංහලයෝ විදිහට හරි නම් අපි කරන්න ඕනේ දෙමළ ජාතිකවාදී දේශපාලනය හා දේශපාලකයන් පරාජය කරනවා මිසක් ඒ ජනතාව පරාජය කිරීම නෙමෙයි. ඒ අසරණ ජනතාවගේ වෛරයේ ගිණි දැල් නැවත අප වෙතට ලැබීමට තරම් ඒ එක සිද්ධියක් වුණත් දශක ගණනාවකටම සෑහෙන්න ප්‍රමාණවත්. ඒවායින් තව අවුරුදු ගණනක් අපේ දරුවන්, අපේ පරම්පරා වලට බැට කද්දී නම් කන්න වෙන්නේ බෙදිලා වෙන් වෙලා නම් නෙමෙයි. ඉතින් අපිට තිබෙන සැබෑ ගැටළුව මෙයයි නේද? එහෙනම් මේ ප්‍රශ්න වලට අවංක විසඳුමක් හොයාගන්න නම් ප්‍රථමයෙන්ම කළ යුතු දෙයක් තිබෙනවා. ඒ සඳහා මේ තීරණාත්මක මොහොතේදී අවශ්‍ය වන්නේම සියලුම ජාතීන් එක්සේසත් කළ හැකි “ජාතික නායකයෙක්” පමණයි. නැතුව මිලිටරිවාදී ෆැසිස්ට්වාදී නායකයෙක් වත්, එක ආගමක් වෙනුවෙන් පමණක් පෙනී සිටින, එක ජාතියනක් ආරක්ෂා කිරීම වෙනුවෙන් පොරොන්දු දෙන අන්තවාදයට අපව ආයිමත් අරන් යන්න ඉන්න නායකයෙක් නෙමෙයි. ඔවුන්ට කවදාවත් සෑම ජාතියකටම සාධාරණය ඉටු කරන , ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිව ජාත්‍යන්තරට ඔසවා තබන ජාතික නායකයන් වීමට කිසිසේත්ම හැකි වෙන්නේ නෑ, විශේෂයෙන්ම ලංකාවේ සිංහල දේශපාලන පක්ෂ අවුරුදු 71 ක් තිස්සේ කළේම එක්කෝ ඍජුවම ජාතිවාදී දේශපාලනයක් සිදු කරමින් ඡන්ද කඩා ගැනීම හෝ වක්‍රාකාරයෙන් ඒ ඒ ජාතීන් කොටස් කරල ඡන්ද කඩා ගැනීමයි. අපි දැන්වත් මේ ගඳ ගහන ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමිය යුතුයි. අපිට සහ අපේ සහෝදර ජාතික මිතුරන්ට එකට ජීවත් විය හැකි රටක් සහ වාර්ගික, ආගමික, සුළුතර හෝ බහුතර බෙදී වලින් තොර එකිනෙකාට ගෞරව කරන, සැමට නීතිය සමානව ක්‍රියාත්මක වෙන මිනිස් සමාජයක් බිහි කර ගත යුතුයි. ඒ සඳහා අපි මේ මොහොතේ ගත යුතු අත්‍යවශ්‍යම පියවර “ජාතික නායකයෙක්” බිහි කරගැනීමයි. ඔහු සිංහල ජනතාවටත්, දෙමළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් එක ලෙස හදවතින්ම ආමන්ත්‍රණය කළ හැකි නායකයෙක් විය යුතුයි. එතනින් පස්සේ එම සංහිඳියා ක්‍රියාදමය ඇති කළ යුත්තේම නීතියේ සාධාරණත්වය සෑම ජාතිකයෙක්ටම එක ලෙස ලබා දීමෙනුයි. එහෙම නැතනම් අපිට ඊළඟ අවුරුදු පහේදීත් සිද්ධ වෙන්නේ මේ ජාතික ගැටලුව නැමැති තුවාලය අවශ්‍ය වෙලාවට එළියට අරන් පාරවලා අනවශ්‍ය වෙලාවට වහලා තියන්න හදන දේශපාලකයන්ට ඉණිමං බඳින්නයි.
අපේ ලාංකික දේශපාලන ඉතිහාසය පුරාම එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රධානම දේශපාලන වලව් පැලැන්ති දෙක සිය දේශපාලන සූදුව ජයග්‍රහණය කිරීමට වරින් වර , මාරුවෙන් මාරුවට මේ තුවාලය පාරවා දැම්මා. අපි දැන්වත් වෙනස් විය යුතුයි. පාලකයන්ගේ සියලුම වැරදි අනුමත කරන වහල් මානසිකත්වයෙන් මිදී නිදහස්, විචාරාත්මක මනසකින් සෑම ගැටලුවක් දිහාම බැලිය හැකි, බුද්ධිමත් පුරවැසියන් බවට මෙවර වත් පරිවර්තනය වෙමු. සිංහල ඔබට මට වගේම අපේ සහෝදර දෙමළ හා මුස්ලිම් ජනතාවටත් එක්කාසු විය හැකි ජාතික වැඩපිළිවෙලකට මෙවර මාවත් එළි පෙහෙළි කරගන්න මෙවර ජනාධිපතිවරණයේදී අපේ වටිනා ඡන්දය භාවිතා කළ යුතුයි. එලෙස සැබෑ සංහිඳියාවක් අපට උදා කර දිය හැකි
ඍජු නායකත්වයක් ඔබ සෙව්වා නම් විසඳුම “ජාතික ජන බලවේගය යි”. ඔවුන් පසුගිය දා එළි දක්වපු සිය ජාතික සමඟිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රගතිශීලී වැඩ පිළිවෙල සවිස්තරාත්මකව ඔබට තිළිණ කළා. “එක රටක් – විවිධත්වයෙන් හා සමානාත්මතාවයෙන් බැඳුණු ශ්‍රී ලාංකේය ජාතියක්” තේමා කොටගෙන සැකසී ඇති එම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අඩංගු අරමුණු මෙසේයි.
සියලු ජාතිකත්වයන්ගේ සමාජ, සංස්කෘතික, ආගමික, ආර්ථික, භාෂාමය හා දේශපාලනික විවිධත්වයන්
හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිගනිමින් හා ඒවාට ගරු කරමින් ජීවත්වන ජන සමාජයක් ඇති කිරීම
බෙදී වෙන්වීමේ මනෝභාවයෙන් තොරව ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම පිණිස සියලු ජාතිකත්වයන් හා ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය ඇතිකරමින් ඔවුනොවුන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සහතික කිරීම
ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස කටයුතු කරන අතරම සියලු ජාතිකත්වයන්ගේ අනන්‍යතා තහවුරු වන හා
ඔවුන්ගේ දේශපාලනමය අභිලාසයන් හා අභිමතාරථයන් නියෝජනය කරමින් එම ජන කොටස්වල සක්‍රීය ප්‍රජාපාලන සහභාගිකත්වය සහතික කිරීම
සියලු ආකාරයේ ජාතිවාදී, කුලවාදී හා ආගමික අන්තවාදී මතවාදවලින් තොරව සහජීවනයෙන් සහ
සංහිඳියාවෙන් යුතුව කටයුතු කරන ජන සමාජයක් ඇති කිරීම
ඉතින් අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයක් ඉදිරියේ අපි සිටින මේ මොහොතේ අවුර්දු 71ක් ම අපිට තිස් අවුරුද්දක සිවිල් යුද්ධයක් හිමි කරදුන් ජරාජීර්ණ වූ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට ඡන්දය දී ඔවුන් අපට නිර්මාණය කර දුන් සිස්ටම් එක මෙවරත් පිළිගෙන ඔබේ දරුවන්ටත් අලුත් යුද්ධයක් උරුම කර දෙනවා ද නැත්නම් මෙතැන් පටන් දේශපාලකයන්ගේ සිස්ටම් එක ප්‍රතික්ෂේප කරමින් ජනතාවාදී අපේම අලුත් සිස්ටම් එකක් හදාගන්නවා ද කියලා ඔබ අද තීරණය කරන්න.
තිනෙති නානායක්කාර
Leave a Reply