සීසන් එකට ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය පැත්තට යමුද? එහෙමනම් මෙන්න නවතින්න තැන්!

ඔය ගැම්මට ඊස්ට් කෝස්ට් කියලා කියන්නේ ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයටනේ. ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ඉඳලා පාසිකුඩා වගේ වෙනකල් තියෙන වෙරළ තීරය. හැබැයි ඈත අතීතයේ ඉඳලම හැමෝම අතරේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඩවුන් සවුත්. ඒත් ලංකාවේ තියෙන දේශගුණයත් එක්ක හැමදාමත් ඩවුන් සවුත් එකේ වැල්ලේ පෙරළෙන්න බෑ. වාරකන් එනවා. හැබැයි හොඳම දේ කියන්නේ, ඩවුන් සවුත් වල වාරකන් කාලෙට, ඊස්ට් කෝස්ට් එකේ රජ මගුල්. ඉතින් යුද්ධෙන් පස්සේ දෙයියනේ කියලා නැගෙනහිර වෙරළ තීරය පැත්තේ යන්න පුළුවන් වුනහම ලංකාවේ අය අතරේ වගේම ඊටත් වඩා විදේශිකයෝ අතරේ ඊස්ට් කෝස්ට් එක හෙවත් නැගෙනහිර වෙරළ තීරය ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ආරුගම් බේ කිවුවහම ඔය සර්ෆින් කරන ඈයෝ විතරක් නෙවෙයි, ගෙදර අයත් එක්ක බීච් එකට ට්‍රිප් යන ඈයොත් හොඳින්ම දන්නවා!

හරි, දැන් යන්නේ නැගෙනහිර වෙරළ තීරයේ හොඳම කාලගුණේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අප්‍රේල් වල ඉඳලා සැප්තැම්බර්, ඔක්තෝබර් වෙනකල් නැගෙනහිර කාලගුණය මරු. ඉතින් ඒ නිසා මේ සීසන් එකේ ඊස්ට් කෝස්ට් යන්න එහෙම හිතනවා නම්, අපි ලෑස්තියි නවතින්න සුපිරි තැන් ටිකක් ගැන කියන්න. මේ තැන් වලින් තමන්ට අවශ්‍ය ප්‍රදේශය අනුව, තමන්ගේ බජට් එක අනුව තෝරගන්න තමයි තියෙන්නේ! 

 

 

1. Joytinat Foundation – Yoga & Ayurveda Center- Passikudah

පාසිකුඩා වල පිහිටලා තියෙන මේ යෝග සහ ආයූර්වේද මධ්‍යස්ථානය දිහා පිටින් බලනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක ආශ්‍රමයක් කියලත්. ඒ වගේ පෙනුමක් තියෙන්නේ. හැබැයි මෙතන ගෙස්ට් හවුස් එකක් තියෙනවා. මෙතන රූම්ස් අතිශයින්ම සරල විදියට, සුවපහසුවත් එක්කම මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙන්න පුළුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැමතැනම සුදු පාටින් වර්ණ ගන්වලා තියෙනවා. හැබැයි මේ රූම්ස් වල හැම පහසුකමක්ම තියෙනවා. රුපියල් 3,500 ක් වගේ වෙනකොට දෙන්නෙක්ට ඉන්න රූම් එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන නමේ හැටියටම යෝග ව්‍යායාමත් කරන්න පුළුවන්, ආයුර්වේද සම්බාහන පහසුකම් ලබාගන්නත් පුළුවන් ඉඩ තියෙනවා.

තැන:

2. Inn On The Bay – Kalkudah

පාසිකුඩා වෙරළ තීරයේම වගේ තියෙන මේ ඉන් ඔන් ද බේඑක උද්‍යානයක් වටේ හදලා තියෙන විලා කීපයකින් හැදිලා තියෙන තැනක්. මේ ලී ෂීට් වලට උඩින් පොල් අතු හෙවිල්ලපු වහලයක් තියෙන විලා වල පිටින් බොහොම සාමාන්‍ය ගෙයක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඒත් ඇත්තටම සුවපහසුව දැනෙන්න නම් ඇතුළට යන්න ඕන. මේ ප්‍රදේශයත් බයිසිකල් වලින් සුන්දරත්වය රස විඳින්න බොහොම ප්‍රසිද්ධයි. ඒ නිසා මෙතනින්ම බයිසිකල් වුනත්, ඕන නම් කාර් එකක් වුනත් රෙන්ට් එකට ගන්න පුළුවන්.  රුපියල් 3000 වෙනකොට නෝමල් ඩබල් රූම් එකක් වුනත්, රුපියල් 5000 වෙනකොට ඒසී තියෙන ඩිලක්ස් ඩබල් රූම් එකක් වුනත් ගන්න පුළුවන්. මේ ගාණට හොඳ ඉංග්‍රීසි/අයිරිෂ් උදෑසන ආහාර වේලකුත් ඇතුළත්.

තැන: 

3. Nilaveli sand life -Nilaveli

බීච් එකේ පොල් අතු සහ සිමෙන්ති වලින් ඉදි කරපු කබානා එකක රැය පහන් කරන්න කැමතිද? එහෙමනම් නිලාවැලි සෑන්ඩ් ලයිෆ් කියන්නේ වැල්ලේ ජීවත් වෙන්න පුළුවන් මෙහෙමයි කියලා තේරුම් යන තැනක්. බොහොම සරල වාසස්ථාන වගේ පේන්න නිර්මාණය කරලා තිබුණත් ඇත්තටම මෙතන අවශ්‍ය පහසුකම් හැමදෙයක්ම තියෙනවා. පොල් අතු සහ තල් කොළ වලින් සරසලා තියෙන මේ කබානා එකක් ඇතුළේ ඉන්න එක බොහොම ප්‍රියජනකයි. ඒ වගේම සැපපහසුයි. රුපියල් 3000 ක් වගේ වෙනකොට උදේ කෑමත් එක්ක දෙන්නෙක්ට එක දවසක් ඉන්න පුළුවන්. මූදට බහින්න ඕන නම් එලිපත්තට අඩිය තියන්න විතරයි තියෙන්නේ.

තැන:

4. Memo’s Beach – Nilaveli

මෙමෝස් බීච් කියන්නේ ඇත්තටම රෙස්ටුරන්ට් එකක්, පබ් එකක් සහ ගෙස්ට් හවුස් එකක් එක්කම තියෙන ප්‍රයිවට් බීච් එකක්. නියම හිපි තාලෙට නිර්මාණය කරලා තියෙන මේ ගෙස්ට්‍ හවුස් එක ලී වලින් නිර්මාණය කරලා තියෙන්නේ බොහොම සිත් ඇදගන්නා විදියට. හැමතැනම පොඩි පොඩි අනං මනං තිබුණත්, ඒවා මැද තියෙන සෝෆා එකක ඇලවෙලා ඉන්න එකේ ලොකු සුවපහසුවක් තියෙනවා. මෙතන බයිසිකල් එහෙමත් නැවතිලා ඉන්න අයට නොමිලේ ගන්න පුළුවන්. හවසට ඉර බහින දිහා බලාගෙන පබ් එකේ ඉඳලා ෂොට් එකක් දාගන්නත් පුළුවන්. රුපියල් 10,000 කට අඩුවෙන් උදෑසන ආහාරයත් එක්ක දෙන්නෙක්ට ඉන්නත් පුළුවන්.

තැන:

5. Bay Vista – Arugam Bay

ආරුගම්බේ හදවත මධ්‍යයේම පිහිටලා තියෙන මේ බේ විස්ටාඑක, මුහුදට මුහුණලා ගස් කොළං ඝන ආවරණයක් එක්ක පිහිටලා තියෙන්නේ. ඇත්තටම මෙතනට එන කෙනෙක්ට ගස් කොළං පිරුණු තැනක අපූරු අත්දැකීමක් ලබාදෙන විදියට තමයි මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ. වෙන එකක් තියා නවීන පන්නෙට හදපු හොටෙල් එකේ ගොඩනැගිල්ලත් වහගෙන බිත්ති පුරා ඝන කොළ පිරුණු වැල් ගිහින් තියෙන්නේ. මෙතන කාමට සුවපහසුයි, නවීනයි වගේම සියලු පහසුකම් වලිනුත් සම්පූර්ණයි. මේ අයගේ රෙස්ටුරන්ට් එකත් කදිමයි. මෙතන දෙන්නෙක්ට ඉන්න වායුසමීකරණය කරපු, නගරයට මුහුණ ලා තියෙන රූම් එකක් රුපියල් 7,500 කට අඩුවෙනුත්, මුහුදට මුහුණ ලා තියෙන වඩාත් සුඛෝපභෝගී රූම් එකක් රුපියල් 15,000 කට පොඩ්ඩක් වැඩි වෙනකොටත් ලබාගන්න පුළුවන්.

තැන:

6. Surf N Sun- Arugam Bay

ආරුගම් බේ පිහිටලා තියෙන මේ සර්ෆ් න් සන් රෙස්ට් එක බැලූ බැල්මට පේන්නේ ගස් වැල් ගහන පෞරාණික උද්‍යානයක් මැද තියෙන ඉන්දියානු ආශ්‍රමයක් වගේ. ඇත්තටම නිදහසේ වැවෙන්න දීලා තියෙන ගස් කොළන් වලින් සහ තැනින් තැන තියලා තියෙන දාරුමය විවේක ස්ථාන සහ තවත් නොයෙකුත් දේ වලින් මේ උද්‍යානයට බොහොම පෞරාණික පෙනුමක් ලැබිලා තියෙනවා. මෙතන කාමර වුනත් මැදපු සිමෙන්ති වලින් හදලා තියෙන නිසා අතිශයින්ම සුවපහසුයි වගේම ප්‍රසන්න හැඟීමක් ලබාදෙනවා. සියලුම පහසුකම් වලින් අනූන මෙතන සර්ෆ් කරන්න, පීනන්න එන අයට විතරක් නෙවෙයි, දවස් කීපයක් නිස්කලංකව ඉන්න හිතන අයටත් කදිමයි. රුපියල් 15,000 කට අඩුවෙන් මෙතන උදෑසන ආහාරයත් එක්කම සුවපහසු ඩිලක්ස් ඒසී කාමරයක් ගන්න පුළුවන්.

තැන:

8. Babar Point – Pottuvil

ආරුගම් බේ ගිහින් පොඩි පහේ බංගලාවක නිදහසේ ජීවත් වෙන්න ආස නම් බාබර් පොයින්ට් තමයි තැන. මේක ඇත්තටම බංගලා ටයිප් එකේ විලා හයකින් තමයි හැදිලා තියෙන්නේ. අමුතු හැඩයක් තියෙන පූල් එකක් වටකරගෙන තියෙන මේ විලා හය ප්‍රමාණවත් දුරකින් සහ ගස් කොළං ආවරණයකින් යුක්ත නිසා උපරිම නිදහසත් තියෙනවා. බොහොම ඉඩ පහසුකම් තියෙන මේ ඒසී කරපු විලා වල දැවැන්ත පිටත නානකාමර එහෙමත් තියෙනවා. ආරුගම් බේ ඉඳලා කිලෝමීටර් කීපයක් ඈත පොතුවිල් වල තමයි ඇත්තටම බාබර් පොයින්ට් තියෙන්නේ. සර්ෆින්ග් යනවා වගේම ඕන නම් කලපුවේ සවාරියක් යන්නත් පුළුවන්. රුපියල් 15,000 කට අඩුවෙන් දෙන්නෙක්ට නැවතිලා හොඳට කාලා බීලා ඉන්නත් පුළුවන්. පස් දෙනෙක් වගේ ඉන්න පවුලක් නැවතුනත් ගාණ 20,000ට අඩුයි.

තැන: 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *