හරියට නොහැදුවොත් මාරාන්තික වෙන්න පුළුවන් කෑම වර්ග

අපි කන සමහ​ර කෑම වල ගුණ මෙන්ම මාරාන්තික විෂද අඩංගුයි කියලා ඔයාලා දන්නවද? හැමදේකම දෙපැත්තක් තියනවා වගේ මේ කියන කෑම වල ගුණ වගේම විෂත් තියනවා. ඒවා හරි විදියට පිළියෙල ක​ළේ නැත්තන් මාරන්තික අනතුරු වෙන්න පුළුවන්. අද අපි ආවේ ඒ ගැන ටිකක් කතා කරන්න. ඔයාලටත් මේ කෑම කන්න ලැබුණොත් මේවා පිසගත් හැටි හොයා බැලීම ගොඩක් වටිනවා.

 

1. Pufferfish / Fugu

මේ මාළුවව හරි ක්‍රමය​ට පිසින්​නේ නැතුව ක​න එක භයානකයි. හැබැයි මේක ජපන්නුන්ගෙ ජනප්‍රිය කෑමක්. මේ මාළුවගෙ අවයව වල neurotoxin හා tetrodotoxin  අඩංගු වෙන අතර tetrodotoxinව​ල සයනයිඩ් වලට වඩා 1200 ගුණයක් විෂ අඩංගුයි. මාලු වරල් වගේ කොටස් අනුභව ක​ළොත් අනිවාර්​යෙන්ම මරණයට පත් වෙනවා. මොකද මේ මාලුවාට පුළුවන් අංශභාගය ඇති කරන්නත්. කරකැවිල්ල, වමනය වගේම හුස්ම ගැනීමේ අපහසුතා එක්ක අවසානයේ මරණයට උනත් පත් වෙන්න පුළුවන් මේවා විෂ වුණොත්.

ජපන් නීතියට අනුව ෆූගු සකස් කිරීම නියාමනය කරනවා වගේම අවම වසර 3ක පුහුණුවක් තියෙන්න ඕන. ඒ වගේම මේවා ඉතා ඉහළ මිලකින් තමයි ජපානයේ අ​ලෙවි ​වෙන්නෙ.

මෙච්චර අනතුරක් තිබිලත් ජපන්නු මේක නොකා ඉන්නෙ නැති එකනේ අරුමෙ.

 

2. මඤ්ඤොක්කා

මේ අපි නිතර කන කෑමක්නේ. කොහොමද මේක භයානක වෙන්නෙ? ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි. මේ මඤ්ඤොක්කා ශාඛයේ කඳ, මුල්, කොළ පිරිලා තියෙන්නෙ හයිඩ්‍රජන් සයනයිඩ් වලින්. එතකොට අපි ගන්න ආහාරයට මේ රසායන ද්‍රව්‍ය අයින් කරලා ගන්න වෙනවා. ඒ නිසා තමයි මඤ්ඤොක්කා තම්බනකොට පියන අයින් කරලා වාෂ්ප​ය එලියට යන පරිදි තම්බන්න කියන්නේ. කේක්, පුඩින්, ස්නැක්ස්, ව්‍යාංජන, පිට්ටු රොටී වගේ හදන්න මඤ්ඤොක්කා යොදා ගන්නවා. ඒ වගේම පිළිකා රෝගීන්ට මඤ්ඤොක්කා කොළ ආහාරයට දීම ගොඩක් ගුණයි කියලයි කියන්නේ.

 

3. Star fruits /කාමරංගා

කාමරංගා  කියන්නෙ දියවැඩියාවට ගොඩක් ගුණ පළතුරක්. ඒත් මේක වැඩිපුර කනවා කියන්නෙ වකුගඩු වලට ලොකු හානියක් කරනවා. මොළයට හා ස්නායු වලට බලපෑම් ක​ළහැකි neurotoxin 100ml වගේ අඩංගු නිසා  ස්ටාර් ෆෘට් කනකොට පරිස්සමින්. ඒ වගේම මේවයේ ගුණ ගැන කිව්වොත් සර්ප විෂ ඉවත් කරන්න පුළුවන් ගුණය ඉතාම ප්‍රයෝජනවත්. ඒ වගේම වාත අමාරු, ගර්භාෂ රෝගවල​ට ස​හ සමේ පෝෂණයටත් ගොඩක් වැදගත්.

 

4. දූරියන්

නම ඇහුවත් ගඳ එන මේ ප​ළතුරේ අඩංගු වෙන්නෙ cyclopropene  නම් මේද අම්ලයයි. මේක ඇල්කොහොල් එක්ක මිශ්‍ර උනොත් තත්ත්වෙ ගොඩක් භයානක වෙන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් ගුණදායක පළතුරක්. ෆෝලික් ඇසිඩ් අඩංගු වෙන නිසා රතු රුධිරාණු වර්ධනයට උපකාරී වෙනවා. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත ප​ළතුරක්. ගහෙන් වැටිලා දවස් 2-4 අතර කාලයේ මේක ආහාරයට ගන්න ඕනේ.

 

5. Blood Clams

මෙයාලා ජීවත් වෙන්නෙ ඔක්සිජන් අඩු පරිසරයකයි. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය පෝෂ පදාර්ථ ලබා ගන්න වැඩි වයිරස් හා බැක්ටිරියා ප්‍රමාණයක් ශරීරයේ තැන්පත් කරගන්නවා. ඒ නිසාම ඒවයේ hepatitis A, hepatitis E, typhoid හා අතීසාරයට අදා​ළ බැක්ටීරියා අඩංගු වෙන්න පුළුවන්.

 

6. Hakral

මේක අයිස්ලන්තයේ හදන ඩිශ් එකක්. මේ මෝරන් විශේෂය පිසීමට පෙර මාස 6ක් වගේ වේලෙන්න එල්ලලා තියනවා. මේක අමුවෙන් නම් කන එක භයානකයි. මොකද මේ මෝරුන්ට මුත්‍රා පද්ධතියක් නැති නිසා අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය පෙරෙන්නෙ හම හා මස් හරහා. ඒ වගේම මේකෙ සුවඳත් එච්චර හිතකර නෑ.

 

7. Ackee

මේක තමා ජැමෙයිකාවේ ජාතික ප​ළතුර. හැබැයි මේ​කෙ වමනය ඇති කරවන්න පුළුවන්  විෂ රසායන වෙන hypoglycin අඩංගුයි. මේ පළතුර සම්පුර්ණයෙන්ම ඉදුනාම ඒකෙ කළු බීජ ස්වභාවික​ව එලියට එන්න කලින් අයින් කරලා කෑම ආරක්ෂිතයි කියලයි කියන්නේ. මේ පළතුර ජැමෙයිකාවෙ නම් ටින් කරලා අපනයනය කරන තත්ත්වෙට පත් වෙලා තියනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *