ස්ට්‍රෝබෙරි වලින් රස රස කෑම හදන්නත් පුළුවන්. වෙනස් රස වලට අලුත් විදියට ස්ට්‍රෝබෙරි ගෙඩියෙන් ප්‍රයෝජන ගන්න හැටි කියලා දෙන්නයි ආවේ. එහෙනම් අහගන්නකෝ.
1. ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ට්‍රෝබෙරි ගෙඩි 8-10
- පෙති කපාගත් කෙසෙල් ගෙඩි 2
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
- සීනි තේ හැඳි 1
- මේ කිව්ව ඔක්කොම බ්ලෙන්ඩ් කරලා අවශ්‍ය නම් ලුණු ටිකකුත් එකතු කරලා බොන්නයි තියෙන්නේ.
2. ස්ට්‍රෝබෙරි සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව් ඔයිල් තේ හැඳි 1
- දෙහි යුෂ තේ හැඳි 1
- මී පැණි තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු පින්ච් එකක්
- ලුණු පින්ච් එකක්
- සලාද කොළ කෝප්ප 1
- කෑලි කරගත ස්ට්‍රෝබෙරි කෝප්ප 1
- කෑලි කරගත් ෆෙටා චීස් කෝප්ප 1/2
- රෝස්ට් කරගත් ආමන්ඩ් ඇට කිහිපයක්
- මුලින්ම පොඩි කප් එකකට ඔලිව් ඔයිල්, දෙහි යුෂ, මී පැණි, ගම්මිරිස් කුඩු හා ලුණු එකතු කර කලවම් කරගෙන පැත්තකින් තියාගන්න.
- දැන් හොඳට සෝදාගත් සලාද කොළ ටික අතින් තරමක කෑලි කඩාගෙන මේකට ස්ට්‍රෝබෙරි ටික එකතු කරන්න.
- දැන් ෆෙටා චීස් හා රෝස්ට් කරගත් ආමන්ඩ් ටික දාලා උඩින් හදාගත් සැලඩ් ඩ්‍රෙසින් එක දාලා කලවම් කරලා කෑමට ගන්න.
3. ස්ට්‍රෝබෙරි කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 200
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- බිත්තර 2
- අයිසින් ෂුගර් ග්‍රෑම් 200
- වැනිලා තේ හැඳි 1
- කිරි කෝප්ප 1/2
- මෙල්ට් කරගත් බටර් කෝප්ප 1/2
- ස්ට්‍රෝබෙරි බ්ලෙන්ඩ් කරල පෙරලා හදාගත්ත පියුරි කෝප්ප 1
- අවන් එක විනාඩි 10ක් ප්‍රී හීට් කරගන්න. බෝල් එකකට පාන්පිටි දාලා ඒකට බේකින් පව්ඩර් එකතු කරල පැත්තකින් තියාගන්න.
- වෙනම බෝල් එකක් අරගෙන බිත්තර දෙක කඩලා බීට් කරගන්න. දැන් ඒකට අයිසින් ෂුගර් කෝප්පෙන් ටිකක් දාලා බීට් කරගන්න. ඉතුරු අයිසින් ෂුගර් ටිකත් ටික ටික දාලා හොඳට බීට් කරගන්න.
- දැන් ඒකට වැනිලා ටිකත් දාගන්න. දැන් කිරි ටික හා මෙල්ටඩ් බටර් ටික පිළිවෙලින් ඇඩ් කරලා බීට් කරන්න. දැන් අන්තිමට මේකට පාන්පිටි ටික දාලා ආයෙම පත්තකින් කලවම් කරගන්න.
- මේකට ස්ට්‍රෝබෙරි පියුරි එක දාගන්න. හොඳට කලවම් කරලා බටර් ග්‍රීස් කරපු ට්‍රේ එකකට දාලා 180°ට විනාඩි 40ක් බේක් කරගන්න.
4. නෝ බේක් ස්ට්‍රෝබෙරි චීස්කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
බේස් එක සඳහා
- ගෝල්ඩ් මාරි පැකට් එකක්
- මෙල්ට් කරගත් බටර් කෝප්ප 2/3
ෆිලින් එක සඳහා
- ස්ට්‍රෝබෙරි ගෙඩි 15ක් පමණ
- ජෙලටින් ග්‍රෑම් 18
- ක්‍රීම් චීස් ග්‍රෑම් 500
- අයිසින් ෂුගර් ග්‍රෑම් 150
- වැනිලා තේ හැන්දක්
- හෙවි ක්‍රීම් කෝප්ප 2
ටොපින් එක සඳහා
- ජෙලටින් ග්‍රෑම් 10ක්
- සීතල වතුර
- ස්ට්‍රෝබෙරි ගෙඩි 15ක් පමණ
- සීනි තේ හැඳි 3
- ගෝල්ඩ්මාරි පැකට් එක බ්ලෙන්ඩර් එකට දාලා කුඩු වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේකට මෙල්ටඩ් බටර් ටිකත් දාලා ආයේ බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් ස්ප්රින්ග්ෆෝම් පෑන් එකක් අරගෙන ඒකෙ අඩියටම මේ ටික දාලා හැන්දෙන් තද කරලා තුනී කරන්න. ෆිලින් එක හදනකල් මේක ෆ්‍රිජ් එකට දාන්න.
- ජෙලටින් වලට කුල් වතුර ටිකක් දාලා හැන්දෙන් කලවම් කරගන්න.
- බීටර් බෝල් එක අරන් ඒකට ක්‍රීම් චීස්, අයිසින් ෂුගර් සහ වැනිලා දාලා හොඳට බීට් කරගන්න.
- හොඳට බීට් උනාම හෙවි ක්‍රීම් ටික ටික ඇඩ් කරමින් බීට් කරන්න.
- ජෙලටින් ටික තප්පර 15ක් මයික්‍රොවේව් දාලා අරන් හෝ ඩබල් බොයිල් කරල දිය කරන් ඒකත් එකතු කරල බීට් කරන්න.
- දැන් ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකට කපාගෙන ෆ්‍රිජ් එකේ තියාගත්ත බිස්කට් බේස් එක දාපු ට්‍රේ එක වටේට අතුරන්න.
- දැන් මේකට චීස් මික්ස්චර් එක දාගන්න. ටොපින් එක හදනකල් ෆ්‍රීසර් එකේ දාන්න.
- ටොපින් එක හදන්න ජෙලටින් ටිකට කූල් වතුර දාලා කලවම් කරල පැත්තකින් තියන්න.
- ස්ට්‍රෝබෙරි ටික පෑන් එකට දාලා ඒකට සීනි ටික දාගෙන වතුර කෝප්ප 1කුත් දාගන්න. දැන් මද ගින්දරේ ලිපේ තියල හැඳි ගාගන්න. සීනි දියවෙනකල් ලිපේ තියන්න.
- දැන් ලිපෙන් බාලා බ්ලෙන්ඩ් කරගන්න. හොඳටම බ්ලෙන්ඩ් උනාට පස්සෙ විනාඩි 5ක් 10ක් ෆ්‍රිජ් එකෙ තියන්න. දැන් මේකට ජෙලටින් ටික දාලා කලවම් කරගන්න. කූල් එක යනකල් තියලා සෙට් උන චීස් කේක් එක උඩට වක්කරගන්න. දැන් මේ කේක් එක පැය 12ක් වගේ ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.
5. ස්ට්‍රෝබෙරි මූස්
අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කරගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 2
- සීනි කෝප්ප 1/4
- ජෙලටින් මේස හැඳි 2
- විප් ක්‍රීම් කෝප්ප 1
- ස්ට්‍රෝබෙරි වලින් කෝප්ප 1 1/2ක් බ්ලෙන්ඩර් එකට දාලා ඒකට සීනි කෝප්ප කාලක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් වෙනම බෝල් එකක් අරන් ජෙලටින් ටිකට වතුර මේස හැඳි 3ක් වගේ දාලා පෙඟෙන්න තියන්න. හොඳින් පෙඟුන ජෙලටින් ටික හැන්දෙන් මිශ්‍ර කරගන්න.
- දැන් මේ ජෙලටින් ටික බ්ලෙන්ඩ් කරගත් ස්ට්‍රෝබෙරි පල්ප් එකට දාලා කලවම් කරගන්න.
- විප් ක්‍රීම් හොඳින් බීට් කරගෙන ස්ට්‍රෝබෙරි මිශ්‍රණයට ටික ටික දාලා හැන්දකින් පෙරලමින් කලවම් කරන්න.
- දැන් ටිකක් උස ඩෙසර්ට් කප් එකක් අරගෙන මුලින්ම මේකෙන් එක ලේයර් එකක් දාගන්න. ඊට උඩින් කෑලි කරගත් ඉතිරි ස්ට්‍රෝබෙරි කප් බාගෙන් ටිකක් අතුරන්න.
- ආයෙ මූස් ලේයර් එක දාන්න. ඔය වගේ කප් එක පිරෙනකල්ම ලේයර්ස් දාගෙන පැයක් වගේ ෆ්‍රිජ් එකේ තියලා ගන්න.
6. ස්ට්‍රෝබෙරි ස්විස් රෝල්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදු මද 2
- සම්පූර්ණ බිත්තර 3
- කිරි කෝප්ප 1/4
- එළවළු තෙල් මේස හැඳි 1
- වැනිලා තේ හැඳි 1
- පාන්පිටි ග්‍රෑම් 70
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- කෝන්ෆ්ලා තේ හැඳි 1
- අයිසින් ෂුගර් ග්‍රෑම් 80
අයිසින් එක සඳහා
- විප් ක්‍රීම් 150ml
- වැනිලා තේ හැඳි 1/2
- කෑලි කරගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1
- බෝල් එකක් අරගෙන ඒකට බිත්තර 3 කඩලා දාලා කිරි, එළවළු තෙල් දාලා විස්ක් කරන්න.
- දැන් මේකට වැනිලා එකතු කරන්න.
- බේකින් පව්ඩර්, කෝන්ෆ්ලා එකතු කර හලාගත් පාන් පිටි ටික බිත්තර, කිරි මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
- වෙනම බෝල් එකක බිත්තර සුදු මද හොඳින් බීට් කරගෙන ඒකට අයිසින් ෂුගර් ටිකෙන් ටික දාගනිමින් බීට් කරගන්න. දැන් හිම වගේ ගාණට ආවම ඒ ටික කේක් මිශ්‍රණයට එකතු කරන්න.
- ෆ්ලැට් ට්‍රේ එකක් අරගෙන ඒකට බේකින් පේපර්ස් දාලා කේක් බැටර් එක දාගන්න. 180°c ට විනාඩි 15ක් බේක් කරගන්න.
- බේක් උනාට පස්සෙ අවන් එකේ දැල උඩට කේක් එක දාලා සර්වියට් එකක් යූස් කරලා උණුවෙන්ම කේක් එක රෝල් කරලා තියාගන්න.
- දැන් අයිසින් එක හදාගන්න විප් ක්‍රීම් වැනිලා දාලා හයිස්පීඩ් බීට් කරගන්න. දැන් මේක කේක් එක පරිස්සමට දිගෑරලා ගාගන්න. ඊට උඩින් ස්ට්‍රෝබෙරි කෑලි අතුරලා ආයෙත් කේක් එක රෝල් කරගෙන ෆ්‍රිජ් එකේ දාන්න.
7. ස්ට්‍රෝබෙරි මිල්ක් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කපාගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1
- කිරි කෝප්ප 2
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2
- සීනි කෝප්ප 1/2
- කෝන් ෆ්ලා මේස හැඳි 4
- වැනිලා තේ හැඳි 2
- ලුණු පින්ච් එකක්
- කෑලි කරගත් ස්ට්‍රෝබෙරි වලින් ටිකක් අයින් කරලා ඉතුරු ටිකට සීනි දලා බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකක් අරන් ඒකට කෝන්ෆ්ලා දාලා කිරි ටිකක් එකතු කරලා කලවම් කරගන්න. දැන් මේකට ස්ට්‍රෝබෙරි පියුරි එක දාගන්න. ලිපේ තියල මද ගින්දරේ හැඳි ගාන්න. ඉතුරු කිරි ටිකත් දාල තික් බැටර් එකක් වෙනකල් හැඳි ගාන්න.
- දැන් ලිප ඕෆ් කරලා ඒකට ෆ්‍රෙශ් ක්‍රීම් ටික එකතු කරන්න. වැනිලා දාගන්න. මේකට වෙන් කරගත් ස්ට්‍රෝබෙරි ටිකත් දාලා හැඳි ගාන්න.
- දැන් අවශ්‍ය පරිදි ඩෙසර්ට් කප් වලට දාල ෆ්‍රිජ් එකේ දාන්න.
Leave a Reply