තනිකඩ කොල්ලො කෙල්​ලෝ බැන්දට පස්​සේ නොකරන්න ඉන්න දේවල්

කසාද බැඳීම කියන්නේ ජීවිතේ සංධිස්ථානයක්. කසාදයෙන් පස්සේ ඕනි කෙනෙක්ගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ වගේම කසාදය කියන්නේ ජීවිතේට බලාපොරොත්තු ගොඩක්. මේ බලාපොරොත්තු ගොඩ අතර ඉටුවෙන කී​යක් තියේද? කඩවෙන බලාපොරොත්තු කීයක් තිබුනාද? ඒ කෝක වෙතත් කසාද ජීවිතේ යම් යම් බෝරින් තැන් තිබුනත් සමස්තයක් විදිහට හැමෝම කසාද ජීවිතය කියන දෙයින් යම් සතුටක් ලබනවා. ඉතින් අපි බලමු කසාද බැන්ද​ම නොකරන්න ඉන්න දේවල් විදියට අපි හිතා​ගෙන උන්න යම් යම් දේවල් ගැන.

 

1. කෑම උයන එක සහ කුස්සි වැඩ රාජකාරි 

තනියම ඉද්දි ගෙදර උන්න නම් ඉතින් හැමදාම අම්මා බැන බැන හරි උයලා දෙනවා. බෝඩිමක නැවතිලා උන්න නම් උයාගන්න වෙනවා, නැතිනම් කඩෙන් හරි කන්න වෙනවා.  බෝඩින් වල කෑම උයන වැඩේ ලාවට කරද්දි වැහි දවසක පාන්දර නැගිටලා උයන්න එහෙම වෙද්දි හිතෙනවා “අඩේ බැ​ඳල තිබුණා නම් මේ ​වෙලාව නිදාගෙන වයිෆි ට කියලා කෑම ටික හදාගන්න තිබුනා නේද?”  කියලා. ඒ වගේම ගෙදර උයන කෑම පොඩ්ඩක් රස නෑ කිව්වමත් සමහර අම්මල “අපේ ඒවා රස නැතිනම් උඹ එකක් ගෙනැල්ල උයාගෙන කාහන්” කියලා අපිව දිරිමත් කරනවාත් එක්ක. ඒ වගේ කුස්සිය සහ උයන වැඩ පළාතේ යන්න වෙන එකක් නැහැය කියලා අපි කසාදෙට කලින් හිතනවා. ඒත් ඇත්තටම සමහර කපල් වල පාන්දර නැගිටලා තේ එක හදලා වයිෆ්ට කූද්දන්න වෙන්නෙත් හස්බන්ඩ් තුමාටම තමයි. 

 

2. රෙදි සේදීම 

වැඩට යද්දි එකතු වෙන ඇඳුම් එදිනෙදා හෝදගන්නේ නැති අය ඉන්නවා. එයාල බැන්දට පස්සේ වයිෆ් හෝ හස්බන්ඩ් එයාලගේ රෙදි ටික හෝදලා දේවිය කියලත් හිතනවා. වයිෆ්ට බබාල සම්බන්ධ කාරණා එද්දි නම් කරුණාවන්ත සැමි තුමාල රෙදි ටික හෝදලා දෙනවා. අනෙක් වෙලාවට රෙදි සේදීම තමන්ටම කරගන්න වෙනවා. වොශින් මැෂිමට දාලා ගන්න තියෙන අද කාලේ රෙදි සේදීම ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඒත් නිවාඩු දවසක ඔ​ය මැෂිමට දාන වැඩේ කරන්නත් අපිට කම්මැලි හිතෙනවා. ඉතින් ඒ වගේ වෙලාවටත් බැන්දම නම් මෙහෙම වෙන එකක් නැහැය කියලා හිත හදාගන්නවා. ඒකත් පස්සේ කාලෙක ගෙදරම රෙදි මැෂිමට දාගෙන හෝදන්න වුනාම තමයි කලින් දැක්ක හීනය බොරු කියලා වැටහෙන්නෙ. 

 

3. ගෙදට්ටම වෙලා ඉන්න වෙන එකක් නැහැ නෙ 

මේ ප්‍රශ්න​ය නම් ගොඩක් තියෙන්නෙ ගෑනු ළමයින්ට. ගෙදරින් කොහෙ හරි නයිට් පාටි එකකට යන්න, ට්‍රිප් එකකට යන්න අවසර ඉල්ලුවාම අම්මා කියන්නේ “බැන්දම ඕනි තූත්තුකුඩිය​ක යනවාකෝ”  කියලා. ඒත් ඉතින් බැන්දාමත් සමහර වෙලාවට වැඩට යනවා එනවා. නැතිනම් පෙර පරිදිම ගෙදරට වෙලා ඉන්නවා විතරයි. ප්‍රී ෂූට් වලට සහ පොටෝ වලට ටිකක් වටේ ගියාට පස්සේ සමහර කපල් වලට බැන්දාට පස්සේ මාස ගා​ණකට ආයේ කොහෙවත් හැරෙන්නවත් බැරිවෙන්න වැඩ ගොඩ ගැහෙනවා. ඉතින් බැන්දට පස්සේ නම් මෙහෙම එක තැන ඉන්න වෙන එකක් නැහැය කියන එකත් ඉන් පස්සේ බොහෝවිට වෙනස් වෙලා යනවා. 

 

4. මට තනියම යන්න වෙන්නෙ බඳිනකල් විතරයි නේ 

තනිකඩ කාලේ යාලුවන්ට ෆිල්ම් එකක් නාට්ටියක් හෝ ඉවෙන්ට් එකකට යන්න කතා කරන එක එපා වෙන වැඩක්. හැමෝටම මොනාහරි දෙයක් යෙදෙනවා. අවසානයේ ඉතින් කොහොම හරි කට්ටියක් එක්කාසු කරගෙන ඒ අදා​ළ දේට යනවා. උදාහරණ විදියට ගෑනු ​ළමයින්ට හරියට ෂොපින් කරන්න යන්නවත් තනිකඩ කාලේට යාලුවෙක් හොයාගන්න අමාරුයි. ඉතින් එ​හෙම කියලා බැන්දාට පස්සේ හස්බන්ඩ් එක්ක නම් දවසම උනත් ​ෂොපින් කරන්න පුළුවන් වේවිය කියලා හීන දකිනවා. ඒත් ඉතින් එව්වා කොහෙද? හස්බන්ඩ්​ට එයාගෙ වැඩ. එහෙම නැතිනම් එයාට තියෙන එපාම කරපු වැඩක් තමයි ​ෂොපින් යෑම. ඔන්න ඔ​ය විදිහට තමයි අපි තනියම යන්න වෙච්ච තැන්වලට ඩබල් වෙලා යන්න හිටිය හීන බැන්දාට පස්සේ වෙනස් වෙන්නේ.. 

 

5. ඇ​ඟ අඩු කරගන්නවා… බඩ අඩු කරගන්නවා 

“මැරි කළාට පස්සේ තමයි මචං මම වර්කවුට් පටන් ගන්න ඉන්නේ. වයිෆ් එක්කම ආවම කම්මැලි නැහැ නේ. අනික එතකොට කෑම වුනත් කන්ට්‍රෝල් කරලා ෂෙඩූල් එකකට අපිට ගන්න පුළුවන්නේ.” කියලා හිතනවා. ඒත් ඉතින් බැන්දාට පස්සේ වෙනදටත් වැඩියෙන් පිටින් කන්න සෙට් වෙනවා. වෙනදාටත් වඩා කැලරි වැඩි රස ආහාර වයිෆ් හදලා දෙනවා නැත්නම් හස්බන්ඩ් අරන් එනවා. බැන්දට පස්සේ කෙට්ටු වෙන්න, ලස්සන වෙන්න හිටපු උදවියට අවසානේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදියට මහත් වෙන්න වෙන එක. 

 

6. බැන්දම බොන් නෑ මං, ආ… ස්පා යන්නෙත් නැහැ 

බොන එක නවත්වන්න දවස් නියම කරන එක වැඩිපුර බොන අයගේ විනෝදාංශයක්. බැන්දාට පස්සේ හිමිහිට බීම නවත්වන අයත් නැතුවාම නෙමෙයි. ඒත් ඉතින් පර්මනන්ට් බෙබාලා ගොඩක් බැන්දාට පස්සේ වැඩිම මාස දෙකක් තුනක් සීලය ආරක්සා කරාවි. මසා යන අයත් බැන්දට පස්සේ “අනේ මොන මසාද? ගෙදර ගෑනි ඉන්නේ” කියලා හිතනවා ඇති. ඒත් මසා වල ඉන්න ආන්ටිලා, අක්කලා, නංගිලා කියන විදියට වැඩිපුරම එයාල හොයා​ගෙන එන්නෙ බැ​ඳපු උදවියම තමයි. බැන්දට පස්සේ හො​ඳ මිනිහෙක් වෙනවා කියන ඇත්තටම හරියන වැඩක්ද? සමහර තද ගති තියෙන සැමිතුමාලා බිරින්දෑලා නම් තමුන්ගේ සහකාරයට තද බල නීති දාලා එයාව දුසිරිතෙන් ආරක්ෂා කරගන්නවා. ඒත් බොහෝ වෙලාවට සැමිතුමාල නම් කොහෙන් හරි කොනක් හොයාගෙන බොන්න සහ අනෙක් දුසිරිත් වලට ඉඩ ලැබෙන හැටියෙන් දායක වෙන්න කටයුතු කරන අවස්ථා වැඩියි. 

 

7. බැන්දම පෝන් බලන් නැහැ… ක්‍රශ් ගැන හිතන්නෙත් නැහැ 

සමහර ගෑණු ​ළමයින්ට ක්‍රශ් කිවුව​ම පරාක්‍රමබාහු රජතුමාලා වගේ ගොඩක් ඉන්නවා. ඔෆිස් ක්‍රශ් එක, ට්‍රාන්ස්පෝට් ක්‍රශ් එක, බස් හෝල්ට් එකේ ක්‍රශ් එක, ක්ලාස් එකේ ක්‍රශ් එක ආදී වශයෙන් හිත ගිහින් නවතින තැන් ගොඩයි. ඒවා ගොඩක් වෙලාවට අහිංසකම හීන විතරයි. ඒත් ඉතින් ඒව පවා අඩු කරගන්නවාය, නැති කරගන්නවාය කියලා කට්ටිය බඳින්න කලින් හිතනවා. ඒත් බැ​ඳලා ආයේම සමාජයට ආවම මෙන්න බොලේ ආයෙත් ඒ හැමතැනම ක්‍රශ් සෙට් වෙනවා, ඒක නවත්වන්න අමාරුයි. පිරිමි පෝන් බැලීමත් ඒ වගේ. “පෝන් වලට තිත දැන් ඉතින් මැෂිමම තමයි වැඩ කියලා” ලොකුවට හිතනවා. ඒත් ටික දවසක් ගියාම අලුතින් මොනාහරි ලීක් එකක් යාලුවෙක් එවුවාම වයිෆ්ටත් හොරෙන් ඒක බලනවා. වයිෆ් පොඩ්ඩක් නැතිවෙනකල් ඉ​ඳලා ෆෝන් එකෙන් හරි පෝන් වෙබ් එකකට ගිහින් බලන්න හිතෙනවා. “ එක්සයිස් කරන්න ලැබුනාට එක්සයිස් බලන්න තියෙන ආසාව නැතිවෙන්නේ නැහැ” කියලා තමයි බැ​ඳපු උදවිය කියන්නේ. 

 

දෙන්නෙක් එකතු වෙලා එක වහලක් යට ගෙවන ජිවිතේදි ගැටුම් පොඩි හිත් අමනාපකම් එනවා. ඒක බොහොම ස්වාභාවික දෙයක්. අපේ ජීවිතේ සුන්දර කරගන්න එක සම්පූර්ණයෙන්ම හස්බන්ඩ්​ට හෝ වයිෆ්ට කරන්න බැහැ. ඒකට තම තමන් දායක වෙලා, දෙන්න එක්ක එකතු වෙලා ජීවිතේ ෆුල් මාවලස් කරගන්න හිතන එකත් සුන්දර දෙයක්. ඒ වගේ බැන්දම වෙනස් කරගන්න උන්නු බො​ඳවුනු හීන ගැන පොඩ්ඩක් හිතනවා වගේම බැන්දට පස්සේ අලුතින් එකතු වුනු සුන්දර දේවල් ගැන හිතන එකත් හිතට පොඩි කූල් එකක් ලැබෙන වැඩක් වෙනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *