90 දශකයේ අපේ නෙත් සිත් කුල්මත් කළ සෙක්ස් සිම්බල්ස් වුනේ මේ තරු තමයි!

90 දශකයේ හිටපු කොල්ලෝ දන්නවා අපි මේ කියන්න යන්නේ මොන අය ගැනද කියලා. ඒ කාලේ ඔය චිත්‍රපටි, ටෙලි නාට්ටි, මියුසික් වීඩියෝ එහෙම අපිට ටීවී එකේ බලන්න ලැබුණු කාලෙනේ. එතකොට ඉඳලා හිටලා හෝල් එකකට ගිහිල්ලත් පිචර් එකක් දෙකක් බැලෙනවා. ඉතින් ඔව්වල හිටියනේ ඔය අතිශයින්ම සරාගී නිළියෝ එහෙම. ආන්න ඒ සරාගීකම වෑහෙන නිළියොන්ට අපි කොල්ලෝ කාලේ වහ වැටිලා හිටියා ආයුබොවං. අපේ කාමර වල බිත්තිවල අලෝලා තිබුණෙත් ඔන්න ඔය කියපු නිළියොන්ගේ පෝස්ටර් තමයි. ඔය කියපු සරාගී තරු නිළියෝ හොලිවුඩ් වල වගේම බොලිවුඩ් වලත් හිටියා. හැබැයි දැන් මේ කියන්න යන්නේ හොලිවුඩ් වල හිටපු සරාගී සංකේත විදියට අපේ හිත් වල වැජඹුණු තරු කීපයක් ගැන තමයි.

 

1. Angelina Jolie

ඇන්ජලීනා ජොලිගේ සරාගී භාවය ගැන මුල් සලකුණු අපි දැක්කේ අර Hackers වගේ ෆිල්ම් වල, ඇන්ජිගේ රඟපෑම් එක්කම තමයි. ඒ කාලෙත් මේ සරාගී දෙතොල් තියෙන කෙල්ලට අපි වහ වැටිලා හිටියේ. ඉන් පස්සේ Original Sin, Taking Lives, Cyborg 2 වගේ ෆිල්ම් වල ඇත්තටම ඇන්ජලීනා ජොලීගේ සරාගී දර්ශ​න දැක්කට පස්සේ අපේ තේරීම තහවුරු වුනා. ඉතින් අපි විතරක් නෙවෙයි කියන්නේ ඇන්ජලිනා ජොලි කියන්නේ සෙක්ස් සිම්බල් එකක් කියලා. ජාත්‍යන්තරේ අයත් ඒකම කියනවා.

 

2. Monica Bellucci

ඉතාලි ජාතික මොනිකා බෙල්ලුචිට තියෙන කඩාහැලෙන සුන්දරත්වයත්, සරාගී ශරීරයත් අපි මුලින් දැකගත්තේ අර අපිව පිස්සු වට්ටපු මෙලීනා ෆිල්ම් එකෙන්. අපේ හිත්වල විතරක් නෙවෙයි, මේ ෆිල්ම් එකේ හිටපු මිනිස්සු හැමෝගෙම හිත්වලත් මෙලීනා සරාගී සංකේතයක් වුනා. කොහොම වුනත් ඉන් පස්සෙත් ඔය ෆිල්ම් එකක දෙකක මොනිකා බෙල්ලුචීගේ සරාගී දර්ශන දකින්න ලැබුණත්, මෙලීනා තරම් අපිට දැනුනෙ නෑ ඒ එකක්වත්. ඉතින් මොනිකා බෙල්ලුචි කියන්නෙත් අනූව දශකයේ සෙක්ස් සිම්බල් එකක්.

 

3. Jennifer Aniston

ජෙනිෆර් ඇනිස්ටන්ව අපි අඳුනගත්තේ ‘Friends’ ටීවී සීරීස් එකේ රේචල් විදියට. ඒ කාලෙත් අපිට තේරුණු දේ තමයි රේචල් කියන්නේ බොහොම රාගනිශ්‍රිත ගැහැණියක් කියන එක. ෆ්‍රෙන්ඩ්ස් එකේ රෝස්ට නං රේචල්ව කොහොමටවත් ආන්බාන් කරගන්න බැරි වෙයි කියලා තමයි අපි හිතුවේ. ඇත්තටම ජෙනිෆර් ඇනිස්ටන්ගේ ඔය අඩ නිරුවත් ෆොටෝස් එහෙම දැකලා තිබුණට, එහෙමට ඊට වඩා දෙයක් අපි දැකලා නං නෑ. ඒත් ජෙනිෆර් ඇනිස්ටන් කියන්නේ හැම කාලෙකටම ඉන්න හොට් කාන්තාවක් කියලා ඔය ඉන්ටර්නැෂනල් මත විමසුම් වලිනුත් සනාථ වෙලා තියෙනවා!

 

4. Madonna

පොප් සංගීතයේ රැජිණ විදියට හැඳින්වුණු මැඩෝනාව ඇත්තටම දෙයාකාරයකට හැඳින්වෙනවා. සංගීතයේ ඉන්න රැජණ කියලා එක පැත්තකින් මැඩෝනව හඳුන්වනකොට, අනෙක් පැත්තෙන් සෙක්ස් අයිකන් එකක් විදියට සහ සෙක්ස් සිම්බල් එකක් විදියටත් මැඩෝනාව හැඳින්වෙනවා. ඒ විතරක් නෙවෙයි, මැඩෝනා 1992 දී Sex  කියලා බොහෝම රාගාන්විත කොෆී ටේබල් පොතකුත් ලියලා තියෙනවා. කොහොම වුනත් මැඩෝනාට මේ පොත හින්දමද කොහෙද සොෆ්ට් පෝර්න් ඉන්ඩස්ට්‍රි එකට එහෙමත් ඔලුව දාන්න ඉඩ ලැබුණා කියලා රට්ටු කියනවා. එතකොට මැඩෝනගේ මියුසික් වීඩියෝ වල එහෙමත් ඔය රාගී දර්ශ​න ඕන තරම් තියෙනවා.

 

5. Jennifer Lopez

ජෙනිෆර් ලොපේස් නැතිනම් ජේ-ලෝ කියලා අපි ආදරේට කියන ඇමරිකන් නිළිය, ගායිකාව සහ නර්තන ශිල්පිණිය ඒ කාලෙත් ප්‍රසිද්ධ වෙලා හිටියේ පරිපූර්ණ ගැහැණිය විදියට. ඒකට හේතුවක් තිබුණා. ඒ තමයි ජෙනිෆර් ලෝපෙස්ගේ සිත් වසඟ කරවන සුළු රූපය සහ සරාගී ශරීරය. මේ වෙනකොට පණස් වයස් වෙන ජෙනිෆර් ලෝපේස් සෙක්ස් සිම්බල් එකක් කියන එක පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා නම්, අපි යෝජනා කරනවා ජේ-ලෝගේ Ain’t it funny මියුසික් වීඩියෝ එක බලලා එන්න කියලා!

 

6. Salma Hayek

මෙක්සිකානු-ඇමරිකානු නිළියක් වුණු සල්මා හයෙක්ව අපි දැක්කේ මුලින්ම ඩෙස්පරාඩෝ ෆිල්ම් එකේ. ඒකේ අන්තෝනියෝ බන්දේරාස් එක්ක සෙක්ස් සීන් එකක් එහෙමත් තියෙනවා. සල්මා හයෙක්ට තියෙන්නේ අර නියම මෙක්සිකානු සුන්දරත්වයක්. ඉතින් ඒ එක්සොටික සුන්දරත්වයත්, සරාගී ශරීරයත් එක්ක සල්මා හයෙක්ට බොහොම ලේසියෙන්ම හොලිවුඩයේ සරාගී සංකේතයක් වෙන්න ඉඩ ලැබුණා.

 

7. Kate Winslet

ටයිටැනික් ෆිල්ම් එක බලපු කෙනෙක්ට කේට් වින්ස්ලෙට් කොහොමද සෙක්ස් සිම්බල් එකක් වුනේ කියන එක අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. කේට් ටයිටැනික් නැවේ හිටියේ කෙලින්ම සුරංගනා කථාවකින් බිමට බැහැපු කුමාරිකාවක් වගේ. අච්චර හිටපු ජැක් කාරයත් කේට් ට දැපනේ වැටුණු කොට අපි ගැන මොන කථාද! කොහොමත් කේට්ගේ පරිපූර්ණ දේහය දෙපාරක්ම වගේ ටයිටැනික් ෆිල්ම් එකේ පෙන්නනවනේ. අර චිත්‍රේ අඳින පාට් එක ෆිල්ම් එකේ දැකපු කෙනෙක් දන්නවා කේට් කොයිතරම් සරාගීද කියලා!