ත්‍රීසම්! ඔය සෙක්ස් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් හරි දැනුමක් තියෙන කෙනෙක් නොදැන ඉන්නවා වෙන්න බැරි වචනයක්! සාමාන්‍යයෙන් සෙක්ස් කරන්නේ දෙන්නෙක්නේ. හැබැයි ඉතින් තුන්දෙනෙක්ටත් වුවමනා නම් සෙක්ස් කරන්න බැරිකමක් නැහැනේ. මෙතන තුන් දෙනෙක් කියන්නේ එක ගැහැණියයි පිරිමි දෙන්නයි වගේම එක පිරිමියයි ගැහැණු දෙන්නයි වෙන්නත් පුළුවන්. සමරිසි සම්බන්ධයක නම් ගැහැණු තුන්දෙනෙක් නැතිනම් පිරිමි තුන්දෙනෙක් වෙන්නත් පුළුවන්. සෙක්ස් පැත්තෙන් ගත්තොත් බොහොම ආකර්ෂණීය අදහසක් තමයි. හැබැයි තුන් දෙනෙක් සෙක්ස් කරනවා කියන එක ප්‍රායෝගිකව වගේම මනෝවිද්‍යාත්මකවත් ටිකක් සංකීර්ණයි. ඒත් සෙක්ස් ලයිෆ් එකේ වෙනසක් හොයන අයට ත්‍රීසම් එකක් හොඳ අත්දැකීමක් වෙන්න පුළුවන්. හරි, ත්‍රීසම් හොඳද, නරකද වගේ කාරණා අපිට මෙතනදී අදාළම නැහැ. හැබැයි කවුරුහරි කෙනෙක්ට ත්‍රීසම් එකකට යන්න ඕන කියලා හිතෙනවා නම්, ආන්න එහෙම අයට පෙර සූදානමක් ලබාදෙන්න තමයි මේ ආටිකල් එක ලියවෙන්නේ.
1. ඇයි ත්‍රීසම් එකක් කරන්නේ?
මුලින්ම අහන්න ඕන ප්‍රශ්නය තමයි මේ. හැබැයි මේක තමන්ම තමයි තමන්ගෙන්ම අහන්න වුවමනා වෙන්නේ. ඇයි ඇත්තටම ත්‍රීසම් එකක් කරන්නේ? ඒකෙන් තමන්ගේ පළුදු වෙලා තියෙන සම්බන්ධතාවය නැගලා යයි කියලා හිතනවා නම් ත්‍රීසම් නොකරන එක හොඳයි. ඒ වගේම නිකම් ඇඩ්වෙන්චර් එකක් කරලා බලන්න වුවමනාවට ත්‍රීසම් කරන්න යනවා නම් එතනදිත් දෙපාරක් හිතන එක හොඳයි. විශේෂයෙන්ම අපි මේ උඩ කියන කරුණු අදාළ වෙන්නේ කපල් එකක් තවත් පිටස්තරයෙක් එක්ක ත්‍රීසම් එකක් කරන්න යනවා නම්. අනික වැඩේ පටන් ගන්න කලින්ම හිතලා බලන්න ඕන තමන්ට ඇත්තටම ත්‍රීසම් එකකින් තෘප්තියක් ලැබෙනවද නැද්ද කියලා.
2. ත්‍රීසම් එකකට යන්න දෙන්නම මානසිකව සූදානම්ද?
මෙන්න දෙවෙනි, මෙතන තියෙන ප්‍රබලම කාරණාව. ත්‍රීසම් එකක් කරන්න යන්නේ යාලුවෝ දෙන්නෙකුයි, තමන් එක්ක හැඟීම්බර සම්බන්ධතාවයක් නැති තවත් තුන්වැන්නෙකුයි වගේ නම්, එහෙම නැතිනම් ත්‍රීසම් එකට සෙට් වෙන තුන්දෙනාම එකිනෙකා එක්ක ගැඹුරු සම්බන්ධකම් නැති අය නම් තමන් මානසිකව ඒකට සූදානම්ද කියන එක ලොකුවට බලපාන එකක් නෑ. හැබැයි කපල් එකක් විදියට ත්‍රීසම් එකකට යන්න හිතනවා නම් දෙන්නම මානසිකව හරියටම ඒකට සූදානම්ද කියලා හිතලා බලන්න ඕන. මොකද අපි ශිෂ්ටාචාරයක් විදියටම පුරුදු වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම දෙන්නෙක්ගේ පවුල් සංස්ථාවකට. එතකොට සෙක්ස් වෙනුවෙන් හරි එතනට තුන්න්නෙක් එනවා කියන එක බොහොම සංකීර්ණ මානසික තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඔතනදී ඊර්ෂියාව වගේ හැඟීම් ඇතිවෙන්නත් පුළුවන්. එව්වා තමන්ගේ තියෙන සම්බන්ධතාවය පවා නැති කරලා දාන්න තරම් ප්‍රබලයි. අන්න ඒ නිසා දෙන්නා හොඳ මානසික සූදානමක් ත්‍රීසම් එකකට තියෙනවා කියන එක ගැන දෙන්නට දෙන්නා සහතික වෙන්න ඕන.
3. ත්‍රීසම් ගැන දෙන්නත් එක්ක කථා කරලා ඉමු
අනිවාර්‍ය, අත්‍යාවශ්‍ය කාරණය තමයි මේ. වැඩේ පටන් ගන්න සැලසුම් කරන්න කලින් පටන් ගත්තහම වැඩේ සිද්ධ වෙන්න මොහොතකට කලින් වෙනකනුත් දෙන්නත් එක්ක මේ ගැන නිරන්තර සන්නිවේදනයක් තියෙන්න ඕන. ඒ කියන්නේ අර උඩින් කියපු මානසික සූදානම කියන එකටත් මේ කථාබහ අවශ්‍යයි. දෙන්නම පැහැදිලි කරගන්න ඕන තමන්ට අවශ්‍ය වෙන්නේ මොකද්ද කියලා. එතනදී අවංකව කථාබහ කරන්න පුළුවන් තමන්ට අවශ්‍ය දීර්ඝකාලීන සම්බන්ධයක්ද, එහෙම නැතිනම් පොඩි සෙක්ස් ඇඩ්වෙන්චර් එකක්ද කියන එක ගැන. එතකොට අනෙක් කෙනාටත් අවංකවම කියන්න පුළුවන් තමන්ගේ කැමැත්ත, අකැමැත්ත ගැන.
4. නීති රීති සහ සීමාවන්
උඩින් කියපු කථාබහේදී අනිවාර්‍යයෙන්ම සිද්ධ වෙන්න අවශ්‍ය දෙයක් තමයි තමන්ගේ සීමාවන් පනවා ගැනීම සහ යම් යම් නීති රීති පනවා ගන්න අවශ්‍යනම් ඒ ගැන කතා කරලා තීරණයකට පැමිණීම. උදාහරණයක් විදියට ගත්තොත් ත්‍රීසම් එක සිද්ධ කරන අවස්ථාවේදී තුන්වෙනි පුද්ගලයාව සිප ගැනීම තහනම් කියලා එක්කෙනෙක්ගෙන් කොන්දේසියක් එන්න පුළුවන්. ඒ වගේම ත්‍රීසම් එකේදී සිද්ධ වුනාට කමක් නැති ලිංගික ක්‍රියා, නොකළ යුතු ලිංගික ක්‍රියා එහෙම තියෙනවා නම් ඒවා ගැනත් මෙතනදී කතාබහ කරගන්න පුළුවන්. එහෙම තමන් දෙදෙනා ඒ ගැන තීරණයකට ආවට පස්සේ පුළුවන් අර තුන්වෙනියාට ඒ ගැන කියන්න. එතනදී තුන්වෙනියාගේ කැමැත්ත අකැමැත්තත් දැනගන්න පුළුවන්. හැබැයි එක දෙයක්. මෙහෙම නීති රීති සීමාවන් ගැන කලින් කතා කරනකොට එකඟ වෙලා, ත්‍රීසම් එක සිද්ධ කරන මොහොතේදී එව්වා වෙනස් කරන්න යන්න නම් එපා. ඒකෙන් නොහිතූ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
5. කෙනා කවුද?
මේක අතිශයින්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද, ත්‍රීසම් එකකට අපි තවත් කෙනෙක්ට ආරාධනා කරනවා කියන්නෙම අපේ පුද්ගලික ජීවිතය ඒ කෙනාට විවෘත කරනවා කියන එක. ඒ වගේම අපි සම්මතයේ නැති ලිංගික කර්තව්‍යයක් කරනවා කියන එකට තව කෙනෙක් හවුල් කරගන්නවා. මෙතනදී ප්‍රධානතම කාරණය වෙන්නේ විශ්වාසය. හේතුව තමයි ත්‍රීසම් එකකට සහභාගී වෙන කෙනා ඒක අපිට අවශ්‍ය විදියට රහසිගතව තියාගනී කියන විශ්වාසය නැති නම් ලොකු ගැටළුවක් ඇති වීම. දෙවෙනි දේ තමයි අපි සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක්ට හරි දන්න කියන මනුස්සයෙක්ට හරි මෙච්චර කාලයක් දකින්න නොලැබුණු අපේ නිදන කාමරය විවෘත කරලා දීම, ඒ කෙනා අවභාවිතා නොකරයි කියලා විශ්වාසයක් තිබිය යුතු වීම. උදාහරණයක් විදියට ගත්තොත්, ත්‍රීසම් එක එක පාරක් ෆන් එකට කළත්, එතනින් ඒක ඉවර නොකර තවදුරටත් ලිංගික බලපෑම් කරන්න එන්නේ නැති කෙනෙක් කියන ෂුවර් එක තියෙන්න ඕන. තුන්වෙනියට අනිවාර්‍යයෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැනත් අවධානය යොමු කරන්න ඕන. අපි මිනිස්සුන්ව කාලා බලලා නැහැනේ. ඒ නිසා හොඳම දේ තමයි උපරිමයෙන් ආරක්ෂිතව ලිංගිකව එක්වීම. අවශ්‍ය නම ත්‍රීසම් එකට කලින් තුන්දෙනාටම මෙඩිකල් එකක් කරවගන්නත් පුළුවන්. එතකොට කිසිම සැකයක් නැහැනේ.
6. ප්‍රැක්ටිකල් එකේදී ‘කුඩ මිටි’ හරස් කරගන්න එපා
ත්‍රීසම් ගැන ඔය පෝර්නෝග්‍රැෆි වල එහෙම තියෙන විදිය එකක්. එතකොට ත්‍රීසම් එකක් කරන්නේ මෙහෙමය කියලා අපේ ඔලුවේ තියෙන ෆැන්ටසිය තවත් එකක්. මේ දෙකේදීම වැඩේ ගාණට, නීට් එකට වෙනවා. දෙන්නා තුන්දෙනා ගාණට පොසිෂන් මාරු කරගන්නවා. බොහොම ස්මූත් එකට සෙක්ස් කිරීම ගලාගෙන යනවා. එහෙම නේ? හැබැයි ඇත්තටම සෙක්ස් කරනකොට ඔය වගේ සුමටව ගලාගෙන යන සෙක්ස් ප්ලේ සිද්ධ වෙන්නේ නෑ. ඒ කියන්නේ දෙන්නෙක් සෙක්ස් කරනකොටවත් එහෙම දේවල් සුමටව ගලාගෙන යන්නේ නෑ. එතකොට ප්‍රායෝගිකව තුන් දෙනෙක් සෙක්ස් කරනකොට ඒක කොයි වගේ සංකීර්ණ කතන්දරයක්ද කියන එක තේරෙනවනේ. සමහර වෙලාවට කොයි කෙනා කොයි පොසිෂන් එකටද එන්න ඕන, කොයි කෙනා මොන කටයුත්තද දැන් කරන්න ඕන වගේ දේවල් ව්‍යාකූල වෙන්න පුළුවන්.
මේකට එක විසඳුමක් තමයි ත්‍රීසම් එක ලීඩ් කරන්න කෙනෙක් ඉන්න එක. ඒ කියන්නේ එක්කෙනෙක්ට පුළුවන් අනෙක් දෙන්නා ඒ ඒ මොහොතේදී මොනවද කරන්න ඕන කියලා කියන්න. එහෙම ලීඩ් කරන්නේ කවුද කියන එක අර කලින් කියපු සන්නිවේදන අවධියේදී තීරණය කරගන්නත් පුළුවන්.
7. හැඟීම් නවත්තන්නත් බෑ
ත්‍රීසම් එකක් සම්පූර්ණයෙන්ම සෙක්ස් විතරයි, එතනින් එහාට නෑ කියලා පටන් ගන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපේ හිත් කියන්නේ, අපේ හැඟීම් කියන්නේ එහෙම ඉරි ගහලා වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. උදාහරණයක් විදියට කිවුවොහ්, ත්‍රීසම් එකකට එන ආගනතුකයා ගැන ප්‍රේමණීය හැඟීම් එක්කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අනෙක් අතට ත්‍රීසම් එකට එන ආගන්තුකයා ගැන ඊර්ෂියා පරවශ හැඟීම් එක්කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක සංසන්දනයන් සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදියට අපි කියමු ගැහැණියක් සහ පිරිමියෙක් කියන කපල් එකක්, ත්‍රීසම් එකකට තව පිරිමියෙක්ව ගෙන්වා ගන්නවා. එතනදී මූලික වෙන්නේ ගැහැණියව තෘප්තිමත් කිරීම කියලත් හිතමු. මෙතනදී ගෙදර මිනිහා තමන්ව ආගන්තුක මිනිහා එක්ක නොදැනුවත්වම වුනත් සංසන්දනය කරන්න පෙළඹෙන්නේ නැද්ද? මේක විශේෂයෙන්ම පුරුෂ ලිංගයේ ප්‍රමාණය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. කොහොම වුනත් අන්තිමට හිතන්න ඕන දේ තමයි, ත්‍රීසම් එකක් කියන්නේ ෆන් වැඩක් විතරයි කියලා පටන් ගත්තට, ඒකට හැඟීම් දැනීම් මැදිහත් වෙන්නත් පුළුවන්ය කියන එක. එහෙම හිතුවහම ඒකට සූදානම් වෙලා ඉන්න පුළුවන්. එහෙම සූදානමින් හිටියහම ඇතිවෙන ප්‍රශ්න වළක්වා ගන්න පුළුවන්.
මේ ඇත්තටම ත්‍රීසම් ගැන මනෝවිද්‍යාත්මක හෝ දාර්ශනික විග්‍රහයක් නෙවෙයි. ත්‍රීසම් කරන්න කාවවත් පෙළඹවීමකුත් නෙවෙයි. ඒත් අපිට පිළිගන්න වෙන ඇත්තක් තමයි අපි හිතනවාට වඩා ගොඩක් දෙනෙක්ට ත්‍රීසම් ෆැන්ටසීස් තියෙනවා කියන එක. හැබැයි ඒවා යතාර්ථයක් බවට පත් කරගන්න ඕනමයි කියලා දෙයක් නෑ. ඒත් එහෙම ත්‍රීසම් එකක් යතාර්ථයට ගේන්න අවශ්‍ය නම්, පිළිපැදීම වැදගත් වෙන කරුණු ගැන මාර්ගෝපදේශනයක් තමයි අපි සපයලා තියෙන්නේ.
දැනගෙන කළොත් එළටම ත්‍රීසම්; නොදැන කරන්න ගිහින් ඇනුනොත් අන්තිමට තමන්ට “හෑන්ඩ්-සම්” තමයි!!
Leave a Reply