මීට ටික කාලයකට කලින් අපි ලංකාවේ අපි දන්න කියන අයගෙ නොකෙරුණු විවාහ ගැන ගැන ආර්ටිකල් එකක් ලිව්වා. මේ තියෙන්නෙ ඒ ආටිකල් එක.
ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ සිදු නොවුණු විවාහ
ඒ ආටිකල් එකට ඔබෙන් ප්‍රතිචාර රැසක් ලැබිලා තිබ්බා. ඒ ආටිකල් එකේම දිගුවක් තමයි අද මේ ලියවෙන්නේ.
1. රුක්මණී දේවිය සහ නෙවිල් ප්‍රනාන්දු
නෙවිල් ප්‍රනාන්දු කියන නම මුලින්ම කරළියට එන්නේ එන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ‘දෙලොවක් අතර’ චිත්‍රපටියෙන්. ඒ “ගයන ගැයුම් රඟන රැඟුම්” ගීතය ගායනා කිරීම මගින්. මේ ගීතයට වශී වෙන රුක්මණී දේවිය මේ ගායකයාව හොයාගෙන යද්දි මේ හමුවීම නිසා තමන්ට දෙලොවක් අතර තනි වෙන්න වෙයි කියලා කවදාවත් හිතන්නේ නැතුව ඇති. නෙවිල් ප්‍රනාන්දු එක්ක “මල් බර හිමිදිරියේ, මැණිකේ ඔබේ සිනාවේ සහ සඳක් නැගී සඳක් ගිලී” ගීත තුන ඇය ගායනා කරනවා. ඇය හා නෙවිල් ප්‍රනාන්දු පෙම්වතුන් බවට පත් වන්නේ ඔවුන් දෙදෙනාටවත් නොදැනී. එඩී ජයමාන්න සහ රුක්මණී දේවි අතර පැවති විවාහය අතිශය අර්බුදකාරී එකක් වීම ඊට එක හේතුවක්. නමුත් අවාසනාවකට වගේ නෙවිල් ප්‍රනාන්දු ලියුකේමියා රෝගයෙන් මිය යාමත් එක්ක රුක්මණී දේවියට තමන්ගේ ජීවිතයේ ඔහු නිසා ලද සැනසීමත් අහිමි වෙලා යනවා.
2. එච්. ආර් ජෝතිපාල සහ ලතා වල්පොළ
එච්. ආර් ජෝතිපාල කියන්නේ අපේ රටේ බිහිවෙච්ච ජනකාන්තම ගායකයා. ඒ වගේම ඔහු මනස්කාන්ත රූපයක් තිබුණු පුද්ගලයෙක්. ඔහුගේ ගායනා වලට වගේම රූප ශෝභාවටත් බොහෝ දෙනෙක් වශී වුණා. හෙළ ගීත කෝකිලාවිය වුණු ලතා වල්පොල මහත්මියත් මේ කෝකිලයාට වශී වුණේ නිරායාසයෙන්. කාලයක් ඔවුන් දෙදෙනා එකම නිවසක වෙසෙමින් ප්‍රසංග රැසක් රට පුරා පවත්වනු ලැබුවා. අවසානයේ දී ඔවුන් දෙදෙනා දෙමගක යෑමට තීරණය කළා. නමුත් ජෝති සහභාගි වූ අවසාන ගම්උදාව ප්රසංගයටත් ඇය යුග ගායනයෙන් ඔහුට සහාය වුණා.
3. රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස්
පුංචි තිරයේ ආකර්ෂණය ද දිනා ගත් පෙම්වතුන්ව යුවලක් වුණු රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස් දිගු කාලයක් විවාහ ගිවිසගෙන හිටියා. ක්ෂේත්රය ඇතුළේ ඔවුන් දෙදෙනා සැලකුණේ විවාහක යුවළක් විදිහට. ඒ නිසා සෑම උත්සව අවස්ථාවකදීම ඔවුන් දෙදෙනා එකට සහභාගි වුණා. නමුත් ඔවුන් දෙදෙනා අතරට තුන්වැන්නෙක් පැමිණියා, ඒ ගයාන් වික්‍රමතිලක. ඒ වන විටත් විවාහකයෙකු වී සිටි ගයාන් සමඟ චතුරිකාගේ ඇතිවුණු පෙම් සබඳතාවය විවාහයකින් කෙළවර වුණා. වසර කිහිපයකට පසුව රොෂාන් පිලපිටිය වෙනත් තරුණියක් සමග විවාහ ජීවිතයට එළඹුණා.
4. සනත් ගුණතිලක සහ මාලනී ෆොන්සේකා
සනත් ගුණතිලක තිරයේ වගේම සැබෑවටමත් කාලයක් මාලනී ෆොන්සේකාගේ පෙම්වතාව සිටියා. ඒ වෙනකොටත් සම්මානනීය නිළියක් බවට පත් වෙලා හිටපු මාලනිය මේ නවක නළුවාට දැඩි ලෙස සමීප වුණා. මේ නිසා සනත් ඇයගේ “සසර චේතනා” චිත්‍රපටියේ සංවිධාන කටයුතු වලට මැදිහත් වෙනවා. සනත් කියන විදිහට ඒ මැදිහත්වීමේ දී ඔහු ගන්නා ඇතැම් තීරණ නිසා ඇගේ හිත රිදෙනවා. මේ නිසා ඇය එම සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වාගෙන යෑමට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් සනත් ගුණතිලක තවමත් කියන්නේ මාලනිය කියන්නේ සිනමා ලෝකයේ දී තමන්ගේ උපරිම ගෞරවයට ලක් වන කෙනෙක් කියලා.
5. ජගත් වික්‍රමසිංහ සහ සමිතා මුදුන්කොටුව
ක්ෂේත්රයට ආපු මුල්ම කාලේ ජගත් වික්‍රමසිංහ සහ සමිතා මුදුන්කොටුව ඉතාමත් සමීපව වැඩ කටයුතු කළා. ඒ ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ. නමුත් දවසක් ජගත් වික්‍රමසිංහ ගේ මව රෝහණ වීරසිංහ මහතාව මුණ ගැහිලා එක ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඔවුන් දෙදෙනා කලා කටයුතු සඳහා වෙන් ව සහභාගී කරන්න කියලා. ඇය මේ සම්බන්ධතාවයට තමන්ගේ විරෝධය පළ කරන්නේ ඒ විදිහට. මේ විරෝධතා හින්දමද මන්දා සමිතා මුදුන්කොටුව පසු කාලෙක අතුල අධිකාරී සමග විවාහ වෙනවා (ඒ විවාහයත් පසුකාලෙක බිඳ වැටෙනවා) ජගත් වික්රමසිංහත් වෙන අතක් බලාගන්නවා.
6. පියුමි බොතේජු සහ හර්ෂ බුලත් සිංහල
ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයේ රඟපෑමට පුංචි තිරයේ ජනප්‍රියව සිටි නිළියක් එකතු වෙනවා. ඒ පියුමි බොතේජු. ඇය නාට්‍යයේ රඟපෑමට වගේම නිෂ්පාදන කටයුතු වලට සහයෝගය දෙන ලූෂන් බුලත්සිංහල මහත්මයා ගේ පුතා වුණු හර්ෂ බුලත්සිංහල සමඟ පෙම් සබඳතාවයක පැටලෙනවා. නමුත් මේ පෙම් සම්බන්ධතාවය විවිධ හැලහැප්පීම් නිසා විවාහයකින් කෙළවර වන්නේ නෑ. පියුමි හදිසියේම ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයෙකු සමග විවාහ වෙනවා. එවකට පළමු විවාහයෙන් වෙන්වී සිටි හර්ෂත් ඉන් දින කීපයකට පස්සෙ විවාහයකට එළඹෙනවා.
7. අනර්කලී ආකර්ෂා සහ දුමින්ද ද සිල්වා
ඉටිපහන් ටෙලි නාට්‍යයේ ඩේසී සූසන්ගේ චරිතයේ ළමා කාලය නිරූපණය කරමින් ක්ෂේත්රයට පිවිසුණු අනර්කලී ආකර්ෂා නැවතත් කරලියට එන්නේ රන්ජන් රාමනායකගෙ චිත්‍රපටි හරහා. හැමෝගෙම ආදරය දිනාගන්න ඇයට විවාහ යෝජනාවක් ගෙන එන්නේ එවකට පළාත් සභා මන්ත්රීවරයෙකුව සිටි දුමින්ද සිල්වා මහතා. නමුත් අනර්කලී සහ ඇයගේ මව පසු කලෙක තමන්ව බලෙන් රඳවා තබා ගැනීමට සහ පැහැර ගැනීමට උත්සාහ කළා කියලා දුමින්ද සිල්වාට චෝදනා කරනවා. නමුත් පසුව දෙදෙනා සමථයකට පැමිණ වෙන්වෙනවා. අනර්කලී මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු සමග විවාහ වී සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.
මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ශෙයා කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply