සමහරු ඉන්නවා කෙලින්ම බවුසර් වගේ තමයි, බොනව බොනවා ගාණක් නෑ. තවත් සමහරු දෙක වදිද්දි තණකොළ ගලවන් යන ලෙවල් එකට එනවා. මීට අමතරව සමහර වෙලාවල් තියෙනවා අපි හිතන්නෙවත් නැති ඉක්මනට අපිට කුඩු වෙන්න වැදිලා මීටර් අවුට් වෙලා යන. සමහර වෙලාවට අපි හිතන්නෙවත් නැති තරම් අඩු ප්‍රමාණයක් බීල හිටියත් අපිට සෑහෙන්න වෙරියක් එනවා. ඒ වගේ වෙලාවට ඉතින් හෙන අවුලක් අපේ ඔලුවට එන්නෙ. නෝන්ඩිත් එක්කනෙ.
ඉතින් අපි හිතුවා මේ විදිහට නොහිතන ඉක්මනට අපිව වෙරි වෙන්න බලපාන හේතු කීපයක් ගැන හොයා බලන්න.
1. නින්ද අඩුකම
නින්ද අඩු වීම කියන්නේ ආයෙ කෙලින්ම වෙරි වීමකට සමානයි කියලයි වෛද්‍යවරු කියන්නෙ. අපිට වෙරි වුණාම මීටරේ අවුල් යනවා වගේම නින්ද අඩු කම නිසා ඇතිවෙන තෙහෙට්ටුව මොළේ සිග්නල් යැවීමේ නෙට්වර්ක් එක අවුල් කරල දානව කියලයි කියන්නෙ. ඉතින් එක දිගට නිදි මරලා, නිදි ඇරියස් තියාගෙන ඩ්‍රින්ක් එකක් දානව කියන්නේ ඔයා වෙනදට වඩා ඉක්මනට වෙරි වෙන්න හොඳටම ඉඩ තියන අවස්ථාවක්. අනිත් එක එහෙම නින්ද අඩු දවස්වල දාන ඩ්‍රින්ක් එකේ එන්ජෝයිමන්ට් එකත් අඩුයි කියලා ඔයාල ගොඩක් දෙනෙක් අත්දැකල ඇති.
2. රස්නෙ තැන්වල බීම
ගිනි කාස්ටකේ කරන සෙට්වීම්වලදි හරි ෆෑන් එකක්වත් නැති රස්නෙ කාමරවල කිටි කිටියෙ තදබද වෙලා සෙට් වෙද්දි හරි ඉක්මනින් වෙරි වෙන්න තියන ඉඩ වැඩියි. ඇල්කොහොල්වලින් වගේම උණුසුම නිසාත් අපේ ශරීර විජලනය වෙන්න පටන් ගන්නවා. මේ තත්ත්වයත් එක්ක මත්පැන් පානය කරද්දි වෙනදාට වඩා වෙරි ගතියක් දැනිලා ඔලුවෙ කැක්කුම්, කරකැවිල්ල, වමනෙ ගතිය වගේ දැනෙන්න තියන ඉඩ වැඩියි.
3. ඩයට් කෝලා වර්ග එක්ක ෂැන්ඩි කිරීම
අපේ අයියලා අරක්කු විසයි කියල පිළි නොගත්තට මොකද අරක්කු එක්ක පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්න දේවල් තමයි ගන්න හොයන්නෙ. බයිට් එකට පළතුරු එළවලු විතරක් නෙමෙයි සමහරු ෂැන්ඩි කරන්නත් ෂුගර් ෆ්‍රී සහ ඩයට් කෝලා වර්ග යොදාගන්නව වැඩි හොඳට කියල. හැබැයි මේ වැඩෙන් වෙනදාට වඩා ඉක්මනට වෙරි වෙන්න පුළුවන් කියල ඒ අය දන්නෙ නෑ. සීනි සහිත බීමකින් ඇල්කොහොල් රුධිරයට එකතුවීම පරක්කු කරනවා. හැබැයි සීනි රහිත බීම වලින් මේ වැඩේ ඉක්මන් වෙලා අපිට ඉක්මනට වෙරි වෙනව.
4. බර අඩු වෙලාද?
ඩයට් කරන එක දැන් කාලේ ගෑණු පිරිමි භේදයක් නැතිව සිද්ධ කරන දෙයක්නෙ. ඩයට් කරලා හරි ව්‍යායාම කරලා හරි බර අඩු කරගත්ත අයටත් වෙනදාට වඩා ඉක්මනට වෙරි වීමේ අවදානමක් තියනවා. මේක වෙන්නේ මෙහෙමයි, දැන් ඔයාගෙ ශරීරයේ බර අඩුවීමත් එක්ක ශරීරගත H2O ප්‍රමාණයත් ඊට සාපේක්ෂව පහළ බහිනව. එතකොට ඔයා බර වැඩියෙන් හිටපු කාලෙ බීපු ප්‍රමාණෙම බිවුවොත් වෙන්නේ ශරීරගත ඇල්කොහොල් ප්‍රතිශතය වෙනදාට වඩා වැඩි වෙලා, වෙනදට වඩා ඉක්මනට වෙරි ගතියක් දැනෙන එකයි. ඒ නිසා බර ගොඩක් අඩු කරගත්ත කෙනෙක්නම් තමන් බොන මධ්‍යසාර ප්‍රමාණෙත් තරමක් අඩු කළොත් තමයි හොඳ.
5. කන කෑම වර්ග
හිස්බඩ ගැහුවොත් ඉතින් කාටත් සොරි ඩොට් කොම් වෙන්න තියන ඉඩ වැඩියි කියල ඔයාල දන්නවනෙ. කබා පාර, ඔලුවෙ කැක්කුම් ෂුවර්. ඒ වගේම තමයි මේදය අඩු ආහාර ගන්න එකෙනුත් ඉක්මනට වෙරි වෙනව කියලයි කියන්නෙ. මොකද මේදය වැඩි ආහාර වලින් ඇල්කොහොල් රුධිරයට එකතු වෙන එක ප්‍රමාද කරනවා. එතකොට ටිකක් වෙලා ගිහිල්ලයි වදින්නෙ. මේදය අඩු ආහාර බයිට් හැටියට ගනිද්දි මේ තත්ත්වය ඉක්මන් වෙනවලු. හැබැයි මේකෙන් අපි කිසිසේත්ම කියන්නෙ නැහැ බොද්දි මේදය වැඩි ආහාර ගන්න එක සෞඛ්‍ය සම්පන්නයි කියලා. හොඳම දේ තමයි බොන්න කලින් සමබල ආහාර වේලක් අරගෙනම වැඩේට සෙට්වෙන එක.
6. ව්‍යායාම මද කම
කම්මැලිකමට අතක් පයක් හොල්ලන්නෙ නැතිව ඉන්න කාලවලදිත් තරමක් වැඩිය වෙරි වෙන්න පුළුවන්. ව්‍යායාම එහෙම කරලා මස්පිඩු ටිකක් වර්ධනය කරගෙන ඉන්නවනම් ශරීරයේ ඇල්කොහොල්වලට ගමන් කරන්න තියන ප්‍රදේශ ටිකක් වැඩි වෙනව. එහෙම නැති වුණාම කෙලින්ම බංඩි ගෙඩියේ ඇල්කොහොල් තැන්පත් වෙලා ඉක්මනින්ම රුධිරයට එකතු වෙලා අපේ වෙරිය වැඩි කරනවා.
7. වයසට යාම
අවුරුදු 30 පැන්නට පස්සේ ඉස්සර බීලා කරපු හපන්කම් එන්න එන්නම කරන්න අමාරු වෙන්න පටන් ගන්නවා. නින්ද යන්න ගන්නවා, මහන්සි දැනෙනවා වගේ ප්‍රශ්න එනවා. වයසට යන්න යන්න ශරීරය ඇල්කොහොල්වලට ප්‍රතිචාර දක්වන ආකාරයත් දුර්වල වෙනවා සහ ප්‍රමාද වෙනවා. අන්න ඒ නිසා විසි ගණන් වලදි ගසපු ගැසිලි තිස් ගණන් මැදදි ගහද්දි පොඩ්ඩක් විතර අප්සෙට් ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම වයසට යන්න යන්න අපි පරණ ප්‍රමාණෙටම වැඩිපුර බිව්වොත් මත්පැන් නිසා ඇතිවන භයානක ලෙඩරෝගවලටත් අපිව ඉක්මනින්ම ගොදුරු වීමේ හැකියාව තියනව. ඒ නිසා වගකීම් සහගතව මත්පැන් පරිභෝජනය කරන්න.
Leave a Reply