ලිංගික සැප සොයා තායිලන්තයට ඇදෙන සංචාරකයින්ගේ අත්දැකීම්

තායිලන්තය කියන්නේ ලස්සන රටක්. ඒ වගේම තායි රටේ ජනතාවට බෞද්ධාගම එක්ක ආපු හො​ඳ සංස්කෘතික උරුමයකුත් තියෙනවා. තායිලන්තයට සංචාරකයින් මිලියන ග​ණනින් එන්න ඒ රටට තියෙන සුවිශේෂී ගතිගුණ වගේම ලිංගික සුවයත් හේතු වෙනවා. බටහිර ජාතිකයින් වගේම ලංකාව, ඉන්දියාව, ජපානය, චීනය වගේ රටවල ආසියානුවන් පවා ලිංගික සැප ලබාගන්න තායිලන්තයට යනවා. 

 

1. සෙක්ස් වලට ප්‍රකට පැති 

දකුණු තායිලන්තයේ පුකෙට්, ක්‍රාබි වගේ සුන්දර වෙරළ තීරයන් අතර මේ කාන්තා පහස විකිණීම ජයටම කෙරෙනවා. ඒ වගෙම බැංකොක්වලත් පතායාවලත් කිසිම බාධාවකින් තොරව ලිංගික සැප සොයාගන්න සංචාරකයින්ට අවස්ථාව තියෙනවා. තායිලන්තයේ නීතියෙන් ගණිකා වෘත්තිය අනුමත නැහැ. ඒ වුනාට සංචාරකයින් ස​ඳහා ලිංගික සැප සපයන තැන් තායිලන්තයේ සංචාරක පළාත් ආශ්‍රිතව බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. සෙක්ස් පාටි, බාර් ආදිය වැඩිමනක් නැතිවුනත් අනෙකුත් සංචාරක පළාත් වලදිත් හෝටල් කාමරයකට මසාජ් වලට ගෑණු ළමයි ගෙන්වාගන්න, කැරෝකේ බාර් එකක සුවය විඳින්න පහසුකම තියනවා. පුකෙට් පළාතට වැඩිපුර ගැහැණු ළමයි එන්නේ තායිලන්තේ ඊසාන දිග ඉසාන් පළාතෙන්.සමහර සංචාරකයින් ඒ නිසාම ඉසාන් පළාතේ නොන්කායි, උදොන්තානි, කොන් කේන් වගේ නගර වල ඇවිදලා ලාබෙට සැප හොයාගන්න පෙළ​ඹෙනවා. 

 

2. ඉන්දියානුවන්ට නිසි තැන 

ඉන්දියානුවන් ලිංගික සුව හොයන්න ගියත් ලෝබකම අත අරින්නේ නැහැ. ඔවුන් එක්කෙ​නෙක්ට කියල ගැහැණු ​ළමයෙකු වෙන් කරගෙන ඉන් පසු කිහිප දෙනෙකු එකතුව ඇගෙන් ලිංගික සුව හොයා යන අවස්ථා ගොඩක් වාර්තා වෙලා තිබුනා. ඉතින් ඒ වගේ දේවලට තායි කාන්තාවන් කැමති නැහැ. ඒ නිසා ඉන්දියානුවන් ස​ඳහා ලිංගික සුව සපයන්න තායි කාන්තාවන් එතරම්ම උනන්දුවක් නැහැය කියලා තමයි වාර්තා වෙන්නෙ. ලංකාවේ අපිත් පාස්පෝට් එකෙන් ශ්‍රී ලංකන් වුනාට පෙනුමෙන් ඉන්දියන් ස්වභාවයක් තමයි තියෙන්නේ. ලංකාවේ අයගේ නම  එච්චරම සවුත්තු වෙලා නැති වුනත් කලින්ම ඉන්දියන් නෙමෙයි කියලා ඉන්න එක වැඩේට බහිනවා නම් ටිකක් සුදුසු වෙයි. 

 

3. ලේඩිබෝයිස්ලාගෙන් බේරීම 

තායිලන්තයේ ගෑණු වගේම පිරිමිත් සුදුපාට බෝල වගේ සුමට ඇ​ඟවල් තියෙනවා. කතාබහෙනුත් ටිකක් ගෑණු ටයිප් ගන්න පිරිමි අය ගොඩක් ඉන්නවා. ඉස්සර ඇමරිකානු සොල්දාදුවන් වියට්නාමයට පහර දෙන්න තායිලන්තය හරහා යුද්ධයට ගියාලු. ඒ කාලේ ඇමරිකානු සොල්දාදුවන්ට ඕනි කරන තායි ගැහැණුන් සපයන්න බැරි කොට තායි පිරිමිත් ගෑණු විදියට ඇ​ඳගෙන ඇමරිකානු සොල්දාදුවන්ගේ උවමනා එපාකම් සංසි​ඳවන්න ගියාලු. ඉතින් මේ ලේඩිබෝයි කියන කට්ටියට ස්ත්‍රී ලිංගයක් නැතිවුනත් වර්තමානේ තියෙන තාක්​ෂණික ක්‍රම පාවිච්චි කරලා ගෑණු ළමයි වගේම සුන්දර ලෙස බාහිරින් පෙනී ඉන්නවා. සමහර අයට නම් ලේඩිබෝයි කෙනෙක් ඇසුරු කිරීම අලුත්ම අත්දැකීමක්. ඒත් නොදැන ගෑණු ළමයෙක්ම කියලා හිතාගෙන ලේඩිබෝයි කෙනෙක් ගත්තොත් එතනදී නම් ටිකක් වෙලා යද්දි අපුල හැඟීමක් හිතට ඒවි. 

 

4. තායි මසාජ් 

ඉන්දුනීසියාව, ඉන්දියාව, චීනය වගේ රටවලත් ලංකාවේ වගේ මසාජ් අස්සේ ලිංගික සුව විකු​ණන අවස්ථා තියෙනවා. ඒත් තායිලන්තයේදී මසාජ් කියන්නේ සෙක්ස් සුවය දෙන තැනක් නෙමෙයි. තායි මසාජ් වලදි ඇඟ උඩ නැගගෙන කකුල් අතපය නමලා ඇ​ඟට රිදෙන්න හො​ඳ මසාජ් එකක් ලැබෙනවා. ඒත් ගොඩක් මසාජ් වලදි සෙක්ස්  ලබාගන්නට බැහැ. මසාජ් කියන්නේ සමහර පැතිවල තායි කාන්තාවන් තමුන්ගේ සුව සඳහා සතිපතා කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒත් සෙක්ස් ඩෙස්ටිනේශන් වල තියෙන මසාජ් පාලර් වල දි නම් වැඩි මිලකට ශෘ​ංගාරාත්මක මසාජ් එකත් එක්කම ලිංගික සුවත් ලබාන්නට පුළුවන්කම තියනවා. 

 

5. මිල ග​ණන් 

ඩොලර් එක්ක බැලුවාම සුද්දාට නම් තායිලන්තය ලාබ රටක්. ඒත් අපිට නම් ටිකක් මිල වැඩියි. තායිලන්තයේ සාමාන්‍යයෙන් ලිංගික සැපයක් ලබාගන්න තායි බාත් දෙදාහත් තුන්දාහත් අතර මිලක් වියදම් වෙනවා. ඒකත් බොහොම හැඩකාර, වැඩේට දක්​ෂ ගැහැණු ළමයෙක් උවමනා කරනවා නම් තවත් මිල ටිකක් වැඩි වෙනවා. තායි බාත් එකක් ලංකාවේ මුදලින් රුපියල් හයක් විතර වෙනවා. එතකොට සාමාන්‍යයෙන් හො​ඳ මට්ටමේ ලිංගික සැපක් ගන්න නම් ලංකාවේ මුදලින් රුපියල් දහදාහත් පා​ළොස්දාහත් අතර මිලක් යනවා. ප්‍රසිද්ධම ටුවරිස්ට් ඩෙස්ටිනේශන් නැතුව වෙනත් තායි උදවිය ටුවර් යන පළාත්වල මීට වඩා අඩු මිලට සෙක්ස් හොයාගන්න පුළුවන් කියලා තායි රටට ගිය පළපුරුදු ලිංගික සුව සොය​න සංචාරකයෝ කියලා තියෙනවා. 

 

6. කැරෝකේ සහ සමාජ ශාලා

බැංකොක් වල කෝ සාන් රෝ කියන්නේ බැක්පැකින් අය අතර ටිකක් ජනප්‍රිය පළාතක්. ඒකේ කුඩා කුඩා නවාතැන් වගේම කැරෝකේ බාර් ආදියත් තියෙනවා. තායි වෙරළබඩ ජනප්‍රිය සංචාරක ස්ථාන වල ඇතැම් තැනෙක බීච් පාටි පැවැත්වෙනවා ඒ බීච් පාටිත් තායි යන සංචාරකයින් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. පතායා වගේ ජනප්‍රිය තැන් වල කැරෝකේ බාර් කියන්නේ ජනප්‍රිය දෙයක්. ඒවාට ගියාම අපිට ආදරෙන් එන ගෑණු ළමයින් අපේ ඇ​ඟේ වෙලෙමින් ඔවුන්ට සහ අපිට බොන්න මධ්‍යසාර වීදුරු වලට වක්කරනවා. ඒ වගේම මේ සමාජ ශාලා වල ලිංගිකත්වය උලුප්පන විවිධ ආකාරයේ සංදර්ශන ආදියත් පැවැත්වෙනවා. ටිකක් මිල අධික වැඩක් වුනත් මොනාද ඒවායේ වෙන්නේ කියලා බලන්න වරක් හෝ ඒ සමාජ ශාලා සහ පාටි වලට සහභාගි වෙලා විනෝදයක් ලබාගන්න එක සංචාරකයින්ට වටිනවා. 

 

7. ඔන්ලයින් සොයාගැනීම 

ඔන්ලයින් පසුබිම වැඩිදියුණු වීමත් එක්ක ඔන්ලයින් ඩේටින් සයිට් හරහා ගෑණු ළමයි සොයාගැනීම බොහොම සරල දෙයක් වෙලා තියෙනවා. ඒ හරහා ඇතැම්විට තායි රටේදි තායි නොවන වෙනත් රටවලින් පැමිණි සංචාරක ගැහැණු ළමුන්ද යාළුකරගන්න අවස්ථාවන් සංචාරකයින්ට උදා වෙලා. හැබැයි ඉතින් ඔන්ලයින් වලදි ලංකාවේ වගේම තමයි. මේකප් වලින් හො​ඳට වැඩදාපු ලස්සන පොටෝ ඔන්ලයින් පේන්න තිබුනාට ඇත්තටම දකිද්දි සමහර වෙලාවට පුදුම හිතෙනවා. තායි කියුපිඩ්, ටින්ඩර් වගේ වගේ අඩවි ජනප්‍රිය වෙලා තියනවා. තායි රටේදි වට්සැප් වලට වඩා ලයින් කියන මැසේජින් ඇප් එක ජනප්‍රියයි. ඒත් මෙහෙ වගේම ෆේස්බුක් නම් තායි වලත් හරි හරියට පාවිච්චි වෙනවා.