ජාති තුනක් විතරක් දාල හදාගන්න පුළුවන් ඊසි ස්නැක්ස් 7ක්

සමහර රෙසිපි හදන්න පහසු උනාට ඕන කරන දේවල් බෙහෙත් සීට්ටු වගේ දිගම දිගයි. ලේසියෙන් හදන්න වගේම ජාති 3ක් විතරක් දාලා හදාගන්න පුළුවන් රසම රස කෑම ටිකක් තමයි අපි අද අරගෙන ආවෙ. ට්‍රයි කරල බලමුද? 

 

1. පීනට් බටර් චොක්ලට් කියුබ්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මෙල්ට් කරගත් පීනට් බටර් කෝප්ප 1
  2. මෙල්ට් කරගත් චොක්ලට් කෝප්ප 1
  3. අයිසින් ෂුගර් කෝප්ප 1/2

 

  • බෝල් එකක් අරගෙන ඒකට පීනට් බටර් ටික හා අයිසින් ෂුගර් ටික දාලා කලවම් කරගන්න. 
  • මෆින් ට්‍රේ එකට කප්කේක් ලයිනර්ස් දාලා මුලින්ම පීනට් බටර් මික්ස් එක දාගෙන යන්න එක ලේයර් එකක්.
  • ඊලඟට චොක්ලට් ලේයර් එකක් දාගන්​න. ඔයවගේ ලේයර්ස් 4-5ක් දාගෙන ෆ්‍රීස් කරගන්න. ටී ටයිම් එකට නියමයි. 

 

2. කුකී ඇන්ඩ් අයිස්ක්‍රීම් පයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔරියෝ බිස්කට් 15ක් පමණ
  2. මෙල්ට් කරගත් චොක්ලට් කෝප්ප 1/2 
  3. වැනිලා අයිස් ක්‍රීම් ටිකක්

 

  • සිප්ලොක් බෑග් එකක් අරගෙන ඔරියෝ ටික දාලා රෝලින් පින් එකෙන් තලලා කුඩු කරගන්න.
  • දැන් ඒ බිස්කට් කුඩු ටික බෝල් එකකට දාලා තුනී කරගෙන හොඳට අතින් තද කරල ලේයර් එකක් හදාගන්න. 
  • දැන් ඊට උඩින් බාගෙට මෙල්ට් කරගත්ත වැනිලා අයිස්ක්‍රීම් ලේයර් එකක් දාගන්න. මෙල්ට් කරගත් චොක්ලට් ලේයර් එකක් ඊ​ට උඩින් දාගෙන ෆ්‍රීස් කරගන්න.

 

3. පිග්ස් ඉන් අ බ්ලැන්කට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සොසේජස් ටිකක්
  2. ස්ලයිස් කරගත් චෙඩාර් චිස් ටිකක්
  3. පේස්ට්‍රි ඩෝ එක

 

  • පේස්ට්‍රි ඩෝ එක තුනී කරලා තරමක කොටු කපාගන්න.
  • දැන් ඒක උඩින් චෙඩාර් චීස් පෙත්තක් තියලා සොසේජ් එකක් තියලා රෝල් කරගන්න. කෙලවර බිත්තර සාරු වලින් හෝ වතුරෙන් අලවගන්න.  මේක අඟලක වගේ කෑලි වලට කපාගන්න. දැන් අවන් එකේ 200c°ට විනාඩි 15ක් බේක් කරගන්න.

 

4. ඊසි බේක්ඩ් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් බ්‍රෙස්ට් 250g
  2. බාබකියු සෝස් ටිකක්
  3. පාන්කුඩු 250g

 

චිකන් බ්‍රෙස්ට් එක තරමක පෙති කපාගෙන බාබකියු සෝස් වල දවටගන්න.

දැන් මේ ටික පාන්කුඩු වල තවරා  200c°ට විනාඩි 15ක් බේක් කරගන්න.

එළියට අරන් ඒ මතුපිට ආයෙම බාබකියු සෝස් ගාලා තවත් විනාඩි 10ක් අවන් කරන්න.

 

5. ටෙරියාකි චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් කරගත් චිකන් කෝප්ප 1
  2. සෝයා සෝස් කොප්ප 1/4
  3. බ්‍රවුන් ෂුගර් කෝප්ප 1/4

 

  • සෝයා සෝස් වලට බ්‍රවුන් ෂුගර් දාල හොඳට මිශ්‍ර කරගන්න.
  • චිකන් ටික පෑන් එකකට දාල ඒකට උඩින් සෝයා සෝස් මිශ්‍රණය දාගෙන අඩු ගින්දරේ පිසගන්න.

 

6. ඊසි චීස් පැස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බාගෙට තම්බාගත් පැස්ටා කෝප්ප 1
  2. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
  3. කිරි කෝප්ප 1

 

  • භාජනයකට කිරි ටික දාලා ලිපේ තියන්න. ඒක රත් වෙනකොට පැස්ටා ටික දාගන්න. දැන් චීස් ටිකත් දාගන්න. අඩු ගින්දරේ පැස්ටා හොඳින් තැම්බෙනකම් විටින් විට කලවම් කරමින් පිසගන්න. 

 

7. ක්ලවුඩ් එග් ෆ්‍රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 3
  2. ක්‍රීම් ඔෆ් ටාටාර් පින්ච් එ​කක්
  3. ක්‍රීම් චීස් තේ හැඳි 3ක්

 

  • බිත්තර 3 සුදුමද ක්‍රීම් ඔෆ් ටාටාර් දාලා බීට් කරගන්න.
  • කහමද ක්‍රීම් චීස් දාලා වෙනම බීට් කරන්න.
  • හිම වගේ වෙනකල් වෙනම බීට් කරගත් සුදු මද ටික කහ මද වලට එකතු කරන්න. දැන් පෑන් එකට බටර් ටිකක් ගාලා මේකෙන් පොඩ්ඩක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරලා ගන්න. පොඩ්ඩොන්ට ආස හිතෙන කෑමක් මේක. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *