එකම සිංදුවකින් විතරක් හිට්වුණු ගායක ගායිකාවෝ

අද අපි හදන්නේ ඕගොල්ලන්ගේ අතීතකාමය අවදි කරන්න. ඒක කරන්න හදන්නෙ සින්දු වලින්. මේ ආටිකල් එකෙන් අපි කතා කරන්නේ එක සිංදුවකින් අසීමිත ජනප්‍රියත්වයක් ලබා ගත්ත ගායක ගායිකාවන් කීප  දෙනෙක් ගැන. විශේෂත්වය වෙන්නේ මේ අය ඊට පස්සේ ගායනා කරපු කිසිම ගීතයකින් ඒ ජනප්‍රියත්වය ලබා ගැනීමට අපොහොසත් වීම. අද දක්වා ම මේ අයගේ නම් කියද්දී කියන්නෙ අහවල් සිංදුව කියපු ගායකයා/ගායිකාව කියලා. සමහරු සිංදුව දන්නවා වුණාට  ඒක ගායනා කරපු ගායිකාව හෝ ගායකයා කවුද කියලා නමින් දන්නෙවත් නෑ.

 

1. කේ.සේන

Image Source – youtube.com

මවකගේ වියෝ වීම නිසා බිලිඳු දරුවෙක් දිහා බලාගෙන සිටින පියාට ඇති වන හැඟීම විස්තර කෙරෙන ආකාරයේ එකම එක ගීයක් සිංහල ගීත සාහිත්‍යයේ තියෙනවා. ගීතය ගායනා කරන්නේ කේ. සේන නම් ගායන ශිල්පියා. ඒ ගීතය ඔහුට අසීමිත ජනප්‍රියත්වයක් ලබා දෙන්න සමත් වුණු එකම ගීය. ඇතැම් අය මේ ඔහු විසින් ගායනා කළ එකම ගීතය විදිහට හැඳින්වුවත් ඒ කතාව නිවැරදි නෑ ​ඔහු විසින් ගීත කිහිපයක් ගායනා කළත් අනෙකුත් ගීත මේ තරම් ජනප්‍රිය වුණේ නෑ.

 

 

2. රාජ් වික්‍රමසිංහ

Image Source – music.lk

දැන් අපිටත් ටිකෙන් ටික අමතක වෙලා යන, හැබැයි මීට අවුරුදු දහයකට විතර කලින් ප්‍රසංග වේදිකාවල අනිවාර්යෙන්ම කියවෙන ගීතයක් තිබ්බා. මේ ගීතය ගායනා කළේ රාජ් වික්‍රමසිංහ .රාජ් තව ගීත කිහිපයක් ගායනා කළත් මේ ගීතය වගේ ඒ ගීත නම් රසිකයන්හේ ආකර්ෂණය දිනා ගන්න සමත් වුණේ නෑ. ඒ ගීතය මොකක්ද කියලා අහලම බලන්න.

 

 

3. ප්‍රියාල් අමරසිංහ

Image Source – twitter.com

තමන්ගේ පෙම්වතියට ලියපු ලිපියකට එකතු කරපු පද කීපයකට තනුවක් දාලා ගායනා කරද්දී ප්‍රියාල් හිතන්නත් නැතුව ඇති ඒක මුළු ලංකාවම අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත් වෙයි කියලා. මුල් දින කීපයක් ඇතුළතම ලංකාවෙ හැම ප්‍රසංග වේදිකාවකට​ම ප්‍රියාල්ව නැතුවම බැරි චරිතයක් වුණා. මේ තමයි ඒ ගීතය

 

 

4. චාමින්ද වෙල්ලප්පුලි

මීට අවුරුදු පහළොවකට විතර කලින් ලංකාවේ හැම චාට් ෂෝ එකකම උඩටම ආපු ගීතයක් තිබ්බා. සමහරක් විට මේ ගීතය කියවෙන, දැක්ක ගමන් හිත යන එක හැමෝටම පොදු දෙයක් හින්දා වෙන්න ඇති. හැබැයි මේ ගීතය ගායනා කළ චාමින්ද ඉන්පසුව ගීත කීපයක් ගායනා කළත් ඒ හා සමාන ජනප්‍රියත්වයක් ලබා ගන්න අපහසු වුණා.

 

 

5. ජාලිය රණතුංග 

කාලෙකට කලින් රේඩියෝ එකෙන් නිතරම ඇහුණු “රන් යායේ රිදී නිම්නේ” සින්දුව මතකද? ගීතය ගායනා කළේ  ජාලිය රණතුංග. ආදරය පුද දෙන්න, දිනක් දෙකක් වගේ ගීත කීපයක් ගායනා කළත් ජාලියව තවමත් රසිකයන්ට මතක ‘රන් යායේ රිදී නිම්නේ’ සිංදුව නිසා කියලා කිව්වොත් කිසි කිසි වැරැද්දක් නෑ.

 

 

6. උපාලි රන්තිලක

ප්‍රවීණ ගී පද රචක යමුනා මාලනී මහත්මිය මුණ ගැසෙන්න තරුණයෙක් එනවා. ඒ තමන්ට ගීතයක් රචනා කරන්න. ඔහුගේ ගායන හැකියාව ගැන විමසා බලන යමුනා මාලනී මහත්මිය අවසානයේ ඔහුට තමන්ගේ ගී පද රචනාවක් ලබා දෙනවා. මේ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වනවා. මේ ගීතය අහලා, එයා ගායනා කරපු වෙනත් ගීත ඔබට මතකද කියල ද කියලා කල්පනා කරලා බලන්න.

 

 

7. ඉරෝෂා ඕටම්

ඉරෝෂාගේ නම මේ ලිස්ට් එකට ගන්නවද නැද්ද කියල සෑහෙන වෙලාවක් කල්පනා කරලා අවසානයේදී ඉරෝෂගේ නමත් මේ ලැයිස්තුවට එකතු කරන්න හිතුවා. ඇගේ යුග ගීතයක් වුණ හැඟුම්බරී ගීතය ජනප්‍රිය වුණත් ඇය ගායනා කළ මේ ගීතය නිසා තවමත් රසිකයන්ට ඇයව මතකයි. ශ්‍රී ලංකාවේ ගායන ජීවිතයක් ආරම්භ කිරීමට කැනඩාවේ සිට මෙරටට පැමිණි ඇය එය අසාර්ථක වීම නිසාද මන්දා ආපහු කැනඩාවටම ගියා.

 

 

අපිට මේ ලැයිස්තුවට එකතු කරන්න ඕන ගායක ගායිකාවෝ ගැන කියන්න කමෙන්ට්  තීරුවෙන් ඔබටත් පුළුවන්.ඒ වගේම අනිත් අයටත් බලාගන්න මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *